Saturday, June 20, 2020

33.🔴මුලාව.🔴
====
“අහ් පිං, මේ photo එක මට එව්වට“ මම කීවෙමි.☺️
“අර එදා article එක ගැන මගේ අදහස් කීවානේ ඔබවහන්සෙට, මට මේ photo එක දැක්කාම මට හිතුනා මේක තමයි හරියන එක කියලා...“ ඇය කීවාය.☺️
Depression ඇතිවීමේ හේතු සාධක අතර, පුද්ගලයන්ගේ ගති ගුණ ඇවැතුම් පැවතුම් වෙනස් කරන්නට ගොස්, ඔවුන් බලාපොරොත්තු සුන් වූ අය ලෙස වෙහෙසට පත්ව අවසන ආතතියට බෙහෙත් බොන බිරින්දෑවරු ගැන, “හදාගන්න පුළුවන්“ නම් වූ මගේ ලිපියෙන් පසුව, අපි කතා කෙලෙමු. මේ ඊට පසු සිදු වූ කතා බහකි. 👍
“ඔව්, ගොඩක් ගෑනු අයට ඕනේ හරියටම මේ පිංතූරයේ සිටින වර්ගයේ පිරිමි... විශේෂයෙන්ම විවාහයට පසු.“🤔
“එහෙමයි“
“පිරිමි කියන්නේ එහෙම සාපෙක්ෂව ඉක්මනින් කාටවත් ඕනි විදිහට හැඩගැහෙන්න කැමැති අය නෙවෙයි. නමුත් ගොඩක් ගැහැනු විශ්වාස කරනවා, “බැන්දට පස්සේ හරියාවි කියාල“😀
“එහෙමයි, ඒක තමයි ගෑනුන්ගේ තියෙන අත්දැකීම් අඩුකම හාමුදුරුවනේ...
දුවලා හැටියට අපි පිරිමි දිහා බලන්නේ අපේ තාත්තලා දිහා බලලානේ. තාත්තා කියන්නේ, පරිණත හැදිච්ච මනුස්සයෙක්. මට අවුරුදු 18 වෙනකොට ඉන්න තාත්තා, ගොඩක් හොද මනුස්සයෙක්, ඒ තැනට එන්න එයාට කාලයක් යන්න ඇති.“🤨
“අනිවාර්යෙන්ම... ඒ දුවට තාත්තා හොදම පිරිමියා වුනාට, අම්මාගෙන් ඇහුවොත්, තියෙන බැනුම් ටික ඔක්කම අහගන්න පුළුවන් ඒ තාත්තා ගැනම.“ 😄
😁😁😁... ඒකනේ සාපක්ෂයිනේ...“ ඇය කීවාය.
“දැන් අක්කා මට කියන්න බලන්න. ගැහැණු මොනවාද පිරිමියෙක් එක්ක යහළුවෙනකොට බලන්නේ කියලා,
මම ඇසුවේය.🤔
“බලන්නේ කියලා කීවේ?“ ඇය ඇසුවේය.🤔
“දැන් ඔය සමහර posts තියෙන්නේ
“මෙහෙම රැවුල තියෙන කොල්ලෙක් නම් හා අම්මේ“ වාගේ එව්වා.😀
“අහ් එව්වාද ?
“දැක්ක ගමන් පිරිමියෙකුගේ පෞර්ෂයක් සහිත බව පෙන්න ඕනි. ‘පිරිමිකම‘ කියන්නේ. ඉතිං...
රැවුල, 
modern කොන්ඩේ, 
උස, 
පළල් උරහිස්, 
ටිකක් කට් වෙච්චි අත පය, 
සමහරු තළෙළු සමහර කළු අයට තමයි ඉතිං කැමති.“
“ම්ම්ම්ම්... දැන් ඔව්වා තියෙන පිරිමි කෙනෙක්ව කසාද බැන්දා කියන්නකො...
අක්කාත් බැදපු කෙනෙක් විදිහට, කසාද බැන්දට පස්සේ මොනවද බලාපොරොත්තු වෙන්නේ සැමියෙක්ගෙන්?“😁
“උයන වෙලාවට උදව්වක්, විශේෂයෙන්ම උදේට, පොල් ටික ගාගන්න.😮
“අසනීප දිනවලට උයාගන්න පුළුවන් නම් තවත් හොදයි.“😮
“රෙදිටික හේදුවට පස්සේ , ලොකු බර බාස්කට් එක වැලට දාගන්න,“😮
“බබෙක් හම්බෙන්න ඉන්න කාලේ, ලෙඩින් ඉන්න දවස්වලට ඇදුම් ටික හෝදගන්න,“😮
“ගෙවල් අස්කරලා අතුගාගන්න උදව්වක්. ලෙඩින් ඉන්න දවස්වල අතුගාගන්න. “😮
“කඩෙට යවලා බඩු ටිකක් ගෙන්නා ගන්න.“😮
“shopping යන්න, ගිහිල්ලා එනකල් කන්කෙදිරි ගාන්නැතුව ඉන්න එක.“😮
“ලමයි උදේට ඉස්කොලේ එක්ක යන්න, හවසට පංති එක්ක යන්න“😮
ඇයි කීවාය.
“හප්පෙ... ලේසි නෑ, තැඹිලි ගහකින්, අඹ, පේර, දොඩම් ඇපල් සියල්ල බලාපොරොත්තු වෙනවා වාගේ වැඩන් නේද? මම ඇසුවෙමි.😀😀
“අහ් තව එකක්, හැන්දෑවට මාත් එක්ක දවසපුරා වේචචි දේවල් කියන්නත් ඕනි, මම කියවන දේවල් පැයක් හමාරක් අහන් ඉන්නත් ඕනි...“ ඇය තවත් එකතු කළාය. 😮
“ම්ම්ම්ම්... දැන් එතකොට අර මුලින් පිරිමියෙක්ගේ ගති ලක්ෂණ හොයලා, පස්සේ ගෑනියෙක්ගේ ගති ලක්ෂණ බලාපොරොත්තු වීම නේද ඔය සිද්ධ වෙන්නේ“ මම කීවෙමි.🤨
“ඒකනේ හාමුදුරුවනේ අපි හැමදාම තෘප්තිමත් නොවන විවාහ ජීවිතයක් ගෙවන්නේ. හොයන්නෙ දැවැන්ත පෞර්ෂයයක්, හැබැයි ජිවත් වෙද්දි ඕනි කරන්නේ ඒ පිරිමි ගති ලක්ෂණ නෙවෙයි. සාමකාමී ගති ලක්ෂණ.“ ඇය කීවාය.☺️
“මොනවද සාමකාමී නොවන එව්වා“ මම ඇසුවෙමි.
“අර මුලින්, කියපු පුරුෂයන්ට ආවේණික පෞරුෂ ලක්ෂණ එක්ක එන්නේ, දැඩිගතිනේ. එතකොට ගෙවල්වල වැඩට උදව් වෙනවා කියන සමහරු ගාව ගෑවිලාවත් නැ. තියෙන්නේ වලියට බර ගතිය හාමුදුරුවනේ. අපි මොනවා හරි කීවත් රවාගෙන පුප්පා ගෙන තමයි එන්නේ...
ඔක්කටම වඩා ගෙදරට හුරු නැති ගතිය තියෙන්නේ, එලියට ගිහිල්ලා සමාජයයි යාලුවොයි එක්කමයි ඉන්න එයාලගේ කැමැත්ත...“😎
“අහ් ඒ කියන්නේ අර shopping යන කතා, ඇදුම් හෝදන කතා කිසි දෙයක් වලංගු නැද්ද?“ මම ඇසුවෙමි.😥
“ඒකනේ... ඒ වාගේම එහෙම දැඩි පෞරුෂවත් පිරිමි කතාවත් බොහොම අඩුයි. වැඩට ගිහින් ආවට පස්සේ කාල බීලා ඉවර වුනාම, ඉක්මනින් නින්දට වැටෙන එක මිසක්, කතාවට කැමැත්තක් නැ.“ ඇය කීවාය.😥
“ඔව්... පිරිමි වැඩිය කථාවට කැමැති නෑ තමයි. විශේෂයෙන් දවස පුරා වේචචි දේවල් විස්තර වාර්තාකිරීම.“🤨
“එහෙමයි, එව්වා තියෙන්නේ යාලුවෙලා ඉන්න මුල්කාලේ විතරයි, බැන්දට පස්සේ ඉවසන්නම බැරි අඩුවෙලා යන කථාව.
බැන්දට පස්සේ පිරිමින්ට කථා කරන්න දේවල් නැති ගානටම එනවා හාමුදුරුවනේ...“😥
“අහ් එතකොට... අක්කා කියන්නේ... මේ පින්තුරේ වාගේ, හොදට ඇග පත තියෙන, පෞරුෂවත්, එහෙත් මලක පහස විදින්න කැමැති වාගේ සෞම්ය ගති ලක්ෂණ තියෙන සැමියො තමයි බිරින්දෑවරුන්ට ඕනේ කියලා ද?“🤔
“හරියට හරි හාමුදුරුවනේ...
එහෙත් එහෙම අය නැ. එහෙම අය බලාපොරොත්තු වීම තමයි ගෑනුන්ගේ තියෙන ලොකුම මෝඩකම. සමහර විට ඒ ගානට දේවල් බලාපොරොත්තු වීම තමයි, Depression හැදෙන්න ප්රධාන හේතුව.“
“ඒක හරි, එහෙම පිරිමි එක්ක අසීමාන්තිකව ගැටීම නිසා හැදෙන මානසික පීඩනය, ආතතිය තමයි බහුල.“🙄
“එහෙමයි, ඒ නිසා බාහිර ගති ලක්ෂණ වලට වඩා, පවුල් ජීවිතයකට හිතකර ගති ලක්ෂණ සහිත විශේෂයෙන්ම කතාවට බර පිරිමියෙක් එක්ක විවාහ වුනානම් ටිකක් හෝ සතුටු ජීවිතයක් හිමිකරගන්න පුළුවන්.“ ඇය කිවාය.☺️
2020. 01.22
------------------------
🌹🌹🌹
(හෙරලි.)
(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...