Thursday, October 31, 2019

23.🔴පවුල් - බර





23.🔴පවුල් - බර🔴
=======
“හාමුදුරුවෝ හැමදාම පිරිමින්ගේ දොස්නේ ලියන්නේ, මම හොද මාතෘකාවක් දෙන්න ද ලියනවා නම්“🤔

“මොකක් සම්බන්ධයෙන් ද මහත්තයා“🙄

මා හිතවත් මහත්තයෙක් සමඟ සන්ධ්‍යාභාගයේ අප ආයතනයෙදී, තේ කෝප්පයක් රස විඳින ගමනේදී ඔහු විසින් මෙසේ කථාවට මුළු පිරුවේය.

“මේක වැඩිය කවුරුත් කතා කරන දෙයක් නෙවෙයි, ඔය හාමුදුරුවො කතා කරන උපදේශන විෂයටම අයිති එකක් තමයි.“🙂

“අහ්... අන්න එහෙම, ඔයාලගෙන්ම එනවා නම් අදහස් අපට ලේසීනේ සාකච්ඡා කරන්න“ 😀

“ඔව්, අපිට කෙලින්ම කියන්නත් බැරි දෙයක් හාමුදුරුවො මේක,
මොකද කීවොත් හිත රිදෙනවානේ,
එහෙම ගැටලුවක් ඇති කරගන්නවාට වඩා ලේසි, කටවහගෙන ඉන්න එක.“
“එත් හාමුදුරුවො මේ ගැන ලීවොත්, මට පුළුවන් එයාට පේන්න මේක share කරන්න“😂😂

“ම්ම්ම්... ඒකට මම එකඟයි, සමහරු කියනවා, මුණට කියන්න ඕනි කියලා.
එහෙත් කෙනෙකුගේ හිත රිදවලා, ලැජ්ජාවට පත් කරලා අපහසුතාවට පත් කරලා කියන කියන මූණට කීම වැරදි දෙයක්...
ඕනිම දෙයක් කියන විදිහක් තියෙනවා“🙂

“අනිවාර්යෙන්ම අපේ හාමුදුරුවනේ... ඒ වාගේම කියන්න ඕනි තැනකුත් තියෙනවා...
පෞද්ගලිකව කාමරයක් ඇතුලේ කතා කරන්න ඕනි දේවල්, මව්දෙමාපියොත් ඉස්සරාම, එක්කො අසල්වාසීන් ඉස්සරාම නැත්තං නෑදැයො ඉස්සරාම කියලා දැමුවොත්, ඇතිවෙන්නේ පුදුම වේදනාවක්“😥

“ඔව්... එහෙම හිතක් කුඩුපට්ටම් කරලා උජාරුවෙන් කියන දෙයක් තමයි,
“මම නම් ඕනිම කෙනෙකුගේ මූණටම කියනවා කියලා“, ඒක ඉතා වැරදි දෙයක්. ‘උජු‘ වාගේම ‘මුදු‘ කියන්නෙත් ගුණාංගයක්. සෞම්‍ය වෙන්නත් ඕනි.
අර... නටගාමණි සුත්‍රයෙදී, බුදු හාමුදුරුවො නටගාමිණි අහන ප්‍රශ්නයෙන් තුන් වරක්ම මඟ ඇරියේ, ඒකට උත්තර දුන්නාම ඒ මනුස්සයාගේ හිත රිදෙන නිසානේ.
කොසොල් රජුන්ට උනත් අහන්න ආපු ප්‍රශ්නය හත් දවසක්ම යනකල් අහගන්න මතක් වුනේ නෑනේ...
ඒක නිසා මිනිස්සුන්ගෙ හිත් රිදවලා කෙලින් කතා කිරීම කියන්නේ වැරදි සංකල්පයක්. කෙලින් කථාව කියන්නේ, ඇත්ත ඇති සැටියෙන් කීම මිසක්, මූණට කඩා පැනීම නෙවෙයි.“🤐

“එහෙමයි“ ඔහු අනුමත කළේය.

“හොදයි මොකද්ද ඉතිං ඔය කාරණාව, කෙලින් කීවොත් හිත රිදෙන?“ මම ඇසීමි.

“කාරණාව නම් එකක්, නමුත් එතැන මාතෘකා දෙකක් තියෙනවා“

“ඒ කීවේ“ මම ඇසීමි.

“කාරණාව - දරු සෙනෙහස වාගේ දෙයක් අදහස් කරන්න පුළුවන්, මාතෘකා හැටියට කීවැකි, සැමියා සහ බර කියලා“

“මොකද්ද අප්පා ඒ හරුපේ...“ 😮😮

“මෙහෙමනේ අපේ හාමුදුරුවනේ... දැන් මම මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි, අපේ wife ගැනම තමයි...“🙄

“කවුද, අපේ ශර්මිලා අක්කා ගැන ද ඔය“🤔

“එහෙමයි... මතකනේ එයාව මම marry කරනකොට හිටපු විදිහ, ඔබවහන්සේ දැන් දැකලා ඇතිනේ...“

“අහ්... මේ... බර කියලා කීවේ ඒකද?

“ඔය තේරෙන්නේ ඔබවහන්සේට...
අපේ ගෑනුන්ට පුදුම පේරෙත කමක් හැදෙනවානේ හාමුදුරුවනේ බබාලා හම්බෙන කාලේට...
ඒකට ලස්සන නමක් දාගන්නවා... දොළදුක කියලා...
ඊට පස්සේ ඉතිං ගිලිනවා ගිලිනවා ගිලිනවා... ඉවරයක් නෑ“😄

“සමාජයෙනුත්, අනේ... බබා හම්බෙන්න ඉන්න කෙනානේ... කියලා එක එක කෑම ජාති හදලා ගෙනත් දෙනවා...“
“අපේ අම්මලාත්... දුව... “ඔයා දැන් දෙන්නෙකුට හරියන්න කන්න ඕනී...“ කියලා ගිල්ලවනවා ගිල්ලවනවා...,
අපේ ගෑනුත් අර, figure out යන නිසා control කරගෙන හිටපු මළපේරෙත කම, දැන් කිසිම පාලනයකින් තොරව ඉෂ්ට කරගන්නවා...🙄

“ඔව් නේද, ඒක නම් ඇත්ත...“ මම කීවෙමි.

“හාමුදුරුවො නිකමට, google කරලා බලන්න, පිටරවල බබලා හම්බෙන ගෑනුන්ගේ හැටි, බඩ විතරක් ඉස්සරහාට එනවා... football එක වාගේ. එච්චරයි... ඒකට අපේ... pregnant වෙන්න කලින් හිටියේ 50kgක් නම්, delivery එක කාලෙ වෙනකොට 80kgයි. කොච්චර ද කියනවානම් Gestational diabetes (pregnancy diabetes) පවා හැදෙනවා... අත පය ඉදිමෙනවා... 🤐

“ආ... ඒක තමයි සමහරු ඒකාලේට අතේ පිරිත්නූල් බඳින්න හොද නෑ කියලා කියන්නෙත්, බෙල්ලට දාගන්නේ...“🤔

“එහෙමයි...“

“ගැහැනු සහ පිරිමි අතරින් හරි ඉක්මනින් වැහැරෙන ශරීරනේ ගෑනුන්ට තියෙන්නේ...
ඒ ඇති කරගන්න අධික බර, නිසා හැමතැනම පස්සෙ කාලේක මස් එල්ලෙන්න ගන්නවා,
විශේෂයෙන් යටිබඩවල්...
මේක කොච්චර ද කියනවානම් හාමුදුරුවනේ... දරුවා වැඩිලා වැඩි, ලොකු වැඩි කියලත් කියනවා...“ එත් මේ තියෙන මිත්‍යා මත නිසා, අනවශ්‍ය කෑම ගැනීම මත අතිශය ස්තූල කාන්තාවක් තමයි ඉස්පිරිතාලෙන් ගෙදර එන්නෙ...“😏

“ඔව් නේද? ලමයාගේ බර කිලො. 5ක් වුනත් අම්මා එතකොට 75නේ නේද?

“ඒ විතරක් නෙවෙයි හාමුදුරුවනේ... ඊළඟට කිරි දෙන්න ඕනි කිරි දෙන්න ඕනි කියලා ගිලින්න පටන් ගන්නවා... ඒක නම් හරි කියමුකො... නමුත් කිරි එරෙන කෑම බීම විතරක්නෙවෙයිනේ ගන්නේ...“

ම්ම්ම්ම්

“ඒවාගේම හාමුදුරුවනේ... delivery එකෙන් පස්සේ කාලය, ඉතිං exercise කරන්න පුළුවන් අවදියක් නෙවෙයිනේ... ඉතිං අර ඇගට දාපු අතිරේක මස්දළුටික, ඇගේම පත්තියං වෙන්න ගන්නවා... ආයෙත් බස්සගන්න බැරිම තරමට...“😏

“එතකොට මහත්තයා කියන්නේ... පේරේතකම නිසා සිද්ධවෙන දෙයක් කියලා ද ඕක“

“80% එහෙම තමයි හාමුදුරුවනේ... අනික තමයි ඊට පස්සේ දරුවාගේ වැඩ සමඟ ව්‍යායාමක් කරගන්න කොහොමත් ඉඩක් නැ. සහ අපේ රටවල් තවම එහෙම ගෑනු හැමෝම ව්‍යායාම කරන තැනට හැදිලා නැ...“😏

“දැන් එතකොට ඕක ද ගැටලුව...“🤔

“ඇත්තම කියන්න ද මම හාමුදුරුවන්ට...
මටම පුදුම හිතෙනවා... මේ ඉන්නේ අපේ ගෑනිම ද කියලා... ගමනක් බිමනක් එක්ක යන්න මට අවුලක් තියෙනවා... අනික් මිනිස්සු එකපාරට මුණ දිහා - ඇග දිහා බලන බැල්ම මටම පේනවානේ හාමුදුරුවනේ...“
“ඇත්තම කීවොත්, මායි අපේ නෝනයි ඇතයි හෙණ්ඩුවයි වාගෙනෙ අපේ හාමුදුරුවනේ..“😀

“ම්ම්ම්ම්ම් එතැනත් ගැටලුවක් තියෙනවා තමයි... ඉතිං කෙලින් කීවේ නැද්ද ඕක...“🤔

“කිවා හාමුදුරුවනේ එක පාරක්... බර වැඩිවෙලා නේද අඩුකරගමු කියලා...“

“ඉතිං“🤐

“අම්මේ... එදා තමයි මාව මරාගෙන කන්න හැදුවේ... සතියක් විතර ඕක කියෙව්වා...
‘ඇයි දැන් මම කැත ද, ඔයාට ළමයි දෙන්න ගිහිල්ලා තමයි මෙහෙම උනේ... ඉතිං රටේ නැති එව්වා..., ඒ කියන දේවල් ඇත්ත තමයි හාමුදුරුවනේ. ඒත් මෙහෙම ගියොත් මේ මනුස්සයා ලෙඩෙක් වෙනවා...“🤐

“ම්ම්ම්ම් දෙපාර්ශවයම කියන කතාවේ සාධාරණ පැති තියෙනවා... එතකොට තවත් මොකද්ද මාතෘකාවක් තියෙනවා කිවා නේද?“

“එහෙමයි... ඒ තමයි මම... (husband)
දැන් පුතා ලැබිලා... අවුරුදු 3ක් වෙනවානේ...“

“ම්ම්ම්ම්...“

“දැන් එයාට මාව ගෙදර ඉන්නවාද නැද්ද මතකයක්වත් නැ...,
දරුවා ගැනම තමයි ලෝකය, මම ඒකේ වරදක් දකින්නේ නෑ... එත් මමත් ඉන්නවානේ...
ඉස්සර, හැන්දෑවට මම එනකල් මොනවා හරි කෑමක් හදාගෙන, නැත්තං චූං පාන් හරි අරගෙන, නැත්තං මට මොනවා හරි ගෙන්න කියලා... තේ හදාගෙන... ටි.වි බල බල පොඩි කයියක් ගහපු කාලයක් තිබ්බා...“ කරදරයක් වෙන තරමට එයාගේ කතාව, හුරතලේ, කෝලම් තිබුනු කාලයක් තිබ්බා...“😥😥

“මගේ උවමනා එපා කම් ගැන හොයන එකම තමයි එයාගේ ලෝකය වෙලා තිබ්බේ...“ ඉස්සර මට බීපු තේ කෝප්පයවත් හෝදන්න දුන්නු කෙනෙක් නොවෙයි... මම දන්නවා දැන් එයාගේ පුතාගේ වැඩ හුඟක් කරන්න තියෙනවා කියලා... එත්... මමත් මගේ වැඩ තනියෙන්ම කරගෙන හුරු කෙනෙක් නිසා, සමහරදාට උදේට උයන එකත් මඟ ඇරෙන මට්ටමක් තියෙනවා...“😥😥
මහත්තයාගේ මුහුණෙ කිසියම් වූ වේදනාවක් ඇඳී ඇති අයුරු දක්නට ලැබේ.

“ඉතිං... ඔහොම situation එකක් ගෙයි තියෙද්දි, අපෙන් ඉගෙන ගත්තු ගෑනු ලමයෙක් එක්ක මඟදි හම්බෙලා කථා කරත්, අපේ ගෑනි, රවනවා ගොරවනවා, පුප්ඵනවා...“😀😀😀

“හා හා... ඒවානම් නිදහසට කාරණා නෙමෙ හරි ද?“ මම කීවෙමි. 😄

“හාමුදුරුවො අහලා ඇති... ගීතයක් තියෙනවා මෙහෙම... “රූං පෙත්ත කැරෙනවා... කෝම්පිට්ටු ඉඳිවෙනවා කියලා...“

“ම්ම්... දයාරත්න රණතුංග මහත්තයාගේ නේද?“...

“එහෙමයි... ඒකේ අන්තිම පද පේලිටික අහලා බලන්න... එතැන තියෙනවා සමස්ථ තාත්තලාගේ වේදනාව...“🎼🎼

පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා
එදාවගේ නෑ...
මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ...🎼

සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙ වගේ
හිනාවෙන්නෙ නෑ...
නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ...🎼

--------------------------------------

🔴 “ඖෂධ ආහාරයක් ලෙස දෛනිකව නොගැනීමට නම්, ආහර ඖෂධයක් ලෙස ගත යුතුය.“

🔻තථාගතයන් වහන්සේ භික්ෂූන්ට ‘එක් වේලක්‘ පමණක් වැළදීමට ආරාධනා කළ සේක.
“අහං ඛො, භික්‌ඛවෙ, එකාසනභොජනං භුඤ්‌ජාමි. එකාසනභොජනං ඛො අහං, භික්‌ඛවෙ, භුඤ්‌ජමානො අප්‌පාබාධතඤ්‌ච සඤ්‌ජානාමි අප්‌පාතඞ්‌කතඤ්‌ච ලහුට්‌ඨානඤ්‌ච බලඤ්‌ච ඵාසුවිහාරඤ්‌ච.“

“මහණෙනි, මම පෙරවරු, එක්වේලේ බොජුන් වළඳමි. මහණෙනි, මම එක්වේළ් වැළදීම් කරන්නේ...
🔻1. නිරෝගී බව ද,
🔻2. නිදුක් බව ද,
🔻3. සැහැල්ලු බව ද,
🔻4. ශරීරශක්තිය ද,
🔻5. පහසු විහරණය ද දනිමි.“

ආහාර පමණ දැන ගත යුතුය. බොහොමයක් මිනිස්සු දැන් වනවිට ස්ථූල තාව හේතුවෙන් පීඩා විඳිනු ලැබේ. බෝ නොවන රෝග ගණයට අයත්, දියවැඩියා, අධිරුධිර පීඩන, මේද තැන්පත් වීම් ආදී ලෙඩ රෝගවලට පත්වේ.

🔴ව්‍යායාම පිණිස යොමුවන කාන්තාවන් අල්ප වේ. ඉතා නවීන සමාජයේ හැරුණුකොට බොහොමයක් කාන්තාවන් වංගෙඩි, මෙන්, බැරල් මෙන් ස්වකීය මුළු ජිවිතයම ගෙවා දමයි. මුහුණට පමණක් සියලු සත්කාර කරන අතර, ශරීරකූඩු අලි ඇතුන්ගේ මෙන් වෙයි. ඊට 95% හේතුව පේරෙත කම සහ ව්‍යායාම නැති කමයි.

🔴බුදුන් වහන්සේ සක්මන් කිරීමේ ආනිසංස 5ක් දක්වා ඇත. එයින් 3ක්ම ව්‍යායම සම්බන්ධ කරුණුය.

පඤ්‌චිමෙ, භික්‌ඛවෙ, චඞ්‌කමෙ ආනිසංසා. කතමෙ පඤ්‌ච? අද්‌ධානක්‌ඛමො හොති, පධානක්‌ඛමො හොති, අප්‌පාබාධො හොති, අසිතං පීතං ඛායිතං සායිතං සම්‌මා පරිණාමං ගච්‌ඡති, චඞ්‌කමාධිගතො සමාධි චිරට්‌ඨිතිකො හොති.
“මහණෙනි, සක්මන් කිරීමේ ආනිසංස 5කි.
🔻1. වෙහෙස නොවී දුරගමන් යා හැකි අයෙකු වේ.
2. ප්‍රධන් වීර්ය වැඩීමට දක්‌ෂයෙක්‌ වීම.
🔻3. ලෙඩ රෝග අඩු අයෙකු වේ.
🔻4. කන බොන ආහාර පාන පහසුවෙන් ජීර්ණය වන්නේ වෙයි.
5. සක් මන් ගත සමාධිය අනික් සමාධින්ට වඩා ස්ථිර එකක් වේ.
මෙයින් තුනක්ම ව්‍යායාම හා සම්බන්ධ බව ඔබට පෙනෙනු ඇත. මේ භික්ෂුවගේ ව්‍යායාමයි. එසේ නම් ගිහි ඔබ ගැන කුමන කථා ද?
තුන් වේලක් පෙරේත කමට ගිලිමින්, වංගෙඩි, තාර බැරල් මෙන් සිටින ඔබ, බුදුන් වහන්සේගේ අවවාද අනුගමනය කරනවා යැයි කියන්නේ කෙසේ ද?

🔴විවාහයට ද මේ ස්ථුල බව ගැටලුවක් වේ. ප්‍රසව අවධියට පසුව කාන්තාවන් ඒ බරින් මහතින් යුතුව ඉතිරි මුළු ජිවිතයම ගත කිරීම, ස්වාමිපුරුෂයන් වෙනත් කාන්තාවන් කෙරෙහි ආකර්ශනය වීමට හේතුවක් විය හැක.

🔴එමෙන්ම, ගැහැණිය ගතින් සිතින් දෙකින්ම අම්මා වූවත්, පිරිමියෙකු තාත්තා වන්නේ සිතින් පමණි. ඔහු පියෙකු වීමට වසර 35ක් වත් ඉක්මවිය යුතුය. එතෙක් සිටින්නේ, තරුණයෙකි. දරුවට, ගැහැණිය අම්මා වුවත්, සැමියාට, බිරිඳ විය යුතුය. සමහර විට ඔහු බලාපොරොත්තු වන්නේ බිරිඳක් නොවේ පරණ පෙම්වතියම විය හැක. ඉහත ගීතයේ මෙනි. ඒ ගැන නුවණැති ඔබ කල්පනාකාරී වීම සුදුසුය.

22. 🔴 අසංවේදී චරිත - 01. 🔴(අම්මා)



22. 🔴 අසංවේදී චරිත - 01. 🔴(අම්මා)
============
“මම හාමුදුරුවනේ සාමාන්‍ය පවුලක දෙවෙනි දරුවා. මට ඉන්නේ එක අයියා කෙනෙක් විතරයි. එයා මට වඩා අවුරුදු 9ක් වැඩිමල්. මට අවුරුදු 15දී එයා බැන්දා. බැදලා රට ගියා. අයියා බිස්නස් වැඩ වගයකට. මාස දෙකකට වගේ මට මතක.“😏

“අයියා ගියාම, අක්කත් එයාලගේ අම්මලගේ ගෙදර ගිහින් නැවතුනා. අයියා ගිහින් දවස් ගානක් යද්දි, දවසක උදේ වරුවක අපේ ගෙදරට ආවා පොඩි දුවලා දෙන්නෙකුයි ඇන්ටි කෙනෙකුයි. අනේ ඇවිත් හොදටම ඇඩුවා. ඒ ඇන්ටිගේ මහත්තයා නැවක engineer කෙනෙක්ලු. එයා එක්ක මගේ අයියගේ නෝනා පවුල් කනවලු. මෙයාලව ගෙදරින් එලියට දාලා. මේ ඇන්ටිට ලොකු පුතෙකුත් ඉන්නවලු. එයාගේ වයස එතකොට 17ක්.“

“ගොඩාක් සල්ලිකාර පවුලක්. ඒත් දැන් යන්න එන්න තැනක් නෑ. අර මනුස්සයයි මගේ නෑනයි, එකතු වෙල ගහලා එලියට දාලා. ඉතින් දවස් දෙක තුනක් මෙයාලා අපේ ගෙදර නැවතුනා. අදින්න ඇදුමක්වත් තිබුනෙ නෑ පොඩි අයට.“😔

“අපේ අම්මා ඒ කාලේ ගෙදරම කාමරේක ඇදුම් විකිනුවා. මම ඒ ඇදුම් හොරකම් කරලා නන්ගිලාට අන්දනවා, wash දාන්නේ මම එයාලව, බෝනික්කෝ වගේ පවුඩර් දාලා ලස්සනට තියනවා. අම්මට හොරෙන් ගන්නේ අපේ අම්මා හරිම තන්හාවයි හාමුදුරුවනේ. එලියට අනේ කමක් නෑ කියලා, මට හොදට ගහනවා.“😳

“ කොහොම හරි මට හරිම දුකයි මෙයාලා ගැන. දවසක් අර ඇන්ටි එයාගේ නඩුවට යන්න පරක්කු වෙලා කන්නෙත් නැතුව බස් එකට දිව්වා. අනේ මං පාරේ බස් එක එනකල් කියලා, උදේ කෑම එක පවා කැව්වා. කොහොමින් කොහොම හරි, අපේ අයියා ලංකාවට ඇවිත් අර අක්කාව divorce කලා. ඒ අක්කයි අර අන්කලුයි බැන්දා. ඇන්ටි කොහොම හරි සාක්ශි පෙන්නලා ගෙදර ලමයින්ට ලියා ගත්තා. ඔය අතරේ ඒ ඇන්ටිගේ පුතාව මට මුන ගැහුනේ.“❤️

“අනේ ඉතින් මගේ පලවෙනි ආදරේ පටන් ගත්තා ඒ විදියට. ඇන්ටි මට හරිම ආදරෙයි. හේතුව මම එයාලට ආදරේ කලේ එයාගේ පුතෙක් ඉන්නවා කියලවත් දන්නේ නැතුව. ඇන්ටි මට කිව්වේ angel කියල. මං ගැන හැමෝටම කිව්වෙත් එහෙමයි.

“ඒ කතාව ඔහොමම තියෙද්දි මම හාමුදුරුවන්ට මගේ පවුල ගැන කියන්නම්. මගේ අම්මා ධර්මෙට ගොඩාක්ම ලැදි කෙනෙක්. එයාගේ නෑයෝ එක්ක හැමදාම ධර්ම දේශනා අහන්න යනවා, සිල් ගන්නවා එලියට පේන හැමදේම කරනවා.“😂

“ඔය අස්සෙන් මගේ අම්මා ඇත්තටම කවුද දන්නවද හාමුදුරුවනේ.?
පොලියට සල්ලි දෙනවා. ප්‍රසිද්දව නෙවෙයි දන්නම කීප දෙනෙක්ට. මම අහද්දි ඔය කරන්නේ අම්මා පවක් කියලා එතකොට එයාම ඒක නිවැරදි කර ගන්නවා. එයා ඒ ගන්නේ බැංකුවෙන් දෙන පොලිය වගේ එකක්ලු. තව අම්මගේ ආසම කෑම ඌරු මස්. හැමදාම මහන්සි වෙලා එන තාත්තගේ ඇගට කඩන් පනිනවා සැක කරලා. රුපියලටත් තිතට ගනන් ඔනේ එයාට. තව අම්මා ආසයි අනිත් අයට පේන්න රත්තරං පෙරවන් ඉන්න.කොටින්ම අපේ අම්මා මොන තර්කේ කලත් කට වහන්න පුලුවන් ජගතෙක් ඉන්නවනම් ඒ සල්ලි විතරයි.“😂

“ අම්මා හැමවෙලේම කියන්නේ සීයගේ ලොකුකම්. අම්මත් යමක් කමක් තියන පවුලක කෙනෙක්. මගේ තාත්තා එයාගෙම දාඩිය මහන්සියෙන් දියුනු උන කෙනෙක්. මගේ තාත්තා හාමුදුරුවනේ, පොලවේ පය ගහලා ඉන්න ඇත්තට හරිම කැමති කෙලින් මිනිහෙක්. අම්මා තාත්තා එක්ක ගෙදර හොරෙන් ඇවිත් තිබ්බේ. ඉතින් සීයා අම්මට මුකුත්ම දීලා නෑ. අද වෙනකල් දුන්න සැප දුන්නේ මගේ තාත්තා. හැබැයි අද වෙනකල් ‘මේ මිනිහා ගගා තාත්තට බනිනවා‘ ඇරෙන්න කරපු හොදක් ගැන අම්මගේ කටින් කිය වෙලාම නෑ.“😔

“ඒකටම හරි යන්න මගේ අයියා. සල්ලි මත්තෙමයි. හැබැයි ඔක්කොම ලේසි සල්ලි. එක්කො හොර Visa ගහලා, එක්කෝ හොර් credit card ගහලා ඒ වගේ කරලා, ලොකු සල්ලි අම්මට දෙනවා ගෙනත්. අම්මා දැන දැන වචනයක් නොකියා අනේ බුදු සරනයි මගේ පුතාට කියලා ඔලුව අතගාලා සල්ලි ගන්නවා. හැබැයි ඒ සල්ලි අම්මගෙන්ම පහුවදාම අයියා ගන්නවා.අම්මට වඩා අයියා කපටියි. තාත්තා මේ මොනාටත් නෑ. අයියා මේ දේවල් කරනවා තාත්තා දන්නෙත් නෑ මොකද තාත්තා හිටියේ රට රස්සාවට ගිහින්.“😩

“ඔන්න ආයෙම කතාවට -
අර මම මගේ ආදරේ කිව්වට හාමුදුරුවනේ ඒ අයියා එක්ක හිනා වෙලා කතා කරනවා ඇරෙන්න දෙයක් නෑ ඉතින් ඒ කාලේ. හරිම සුන්දර විදියට මාසයක් දෙකක් ආදරෙ කලා. මම ඉස්කෝලේ යද්දී ඒ අයියා උදේට බස් එක ලගට එන්නේ පයින් ඇවිදන් ගල්කිස්සේ ඉදලා. දවල්ටත් එහෙමයි. මොකද ඒ වෙනකොටත් එයාලගේ තාත්තා එයාලව එලියට දාලා අම්මා නඩුව යන ගමන්.“

“ඔය අතරේ මගේ අයියා යාලුවෙක් එක්කන් ගෙදර ආවා. හොද පවුලක කෙනෙක්. මගේ අයියටත් වඩා අවුරුදු 3ක් වැඩිමල්. වැදගත් අම්මා තාත්තා කෙනෙක්ගේ පුතෙක්. මේ මනුස්සයා ඇවිත් නතර උනේ අපේ ගෙදර. ඒ ඇවිත් අපේ ගෙදර සාලෙම එයාගේ වියදමින් ටයිල් කලා. ගෙදරට bathroom එකක් හදලා දුන්නා. ලොකූ තාප්පයක් ගේ වටේටම ගහලා දුන්නා. ඉතින් අපේ අම්මටත් දැන් මීට වඩා කෙනෙක් නෑ. මෙන්න කියනවා මේ මනුස්සයව මට බදින්නලු. මම බෑ මයි කිව්වා. ලොකුම හේතුව එයා මට වඩා සෑහෙන්නම කොටයි. වයස පාටයි. ඔක්කොටම වඩා මගේ ආදරේ....“ 😏

“අනේ මම හරිම අහින්සක දුවෙක් ඒ කාලේ. කොහොම හරි දවස් හත අටක් ඇතුලත තාත්තගෙත් ඔලුව විනාස කරලා මාව බන්දලා දුන්නා හාමුදුරුවනේ. දැන් මම හොදටම දන්නවා මේක කලේ සල්ලි වලට කියලා. අම්මයි අයියයි දෙන්නම. ඉතින් බැදලා මම a/l කලෙත්. Results එන්න කලින් මාවත් එක්කන් අර මනුස්සයා Australia ගියා.. ආ මට කියන්න අමතක උනා. මෙයා තමයි අපේ අයියගේ හොර බිස්නස් වල මහ මොලකරු. සල්ලි හෙව්වේ එයා එහෙම.“ 😔

“කොහොමහරි ඔය අතරේ මම දැනගන්නවා අපිත් ඉන්නේ Visa නැතුව මෙහෙ කියලා. ඉතින් මම වැඩට යනවා cleaning jobs කරන්න. එතකොට මට බබෙකුත් හම්බෙන්න. තාමත් මම හරිම අහින්සක කෙනෙක්. බැදලා අවුරුද්දක් යද්දි මට ලස්සන දුවෙක් ලැබෙනවා.“❤️

“ දුව ලැබෙන්න මම ඉස්පිරිතාලෙට ගියෙත් cleaning කර කර ඉද්දි. මගේ කොන්ද රිදෙනවා කියලා මම කෑගහද්දි මොන කරුමයක්ද මේ කියලා බැදලා හිටපු කෙනා කෑ ගැහුවා. එදා මට ගොඩක් රිදුනා හාමුදුරුවනේ. එයාගේ දරුවා බඩේ දරාගෙන මම කෑගහද්දි මට ලැබුන ඒ වචන වලින් මම කලකිරුනා. දුව ලැබිලා මුලු රෑම දුව තුරුල් කරන් මම අඩ අඩ කල්පනා කලා. දුවගේ මූන දිහා බලන් අත් දෙක හයියෙන් අල්ලන් මම එදා මටම පොරොන්දුවක් දුන්නා. මට ඒ හැගීම මේ මොහොතෙත් එහෙම්ම දැනෙනවා හාමුදුරුවනේ. දරුවගේ අත මම කවදාවත් අත අරින්නේ නෑ , ‘කරුමයක්‘ කියලා කිව්ව දරුවට මේ තාත්තා ඕන නෑ කියලා ‘අහිංසක මෝඩ‘ මාව එදා මම ඒ ඉස්පිරිතාලෙම මරලා දාලා ගෙදර ආවේ.“ 👌

“දවස් ගානකින් මම එයා එක්ක කතා කරලා දවස් ගානක් වයස මගේ දරුවා එක්ක කවුරුත්ම නැති රටේ තට්ට තනියම ජීවිතේ පටන් ගත්තා. දරුවට අවුරුද්දක් යනකල් මම මගේ මේ අත්දෙකින් ටොයිලට් හෝදලා දරුවට කන්න බොන්න දුන්නා. අම්මලා මට කතා කර කර බනිනවා. ලැජජයි ලු මිනිස්සුන්ට මූන දෙන්න බෑලු. ඒත් මම එකක්වත් ඔලුවට ගත්තේ නෑ.“😒

“ඔය අතරේ මං ලංකාවට ආවා. ඇවිත් නතර උනේ අම්මලගේ ගෙදර. ආයෙත් මාව අම්මලා පාලනය කරන්න ගත්තා. බලෙන්ම අර මනුස්සයාට මාව ආයෙම දෙන්න හැදුවා. ඔන්න මම නපුරු උන පලවෙනිම තැන හාමුදුරුවනේ. එච්චර කල් පපුවේ හිර කරන් හිටපු දුකෙන්ම ආවේගයෙන් කතා කලා හැමෝටම. ඒත් මගේ අම්මා ඒ එක දේකටවත් සැලෙන කෙනෙක් නෙවෙයි. හැමදාම මගේ සැනසීම නැති කලා. කියන්නම ඕන හාමුදුරුවනේ.“

“ ලංකාවට ආවට පස්සේ මාසෙන් මම රස්සාවකට ගියා. ගෙදරට සල්ලි දුන්නා, දුවව බලා ගත්තා. මං කාටවත් බරක් උන්නේ නෑ. ඒත් අම්මා එක්ක ඉන්නම බැරි උනා. ඉතින් හැමදාම අම්මට බැනලා මම පව් පුරව ගත්තා. මම වැඩ කලේ Australian embassy එකේ. මට promotion එකක් හම්බුනා Dubai වලට. හිත හදා ගත්තා මං යනවා කියලා. දවස් දෙකයි මගේ flight එකට තිබ්බේ.“☺️

“ඔය අතරේ මගේ අයියා මගේ දූගේ තාත්තා එක්ක Singapore ගියා. බිස්නස් වලට යනවා කියලා කීවේ. මේ වෙනකොට අයියා දෙවෙනි කසාදේ කරලා අවුරුදු 3ක පුතෙක් හිටියා, තව දුවෙක් හම්බෙන්න හිටියා. හරියටම මගේ flight එකට දවසකට කලින් නෑනට බබා ලැබුනා. අපි ඉස්පිරිතාලෙ ඉද්දි ආරන්චි උනා අයියලව පොලිස්සියෙන් අල්ලලා කියලා. කෝටි ගානක credit card වංචාවක් කරලා. හැමෝවම අල්ලලා හිරේ දාලා පහුවදා නඩුලු. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා පලවෙනි නඩු වාරෙදිම තීන්දුව දෙනවලු. එහෙ ගොඩාක් දරුනුයිනේ හාමුදුරුවනේ. තීන්දුව වෙන්නේ අවුරුදු 15ක් හිරේ ලු.“😩

“මගේ අයියා මගේ ජීවිතේ එක හාමුදුරුවනේ. මට රස්සාවට වඩා අයියා වටිනවා කියලා එදා රෑම හැමදේම අත ඇරලා අයියා වෙනුවෙන් මං යනවා Singaporeට. අවුරුද්දක් පුරා මාසෙන් මාසෙ මම එහේ ගිහින් නඩු කතා කරනවා. අන්තිමට තීන්දුව දුන්නා. අවුරුදු 4 ක සිර දඩුවම්. දුවගේ තාත්තත් මේ ගොඩේ. එයාගේ girlfriend එක්ක ගිහින් මේ ගමනට. එයත් එක්කම තමයි අහු වෙලා තිබ්බේ. කොහොම හරි අවුරුදු 4 කින් මෙයාලා ආවා. මම මෙහේ රස්සාවක් කරන් ගෙදර හිටියේ. අම්මා එක්ක ඉන්න අමාරුම උනත් කරන්න දෙයක් නැති උනා දූ හින්දා.“😔

“ තව දෙයක්, මම Australia ඉදලා ලංකාවට ආවට පස්සේ ඉදලම අර මම යාලු වෙලා හිටපු කෙනා එක්ක යාලු වෙනවා තරහා වෙනවා, තරහ උනත් අපි යාලුවෝ වගේ කොහේ දැක්කත් හිනා වෙලා කතා කරනවා. අපි අපේ පාරවල් වල ගියා. එයත් මාත් ආදරේ කලා වෙන වෙන අයට. හැබැයි ආයේ ආයේ අපි යාලු උනා. කොහොමින් කොහොම හරි ගොඩක් serious සම්බන්දයක් අපි දෙන්න අතරේ ඇති උනා 2010 දී. අපි එකට පවා ජීවත් උනා වෙනමම. බදින්නම ඉද්දි එයාගේ නංගිගේ කසාදේ තීන්දු වෙල මට ආදරෙන් හිටපු එයාගේ අම්මාට මාව පේන්න බැරි උනා. ඒකත් සාධාරණයි අපේ හාමුදුරුවනේ. මොකද ඒ අම්මා අදරෙන් හිටපු පොඩි කෙල්ල නෙවෙයි එතකොට මං. මිනිහා නැතුව දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් එයාගේ එකම පුතාට මාව ලොකු මදිකමක්. මට ආදරෙන් හිටියට අම්මා කියලා නංගිගේ කසාදෙ කැඩෙයි කියලා මං හින්දා. ඉතින් එයයි මායි වෙන් උනා. එයා බැන්දා.“❤️

“2012 දි මගේ අයියලා ආයේ ආවා. ඔන්න මං ඉවරයි. අම්මයි අයියයි දෙන්නම එකතු වෙලා මාව බරක් කරන්. සල්ලිකාරයොම හොයනවා දෙන්න. මම එදා බැස්සා ගෙදරින් එලියට. තනියම ජීවත් උනා දුව හිටියේ අම්මා එක්ක. මම දුව බලලා එන්න යනවා. ඒත් ඉන්න බෑ. දුවව ඒ ඉක්මනට ගන්නත් බෑ මං ලගට. මොකද මට වැනෙන ජීවිතයක් තිබ්බේ. දුව යන්නේ international school එකකට. දූව මම ඉස්කෝලේ දැම්මේ ගෙව්වේ ඔක්කොම මගේ සල්ලිවලින්. කාටවත් දුවව බරක් වෙන්න තිබ්බේ නෑ.“

“අයියා ලංකාවට ආව ගමන් එයාගේ දෙවෙනි wife වත් divorce කලා.“😂

“2012 අර මම ආදරේ කරපු කෙනෙත් Divorce වෙනවා. එයාගේ wife වෙන කෙනෙක් එක්ක යාලු වෙලා අතටම අහු වෙලා divorce කරලා. අපි ආයෙම කතා බහ කලා. 2013 මැද හරියේ අපි එකට ජීවත් උනා. එයා ගොඩාක් පසුතැවිලි උනා මට කරපු දේවල් ගැන. පොරොන්දු උනා මලක් වගේ බලාගන්නවා බදිමු කියලා.“💕

“මම කැමති උනේ නෑ. මම කිව්වෙම අපි මෙහෙම ජීවත් වෙමු මට ආයේ අඩන්න නම් කොහෙත්ම බෑ කියලා. හැමදාම එයා කියනවා මම බෑ කියනවා. තව දෙයක් අපේ හාමුදුරුවනේ මම පුන්චිම බොරුවක් වත් කියන්න ආස නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්. අහන් ඉන්න කෙනා මොනවා හිතුවත් මම කියන්නේ ඇත්ත විතරමයි. ඉතින් තව ඇත්තක් මම කියන්නද අපේ හාමුදුරුන්ට.“😏

“ මේ කාලේ මම හොදට සිගරට් විස්කි බොනවා. මම හාමුදුරුවනේ ආසයි මොන ප්‍රශ්නයක් තිබ්බත් හිනා වෙලාඉන්න. මට හයියෙන් හිනා වෙලා ඉන්න ඕනේ කෙනෙක්. ඉතින් අර දෙකට විතරයි පුලුවන් උනේ ඒ තත්ත්වෙන් මාව තියන්න. අපේ හාමුදුරුවෝ හිතයි මේකි මොකෙද්ද කියලා. ඒත් හාමුදුරුවනේ මෙතන කියලා නැතිගොඩක් දුක මගේ ජීවිතේ තිබ්බා. “😭

“එල්ලිලා මැරෙන්න එල්ලි එල්ලි ඉද්දි අම්මයි තාත්තයි අයියයි ලනුව කපලා බිමට ගත්ත ගෑනියෙක් මං. අදටත් උනක් හැදුනත් මගේ doctor කියලා තියෙන්නේ පෙනඩෝල් පෙත්තක්වත් වැරදිලාවත් බොන්න එපා මගේ වකුගඩු දෙකම ශුවර් නෑ කියලා. මං ඒ තරමට පෙනඩෝල් බිව්වා මැරෙන්න. එහෙම ගෑනියෙක් මං“😰

“මේ අතරේ දවසක් මගේ ගෙදරට දූව එක්කන් ආවා නිවාඩු දවසක. එදා ගෙදර pool එකේ දූ නනා ඉන්න කොට අර අය්යත් ඉන්නවා දැන් බලාගෙන හිනා වෙවී, දූ එක පාරටම අපිට කතා කලා pool එකට එන්නකෝ කියලා. අපි බෑම කියද්දි කෙල්ල එක පාරටම කිව්වා
"අනේ මගේ හොද අම්මියි තාත්තියිනේ, එන්නකෝ කියලා“❤️
. එවෙලේ මගේ ඇස් වලින් කදුලු ආවා.පපුවට මොකද්ද උනා. දුව පලවෙනි වතාවට තාත්තා කියන නම කිව්වේ.එතකොටත් දූට අවුරුදු 6ක් ඉවරයි. දූ ගොඩක් ආදරේ කලා අර අයියට. මම සමාව ඉල්ලුවා එයාගෙන් දූ, තාත්තා කියලා එයා අපහසුතාවෙකට පත් උනාට. එයා එදා කිව්වා දුව තාත්තා කියපු දෙන් අපි බදිමු මට වෙන ලමයි ඕනෙත් නෑ කියලා. අනේ මං මොනවා කියන්නද. මම එදා රැම හිතුවා. තීරණේ කලා බදින්න. ගියා register ලගට. බැන්දා අපි දෙන්නා. එදා ඉදලා මගේ අයියා මගේ ලොකුම හතුරා උනා. අපි බිස්නස් කරලා හොදින් ඉද්දි මගේ මහත්තයට කුඩු කාරයෙක් කියලා හැමතැනම කිව්වා අයියලා.“

“මට මුලින් කියන්න අමතක උනා, මගේ මහත්තයා ඉන්ජිනේරුවක් හාමුදුරුවනේ. කතෝලිකයෙක්. නොසෑහෙන්න සමාජීය දැනුම තියන උගත් මිනිහෙක්. මේ ඔක්කොටම වඩා මම ආසම කරන පිරිමි ගති තියන පිරිමියෙක්. මගේ අයියට අපේ දියුනුව බලන් ඉන්න බැරි උනා.මගේ ලොකු දූවත් අරගෙන අපි ජීවිතේ ලස්සනට පටන් ගත්තා. අපේ හාමුදුරුවනේ මගේ මහත්තයා දූට කිසිම අඩුවක් කරන්නේ නෑ. මට නොසෑහෙන්න හිතිල තියනවා දුවගේ තාත්තා හිටියනම් එයාවත් මෙහෙම ආදරයක් දෙන්නේ නෑ කියලා දරුවෙක්ට.මට දෙවෙනි දූ හම්බෙන්න ඉද්දි අපේ බිස්නස් ඔක්කොම වැටුනා මගේ අයියයි එයා තුන් වෙනියට බැදපු කෙනයි නිසා. කොටින්ම කියනව නම් ඉන්න වහලයක් පවා නැති කලා. කොටින්ම කන්න තිබ්බේ නෑ.“😳

“හැබැයි එතනින් අඩියක් උඩට අපි අද ආවා. මට බිස්නස් ගැන හිටපු තත්වේ ගැන පොඩ්ඩක්වත් දුකක් නෑ. හේතුව හාමුදුරුවනේ මගේ මහත්තයා. අදටත් මම factory එකට ගිහින් කීයට ආවත් අත්‍යාවශ්‍ය දේකට ඇරෙන්න කතා කරන්නේ නෑ. හේතුව මට disturb වෙයි කියලා. සමහර වෙලාවට මට දුකයි මේ මිනිහා මාව චුට්ටක්වත් සැක කරන්නේ නෑනේ කියලා. එච්චරට නිදහසක් මට දීලා තියනවා. සමාජේ ගොඩක් පිලිගත්ත කෙනෙක් එයා. ඒත් මං හින්දා අද කිසිම විදියේ එකම එක අඩුවක් වත් කියන්න බැරි මහත්තයෙක්, තාත්තා කෙනෙක් එයා. අදටත් එයාගෙම ලෙයින් හැදිච්ච දරුවට වඩා මගේ ලොකු දූ ගැන බලනවා. දැන් දූට අවුරුදු 13 යි. ලොකු ලමයෙක් උනා මාස තුනකට කලින්. හැමදේම මහත්තයා කලේ එයාගෙම අතින්. මුලින්ම දුව බැලුවෙත් එයාගේ මූන. මගේ දූත් මට වඩා ආදරේ එයාට. දූගේ ඉස්කෝලේ ලමයි අම්මාව දන්නේ නෑ, දන්නේ තාත්තව. ඉස්කෝලේ වැඩ පවා හැම එකක්ම කරන්නේ එයා. චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බොත් එලි වෙනකල් දූගේ චිත්‍රේ පාට කරනවා.කල්පනා කරලා කරලා ලස්සන නිර්මාන කරනවා දූ වෙනුවෙන්. අපිට හිතා ගන්නවත් බෑ.“

“මගේ මේ කතාව ඇතුලේ ගොඩාක් වින්ද දුක් තියනවා. ඒකෙන් 1%ක් මම ලියලා නෑ. මම අනන්තරීය පාප කර්මයක් කර ගත්තා අපේ හාමුදුරුවනේ.“😰

“නැත්තටම නැති වෙද්දි මට සිද්ද උනා අම්මලා එක්ක ගිහින් ජීවත් වෙන්න. මගේ මහත්තයගේ කොන්දේ ප්‍රශ්නයක් නිසා ඒ කාලේ එයාට වැඩක් කරන්න බැරි වෙලා හිටියේ. ෆැක්ට්‍රි එකට පාන්දර ගිහින් රෑ මම එන්නේ ගෙදර. අම්මා මාව දකින දකින වාරයක් ගානේ දරාගෙන ඉන්න බැරි තරම් දේවල් කිව්වා කලා. ඒ නිසාම මහත්තයා මට ෆැක්ට්‍රි එකේ වැඩ කරගෙන යන්න නිදහසේ ඉඩ දුන්නා. මොකද එයා දන්නවා අම්මා එක්ක ගෙදර ඉන්න මට අමාරුයි කියලා. හැබැයි මට ගෙදර වෙන මුකුත්ම එයා කිව්වේ නෑ. මට රිදෙයි කියලා වෙන්න ඕන.“

“ ඒත් දවසක් ලොකු දුව මට කිව්වා අම්මා මහත්තයට ඇනුම් පද කියන ඒවයි වැඩ ගන්න ඒවයි. මම නොදැන හිටියට ගෙදර උයන වැඩ ඉදලා මහත්තයාට කියලා කරවගෙන. මම දවසක් ගෙදර ආවම ඇහුවා අම්මගෙන්. එතකොට මට කිව්වා නිකන් ඉන්න එකේ එහෙම කලාම මොකෝ කියලා. අනික මට කිව්වා මගේ ලොකු දුවව මහත්තයා එක්ක තියන්න එපා එයාව අම්මලට දෙන්න කියලා. අම්මා හේතුව විදියට මට කිව්වේ, මහත්තයා දුවට නරක දේවල් කරයි කියලා.“😕😡

“ මම මගේ මහත්තයව දන්නවා හාමුදුරුවනේ. එයා ආගමේ උනත් මට බුදු පහන තියන්න තෙල් ටික පවා ගෙනත් දෙන්නේ එයා. හැබැයි අම්මා එහෙම කිව්වේ ඇයි කියලා මම හොදටම දන්නවා. හේතුව දුවගේ ඇත්තම තාත්තා අපේ අම්මලට අදටත් සල්ලි දෙනවා. එයා ඉන්නේ ඇමෙරිකාවේ. දුව අම්මගේ භාරේ ඉන්නවා කිව්වොත් එයා සල්ලි එවන වග අම්මා දන්නවා“

“ඔය අතරේ දුවට කියලා තිබ්බා චූටි දූ එක්ක උනත් වැඩිය හුරතල් වෙන්න යන්න එපා ඒ ඔයාගෙම නන්ගි නෙවෙයිනේ කියලා. මට දරා ගන්න බැරි උනා.
ප්‍රශ්නේ කතාකරනකොට දුර දිග ගිහින් මගේ අත ඉස්සුනා. මම මගේ ලොකුම පව පුරවගත්ත තැන ඒ. අම්මලා මොනවා කලත් දරුවෝ උනාම අපි ඉවසන් ඉන්න ඕනේ. නැත්නම් ධර්මේ හැටියට අපිට පවු පිරෙනවා. ඒත් හාමුදුරුවනේ මෙච්චර ධර්මෙට ආදරේ මගේ අතින් මේ පව උනා.“☹️

“දුව ලොකු ලමයෙක් උනාම මටයි මහත්තයාටයි ඕන උනේ චාරිත්‍ර ටික විතරක් කරන්න. සල්ලි නිසාම නෙවෙයි, දරුවාව ලෝකෙට පෙන්නන්න අපි දෙන්නම කැමති නෑ. ඒත් අම්මා දූ ඇතුලේ ඉද්දිම ගෙදර රන්ඩු ඇල්ලුවා. එයාට හැම නෑයෙක්ටම කියන්න ඕනේ කියලා. අන්තිමට විස්ස තිහ උනා. අන්තිම දවසේ 90 උනා. ලොකු පාටියක් උනා. දූ කාමරේ ඉද්දි අම්මා දූට කියලා දැන් ඔයා ලොකු ලමයෙක්. පිරිමි ලමයි ඔයාගේ පස්සෙන් එයි, හොදට තෝරලා පිරිමි ලමයෙක් හොයා ගන්න. මොනවා තිබ්බත් වැඩක් නෑ සල්ලි තියන කොල්ලෙක් එක්ක යාලු වෙන්න කියලා. දරුවා මට කිව්වා අම්මා මෙහෙම කිව්වා කියලා. මගේ දූට තාම 13 යි හාමුදුරුවනේ. මගේ දරුවා හරිම අහින්සකයි.“😔

“දුවගේ කටයුතු ඉවර කරලා අපි පොඩි ගෙයක් කුලියට අරන් ආවා. එදා ගෙදරින් එනකොට ලොකු ප්‍රශ්නයක් උනා. දුවගේ පාටි එකට උයන්න එක්කන් ආවේ මහත්තයගේ ගෙදර පොඩි කාලේ ඉදලම උයපු අම්මව. ඒ අම්මා එක්ක අපේ අම්මා කියලා ලොකු දූ එක්ක කොහොමද මහත්තයව තියන්නේ. කාමරේ මොනවා කරනවද දන්නේ නෑ කියලා. මේ ගෑනු කෙනා මහත්තයට හරි ආදරෙයි. මහත්තයා චූටි කාලේ ඉදලම දන්න අම්මා කෙනෙක්. මට ලැජ්ජ හිතුනා හාමුදුරුවනේ. මගේ මහත්තයාට මාව බදින්නේ නැතුව ලස්සනට ඉන්න තිබ්බා. නැවට ගියා නම් මාසෙට ලක්ශ 10 පඩි. මහත්තයගේ තාත්තා මේ මොහොතෙත් ඉන්නේ නැවක. චීෆ් ඉන්ජිනියර් තෙල් නැවක.“😳

“එදා ගෙදරින් එලියට එද්දි මම දන්නේ අපේ අම්මා අර අම්මට එහෙම කියලා. මම ඇහුවම මට කෑ ගැහුවා. මගේ දුව ගොඩක් තැම්පත් නිශ්ශබ්ද දරුවෙක් හාමුදුරුවනේ. කොටින්ම කවුරු ආවත් එලියට එන්නේ නෑ. කාමරේ ඉදලා පාඩම් කරනවා. එදා අම්මා බනින කොට ජීවිතේ පලවෙනි වතාවට දුව අම්මට කිව්වා
‘අම්මම්මා ඔයා අම්මට ඇයි ඔහොම කතා කරන්නේ. අපිට සල්ලි නැති නිසාද, අම්මා පවු නේ කියලා.‘ එතකොට දුවට බැන්නා අම්මා. එ වෙලේ දුව දෙයක් කිව්වා
අම්මා, මම පුන්චි කාලේ අම්මම්මා මාව උදේ ඉදලා හවස් වෙනකල් ස්ටෝරු කාමරේ දාලා වහලා තියනවා කියලා“😱

“දෙයියනේ එතකොට දරුවට අවුරුදු 4, 5 ඇති හාමුදුරුවනේ කෙල්ල අවුරුදු ගානක් ඒක හන්ගන් ඉදලා. මටවත් කිව්වේ නෑ එහෙම දේවල් උනා කියලා. අම්මා එතකොට කියනවා එහෙම තමයිලු දඩුවම් කරන්නේ ලමයින්ට. මොනාද හාමුදුරුවනේ මම කියන්නේ“😱

“දැන් ගෙදරින් ඇවිත් මාස 4 වගේ වෙනවා. මම අදටත් කා එක්කවත් කතා කරන්නේ නෑ. මොනදේ උනත් එහෙ යන්නෙත් නෑ. හිත හදාගෙන ආවේ මම අනාතයෙක් කියලා මගේම දරුවෝ දෙන්නව වෙන් කරන්න හදපු අම්මා ගැන මට ලොකු පැහැදීමක් නෑ හාමුදුරුවනේ. ඒත් මම දන්නවා කර්මය හරිම බලවත්. මට මේ පවු දවසක පඩිසන් දෙනවා.“

“අදටත් මගේ අයියා එයාගේ පෙජෙරෝ එකේ රත්තරං පොරව ගෙන අපේ ඉස්සරහින් අපිට හිනා වෙවී යද්දි මම කරාබු දෙකක්වත් නැතුව මගේ ලොකුම සේසත දිහා බලලා සතුටුවෙනවා. “

“කවුරු ඇහුවත් මම කියන්නෙ මට ප්‍රශ්න නෑ හාමුදුරුවනේ හේතුව මේ ලෝකෙම ඉන්න හොදම පිරිමියා ඉන්නේ මගේ ගෙදර“❤️❤️❤️
-----------------------------

🔴මෙය ඉතා දිගු ලිපියක් බව දනිමි. මා හට මෙවැනි දුක් කතා දැනට 17 inbox එක තුල ලැබී ඇත. ඊට හේතුව දුක මුදා හැරීමට සිවුර විශ්වාස කිරීම හා උපදේශනය උගනීමෙන් ලද ‘අසා සිටීමේ‘ හැකියාවයි.

🔴මේ කතා 17න් 6කට පළකිරීමට අවසර දී ඇත. අනික්වා මගේ සිතතුළ අඟුළු දා ඇත්තෙමි. ඒ අතරින් මේ කතාව අයිති තැනැත්තිය, කිසිදු වචනය වෙනස් නොකොර පළ කරන්නට අවසර ලබා දුන්නාය.

🔴මා විසින් අම්මා ගැන නුගුණ සහිත කතාවයක් අසන ලද්දේ මීට වසර 4කට පමණ පෙර මා හිතවත් යුවතිකගෙන්ය. ඇය අම්මාට ඉතා අකමැති තැනත්තියකි. ඇයට මව් සෙනෙහස ලැබී නැත. ඉතා දුෂ්ට මවක් ඇයට සිටී. ඒ තැන් පටන් තම මවට අකැමැති (වෛර කරන) මහත්මීන් 6ක් මුණ ගැසී ඇති. මේ එහි 6 වෙනි කථාවයි.

🔴ඉතිරි කථා ද ක්‍රමයෙන් “අසංවේදි චරිත“ ආදී වශයෙන් පළකිරීමට බලාපොරොත්තු වෙමි. ඇයි ද මා විසින් මේ කඳුළු කතාව පළකරන්නේ යනුවෙන් ඔබ විමසුවහොත්, ඊට සමාජ විද්‍යාත්මක හේතුන් ඇත.

🔻1. එනම්, බොහෝ සියදිවි නසාගන්නට තැත් කරන්නවුන් නඟන මැසවිල්ලක් නම්, “ඇයි මට මේක වුනේ, ඇයි මෙහෙම වුනේ, ආදී වශයෙනි. ඔවුනට මේ කතා කියවන්න ට ලැබුනොත්, “අහ්... මට පමණක් නොවේ, තවත් අයට මෙසේ වී ඇතැයි සිතේ“ එය ඵලදායි සිතුවිල්ලකි.
“විභාග ෆේල් වුනු සැනින් සියදිවි නසාගන්නේ, අනියම් සම්බන්දයක් ආරංචි වු සැනින් අනිකාගේ දිවි තොරකරන්නේ, “මෙහෙම දෙයක් විය නොහැකි“ යන මතයේ සිටින්නවුන්ය. නැහැ , මෙහෙම වෙන්න පුළුවන් (maybe, it can be possible) කියා මේ පුවත් දන්නා අයට, මේවා දරාගත හැකිය.

🔻2. ඔබටත් මේ දුර්වලතා වලින් පාඩම් උගත හැකිය.
🔻3. අනෙක නම්, මේවැනි විරෝධාර කාන්තාවන් විෂයෙහි මා පුද්ගලික ප්‍රියමානපත්වයක් ඇත. ඔවුන්ව අගය කළ යුතුය.
තවද, ඇයත් මෙය කියවනු ඇත (සමහරවිට). ඇයගේ ධෛර්යයට ඔබට වචනයක් දෙන්නට පුළුවන් නම් එය මහත් අස්වැසිල්ලක්. (කරුණා කර ඈ කවුදැයි සෙවීමට උත්සහා නොකරන්න.)

තවත් කෙනෙකුට කියවන්න share කරන්න.

තෙරුවන් සරණයි.🙏

Saturday, October 19, 2019

21.හදාගන්න පුළුවන්



🔴හදාගන්න පුළුවන්.🔴
          ============
“හාමුදුරුවන්ට බැරිද, අපේ මහත්තයාට උපදෙසක් විදිහට යමක් ලියන්න“

“මොනවාගේ උපදෙසක් ගැන ද?“ මම ඇසුවෙමි.🤔

නාඳුනන තැනැත්තියක් මාහට inbox හරහා පණිවිඩයක් තබමින්, කළ ඉල්ලීමකි ඒ.

ඇයට අවශ්‍ය වූයේ තමන්ගේ සැමියට, උපදෙසක් විදිහට භික්ෂුවක් හරහා යමක් පැහැදිලි කරමින් සැමියාව යහමඟට ගැනීමටය.

“එයා හරීයට සිගරැට් අරක්කු බොනවා...“ දිනපතාම වාගේ බීලා තමයි ගෙදර එන්නේ...“
අපේ ආර්ථිකයටත් දැන් ඒක හරියට බලපාලා තියෙනවා හාමුදුරුවනේ..“ මාසේ අන්තිම වෙනකොට මට සිද්ධවෙනවා අපේ ගෙදරිනුත් කීයක් හරි ඉල්ලාගන්න.“ ඇය කීවාය.😢

“ඔව් ඉතිං, දිනපතාම බොන මිනිහෙක්ගේ අතේ සල්ලි තියෙන්න විදිහක් නෑනේ...“
එහෙනම් ඉතිං ලක්ෂයක් දෙකක්වත් පඩි ගන්න ඕනි මාසෙකට..“
එත් සමාන්‍යයෙන් ලක්ෂයක් දෙකක් පඩි ගන්නා මිනිහෙක් එහෙම බොන තත්ත්වයකට එන්නෑ.“ 🙄
“මොකද නිතර නිතර අසිහියෙන් ඉන්න මිනිහෙක්ට ඒ වාගේ රස්සාවක් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිත්නන බෑනේ.“

“ඒක තමයි හාමුදුරුවනේ මටත් එයාව හදාගන්න ඕනි...“ ඇය කීවාය.

“ම්ම්ම් මම ඉතිං පුනරුත්ථාපන වැඩ නම් කරන්න නෑ.“ මද සිනහවකින් යුක්තව මම කීවෙමි.😀

“වෙන මොනවද ඉතිං බොන නිසා තියෙන ගැටලු“

“මට ඉන්නේ ගෑනු දරුවෙක්... වෙලාවකට ඒ ගැන උනත් බය හිතෙනවා. එයා උනත් එන්න එන්න ලොකු දරුවෙන් වෙනවානේ දැන්...“

“ම්ම්ම්... වෙන“

“කුණුහරුප කියනවා, කුණුහරුප කියලා මට බනිනවා අහගෙන ඉන්න බැරි මට්ටමේ... බීලා ආපු සමහර දවස්වලට මට අල්ලගෙන ගහනවා... ඒවා නම් ඉතිං ඉවසං ඉන්න පුළුවන් කියමුකො... එත් මේ දරුවාටත් බනින එක තමයි ඉවසන්න බැරි“ 😢

“කවුද ඔයාට කීවේ, කුණුහරුප කියලා බනින එක සහ පහරදෙන එක ඉවසං ඉන්න ඕනි කියලා, ඒකත් හැමදාම?“😲

“නෑ ඉතිං හාමුදුරුවනේ මිනිහා ඉතිං බනින එක සාමන්‍ය දෙයක්නේ...“

“මිනිහා විතරක් නෙවෙයි, ගෑනි උනත් බණින එක සාමන්‍ය දෙයක් නෙවෙයි...“ මිනිහා ගෑනිට ගහන එක විතරක් නෙවෙයි,
ගෑනු විසින් මිනිස්සුන්ට නිතරම... ඇනුම් පද කියන එකත් දෙකම වැරදි... ඒක කොයිම වෙලාවකවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි...“ 🙁

“ඒක නිසා, මිනිස්සුන්ගෙන් ගුටිකකා පවුල් රැකගෙන ඉන්න ඕනි කියලා නියමයක් නෑ...“ අනික එහෙම ගහන්න අයිතියක් නැ. නීතිය අනුව බැලුවොත් නඩු දාන්න පුළුවන්, හිරේ යවන්න පුළුවන්... ඒ සුළු දෙයක් විදහට හිතන්න එපා...“😢

“අසරණ ගෑනු මම මොනවා කරන්න ද හාමුදුරුවනේ...“ ඇය දුක්මුසුව කීවාය...

“එකනේ ගෑනුන්ට ගහන නපුංසකයෙක් බැන්දේ මොකද? බදින්න කලින් තේරුණෙ නැද්ද මිනිහාගේ චර්යාව...“

“මෙයාට ටිකක් කෙන්ති යන පුරුද්දක් ඒ දවස්වල ඉඳලාම තිබ්බා...“

“ඉතිං“🤔

“එත් මම හිතුවේ පස්සේ හරි යාවි කියලා...“

“මොනවද හරියාවි කියලා හිතුවේ...“

“කේනති යන එක මට හදාගන්න පුළුවන් කියලා මම හිතුවේ, මොකද එයා මට ගොඩක් ආදරෙන් හිටියේ...“

“මොකද්ද ඉතිං ගොඩක් ආදරේ කියලා කිවේ...“

“ඉස්සර මට නිතරම call කරා... හොයලා බැලුවා... කොහේවත් යනවටවත් කැමති වුනේ නැ. ඒයා එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් ගමනක් යනවටවත් කැමැති වුනේ නැ.“

“එතකොට නිතර call කරමින් මොනවද ඇහුවේ...?🤔

“කොහේද ඉන්නේ, කාත් එක්ක ද ඉන්නේ මොනවද කරන්නේ වාගේ දේවල් තමයි“

“දැන් එතකොට ඔයා හිතන්නේ, නිතර නිතර call කර කර යන එන තැන් විමසීම ආදරය කියලා ද? සැකය නෙවෙයි ද? වෙන කාත් එක්කවත් ගමන් බිමන් යන්න නොදෙන්නේ, ආදරය කියලා ද? සැකය නෙවෙයි ද?“

ඇය මඳ සිනාවෙන් නිහඩ විය.

ගැහැනු බොහොමයක් මේ හැසිරීම, ආදරය ලෙස ගෙන මෝඩ අයුරින් තීන්දු ගන්නා හැටි මම දැක ඇත්තෙමි.

“ඔයා දන්නවාද, අපේ campus එකට, අනුරාධපුර, ගාල්ල මාතර වාගේ ඉදලා ගෑනු ලමයි ඇවිල්ලා ඉගෙන ගන්නවා. campus එකේ trip එකක් යන්න සූදානම් කරාම ගෙවල් වලින් යන්න අවසර දෙනවා, හැබැයි යාලුවෙලා ඉන්න කොල්ලා එපා කියනවා“

“ආදරේටනේ හාමුදුරුවනේ“😀

“ඇයි දෙමාපියන්ට දෙන්න බැරි ආදරයක් මාස කිපයකට කලින් හම්බෙච්ච එකාට දෙන්න පුළුවන් ද?
ඕකට කියන්නේ සැකය. ලිංගික වශයෙන් තියෙන ඊර්ෂ්‍යාව. “ දෙමාපියන්ට ඕක නැ. එතැන තමයි ආදරය. තියෙන්නේ..“ ආදරය කියන්නේ අනේකාට ආදරය කරලා, ඔහුට හෝ ඇයට අවශය දේ දීම මිසක්, තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නැටවීමට කවුද ආදරය කියලා කීවේ.“🙄

ඇයට උත්තර නැත.

“ඉතිං බොනව කියලා එහෙම දැනගෙ හිටියේ නැද්ද?“🤔

“අපො දන්නවා මම, සිගරට් ගඳ මට ආවට පස්සේ මම ඇහුවා. අරක්කුත් බොනව කියලා මම පස්සේ දැන ගත්තා. මම පොරොන්දු කරගත්තා සිගරට් අරක්කු දෙකම නොබොන්න.“

“ඉතිං“... මම ඇසුවෙමි.

“ඒවා ඉතිං බැඳලා අවුරුද්දක් වත් යනකල් තිබ්බේ නැ“

“ඔයා සිගරට් අරක්කු බොන අයට කැමැති නැද්ද?“

“නැ හාමුදුරුවනේ...“

“එහෙනම් බැන්දේ...“

“මට පුළුවන් වුනා එයාව හදාගන්න“

මට සිහින් සිනාවක් මුවඟට නැගුණි. ‘අවුරුදු 25ක් ගෙදරට හදන්න බැරි එකා, අවුරුදු 13ක් පාසලට හදන්න බැරි එකා, අවුරුදු 11 දහම්පාසලට හදන්න බැරි එකා.‘ අවුරුද්දෙන් හදන්න පුළුවන් ලු මේ කජු කිරි කෙල්ලන්ට‘😀😀

“ඉතිං දැන් හැදිලා නෑනේ...“

“ඒක තමයි හාමුදුරුවනේ මම මේ කොච්චරවත් උත්සහා කරන්නේ ඒක“

“සිගරට් පැකට් එකේ “දුම්බීම පිළිකා ඇතිකරයි කියලා ගහලා තියෙනවා නේද? පිංතූරත් එක්කම. “

“එහෙමයි හාමුදුරුවනේ..“

“ඉතිං රජයේ අවවාදයි කියලා තියෙන එකවත් පිළිගන්නැති එකා, අපේ කීම අහයි ද?
“ ඔයා හිතනවාද ඕවාගේ විපාක නොදැන, හොඳ නැති බව නොදැන බොනවා කියලා. නැ.
මේ ලොකේ කිසිම වැඩිහිටි මිනිහෙක්, කරන වැරද්දක් කරන්නේ නොදැන නෙවෙයි. දැන දැනම.
මිනිස්සු ඒක කරන්නේ ඒකෙන් යම්කිසි ආශ්වාදයක් තියෙන නිසා, නැත්තං වෙන කරන්න දෙයක් නැති නිසා, නැත්තං පුරුද්දට ගිහිල්ලා, ඔය වාගේ හේතුවක් මිස, නරකයි කියලා නොදැන නෙවෙයි...“

“ඒ නිසා අපට අමුතුවෙන් උපදෙස් දීලා හදන්න බෑ. අනික පිරිමි කියන්නේ උපදෙස් අහන්න කැමැති අයත් නෙවෙයි...“🤐

“එතකොට හාමුදුරුවො බණ කියන්නේ?“ ඇය මගෙන් ඇසුවාය.🤐

“අපි බණ කියන්නේ... තමන් හැදෙන්න ඕනි කියන සිතුවිල්ලක් තියෙන අයට. බෙහෙත් බොන්න කැමැති කෙනෙකුට තමයි බෙහෙත් දෙන්න පුළුවන්. බෙහෙත බොන්න කැමැති නැති අයට බලෙන් බෙහෙත් පොවන්න බෑනේ. හැබැයි ඉතිං පුනරුත්ථාපනය නම් බලෙන් බෙහෙත් පොවනවා වාගේ වැඩක්. එත් එලියට ආවාම නැවත පරණ තැනටම වැටෙන්න පුළුවන්. ඒකයි හැදෙන්න ඕනි කියලා ඇතුළාන්තයෙන් හිතන අයට විතරයි බණ හරියන්නේ.“

“එකනේ කොහොමත් මේ රට හැදිලා නැත්තේ. බණ කීමෙන් ලොකු පලක් නැ. හැදෙන්න උවමානාවක් නැති අයට“

“එතකොට හාමුදුරුවනේ මට මෙයාව හදාගන්න බැරි ද?“

“බුදුහාමුදුරුවන්ට, චුන්ද සූකරව හදන්න බැරි වුනා, දේවදත්ත හිමින්ව, ඒ තියා තමන් එක්ක එකට යන්න ආපු ඡන්න භික්ෂුව (ඇමතියා) වත්“
උන් වහන්සේ වැනි අයටත් හදන්න බැරි අය ඉන්නවා නම් ඔයාලා - අපි ගැන කුමන කථා ද‍?“

“බොහොමයක් ගෑනු ලමයි ඉන්න මිත්‍යාවක් තමයි ඕක, බැන්දාම හැදෙයි. නැත්තං හදාගන්න පුළුවන් කියලා“ එහෙනම් ඉතිං පුනරුත්ථාපන ආයතන ඕනි නැනේ. කසාදයක් බන්දනවානේ..“😀

“ඔය ඔක්කම දේවල්වලට එකඟ වෙන්නේ ඔයාලට තියෙන ආකර්ෂණය නිසා. ආකර්ෂණය නැති වෙච්චි දාට පොරොන්දුත් ඉවරයි“ ඉතාමත් කළාතුරකින් හැදුනු මිනිහෙක් ඇති. ඒත් ඉතාම අඩු ප්‍රතිශතයක්.“

“එතකොට මොකද හාමුදුරුවනේ කරන්න ඕනි“

“ඔයාට ඕනි නොබොන මිනිහෙක් නම්, ඔයා කරන්න ඕනි, ස්වභාවයෙන් අරක්කු සිගරට් නොබොන කෙනෙක් හොයාගන්න එක.
නැතුව බොන එකෙක් අරගෙන හදාගන්න පුළුවන් කියන එක ලොකේ තියෙන ලොකුම විහිිළුවක්.“

“එතකොට දැන්?“ ඇය ඇසුවාය.

“අතෑරලා දාන එක තමයි. දැන් නම් පරක්කු වැඩියි. ඉතිං මොකද අතාරින්න හිතුවෙ නැත්තේ...“

“ඒ කාලේ නම් හිතුනෙ නැතුව නෙවෙයි, එත් මෙයා ගැන ගෙවල් වලිනුයි නෑදෑයොයි යාලුවො හැමොමයි එහෙමත් දැනගෙන හිටියේ... ගමේ සමහරු වුනත් මෙයා එක්ක මම එහෙ මෙහෙ යන එක දැකලා තියෙනවා. ඉතිං අතාරින්න බෑනේ...“

“ආහ්... එතකොට දැන් ගමේ අය යාලුවො එන්නේ නැද්ද බේරන්න...“😀

ඇය සිනාසුනාය.

“මෝඩ කථානේ ලමයො... ගමේ අය සහ යාලුවො ද දැන් කන්න අඳින්න දෙන්නේ...“ අපි worry වෙන්න ඵලක් ඇති දේවල් වලට. දෙමාපියො හිතන එක ගැන නම් තව හිතුවත් කමක් නෑ“

“අනික ඒ වෙනකොට මට වයස 25ත් පැනලා හාමුදුරුවෙනේ... මට තව හිත හිත ඉන්න කාලයක් තිබ්බේ නැ...“

“ළමයො ... ඉස්සරහට තවත් 50ක් ජිවත් වෙන්න එකෙක් හොයන්නේ. නැතුව අවුරුද්දකට දෙකකට නෙවෙයි. කොහොම හරි එකෙක් බැඳගන්නවා කියන එක නෙවෙයි එතකොට අංක එක වෙන්න ඕනි...“

“ඒ විතරක් නෙවෙයි හාමුදුරුවෙනේ... අපේ ගෙවල් වලින් උනත් මට කරදර කරා ඉක්මනින් බඳින්න කියලා, මොකද මම ඒ වෙනකොට affairs 3ක්ම කාලයක් ඇසුරු කරලා අතඇරපු නිසා...“

“ඕක ගෑනු ලමයි කරන තවත් ගොං වැඩක්... මොකෙක් හරි එකෙක් එල්ලා ගත්තු ගමන් ඒක ගෙදරට කියනවා... අන්තිමට කීපයක් ඇසුරු කරලා අතහැරපුවා, දෙමාපියො හිතනවා ‘මෙයාට හරි තීරණයක් ගන්න බැ‘ අපිවත් ඉක්මන් කරන්න ඕනි කියලා...“

“හොඳයි දැන් ඇයි අපි කාලයක් කෙනෙක් ඇසුරු කරන්න ඕනි...?“ මම ඇසුවෙමි.

“බඳින්නනේ...“ එකවරම ඇය කීවාය.😀

“සමස්ථ ගෑනු වර්ගයාම ඔච්චර ගොං ද“ මා ඇගෙන් සිනා සෙමින් ඇසුවෙමි.🤐

“ඇයි?“ ඇය ඇසුවාය.

“ළමයො... අපි කෙනෙක් ඇසුරු කරන්න ඕනි... හොඳ ද නරක ද කියලා දැනගන්නනේ... ඊට පස්සෙනේ තීරණය කරන්නේ කසාද බඳිනවාද නැද්ද කියලා“

“එහෙම කරන්න බෑනේ හාමුදුරුවනේ ගෑනු ලමයින්ට...“😢

“ආ... ඒක තමයි. අමාරුවේ වැටෙන්න හේතුව. කාලයක් ඇසුරු කරලා, හොදයි නම් ගැඹුරු සම්බන්ධයකට යන්න ඕනි. ගෙවල් වලට කියන්න ඕනි, එහෙම යද්දි පවා, හොද නැ මේ මිනිහා කියලා තේරෙනවා නම්, ඒ සම්බන්ධය අතාරින්න ඕනි“

“නැත්තං ඉතිං proposal එකකින් බැන්ද නම් ඉවරයිනේ... කොහොමත් ඇසුරුකරලා බදින්න නම් ඉන්නේ... මොකද්ද දෙකේ වෙනස...“

“ම්ම්ම් ඒක ඇත්ත. ඒක දන්නේ දැන්නේ. එත් මම කීපයක්ම ඇසුරු කරපු නිසා, මට මෙයත් අතෑරලා ආයෙත් එකකට යන්න තරම් කාලයක් තිබ්බේ නැ...“

“ළමයො... නිතර මතක තියාගන්න අවුරුදු 50කට හරියන්න බඳින්නේ කියලා... දැන් එතකොට ඔයා කඩවලට යනවා ඇතිනේ ඇඳුම් තෝරන්න.“

“එහෙමයි“

“ඉතිං පළවෙනියට යන කඩෙන්ම ද ඇඳුමක් ගන්නේ...“

“හොඳ එකක් තිබ්බොත් ගන්නවා... නැත්තං තව එකකට යනවා...“

“එතකොට ඒකටත් ගිහිල්ලා තිබ්බේ නැත්තං...“

“ඉතිං 4-5කට වුනත් යනවා...“

“ඉතිං ලැජ්ජා නැද්ද, කඩවල් මඟ ඇර ඇර , ඇඳුම් අවුස්සා යන්න... 4 වෙනි කඩෙන් ගන්න එපැයි අනිවාර්යෙන්ම...“😀

“එහෙම කියලා බෑනේ හාමුදුරුවෙනේ අපට හරියන ඇඳුම එපැයි අපි ගන්න...“

“ආ... ඇත්ත ද? එහෙනම් love කිරීමත් එහෙමම තමයි. දැන් ඔය කරගෙන තියෙන්නේ... හරියන්නැති ඇඳුමක් ගෙනල්ලා... ඇගට හරියන්න කපන කොටන එක...“

“එක නම් ඇත්ත තමයි හාමුදුරුවෙනේ...“

“ඔව්... ලස්සනයි මිල අධිකයි කියලා ඔයාගේ size එකට මඳිවෙන සෙරෙප්පු එහෙම ගන්නේ නැද්ද?“

“වැඩක් නෑනේ හාමුදුරුවෙනේ අරගෙන..“😀

“ඇයි ගන්න එපැයි... අරගෙන සෙරෙප්පුවට හරියන්න කකුල කපලා දාගන්න ඒකට...“

“හි... හි.. එහෙම බෑනේ හාමුදුරුවෙනේ...“

“කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ගාන උලන දේවල් හරියටම තෝරන, ගෑනු උදවිය, පිරිමියෙක් තොරන්නේ ආන්න ඒ විදිහට තමයි...“

“ඒක නම් හරියටම හරි හාමුදුරුවෙනේ...“

“ඉතිං හොදට හොයලා බලලා ගෙනාපු ඇඳුමක් හරියන්නැත්තං ඔයා මොකද කරන්නේ...?

“return කරනවා හාමුදුරුවනේ...“

“ජිවිතේට නම් රිටන් බටන් එකක් නැ... ඒ නිසා නෑදෑයො යාලුවො ගමේ මිනිස්සු කියන දේවල් අහගෙන තීන්දු තීරණ ගන්න පුළුවන් එකක් නෙවෙයි කසාදය.. ඒක මතක තියාගන්න“

-----------------------------------------------
🔴 ගැහැනු සහ පිරිමි එකට වැසීමට ගැලපෙන සත්ත්ව කොට්ඨාශ දෙකක් නොවේ. ඔවුන්ට එක වැසීමට අවශ්‍ය වන්නේ ලිංගික කර්තවයන් සඳහා පමණි. එබැවින් ආකර්ශනය වේ. එම ආකර්ශනය ආදරයට පෙරලාගන්නේ මානවයා පමණි. එසේ ලිංගිකත්වය සඳහා විශේෂයෙන් හොයනු ලබන්නේ පිරිමි සතාය.

🔴 මේ සඳහා පිරිමිහු නොයෙක් අන්දමේ දැල් එළති. නොයෙක් පොරොන්දු දෙති. ඒවාට අසුනොවී තමන්ට සුදුසුම සහකරුවෙක් ගැහැනුන් සොයාගත යුතුය.
හොඳ පිරිමින් අපමණ ඇත. එහෙත් ගැහැනු හොයන්නේ නැත. ලඟට ඇවිත් “ඔයා මට කැමැති ද“ අසන කෙනාට කැමැත්ත පල කරේ. තමන් හොඳ කෙනෙක් සොයා යන්නේ නැත. තේරීමේ උපන් හපන් ඇති ගැහැනු හොඳ පිරිමිත් තෝරා තෝරා ගියා නම් අද විවාහයෙන් පසු දුක් විඳින අය නැති තරම්ම විය හැක.

🔴 බුද්ධ දේශනාව අනුව, (සංයුත්ත නිකාය, මාතුගාම වග්ගය, ආවේණිකදුක්ඛසූත්‍රය) විවාහය වනාහි කාන්තාවට ආවේණික දුක්ඛ 5න් එකකි.

‘‘ඉධ, භික්‌ඛවෙ, මාතුගාමො දහරොව සමානො පතිකුලං ගච්‌ඡති, ඤාතකෙහි විනා හොති. ඉදං, භික්‌ඛවෙ, මාතුගාමස්‌ස පඨමං ආවෙණිකං දුක්‌ඛං,

🔴 (එහෙත් මංගල උත්සව වලට කරන නාස්තිකාර වියදම් දෙස බැලීමේ දී නම් එසේ පෙනේනට නැත.) එහෙයින් ඔවුන් තමන්ට සුදුසු නැතැයි සිතෙන අයෙකු, දෙමාපියන්, නෑදෑයන් යාලුවො නිසා හො මෙතරම් කාලයක් ඇසුරු කළා කියා හෝ දැන් ඉතිං කරන්න දෙයක් නැ කියා හෝ විවාහකර ගත යුතු නැත. හදිස්සියේ විවාහ වන්නන්, නිවී සැනසිල්ලේ දුක්වන්නො බවට පත්වන්නේ ඒ නිසාය.

🔴 පුද්ගලයන් හදාගන්නවා යැයි කියා මාතෘකාවක් නැත. එසේ හදන්නට ‘බිරින්දෑවරු යනු පුනුරුත්ථාපන මධ්‍යස්ථාන නොවේ.“ ඉතාමත්ම කළාතුරකින් බිරිඳ නිසා යහමඟට ආ ස්වාමීන් සිටියත් අතිබහුතරය දුක්විඳමින් සිටි. බොහෝ දුරට ඔවුන් depression සඳහා ප්‍රතිකාර ගන්නා මට්ටමට පැමිණේ.

🔴 ඔබට අවශ්‍ය පුද්ගලයා ප්‍රකෘතියෙන්ම සොයාගන්නවා විනා, පසුව ඔවුන්ගේ ගතිගුණ හුරුපුරුදු වෙනස් කරන්නට ගොස්ම ඔබ වයසට යනු ඇත. පුදගලයන් වෙනස් කරන්නට බැරිය. ඔවුන් ස්වයංව වෙනස් වූවොත් හැර. මෝරපු අතු නමන්ට ගිය විට කැඩීයාම වලක්වා ලිය නොහැක.

(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)

තවත් කෙනෙකුට කියවන්න share කරන්න.

අදහස් දක්වන්න.

තෙරුවන් සරණයි.🙏
Rathanathissa Thero
(හෙරලි.)

20. පිරිසිදුකම

🔴පිරිසිදුකම🔴
=======
“අහ්.. විකුම් මලයා... අප්පේ... දැක්ක කාලයක්...”😲
“අපෙ හාමුදුරුවො...” කමක් නැද්ද මාත් මෙතැන ඉදගත්තාට...”🤔
බොරැල්ලෙන් බසයට නැග්ග මට, ඔහු හමුවූයේ වසර 3ට පමණ පසුව විය යුතුය.
“කමක් නැ කමක් නැ... මල්ලි, ස්ත්රීලිංග නෙවෙයිනේ...” 😀
යැයි මම ඔහුට විහිළුවක් කරමින්, පූජ්ය පක්ෂයට තිබෙන ආසනයේ හිඳගැනීමෙන් වැලකී, ඊට වම්පසින්, ඉදිරිපස දොරට මුහුණලා ඇති ආසනයේ විකුම් මල්ලී සමඟ වාඩිවූයේ පූජ්ය පක්ෂය ආසනයේ මේ වෙලාවට දැඩි අව්රශ්මියක් වැටෙන බව දන්නා හෙයිනි.
“ඉතිං Aquinas යන කාලේ දැක්කට පස්සේ නේද මේ...”🙄
“එහෙමයි අපේ හාමුදුරුවො... අපෙ හාමුදුරුවො නම් දැන් lecturer කෙනෙක් කියලා ආරංචි...”☺️
“එකනේ... මලයා දැන් මොකො කරන්නේ...”🤔
“Japanese course එකක් කරනවා හාමුදුරුවො, මෙහෙ ඉදලා වැඩක් නැ අප්පා...”🙁
ඔහු, ඒතරම් කෙට්ටු කෙනෙක් නොවේ. ඒහෙත් ඔහුත් මාත් ඉදගත් බස් ආසනය, දෙදෙනකුට පමණක් ඉදගත හැකි වුවත්, මැද තවත් කෙනෙකුට ඉදගත හැකිවන සේ ඔහු ඉඩ තබාගෙන අපහසුවෙන් අසුන්ගෙන සිටින බවක් පැහැදිලිව පෙනේ. 🙄
“මොකද මලයා... ඇගෙ ගෑවුනොත් ලෙඩක් බෝ වෙයි කියලාද ඈතින් ඉන්නේ. ?... 🙄
“අනේ නෑ... අපේ හාමුදුරුවො...
අපේ හාමුදුරුවොයි මායි ඉතිං අවුරුදු කීයක් Aquinas canteen එකේ තේ බීපු අයනෙ“👏
මා ඔහුව කලක් දන්නා පරිද, ඔහුගේ මුහුණෙ මීට වඩා එළියක්, සිනහවක් නිතර ඇදී තිබුණි. අද එය අතුරුදන්ව ඇති සෙයක් දක්නට ලැබේ.
“අපේ හාමුදුරුවො... මං ගාව දාඩිය ගඳ ද?”
ඔහු එකවර ඇසු ප්රශ්නයෙන් මට මුවට සිනාවක් නැගුණි. 😀
“පිස්සු ද කොල්ලො... ඔය එන්නේ හොඳ scent සුවඳක්...”
“එහෙනම්... කට ගඳක් ?”😲
“මොකද මලයො... මේ... කවදාවත් නැතුව... නෑ... එහෙම එකක් නැ...”🙁
ඉන්පසු හරිබරි ගැසී ඉදගත් ඔහුගෙන් මම නැවතත් මෙසේ ඇසීමී.
“මලයා... මොකද වුනේ කියන්න... මූණත් ඇදවෙලා වාගේ...”🙄
ඔහුගේ මුහුණ ඇඩුම් එමට තරම් කළු වී ඇත. නිහඩව විනාඩි කීපයක් සිටි ඔහු,
“අද මගෙ love එකට, bye කීවා හාමුදුරුවො...” යැයි කියා ඔහු ජනේලයෙන් ඉවත බලාගත්තේය.😢
ඔහු විසින් මනසේ, දැඩි වේදනාවක් හිරකරගෙන ඇති බව මුහුණින් දක්නට ලැබිණි. ‘පියෙහි විප්පයොගො’-‘ප්රියයන්ගෙන් වෙන්වීම’ ලොව ඇති ප්රබලම දුකකි. වේදනාවකි. 😢
මෙය ප්රශ්නයක් කතා කිරීමට හැකි තැනක් නොවේ. හැකී සෑම විටකම තවත් මනුෂ්යයෙකු වෙනුවෙන් කාලය කැපකිරීම උතුම්ම කියාවකි. ‘පරත්ථං පටිපජ්ජථ’ 😊
“මල්ලි... කාලෙකින්නේ හම්බුනේ... අර ඉස්සරහා juice bar එකෙන් මොනවාහරි බොමු ද” යනුවෙන් කියා මා ඉස්සරවුයේ... ඔහුප්රතික්ෂේප කරන්නටත් පෙරය.
දැඩි අවුරස්නය සහිත මේ වේලෙහි A.C කරන ලද juice bar එක, කථාවට අපූරු තැනකි. එක් යුවලක් ඇරුනුකොට වෙනත් කවුරුත් නොමැති වීම කතාවට තවත් සහනයකි. ඕනෑම ගැටලුවක් කතා බහ කිරීමට, සුදුසු පරිසරයක්, වෙලාවක්, තැනක් නිදහසක් තිබීම, මූලික කාරණයකි. බොහෝ ගැටලු දුරදිග යන්නේ, සුදුසු නැති තැන කතා කරන්නට යාමෙනි.🙁
“ඉතිං... මල්ලි...”
“අවුරුද්දට වැඩිය ආශ්රය කරා හාමුදුරුවො... අද නැවැත්තුවා... එපා වෙනවා... එයාගේ ඕනිවට වඩා තියෙන පිරිසිදුකම...”🙁
වාන් දොරටුව හැරියාක් මෙන් ඔහු තමන්ගේ වේදනාව එළියට දාන්නට විය. ගැහැණු-පිරිමි බේදයකින් තොරව, තමන්ට විශ්වාසී කෙනෙක් මුණගැසුණු විට අභ්යන්තර ප්රශ්න එලියට දැමීමට, ඉන් සහනයක් ලැබීමට සැමදෙනාම කැමතිය.
චීවරය යනු ඒ විශ්වාසය පමණටත් අධිකව ගෙන එන දෙයකි. යාළුකම ඊට තවත් රුකුළකි. 😊
“මට තේරෙන්නෑ මල්ලි, මුල ඉදලා කියමු ද?”
“මම Japanese course එක කරද්දි තමයි ඒයාව හම්බුනේ... එයා, සකුරාමලක් වාගේ ලස්සනට පිළිවෙලට හිටියා හැමදාම...”මම එයාගේ ගොඩක් කැමැති වුනේ.එයාගෙ තියෙන පිළිවෙල පිරිසිදුකම නිසා”☺️
“එයා නිතරම අත් හෝදන කෙනෙක්... කොයි වෙලෙත් අතේ ලෙන්සුවක් තියාගෙන අත පිහදානවා... අතට දාඩිය දානවා කියලා...“
“යාලුවෙච්චි අලුත එයා කැමැති වුනේ නැ මම එයාගේ අතින් අල්ලනවාට...“ 🙄
“මම ඉතිං හිතුවේ ඒක එයාගේ හැටි වෙන්නැති කියලා... එයා එයාගේ අම්මා එක්ක ඔක්කම කියන නිසා, මට එන්න කියලා තිබ්බා එයාගේ ගෙදර...“
“එයාගේ අම්මා මට විස්තරය කීවා, එයා අධිකව පිරිසිදුකම ගැන හිතන කෙනෙක්... කාමරය උනත් හරිම පිරිසිදුයි...“ ගෙදර හරියට රණ්ඩුකරනවා කිවා... පිළිවෙල නැතිවුනොත්...😲
“හූණු බෙට්ටක් එයාගේ කාමරේ තිබුණොත්...
මුළු කාමරයම mop කරන ජාතියේ කෙනෙක් කියලා... අම්මා කිවේ... “ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න... කරදරයක් කියලා හිතලා දාලා යන්න එපා කියලා...“🙁
“ඊට පස්සේ තමයි මම දැනගත්තේ... මට කලින්, දෙන්නෙක්ම... එයාගේ මේ අනවශ්ය පිරිසිදුකම නිසා එයා එක්ක ඉන්න බැරිව දාලා ගිහිල්ලා කියලා...“
“මම එයාගේ කාමරයට ගිහිල්ලා ඉදගෙන හිටියේ එයාගේ ඇඳ උඩ. මම නැගිටලා එලියට එනකොට... එයා මුළු ඇඳම, එක රැල්ලවක් නැතිවෙන්න ආයේ හැදුවා...“ ඒක පිරිසිදුකම පිළිවළද ලෙඩක් ද කියලා හිතන්න බැ...
🙁
“හරිම කරුණාවන්ත කෙනෙක්... අනවශ්ය කිසිම දේකින් හිත රිද්දන්නෑ... සැක කරන පුරුදු... තරහා වෙන දේවල් මා එක්ක තිබිලා නැ...
“මට එපා වෙන්න ගත්තේ... අපි කට්ටිය trip එකක් ගියපු දාක...
මෙයා යන්න බෑම කීවා.
හේතුව විදිහට කිවේ ඒවාගේ ගිහිල්ලා ඒ තියෙන toilet වලට යන්න බැ කියලා..“
ඇත්තටම මෙයා හරියට වතුරවත් බීවේ නැ... උදේ ගියපු ගමන රෑවෙලා ගෙදර, එයාගේ toilet එකට යනකල්ම හිටියා...“ 🙄
“එදා නම් මට මෙයා එක්ක ජිවිතයක් නැ... කියලා මම අයින් වෙලා හිටියත්... පහුගිය දවසක නැවත යාලුවෙලා...අද මේ film hall එකකට ගිහිල්ලා එනගමන්...“🙁
“එත් හාමුදුරුවො විශ්වාස කරනවාද අවුරුද්දක් ගිහිල්ල... තවම එක kiss එකක් දීලා නැ...“ 🤐
“අද මම ඒක කීවාම... බොහෝම කැතට අප්රසන්න විදිහට තමයි හැසිරුණෙ...“ එයා කියනවා ඒවා නොකර ඇසුරු කරන්න බැරි ද කියලා...“
“අපි ගැන ගෙවල් වලිනුත් දන්නවා...“ අපි එකටමයි ජපන් යන්නත් ඉන්නේ... ඒ තියෙද්දි තවත් මොනවද තියෙන අවිශ්වාසය කියලා...
“මම අද එයාව cab එකකට දාලා... ආයේ මට කතා කරන්න එපා. මේක ඉවරයි කියලා පිටත් වෙලා ආවේ...“🤐
“එහෙම ඉද්දි තමයි හාමුදුරුවො bus එකේදි හම්බුනේ...“
ඔහු එක හුස්මට කියාගෙන ගියේ වාං දොරටු හැරියා සේය. හිතේ විශාල බරක් හෑල්ලු කරාක් මෙන් ලොකු සුසුමක්ද පිට කළ ඔහු මගේ මූණ දිහා බැලුවේ... මගේ අදහස විමසන්නටය.
“මල්ලි... මේක පිටින් ඉඳන් බලනකොට... අධික පිරිසිදුකම විදිහට පෙනුනට... මෙක උපදේශනයට යොමුවිය යුතු කාරණයක්... ඕකට කියන්නේ O.C.D කියලා... සිංහලෙන් ග්රස්තිය කියලත් කියනවා...🤔
“මම කියන නිසා... සම්බන්ධය නවත්තන්න හදිස්සි නොවී... මම phone number එකක් දෙන්නම්... ඒ ආයතනයට ගිහිල්ලා කතා කරලා ඉන්න...“ 😊
එයා හිතන්න කැමැති නැතුව ඇති ඒක රෝගයක් කියලා... නමුත් ඔයා කීවොත් ඒවි... ඔයාට තියෙන ආදරයට...
“හරි මම යනගමන් දෙන්නම් number එකයි විස්තරෙයි. “ අන්න තව 154ක් එනවා...“ අපි යමු එහෙනම්...“🚌
===================
🔴 O.C.D (Obsessive-Compulsive Disorder) හෙවත් ග්රස්තිය යනු ප්රතිකාර සහිත රෝගී තත්ත්වයකි.
🔴 කරදරකාරී සිතුවිලි වලින් යුක්තවීම එක් රෝග ලක්ෂණයක් ලෙස දැක්විය හැක. එනම්, චිත්තරූප මැවීම, විෂබීජවලට ඇති බිය වැනි දෑය.
🔴 ඒ හේතුවෙන් දිගින් දිගටම පවතින අත්නොහැරිය හැකි චර්යා ඇතිවීම ඊළඟ තත්වය වේ. ඉහත වැනි කරදර කාරී සිතුවිලි වලින් මිදීම සඳහා තාවකාලික පිළියම් යොදනු ලැබේ. උදා- විෂබීජවලින් මිදීමට යැයි සිතා නිතර නිතර අත සේදීම, කාමර අතුපතු ගෑම mop කිරීම දැක්විය හැක.
🔴 එමෙන්ම, එම කරදරකාරී සිතුවිලි වලින් මිදීම සදහා නොයෙක් උපක්රම ද භාවිත කරේ. විෂබීජ පවතනි හෙයින්, පොදු වැසිකලි හො හොටෙල්වල වැසිකිලි ආදි කිසිවක් භාවිත නොකර ගෙදරම වැසිකිලිය භාවිත කරන හෙයින්, දිනකට වැඩි ගමන් බිමින් වලින් ද වැලකීසිටිම දැක්විය හැක.
🔴 එතෙකුදුවුවත්, මෙම ක්රමවේදය සාමන්ය දෛනික චර්යාවට අතිශයින්ම බාධාපමුණුවන හෙයින්, නිතර මානසික පීඩනයෙන් යුක්තව ගත කරේ.
🔴 බුද්ධභාෂිතය අනුව, වැඩියෙන්ම ලෙඩ වන්නේ ගත නොවේ මනසය. බුදුදහම යනු මානසික ලෙඩට ඔසු සපයන දහමකි. එබැවින් පළමුකොටම, කය මෙන්ම මනස ද ලෙඩ වන බවත්, කය බෙහෙත් ගැනීමෙන් සුව වන්නා සේම, මනස ද බෙහෙත් ගැනීමෙන් වෘත්තීය මය උපදෙශකයන් හා මනො වෛද්ය වරු මුණගැසීමෙන් සුව වන බවද විශ්වාස කළ යුතුය.
🔴 එනම් බෙහෙත් මඟින් කය සේම මනස ද සුවපත් කළ හැකි බවය.
(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏
Rathanathissa Thero
(හෙරලි.)

Tuesday, October 1, 2019

19. සතුට.





🔴සතුට.🔴
====
“හාමුදුරුවනේ... මහන්සි පාටයි වාගේ...“

“අහ්... ගුණවර්ධන නෝනා...“ ම්ම්ම් ඔව් ඉතිං... හැන්දෑවෙනකොට ඇගට මහන්සිනේ නෝනා...“

රාජ්‍ය අංශයක ඉහළ තනතුරක් දරා, විශාම සුවයෙන් පසුවන ගුණවර්ධන නෝනාමහත්මිය විහාරස්ථානයට ලෙංගතු අයෙකි.
මාස 6ට පමණ ඉහතදී ඇගේ ස්වාමි පුරුෂයා මෙලොව හැර ගියේය. සිටින එකම දරුවාද විදේශ් රටක පදිංචිව සිටී. පැරණි සේවිකාවක් සමඟ මෙහි වසන ඇය, සන්ද්‍යාභාගයෙහි තම සුරතල් දඩෝරියා සමඟ ව්‍යායාම පිණිස පාරේ ගමන් කිරීම සුපුරුදු දසුනකි. 🚲
අද මා හට ඇය හමුවූයේ ඇගේ නිවස ඉදිරියෙන් ය.

“දැන් ඉතිං කොහොමද, ඔබවහන්සේගේ lecturing වැඩකටයුතු“...

පාරේ සිටම විස්තර කථා කරන්නට පටන් ගත් අතර මිනිත්තුවක් යාමටත් මත්තෙන්...

“අනේ... ඔහොම පාරේ හිටගෙනම කතා කරන එක හරි නැ. වඩින්නකො ගෙට, ගිලන්පස එකක් වළඳලා හෙමීට වඩින්න...
යැයි කියමින් ඇය, “සෝමා...“ යනුවෙන් තම සේවිකාවට හඬගෑවාය. 🙄

ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නටත් පෙරම... ඇය තම සුරතලා කැටුව නිවෙස දෙසට ගමන් කළ අතර, ඉන් හැඟවූයේ මා එහි යා යුතුම බවය.

වයස් ගත උදවියට ප්‍රිය සම්භාෂණයක තිබෙන ඕනෑ කම මා උපදේශනය උගැනීමෙන් දනිමි.
මහත්තයාගේ අභාවයෙන් පසු ඇයට කතාවටවත් කෙනෙක් නැතුවා විය හැක. හිතේ වේදනාවන් ද ඇතැයි සිතමි. එහෙයින් ගමේ පංසලේ හිමිනමක් ලෙස, ඇය සමඟ පිළිසඳරක යෙදීම මාගේ යුතුකමක් යැයි සිතුවෙමි.
මනාව සකසුරුවම් කොට ඇති ඇගේ මිදුල ප්‍රිය එළවන තැනකි. අප විහාරස්ථානයට ඇගේ නිවස අමුතු තැනක්ද නොවේ.

“නෝනා... ඇතුළට යන්න ඕනි නෑ, මේ අඹගහ ගාව තියෙන බංකුව අපූරුයිනේ...“ මම කීවෙමි.🌄

“ලැසී .. ඉඳගන්න“ යනුවෙන් බල්ලාට අණකළ ඇය, ඇතුළට දුව ගොස් සුදු රෙද්දක් ගෙනැවිත් කොන්ක්‍රීට් බංකුව මත එලා ඇය ඊට යාබද බංකුවට බර විය.

“නෝනාට පාළු ඇති... “ මා එසේ කතාවට ආරම්භය ගතිමි.
‘ප්‍රියෙහි විප්පයෝගො දුක්ඛො‘ යන්න දැන් ඇයට දැනෙනවා විය යුතුය.
ඒ සමඟම ලැසී දුවගෙන විත්, ඇයගේ ඔඩොක්කුවට පැන වාඩි විය.

“ පාළු නම් තමයි හාමුදුරුවනේ,... එත්, මෙන්න මෙයා එක්ක ඉද්දි කිසිම පාළුවක් නැ. මෙයාට කතා කරන්න බැරිවුනාට කතා කරන දේවල් තේරෙනවා වාගේ අහගෙන ඉන්නවා...“

ලැසීගේ මුහුණ ඉඹින ගමන් ඇය කියාගෙන ගියාය. 🐕
ලැසී ඇයගේ මූණ බලා ආදරණීය බිරුමක් නිකුත් කළේ ඒ කියූ වදන් තේරුණාක් මෙනි.

“අපි ගොඩක් වෙලාවට සතුටු හොයන්නේ තව මනුස්සයෙක්ගෙන්නේ හාමුදුරුවනේ...
එත් මිනිස්සු උදේ එක විදිහක් හවසට තවත් විදිහක්. ඒ වෙනස් වීම අපට දරාගන්න පුළුවන් කමක් නැ...
“මේවා ඉතිං මට වඩා, උපදේශනය ගැන කතා කරන, ඔබවහන්සේ දන්නවානේ...“☺️

“ම්ම්ම්ම... මම ඇයට කතා කරන්නට ඉඩහැර හූමිටි තැඹීමි.

“ගෑනු විදිහට අපි, තවත් පිරිමියෙක් ගෙන් සතුට හොයනවා. එයාව අපට ඕනි විදිහට තියාගන්න අපි නොයෙක් දේවල් කරනවා...
එයාට ඕනි විදිහට අපේ ජිවිතයේ දේවල් වෙනස් කරගන්නවා.
කොන්ඩේ කපනවා, බදිනවා, ලෙහනවා, දික් කරනවා...
ලස්සන වෙන්න උත්සහ කරනවා, gym යනවා, හොද කෑම හදනවා...
නැත්තං අපි එයාට නීති දානවා... එයාට බනිනනවා, එයාගේ පස්සේ හබා යනවා, එයාගේ phone check කරනවා... එයාගෙන් හරස් ප්‍රශ්න අහනවා...''🙁

“මේ කොයි දේ උනත් හාමුදුරුවනේ වේදනාවක්...
තව කෙනෙක්ගෙන් පාළුව මකාගන්න හදන එක,
තව කෙනෙක් ගෙන් ආදරය හොයන එක,
තව කෙනෙක්ගෙන් ආරක්ෂාව හොයන එක, මේවා මහ වේදනාවක්...“😢

“ඇයි එහෙම වේදනාවක් කියන්නේ...“

“එකක් තමයි හාමුදුරුවනේ...
අපි ආදරය කරන අය අපටම ආදරය කරන්න ඕනි කියලා නීතයකුත් නෑනේ...
එයාලගේ සතුටත් තියෙන්න එපැයි...
එයාලට ජිවිතයක් තියෙනවා...
අපි ඉතිං එයාලට ආදරය කරා කියලා එයාල අපි ගාවම තියාගන්න ඕනි කියලා අපට හිත්නන අයිතියක් නෑනේ. කොහේ හරි හොදින් හිටියාම මොකද?“

ඇගේ ඒ වාක්‍ය සමඟ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන “ඔබ කොතැන හිටියම මොකද, නුඹ ඉන්න බව මම දන්නවා “ යන ගී පදය මා හට මතක් විය. 🎶

“නෝනා ඔය කියන්නේ දුව ගැන ද“🤔

“.හුම්... ඇය සුසුමක් හෙළා ඔව් යැයි හිස වැනුවාය.

“අපට කාගෙන්වත් බලෙන් ආදරයක් ලබාගන්න බෑනේ හාමුදුරුවනේ...
අපට වයසට ගියාම සලකයි කියලා හිතලා නෙවෙයිනේ අපි, ළමයින්ට ආදරය කරේ...
යමක් බලාගෙන කරන දේවල් ගනුදෙනු විතරයි හාමුදුරුවනේ...
ආදරය කියන්නේ යමක් ලැබෙයි කියලා බලාගෙන කරන දෙයක් නෙවෙයි...“
නෝනාගේ කතා තුළ යම් බරක් ඇතැයි මා සිතුවෙිමි.🙁

“මහත්තයා උනත් මෙච්චර කලින් මාව දාලා යයි කියලා මම හිතුවේ නෑනේ හාමුදුරුවනේ...“
''දුවගාවට එන්න කියලා මට බල කරත්, මම කැමැති නැ ඒ රටවලට ගිහිල්ලා නුපුරුදු දේශයක ගෙවල් ඇතුළට වෙලා ජිවත් වෙන්න“

වයස්ගත මව් පියන්ට තමන් කාලයක් හැදුනු ගම්බිමි අසල්වාසීන් හැරදාම, සීත රටක, ගෙයක් ඇතුළට වෙලා දිවි ගෙවීම අසීරු කාර්යයක් බව මා අසා ඇත්තෙමි. දරුවන්ගේ සිතුවිලි හා මව්පියන්ගේ සිතුවිලි වෙනස්ය.

“ඉතිං ඔව්වා ස්වභාවික දේවල්නේ හාමුදුරුවනේ... බැඳම් කියන වචනත් එක්ක “බිඳීම්“ කියන වචනත් එනවා... ඒක දැනගෙන ජීවත් වෙන්න ඕනි...“

“මහත්තයා ඉන්න කාලේ උනත්...
එයා එච්චර කතාවට බර කෙනෙක් නෙවෙයි... ඇත්තටම කතා නොකරන තරම්...“🤐

“ඉතිං නෝනා පිරිමි කියන්නේ එහෙමනේ... වැඩිය කතා බහක් නෑනේ. ආකර්ෂණය රැදුනු ගෑනු පරාණයක් ගාව මොන තරම් කියෙව්වත් පිරිමි කියන්නේ බහුතරයක් නිහඩ කොටසක්...“🤐

“ඒක තමයි හාමුදුරුවනේ... ඇත්තටම කසාද බඳින්න සුදුසු, නිතර කියවන වචාල පිරිමියක් මිස, මූණ පුරා රැවුල් වවාගත්, අඩි 6-7ක් උස පෞරෂවත් පිරිමි නෙවෙයි. හොද පෞර්ෂවත් පෙනුමක් තියෙන පිරිමි හොදයි, පාරේ එක්ක යන්නයි wedding photo එකටයි...“😀

මට නැඟුණු හීන් හිනාවත් සමඟ “ඒ මොකො නෝනා එහෙම කීවේ“ යනුවෙන් ඇසීමි.

“නෑ හාමුදුරුවනේ... ආදරය කරන කාලේ පෞර්ෂවත් පිරිමියෙක් හොදයි,
එත් විවාහ වුනාට ප්සසේ අපට ඕනි,
හැන්දෑවට උයන වෙලාවට, පොල් ගෙඩියක් ගාලා දෙන පිරිමියෙක්,“ 🙄

“රෙදි ටික හොදලා ඉවර වුනාම, වැලට ගෙනිහිල්ලා දාන, වැස්සට කලින් ගෙට ගන්නා පිරිමියෙක්,“ 🙄

හැන්දෑවට වැඩ ඇරිලා ආවාම, දවසේ මොනවා හරි ඕපයක් ඇදගෙන, පොඩි සංවාදයක් ගොඩ නඟාගන්නා පිරිමියෙක්“🙄

“ලෙඩක් දුකක් හැඳුනාම, බතක් සම්බෝලයක් හදල කන්න දෙන්න පුළුවන් පිරිමියෙක්“🙄

“අතපයක් උස්සගන්න බැරි තරම් ලෙඩක් වුනොත්, ඇදුමක් හොදලා වනන පිරිමියෙක්“🙄

“මාසිකව ලෙඩ උනාම, “අනේ බබා ඔව්වා ඔහොම තමයි කියලා ලඟ ඉදන් ඔලුව අතගාන පිරිමියෙක්...🙄

“ලමයින්ට හැන්දෑවට පාඩමක් කියලා දෙන්න වෙලාව තියෙන පිරිමියෙක්...🙄

“සති අන්තයට චිත්‍රපටියක් බලන්න එක යන පිරිමියෙක්...🙄

“ඇදුමක් දෙකක් තෝරනකම් වරුවක් කන්කෙඳිරි ගාන්නේ නැති පිරිමියෙක්...🙄

“කොටින්ම මට ඕනි උනේ මම පාරිපාලන ලියන කාලේ, මට තේ එකක් හදලා දීලා “බබා ඔයා හොදට පාඩම් කරන්න“ කියලා කියන පිරිමියෙක්...🙄

“එත් හාමුදුරුවනේ... එහෙම පිරිමි නැ... ගෑනු අපි හොයන්නේ හොදට මුහුණ පුරා රැවුල් වාවාගත්තු, විශාල උරහිස් සහිත පෞර්ෂවත් පිරිමි. ඉතිං උන්ට ගලවපු සරමවත් අකුලලා තියන්න පුරුද්දක් නැ... 🙄

අපි නිකමටවත් හිතන් නැ... අපට ආකර්ෂණය හිතෙන ඒ පිරිමියා, තවත් ගෑනියෙක්ටත් ආකර්ෂණය වෙනවා නේද කියලා...
ඉතිං තවත් ඇහැට කනට පේන ගෑනියෙක් අපේ කෙනා දිහා හැරිලා බැලුවත් අපි ඉන්නේ තරහින්...😀
යනුවෙන් කියා ඇය සිනාසුනාය.

මට ද සිනාවක් නැඟුණි.

“ ඔව් හාමුදුරුවනේ... කසාදයට හරියන්නේ... භාග පිරිමි.“

“මොකද්ද භාග පිරිමි කීවේ?“ මම විශ්මයෙන් ඇසුවෙමි. 🤔

“භාග පිරිමි කීවේ, පෙනුමෙන් පිරිමියෙක් උනත් ගැහැනු හිතක් ඇති පිරිමියෙක්... හරියට අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා වල ඉන්නවා වාගේ පිරිමි... 😀

“ඇත්තටම හාමුදුරුවනේ... එතකොට නම් ලස්සනයි ජිවිතය යැයි කියා ඇය සිනාසුනේය.

එම කාරණයද සිතාබැලූ කල ඇත්ත නේදැයි මට වැටහිණි.
ඒ සමඟ ඇගේ මෙහෙකාරිය විසින් ගෙනා කිරි- තේ කෝප්පය, ඈ විසින් නැඟිට, ලබාගෙන, ඔබවහන්සේට සීනි ප්‍රශ්නයක් නෑ නේදැයි කියමින් පිළිගැන්වූවාය.
“එතකොට දැන් කොහොමද ඔය දේවල් වට adjust වුනේ... “ මම ඇසීමි.

“හරි ලේසි හාමුදුරුවනේ...“ මේ ඉන්නේ මගෙ “සතුට“ යනුවෙන් කියා... ඇගේ තේ කෝපයෙන් භාගයක් පීරිසියට දමා පිඹ, ලැසීට බොන්නට බිම තැඹුවාය. 🐕

ලැසී, නැට්ට ගසමින් කිට්ටු වෙන විට, “තවම උණුයි...“ ඇය හඩනඟා කීවාය.
කීව දෙය තේරණාක් මෙන් නැවත ලැසී, ඇගේ ඔඩොක්කුවට පැන්නාය.

“අපි සතුට හොයන්න ඕනි නැ හාමුදුරුවනේ මිනිස්සුන්ගෙන්ම. ඒක එයාලට වදයක්. අපටත් වදයක්. මිනිස්සු කියන්නේ හරිම ඉක්මනින් වෙනස්වන ජාතියක්. මෙයාලා එහෙම නෑ. 🐕

“ඇත්තටම මෙයාගේ තියෙන එකම වැඩේ දවස පුරාවටම මගේ පස්සේ දුවන එක, මට කතා කරන්න හිතුනාම, දුකක් හිතුනාම මම මෙයා එක්ක කතා කරනවා... මම පොතක් බලන වෙලාවට, මෙයා ලඟට වෙලා හැලහොල්මනක් නැතුව ඉන්නවා...“

“කොටින්ම රෑට නිදගන්නෙත් මගේ ඇදේ...“

“ඇත්තටම හාමුදුරුවනේ මෙයා සෙල්ලටම හරි බරයි... මෙයා එක්ක මට පැය දෙක තුන ගෙවිලා යනවා තේරෙන්නේම නැ... 🐕🚲

“ඉතිං හාමුදුරුවො ඇහුවෙ... දුකට කොහොමද adjust වුනේ කියලානේ... හාමුදුරුවො අනික් අයටත් කියන්න,
බල්ලෙක් හො පූසෙක් හදන්න කියලා. බල්ලො නම් පූසන්ට වඩා ලොයල් නිසා... මම කැමැති බව්වන්ට... මම හිතාගෙන ඉන්නේ තවත් කෙනෙක් හදාගන්න...

“නිතර තරහින් කෝපයෙන් දුකින් ඉන්නවාට වඩා 100% ප්‍රතිඵල තියෙන වැඩක් හාමුදුරුවනේ මේක. හිත නිවෙනවා. අනික තිරිසන් සතෙකුට කන්න බොන්න දෙන එකත් පිනක්නේ...“

“හිතනේ හාමුදුරුවෙන් සතුටින් තියෙන්න ඕනි...
ඉතිං මෙයාලා එක්කත් ඒ විදිහට සතුටු වෙන්න පුළුවන්... කතා කරන්න පුළුවන්... ඇවිදින්න පුළුවන්... සෙල්ලම් කරන්න පුළුවන්... එදිනෙදා තියෙන වැඩ ටික කරාට පස්සේ ටයිම් පාස් කරන්න කවුරුත් ඕනි නැ හාමුදුරුවනේ...

''පාළුවට කවුරුත් ඕනිත් නැ... බලුරාළ කෙනෙක් හිටියාම ඇති කියා..“ ඈ තේ පිරිසිය ගාවින් ලැසියා තැඹුවාය.🐕

“නෝනාගෙන් අපූරු පාඩමක් මං අද ඉගෙනගත්තා ඇත්තටම ඒක අපූරුයි තමයි...“ කියමින් මා යන්නට නැගිට්ටේය.

මා හට නමස්කාර කළ ඇය, මා ඇරළවන්නට ගේට්ටුව දෙසට, මා සමඟ ගමන් කරන්නට වුවාය.
ලැසී, තේ බීම පැත්තක දමා, ඇයගේ පසුපසින් එනු දුටු මා හට සිතුනේ... පාළුවට පිළියම්,ගැහැණු - පිරිමින් තුළින්ම සෙවිය යුතු නැති බවය. 🐕🐕

තවත් කෙනෙකුට කියවන්න share කරන්න

අදහස් කියාගෙන යන්න.

තෙරුවන් සරණයි.🙏
(හෙරලි.)

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...