Saturday, June 20, 2020



32.🔴අ+වාසනාව🔴
======
“පොඩි කාරණාවක් දැනගන්න තමයි හාමුදුරුවන්ට msg කරේ.“ ඇය කීවාය.🤔
“මොකද්ද මහත්මිය කියන්න. උපදේශනය සම්බන්ධව ද? දන්නා දෙයක් නම් කියලා දෙන්නම්, මුලින් මහත්මිය ගැන පොඩි විස්තරයක් කියන්නකො“. 😊
“හාමුදුරුවනේ මම ඉන්නේ ලංකාවේ නෙමේ ... මගේ නංගිවත් මම මෙහෙට ගෙන්නා ගත්තා, අපි දෙන්නා පොඩි කාලේ ඉඳලා හුඟාක් එකතුයි. දැන් ඉන්නේ මමයි, මගේ මහත්තයි, පුතයි විතරයි මේ ගෙදර“ 🙂
“එතකොට නංගි? “ මම ඇසුවෙමි. 🤔
“නංගි ගැන තමයි මේ ගැටලුව...
නංගී, දැන් බැදලා අවුරුද්දක් විතර වෙනවා... එයත් මෙහෙම වෙනත් city එකක තමයි ජීවත් වෙන්නේ...“
“ම්ම්ම්... ගැටලුවට මුල ඉදලා කීවානම් මට පහසුයි මහත්මිය...“🤔
“මම නංගිව ගෙන්නා ගත්තාට පස්සේ අපේ මහත්තයාගේ business පාඩු වෙන්න ගත්තා...
එයා කේන්දර ජොතිශ්ය වාගේ දේවල් විශ්වාස කරන කෙනෙක්. එයා කියන්න ගත්තේ නංගි නිසා මේ ගෙදරට හරියන්නෑ කියන කතාව. මොකද නංගිගේ කේන්දරෙත්, එයාට හුඟක් අපල කාලයක් තියෙන බව අපි හැමෝම දන්නා දෙයක්.“😔
“හාමුදුරුවො කේන්දර විශ්වාස කරනවාද?“ ඇය අසුවාය🤔
“අහ් ඉතිං... මම නම් එතරම් ජොතිශ්ය දේවල් විශ්වාස කරන්නෑ... හරි කියන්නකො“🙄
“ඉතිං හාමුදුරුවනේ... නිතර කන්කෙදිරි ගාන්න පටන් ගත්තා, නංගිගේ අවාසනාව නිසා එයාට business පාඩු වෙනවා, ඒයා මේ ගෙදර ඉන්න එකෙන්, ගෙදරට අවාසනාව ගේනවා කියලා. මාත් එක්ක නිතර රංඩු කරන්න ගත්තා එයාව වෙන කොහේ හරි පදිංචිකරන්න කියලා“🤨
“ම්ම්ම් ඊට පස්සේ“
“නංගි මෙහෙ රස්සාවක් කරනවා. ඊට පස්සේ ඒයාම මේ දේවල් දැනගෙන අපෙන් අයින් වෙලා පදිංචි වුනා...
හරි පුදුම වැඩේ කියන්නේ...
අපේ මහත්තයාගේ කන්කෙඳිරිය නතර වුනා... එයා කීවේ business හොදයි කියලා... දැන්. ඇත්තද බොරු ද කියන්න මම දන්නෑ. මම ඒ දේවල් ගැන හොයන කෙනෙක් නෙවෙයි.“🙄
“නංගිගේ තත්ත්වය කොහොමද?“🤔
“නංගිට ඊට පස්සේ, මම තවත් ලංකාවේ කෙනෙකුට මුණගස්වලා බන්දලා දුන්නා... ඒක අක්කා විදිහට මගේ යුතුකම නිසා...“😊
“ඒ බැදපු කෙනා නම් ආයතනයක රස්සාවක් කරන කෙනෙක් නිසා, business පාඩු වෙනවා වාගේ කතා කියන්නෑ... ඒත් එයාලා බැදපු ගමන්ම දරුවෙක් හදන්න තමයි plan කරලා තිබ්බේ. මොකද ඒ Boy ටිකක් වයස නිසා.“😶
“ඉතිං දැන් එයාට තවම දරුවො... ඒ boy නිතර අපිට party වලදි මුණ ගැහුනු කෙනෙක්. ඒ නිසා අපේ මහත්තයාගෙත් හොදම යාලුවෙක්. ඒයා ජෝතිශ්ය වාගේ එව්වා පිළිගන්නේ නැ. එත් අපේ මහත්තයා කියලා තියෙනවා අපේ නංගි හරිම අවසනා වන්තයි, සමහරවිට දරුවො නැතිව ඇති කියලා...“🤐
“අපොයි ඉතිං...“😮
“ඉතිං... අපේ නංගි මට දවස් දෙකතුනකට උඩින්, කතා කරලා තමයි මේක කීවේ. එයාලා අතර රංඩුවක් වුනාලු, එතනදී කීවලු
“උඹෙ තියෙන මූසලකමට තමයි අපිට තවම දරුවො නැත්තේ කියලා“😮
“අහ්... ඒ කට්ටිය වෛද්යවරු මුණගැහිලා තියෙනවාද?“🙄
“එහෙමයි. එයාලා කියලා තියෙනවා දෙන්නාගෙම ගැටලුවක් නෑ කියලා. ඉතිං අපේ නංගිත් මෙහෙ තියෙන පංසල් ආදී ඔක්කටම යනවා... බෝධිපුජා කරනවා. එත් සැනසීමක් නැ හාමුදුරුවනේ එයාට.“
“මට බය එයාගේ පවුල කැඩෙයි ද කියලා“😐
“මහත්මිය ඒ ප්රශ්නෙට මැදිහත් වෙන්න ගියාද?“🤨
“මම ඒ දේවල් වලට direct සම්බ්න්ධ නැ හාමුදුරුවනේ. නංගිත් එක්ක වැඩිය ඇයි හොදයි කම් තියාගන්නවාට මහත්තයා කැමැති නැ. මොකද මම එච්චර උගත් කෙනෙක් නෙවෙයි, මහත්තයා කසාද බැදපු නිසා තමයි, මම මෙහෙට ආවේ. ඉතිං මම ගෙදරට වෙලා එයාගේ වැඩත්, බබාගේ වැඩත් කරගෙන ඉන්න අසරණ ගැහැණියක්. මට රස්සාවක් කරන්නවත් ඒයා ඉඩ දෙන්නෑ. ඉතිං එයාට ඉහලින් යන්න පුළුවන් කමක් නෑ මට. “ ඇය කීවාය.🙄
“ම්ම්ම්... එහෙම ජීවිත ගොඩක් තියෙනවා“
“නමුත් මට කිසි අඩුවක් නැ. බොහොම සැපට මම ඉන්නවා. මහත්තයා නරක ගතිගුණ තියෙන කෙනෙකුත් නෙවෙයි. හාමුදුරුවො හිතන්නෙ කොහොමද කෙනෙකුගේ අවාසනාව තව කෙනෙකුට බලපාන්න පුළුවන් ද?“😐
“ඔය ප්රශ්නය ආකාර කීපයකින් අපි බලන්න ඕනි.“
🔴1. කේන්දර මත විශ්වාසය තියලා කොහොමද අපි කෙනෙක්ව, අවාසනාවන්තයෙක් විදිහට නම් කරන්නේ කියන එක. ඒක ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නේද? ඒක අපේ විශ්වාසයේ තරම.
🔴2. අනික මහත්තයාගේ business පාඩු වෙන්න හේතුව, නංගිගේ පැමිණීම ද කියන්න පුළුවන් කමක් නෑ. වෙනත් කාරණා වෙන්නත් පුළුවන්. අපි ජාතියක් විදිහට හරි කැමැතිනේ, අපේ වැරදි වලට හේතුව ලෙස තවත් කෙනෙකුට චෝදනා කරන්න. උදාහරණයක් විදිහ අපි හැමදාම පාලකයන්ට බනිනවා අපේ රට හදන්නෑ කියලා. එත් සිරීපාදේ තියෙන කුණු ටික දැක්කාම පේනවා අපිත් ඒ ගොඩෙම තමයි කියලා.
🔴3. නංගිට දරුවන් නොලැබෙන්න වෛද්ය වරුන්ට අහුනොවන හේතුත් තියෙන්න පුළුවන්. වෛද්ය විද්යාව 100% දියුනු කියලා එකක් නෑනේ. අලුත් අලුත් දේවල් ඕනෑ තරම් හොයාගන්නවානේ ඔය වාගේ ලෙඩ රෝග සම්බන්ධව. එතනදී දරුවන් නොමැති අය ඕනි තරම් ඉන්නවා, වෛද්යවරුන් කියන්නේ “ඔය දෙන්නාගේ කිසි ගැටලුවක් නෑ කියලා“
“එතකොට හාමුදුරුවනේ මේකට කොහොම වෙනවා ඇති ද?🙄
“සීවිලි මහරහතන් වහන්සේගේ කතා පුවතට අනුව, උන් වහන්සෙ අසල සිටින අයට දානේ මානේ ලැබෙනවා කියලා කියනවානේ. එතනදී උන්වහන්සෙගේ පින අනුව අනික් හැමෝටමත්, ඒ ලැබීම තියෙනවා කියනවා. ඒක හරියට, light කණුවක් යට ඉන්නකොට අපිත් ආලෝකමත් වෙනවා වාගේ වැඩක්. “
“එතකොට ඒ න්යායෙන්ම කෙනෙකුට අහන්න පුළුවන්, පව් කාරයෙක් එක්ක ඉද්දි අපිටත් ඒ පව බලපාන්නැද්ද කියලා... ඒක ඉතිං වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්“🤔
“මම සමාජයේ හරියට අහලා තියෙනවා ඒ වාගේ මත, අපට දුව ලැබුනට පස්සේ තමයි හරි ගියේ, ඔයා කසාද බැන්දට පස්සේ තමයි හරි ගියේ වාගේ දේවල්.“
“සිංහයා කැලේ රජා වුනත්, මුවො ඇවිල්ලා කටට පනින්නේ නෑනේ. සිංහයාට මුවෙක් පහසුවෙන් අල්ලාගන්න පුළුවන්. ඒ ලැබිලා තියෙන හැකියාව තමයි වාසනාව. ඒ වුනාට මුවො නිකම් ලගට එන්නෑ. ගිහිල්ලා අල්ලගන්න ඕනි. මම මිනිස්සුන්ගේ දියුණුව කියන එක දකින්නෙත් එහෙමයි. මිනිස්සු තමන්ට හරියන දක්ෂතාවයට අනුව දෙයක් කරාම දියුණු වෙනවා.“ 
“ගැටලුව තියෙන්නේ මේකයි. බුදුසමයට අනුව, පඤ්ච ඉන්ද්රිය හොදට තියාගෙන, මිනිහෙක් හැටියට ඉපදෙන එකම පුදුම වාසනාවක්. ඒ අනුව අපි හැමෝම වාසනාවන්තයො. අපි ජීවිත වල තෝරාගන්නා රැකියා, දියුණු කරගන්න දක්ෂතා, ඉගෙන ගන්නා දේවල් අනුව තමයි ඒක වෙනස් වෙන්නේ.“
“හිතන්න මහත්මිය මෙහෙම. ගෑනුගේ පව්කාරකම නිසා, මිනිහාගේ දියුණුවට බාධාවක් වෙනවා නම්, ඒ මිනිහා එතරම් පිං කාරයෙක් නෙවෙයිනේ. මිනිහා වාසනාවන්තයෙක් නම්, ගෑනුගේ පව්කාරකම පරදවා නැගීහිටින්න පුළුවන් වෙන්න එපැයි.“😂
“එතකොට කෙනෙකුගේ අවසනාව තව කෙනෙකුට බලපාන්නේ නැද්ද“ ඇය ඇසුවාය.🤔
“ඔයවාගේ ප්රශ්න උභතෝ කෝටිකයිනේ මහත්මිය. වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන්. කවුද තීරණය කරන්නෙ අපි පව්කාරයි, හෝ අපි පිංකාරයි කියලා. පඤ්ච ඉන්ද්රියන් හොදට පිහිටන අපි හැමෝම පිංකාරයිනේ ඉතිං. ඒ කියන්නේ උපදින හැම මිනිහම පිංකාරයෙක්නේ. එතකොට ගැටලුව තියෙන්නේ, අඩු පිංකාරයොයි, වැඩි පිංකාරයොයි අතරද?🙄
“ම්ම්ම්ම්....“ ඇයටත් පිළිතුරක් නැත.🙄
“අර දරුවන් නැති එකට නම්, නලදරු උපත් ක්රමයක් තියෙනවා නේද? මුදල් ටිකක් වියදම් වෙයි. එත් කරගන්න හැකිනේ.“🤔
“ ඒ ගැන නම් මගේ ඔලුවටත් ඇවිල්ලා තිබ්බේ නැ හාමුදුරුවෙනේ.“
“මේකයි මහත්මිය ගැටලුව, අපට ගැටලු වලින් පැන දුවන්න නම් ඔය වාගේ අවාසනා වාසනා කතා ඇදගෙන දගලන්න පුළුවන්. ඒත් මම අහන්නේ, පෘතග්ජන අපි කවුද, මොන ඤාණයක් තියෙන නිසා ද කියන්නේ, තව කෙනෙක් අවාසනා වන්තයි කියලා. ඔය ඔක්කම එක එක විශ්වාස. කෙන්දර හෝ අනිකුත් දේවල්.“ 🤨
“ ඒ දේවල් ඔලුවට අපි දාගන්නා තරමට, අපට ප්රශ්න අඩු වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම මම නම් කේන්දර විශ්වාස කරන්න කියලාවත් අවිශ්වාස කරන්න කියලාවත් කියන්න හැකියාවක් නැ. මොකද ඒ දෙකටම ඕනි තරම් තර්ක කරන්න පුළුවන්. වාසනා අවාසනාව ගැන උනත් එහෙමනේ“🤨
“නමුත් මම භික්ෂුවක් විදිහට කර්මය කර්මඵලය පිළිගන්නවා. අපි හිතමු පෙර කර්මයක් නිසා, ඇය අවාසනාවන්තයි දරුවො නැ කියලා. කවුද දන්නේ ඉදිරියදි ලැබේවිද කියාල. මහාමායා දේවියට සිද්ධාර්ථ කුමාරයා ලැබෙනකොට වයස අවුරුදු 40ට වැඩි. ඉතිං ඉදිරියදි ලැබේවිද නැද්ද කියලා අපි කාටවත් එහෙම තීරණය කරන්න අධිමානසික බලයක් නැහැනේ. ❤️
එහෙත් තවත් මනුස්සයෙකුගේ හිත රිද්දලා, ජිවිතය එපා කරවලා, පවුල් කඩාකප්පල් කරගෙන, සරලව කීවොත් මම නිසා තව මිනිහෙක් දුකට පත්වෙනවා නම්, තවත් කෙනෙකුට ආදරයෙන්, කරුණාවෙන් සංවේදී භාවයෙන් සලකන්න බැරි මම, මේ දැන් රැස්කරගන්නා කර්ම වලට මම උත්තර බඳින්න ඕනි නේද? එහෙම හිතලාවත් හැදෙන්න බැරිද?“🤐
“ඒක නම් හරි අපූරු ඔවදනක් හාමුදුරුවනේ... මමත් එහෙම හිතන්න ගන්නවා, ඒක මටත් සැනසීමක්... මම අපේ මහත්තයාටත් ඒ කාරණාව තේරුම් කරන්න උත්සහ කරන්නම්. ඔබවහන්සේට පිං.“❤️
“තෙරුවන් සරණයි මහත්මිය.“
------------------------
🌹🌹🌹
(හෙරලි.)
(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...