Saturday, September 28, 2019

18. අප්පච්චිගේ අවවාද






🔴අප්පච්චිගේ අවවාද. 🔴
==============
“දෝණී...!“ අප්පච්චි උස් හඩින් කතා කලේය.

“ඇයි අප්පච්චි...? 🤔
“ඇයි අනේ... මම මේ facial එකක් දාන්න ready වෙන ගමන් හිටියේ...“ ඇය, ඇයට පමණක් ආවේණික ඇත්ගමනින් පැද්දෙමින් ඇවිද අප්පච්චි සමීපයේ වාඩිවිය.

“හයියො...! දෝණි, ඔයාට මොනවද දරුවො අමුතුවෙන් facials දාලා ලස්සන වෙන්න තියෙන්නේ...“?

“පෙර පින නිසාම... ඔයානේ මේ පළාතටම ඉන්න ලස්සන ගෑනු ළමයා... කෝණ්ඩය බිම ගෑවෙන්න තරම් දිගයි. මොනර පිළක් වාගේ ගණකම්... කළුම කළුපාටට දිලිසෙනවා... “

“කෙට්ටුත් නැති මහතත් නැති... ඔයාගේ ඇගේ හැඩය... කොහෙවත් මස් එල්ලා වැටෙන් නැ. එක පාරක් නෙවෙයි. දහපාරක් මිනිස්සු හැරිලා බලන තරම් ඇගේ හැඩයක් මගේ දූට තියෙන්නේ...“

“රත්තරං පාටට හුරු රෝසම රෝස පාට ඔයාගේ හම... මම හිතන්නේ හැම කෙල්ලෙක්ම ඊර්ෂ්‍යා ඇති ඔයාගේ පාටට.“

“ අනේ යන්න අප්පච්චි... මට පල් එක දාන්නැතුව... ඇය සිනාසුනාය.😊

“අන්න බලන්න ඔයා හිනාවෙද්දි මුතු වාගේ දිලිසෙන දත් පෙළිය. ඔයාගේ හිනාවට මේ කාමරයත් එළිය වෙනවා...

“අනික ඔයාගේ පෙනුම... අනිද්දා දීග දෙන්න හිටියත්... තවමත් 10 වසර කෙල්ලෙක්ගේ වාගේනේ ඔයගේ වයස පෙන්නේ...“ හා නැද්ද?

“ඇත්ත ඇත්ත.. අප්පච්චි... ඉතිං දැන් ඕක මම දන්නවා... ඔයත් දන්නවා මාව බදින්න යන කෙනෙත් දන්නවා... මුළු ගමම දන්නවා... ඕක කියන්න ද කතා කළේ...
අවුරුදු 7න්ම ලොවුතුරා අමාමැණියන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙච්චි මට, ඒ පින උදා වුනා කියලා හැමෝම දන්න දෙයක්නේ.

“අන්න හරි... ඔයා බදින්න ඉන්න කෙනා...
එහෙනම් මම එන්නම්කො මාතෘකාවට...“
අප්පච්චිගේ මුහුණෙ බැරූරුම් පෙනුමක් විය.

“දැන් ඔයා හෙට බැදලා යනවානේ...“

“අයියො.... බැඳලා යනවා, යනවා, කියන්න එපා... මාව එලවන්නද යන්නේ ගෙදරින්...“ ඇය අප්පච්චි සමඟ සුරතල් වෙමින් කීවාය.

“නෑ නෑ... බැඳලා ගියාට පස්සේ... ඔයාට මෙහෙ එන්න පුළුවන් බව ඇත්ත, ඒත් එතැන තමයි ඔයාගේ ගෙදර... එතැන තමයි අංක එක.
මට ආයෙත් මගේ දුව කියලා, අයිතිවාසිකම් කියන්න අයිතියක් නැ. මම ඔයා වෙනුවෙන් තීන්දු ගන්නෙත් නැ.“🙄

“එහෙනම්...“ දෝණි දිලිසෙන නිල් මැණික් දෙකක් වැනි ඇස් ලොකු කරගෙන ඇසුවාය.

“ඔයයි - ඔයාගේ මහත්තයි, එකතුවෙලා කතා කරලා තමයි, ඔයාගේ ජිවිතේ තීන්දු ගන්න ඕනී“... අප්පච්චි කීවාය.

“අහන්නකො මැණික... මම කියනදේ හොදට... මේ කියන්නෙ ඔයාගේ හොදට... අපි ඉන්නේ තවම ආසියාතික සමාජයකනේ... ඒ නිසා මේ ටික මම කියන්නේ ඔයාගේම හොදට...“

අප්පච්චි ඉතා දැන උගත් මිනිසෙක් බව දන්නා දෝණි, හරිබරි ගැසී වාඩිවූයේ ඔහු මොනවා හෝ ලොකු කතාවක් කරන්නට යන බව දන්නා හෙයිනි.

“මට ඔයාට කාරණා 10ක් කියලා දෙන්න ඕනි දූ, හොදට අහගන්න. මතකයේ තියාගන්න.“

✔“එක, ඇතුළත ගිනි පිටත දෙන්න එපා.“

“ඒ කීවේ අප්පච්චි...“

“ඒ කීවේ... ඔයා දැන් බැදලා යන්නේ අපට වාගේම ගොඩක් servants ඉන්න තැනකටනේ... මම හිතන්නේ drivers 5කට වඩා ඉන්න ඒ ගෙදර. ඉතිං female servants 10 වඩා ඇති. ඔයා දැන් ඔයාගේ වැඩට ඉන්න අර ගෑනු කෙනා, කරුණාවතී. එයා එක්ක හරිම හිතවත් නේද?“

“ඔව් අප්පච්චි... ඉතිං එයානේ ඉතිං දන්නා කාලේ ඉදලා මාව බලාගන්නේ. අම්මා වාගෙනේ...“

“අන්න හරි... එතකොට එහෙදිත් ඔයාට එහෙම අය මුණ ගැහෙන්න පුළුවන්... හැබැයි ඒ කිසිම කෙනෙක් එක්ක ඔයයි, ඔයාගේ husband යි පෞද්ගලික දේවල්, නැන්දම්මා මාමණ්ඩිගේ පෞද්ගලික දේවල් කියවන්න එපා. දැන් ගියාම ඔයාට ඒ නැන්දම්මාව අමුතුවට පෙන්න පුළුවන්නේ, එයාගේ අඩුපාඩු ගුණ දොස් කියවන්න එපා ගෙදර ඉන්න serventsලා සහ ඔයාගේ යාළුවො එක්ක. තේරුණාද?

“හොදයි අප්පච්චි...“

✔“දෙක.... පිටත ගිනි ඇතුළතට ගන්න එපා...“

“ඒ කීවේ අනික් අයාගේ දේවල් අපි දෙන්නා අතරට ඇදගන්න එපා කියලා ද අප්පච්චි...“

“අන්න හරි. මගේ දෝණි ගොඩක් බුද්ධිමත් නිසා හොදට තේරෙනවා... මොකද පිට අය කියන දේවල්වල ඇත්ත නැත්ත අපි දන්නැ, servants ප්‍රශ්නවලට එහෙමත් ඔයා මැදිහත්වෙන්න එපා...
ඒ වාගේම ඔයාගේ husband ගැන නැන්දම්මා ගැන උනත් අනික් අය කියන දේවල් ඔලුවට ගන්න එපා. ඊර්ෂ්‍යාව කියනවා වෙන්නත් පුළුවන්. ඇසට දැකලා කණින් අහලා සිතින් ප්‍රත්‍යක්ෂ කරගන්නකම් එව්වා ඇදගෙන කතා බහ කරන්න එපා...“

“හරි අප්පච්චි... එතකොට අංක තුන මොකද්ද“

✔“දෙන අයට දෙන්න“

“ආ... ඒ කීවේ... දෝණි ඇසුවාය..

“ ඒ කීවේ... දැන් ඔයාගෙයි හස්බන්ඩ්ගෙයි දෙන්නාගෙම මුදල් ඔයාට පාලනය කරන්න සිද්ධවෙයි.
මතකද ඔයා ගියපාරත් අර ගර්ල්ට ලක්ෂ 20ක් දිලා... ඒයා තවම ඒක return කර නෑනේ. අන්න ඒ වාගේ experiences එක්ක පාඩම් ඉගෙන ගන්න.
දැන් ඔයාගේ BMW එක අර ඔයාගේ යාලුවා wedding එකට කියලා අරගෙන ගියා, කො තවම ගෙනාවේ නෑනේ. ඔයාගේ සල්ලි හරි husband ගේ සල්ලි හරි, ආපහු දෙන්නැති වෙයි කියලා හිතෙන කෙනෙකුට දෙන්න එපා.
ඔයාගේ හස්බන්ඩ් කොටි ගණන්වලින් business කරන නිසා ඔයාට අනිවාර්යෙන්ම ඒවාට join වෙන්න වෙනවා. එතකොට මුදල් නිසා ප්‍රශ්න ඇති කරගන්න එපා.

“ඒක නම් ඇත්ත තාත්තේ... එත් මම, ශානීට ඒ ලක්ෂ 20 දුන්නේ ආයෙත් ගන්න බලාගෙන නෙවෙයි... එයාගේ husband operation එකට, හස්බන්ඩ් අසනීප වෙච්චි නිසා එයාලගේ බිස්නස් ඔක්කම වැටුනනි අප්පචිච්...

✔“අන්න හරි... අංක 4 තමයි ඕක. නොදෙන්නන්ටත් දෙන්න.
ඒ කියනනේ ඔය වාගේ පිනට දහමට. ඔයා ඉතිං බුදුහාමුදුරුවො සරණ ගිය කෙනෙක් නිසා, අවුරුදු 7දීම සෝවාන් වෙච්චි නිසා ඔයා හුඟක් පිනදහමට ලැදි හිත අනුකම්පා ඇති කෙනෙක් කියලා මම දන්නවා...
හැබැයි ගනුදෙනු වෙනයි පිංකම් වෙනයි“

“හරි අප්පච්චි... මට සමාවෙන්න ඒක අප්පච්චි නොකියා දුන්නාට... ඒත් ඉතිං එයා අපේ දුර නෑයෙක්නේ. ඒකයි දුන්නේ...“

“ඔව්. නැතිබැරි නෑයන්ට උදව් කරන්න ඕනි. ඒක බුදුහාමුදුරුවො “ඤාතකානඤ්ච සංගහො“ කියලා දේශනා කරලා තියෙනවානේ... දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න කියලා මම ඔයාට අංක 5 දාලා කියන්නේ ඕක. ඒ කියන්නේ දුප්පත් නෑයො සහ යාලුවො. මම දන්නවා ඔයා ගොඩක් පිනට දෙන්න ලැදි කියලා... එත් මම ඔයාට දිලා තියෙන ෂොප්ස් 3න්, ඔයා හතරෙන් එකක් විතරක් පිනට දෙන්න මතක තියාගන්න. නැත්තං ඔයා කරගෙන යන shops නැතිවෙයි.“

තමන්ගේ මරණයෙන් පසු ඇස්, අක්ෂිදාන සංගමයටත්, බොඩි එක වෛද්‍යපීඨයටත් බාරිදීමට ගිවිසුම් සකසා ඇති මම, මුදල් ගැන තැකීමක් නැති කෙනෙක් බවට පියා දන්නා හෙයින් මෙසේ අවවාද කළ බව දෝණි කල්පනා කළාය. නැවුම් ජලය උනන්නට නම් නිතර ලිදෙන් වතුර ගත යුතුයැයි ඇය සිතමින් මෙසේ ඇසුවාය.

“එතකොට අප්පච්චි මොකද්ද 6 වැනි එක.“

✔“ඊළඟ එක තමයි, -හොඳට ඉදගන්න-“

“ඇයි අනේ මොනවාහරි පේනවාද? මම ඉතිං ගෙදරට කොට කලිසම් තමයි අදින්නේ... ඔයා විහිළුකරනවානේ...“ ඇය තොදොල් වුවාය.

“ඒ ඉඳගැනිල්ල නෙවෙයි ලමයො...“ ඔයා ඒ ගෙදර කොහේ ඉඳගත්තත්, නැදම්මා - මාමණ්ඩි දැක්කාම නැඟිටින්න වෙන තැනක ඉන්න එපා. එයාලා වයසක පරණ මිනිස්සු. වයසක අය දිරච්චි අතුවාගේ. එයාලව හදන්න යන්න එපා. ඔයා හැදුනාම හරි.“

“ආාා... ඒකද මේ..“ ම්ම්ම්ම් හරි. එතකොට මොකද්ද 7 වෙනි එක.

✔“හත තමයි, ඔයා හොදට කන්න ඕනි“

“අයියො... මම ඔය බත් ගිලින කෙනෙක් නෙවෙයි කියලා අප්පච්චි දන්නවානේ... මම කන්නේ බත් හැන්දට... එළවළු හැදි 4ක් එක්ක මස් මාළු බිත්තර මොනවාහරි වැඩිපුර...“ දෝණි කීවාය.

“නෑ මැට්ටි... එහෙම නෙවෙයි... ඔයා විතරක් නෙවෙයි.. ඔයාගේ හස්බන්ඩ්.. නැන්දම්මා මාමණ්ඩි, තව ගෙදර ඉන්න අනිත් ඔයාගේ හස්බන්ගේ නංගියි මල්ලියි කෑවද කියලා බලන්න ඕනි. ඒ විතරක් නෙවෙයි.. ඔයාලගේ drivers servants යි කෑවද බලන්න ඕනි.“

“අනේ අප්පච්චි ඔයා දන්නවානේ... මම මගේ බත් එකත් හිඟන්නෙකුට දිලා බඩගින්නේ හිටපු කෙනෙක් කියලා ස්කූල් යද්දි...“

✔“ඔයා ගෙදර ලොකු ලේලි වෙන්න යන නිසා... ඔයාට සිද්ධවෙනවා ‘සුව සේ නිදාගන්න“...

“මොකක් ලොකු ලේලි කොහොමද හොදට නිදාගන්නේ... “

“අන්න හරි... හැමෝම නිදාගන්නකම් ඔයාට ඇහැරලා ඉන්න වෙනවා. ගේට්ටු වහලා ද? සර්වන්ට්ලා මොකද කරන්නේ... නැන්දම්මා- මාමණ්ඩි කොහෙද කියලා බලලා තමයි ඔයාට ඔක්කටම පස්සේ සමහරවිට නිදාගන්න වෙන්නේ. ඒ වාගේම උදේට නැගිටින එකත් කලින් කරන්න වෙනවා...“

“ආාා.. ඒක ද අංක 8 එතකොට... අප්පච්චි දන්නවානේ මම කොහොමත් උදේ අවදිවෙන කෙනෙක් කියලා..“

“තව දෙකයි... මොකද්ද ඊළඟ එක...“

✔“ගින්දර පුදන්න ඕනී...“

“අපි ගිනිදෙවියො පුදන අය නෙවෙයිනේ අප්පච්චි, අපි බුදුන් සරණ ගියපු අයනේ..“

“ නෑ... එතන අදහස ඒක නෙවෙයි. නැන්දම්මා - ගින්නකට සමාන කරන්න. ගින්න ඇතුවත් බැ. නැතුවත් බැ. ගොඩක් වැඩ පහසු කරගන්න ගිනි ඕනි. ගින්න වැඩිවුනොත් ඉදලා හමාරයි. නැන්දම්මා ගින්නක් විදිහටත්, මාමණ්ඩි ඇතුළවම හිතාගත්තාට කමක් නැ. ළගට ගන්නත් එපා ඕනිවට වඩා. ඈත් කරන්නත් එපා. ලඟට ගත්තොත් පිච්චිලා මැරෙනවා. ඈත් කළොත් සීතලේ මැරෙනවා.“

“ම්ම්ම් අම්මො... මගේ නැන්දම්මා කොහොම වෙයිද මන්දා... බලමු... මම හොද නිසා ඕනි කෙනෙකුට මාත් එක්ක ඉන්න පුළුවන්.

“එතකොට අප්පචිචි අන්තිම එක...“

✔“ඇතුළත දෙවියො වදින්න...“ ඒ කියන්නේ... නැන්දම්මා - මාමණ්ඩි - හස්බන්ඩ් කියන්නේ දැන් ඔයාගේ දෙවියො. දැන් ඔයා මට කොච්චර ආදරේ ද?
මම ඔයාගේ තාත්තා හැටියට මම ඔයාව බලාගත්තේ අවුරුදු කීයද? අම්මා කොච්චර කැපකිරීමක් කරත් දුවෙක් වෙච්චි ඔයා වැඩියෙන් ආදරේ මට. දැන් එතකොට මට වඩා කාලයක් ඔයාව බලාගන්න යන්නේ ඔයාගේ මහත්තයා. සමහරවිට ඔයාව අවුරුදු 50ක් වත් බලාගන්න යන කෙනා. ඔයාව අම්මෙක් කරන කෙනා. මේ ලෝකේ තියෙන ඉහළම සම්පත්තියක් වෙන මව්පදවිය දෙන කෙනා ඔයාගේ husband. ඒ වාගේම කාම සම්පත්තියත්.

"ඉතිං... එදිනෙදා කනබොන දේවල් ගෙනල්ලා දිලා, වාගේ දේවල් කරපු මට ඔයා මෙච්චර ආදරය කරනවානම්, මටත් වඩා දේවල් ටිකක් ඔයාට දිලා ඔයාව බලාගන්න යන හස්බන්ඩ්ටත් පුළුවන් වෙන්න ඕනි ආදරය කරන්න. මම බනිනකොට මාත් එක්ක තරහා නැත්තං එයා එකක්ත් එහෙම වෙන්න ඕනි. "

"ලේ කිරි කරලා පොවලා හදලා ස්කොලේ යවලා උයන්න පිහන්න පවා උගන්නපු අම්මාට වඩා, ඔයා මටනේ ආදරේ. ඉතිං මම රැකගත්තු කාලයට වඩා කාලයක් රකින්න යන, මම කරපු වියදමට වඩා වැඩි වියදමක් කරන්න යන, මම දිපු සැප සම්පත්තියට වඩා සැප සම්පත් සහ කාම සම්පත්තිය දෙන, හස්බන්ඩ්ට වැඩියෙන් ආදරය කරාට කමක් නෑනේ දූ නේද?

“ම්ම්ම් එකෙත් ඇත්තක් තියෙනවා ඉතිං...“

“මම මේවා ඔයාට කීවේ... අපි තවම ජිවත් වෙන්නේ ආසියාතික සමාජයක නිසා...“ දූ මතක තියාගන්න පිරිමින්ට පවුල් ජිවිතය ගැන දැනුමක් නැ. සල්ලි නම් හොයලා දේවි. ගෙයක් දොරක් හදලා දේවි, එත් ඒ ගෙදර ආලෝකය වෙන්නේ ඔයා.

“එත් මෙහෙ නම් පාළුවෙයි දූ...ඔයා ගියාම ඉතිං මට තමයි ඔක්කමට වඩා පාළු...
ඒ වචන හමාර වීමත් සමඟම, දෝණි අප්පච්චිව බදා හැඬීමට පටන් ගත්තාය...😢

===================================

🔴ධනඤ්ජය නම් මහධන සිටුවරයා, එකල ආසියාතික සමාජයට ඔබින පරිදි, කුලගෙට යන තම දියණිය වූ විශාඛාවන්ට දුන් අවවාදය 10 මෙහි අතුළත්ය.

🔴“ සසුරකුලෙ වසන්‌තියා නාම අන්‌තොඅග්‌ගි බහි න නීහරිතබ්‌බො, බහිඅග්‌ගි අන්‌තො න පවෙසෙතබ්‌බො, දදන්‌තස්‌සෙව දාතබ්‌බං, අදදන්‌තස්‌ස න දාතබ්‌බං, දදන්‌තස්‌සාපි අදදන්‌තස්‌සාපි දාතබ්‌බං, සුඛං නිසීදිතබ්‌බං, සුඛං භුඤ්‌ජිතබ්‌බං, සුඛං නිපජ්‌ජිතබ්‌බං, අග්‌ගි පරිචරිතබ්‌බො, අන්‌තොදෙවතා නමස්‌සිතබ්‌බා’’ති

🔴මාගේ අවවාදය නම් විවාහ වූ දාම හැකියාවක් ඇති නම්, වෙනම පදිංචි විය යුතු බවය. එහෙත් නොහැකි අයට මේ අවවාදය වටී යැයි සිතමි.
මෙම අවවාද නම් ප්‍රබල ව්‍යාපාරිකයෙකු තම දියණියට දුන් අවවාදයි. ඇයගේ සරණමංගල්‍ය දිනයෙදී ඇයට “නවකෝටියක් වටිනා... මොණර හැඩයෙන් යුත් ඇඟපළදනාවක් ලබා දෙන්නට තරම් ඇයගෙ පියා පොහොසත්ය. එමෙන්ම ඒ අවවාදද ඒ තරම්ම පොහොසත්ය.

🔴විශාඛාව වනාහි පඤ්ච කල්‍යාණයෙන් යුත් ඉතා අලංකාර මහා කාය ශක්තියක් පෙර පින් ලෙස ලැබූ තැනැත්තියකි. තමන් ලැබු මහමේලපලදනාව විකුණා ඇය විසින් පුර්වාරාමය කරවා පුජා කළාය.
ඇය මිත්‍යාදෘෂ්ටික පවුලකට සරණ ගිය නමුදු එම මාමණ්ඩියවත් බුදුසමයට නැඹුරු කරගත් හෙයින් විශාඛාව එම මිගාර සිටුවරයාගේ මව් තනතුරේ තැබීමට තම් වාසනාවන්ත විය.

🔴ඒ සියලු සම්පත්වලට වඩා දරු සම්පත් 20ක් ලබන්නට තරම් ඇය වාසනාවන්ත විය. ඒ සියලු දරුමුනුපුරන් වටකරගත් විට ද, මිණිපිරියන් කවුද ඇය කවුදැයි හදුනාගැනීමට නොහැකි තරම් රූපසම්පත්තියකින් ද යුක්ත විය.

🔴ඇය වනාහි ඉතා සාර්ථක පවුල් ජිවිතයක්, ව්‍යාපාරික ජීවිතයක් හා පුණ්‍යකාමී ජිවිතයක් ගෙන ගිය අපූර්ව තර, අතිසාර්ථක ගැහැණියකි.

තවත් කෙනෙකුට කියවන්න share කරන්න.

තෙරුවන් සරණයි.🙏
(හෙරලි.)

Monday, September 9, 2019

17. ඉත්තෑ පවුල 3. (වලත්ත පිරිමි.)




🔴ඉත්තෑ පවුල 3. 🔴 (වලත්ත පිරිමි.)
   =======

“හාමුදුරුවනේ... හාමුදුරුවනේ.... හාමුදුරුවනේ......“

වේලාව, පස්වරු 1.00 පසු වූවා විය යුතුය. යාන්තම් ඇස් පියවීගෙන ආවා පමණි. බුදුන් වහන්සේ ද දිවාවිහරණය කළ සේක. මේ දායකයින් අපට එසේ කිරීමට ඉඩ නොදෙන හැටියක් අම්මපා... යැයි මට සිතුණි.😀🤭 තරුණත් නොවු මහලුත් නොවූ ගැහැණු කටහඩක් බෙරිහං දෙන ශබ්දය මට ඇසේ.

මම කාමරයෙන් එළියට බැස්සෙමි. අද මාසේ පොහොය දිනයකි. තවමත් අප විහාරස්ථානයේ පෝය හතරටම සිල් ගන්නා උපාසිකාවන් කීප දෙනෙක් ඇත. අද එවැනි පොහොය දිනයකි. අදත් 10-15 දෙනෙකු සිල් සමාදන් වී ඇත.

“ආ... මේ... අබේසිංහ නෝනානේ...“😊

අබේසිංහ නෝනා යැයි අප ගෞරවෙයන් ඇය ඇමතූවාත් ඇය මහලු නැත. ඇගේ ව්‍යාපාරය ද ඉතා දියුණු මට්ටමක පවතී. ඈ වනාහි ගමෙහි සිටිනා ධනවත් කාන්තාවන් අතරින් අයෙකි. එනමුත් දැන් වසර කීපයක සිට සතර පොහොයට සිල් සමාදන් වීමට තරම් ඇය නිදහස්ය. ඒ ඇගේ සැමියාගේ දායකත්වය නිසා යැයි සිතමි. විහාරස්ථානයේ ලොකු කුඩා සෑම හිමිනමක්ම හොඳින් හඳුනන ඇය, තරුණ විය ඉක්මවමින් සිටී.

“මේ අපේ මහත්තයාට පිරිත් නූලක් ගැටගහගන්න කියලා... හාමුදුරුවනේ...“

“අහ් පුළුවනි. ඉස්සරහා පැත්තෙන් එන්නකො එහෙනම්...“

“මහත්තයාට... අබේසිංහ නෝනා දකින්නැතුව වරුවක් වත් ඉන්න බැරිහැඩයිනේ...“😀

මා එසේ විහිළු ස්වරූපයෙන් කීවිට මහත්තයාගේ මුහුනු ලැජ්ජාවෙන් රතුවෙනු දුටුවෙමි.☺️☺️ ආගිය කතා ආදී විස්තර කතාකිරීමෙන් ස්වල්ප වේලාවකින් පසු මහත්තයා පිටවී ගියේ ය.

“දැන් නම් මහත්තයා ගොඩක් හැදිලා වාගේ...?

“එහෙමයි...“
දැන් ඔය කිරි තේ හදාගෙන ඇවිල්ලානේ හාමුදුරුවනේ ගිලන්පස වෙලාවට ගන්න කියලා... ගෙදර මම නැතුව පාළුයි කියන්නේ...“
එසේ පවසන විට ඇගේ මුහුණෙ කිසියම් ආඩම්බර පාටක් දිස්වුණි.😊

“නැතුව නැතුව... නෝනාගේ ඉවසීම හරිම ප්‍රසංශනීයයි...“

“මට උපදෙස් දෙන්න හොද අම්මෙක් හිටියා හාමුදුරුවනේ... නැත්තං මේ කසාදේ කටුගෑවිලා ගොඩක් කල්...“
“ගියමාසේ දවසක මම අසනීප වුනා හාමුදුරුවනේ... හොදටම...“ මේ මනුස්සයා ඇදගාවට වෙලා දවසක් හිටියා මිසක් shops එකටවත් ගියේ නෑ. ඔයා නැතුව මම මේ ලොකේ ජීවත් වෙන්න දන්නෑ මැණික... කීවාම මටත් ඇඩුනා...“

“මහත්තයා එහෙම වෙනස් වුනේ නෝනාගේ කැපකිරීම නිසා කියලයි මට හිතෙන්නේ... ගැහැනු ශරීරයෙන් දුර්වල වුනාට... මහ පුදුම ධෛර්යයක් ඇති අය“

“පිරිමි හරි මෝඩයි හාමුදුරුවනේ...“
“අවුරුදු 15-16 පැන්න ගමන් බලන්න. ගෑනු පස්සේ යන එකමයි උන්ගේ වැඩේ...“ විභාගයවත් හරියට පාස් කරගන්නේ කීයෙන් කීයද? ගෑනු, love කරලත්, විභාගත් හොදට කරගෙන හොද හොද රස්සාවලුත් කරනවා...“

“පිරිමි කසාද බැන්ඳත් ගෙදරින් එලියට බැස්ස වෙලාවේ ඉඳලා...
තවත් ගෑනියෙක් එක්ක බුදියන එක ගැනම හිතනවා මිසක් වෙනත් සිහියක් තියේ ද?
පාරට බැහැපු වෙලාවේ ඉදලා ඇස්වලට නිවනක් තියෙනවාද?
කඳ බඩ හොදට තියෙන එකියක් දැකපු ගමන්... පැණි හැලියට වැටිච්ච ඇඹලයො වාගේ ඒවා පස්සේ යනවා මිසක්...“🤭

“ඊටපස්සේ හවස් වෙනකොට ගිනිවතුර ටිකක් යාලුවො එක්ක එකතුවෙලා බඩට දාගන්නේ කොහොමද කියලයි කල්පනාව... ඒක ඉවර වෙච්චි ගමනුත් ආයෙත් බුදියන්න ගෑනියෙක් හොයනවා...“ 🙁

"ඔච්චරනේ හාමුදුරුවනේ පිරිමින්ගේ ජීවිතේ... උන්ගේ අංගජාතය කොහේ හරි ඔබන එකයි, අරක්කු ටිකක් ගැනයි හැරෙන්න වෙනත් කල්පනාවක් ඇති එක පිරිමියෙක් ඉන්නවාද මේ ගමේ...“

ඈ ආවේගශීලිව ප්‍රකාශ කරන වචන කාටවත් ඇහෙයිදොයි මට සිත් විය. ඊටත් වඩා පිරිමි ගැන කරන ප්‍රකාශවලින් මහත් වූ ලැජ්ජාවක් මට ද ඇති විය. 🙁

“කසාද බැන්දට, අතේ මුද්ද දාගෙන ඉන්නේ පිරිමි කීයෙන් කීයද හාමුදුරුවනේ... හොදට ඇඳලා පැලදලා එළියට බැස්සාම උන්ට අමතකයි උන් කසාද බැඳලා ද කියලා තියා තාත්තලාවත් ද කියලා...“ 🙁

“පිරිමි ගෙදරට ආපු වෙලාවට තාත්තලා වුනාට... උන්ට බස්වල යනකොට තමන් තාත්තලා නේද තමන්ටත් මේ වයසෙම දුවලා ඉන්නවා නේද කියලා අමතක වෙනවා...“ පිරිමින් සමහරවිට අවුරුදු 40 විතර පහුවෙනකල් ඇත්තටම තාත්තා කියන චරිතය අමතක කරලා ඉන්නවා ඇති කියලත් හිතෙනවා මට...“🙁

“ඔබවහන්සේ ඔය අධ්‍යාපන අමත්‍යාංශයක් වාගේ එකකට ගියාම බලන්න... ඒවාගේ පිරිමි කීයක් වැඩ ද කියලා...“ සමහර වෙලාවට සිකුරිටි ඇරෙන්න අනික් ඔක්කම ගෑනු... ගෑනු, ලමයි දෙතුන් දෙනෙකුත් හදාගෙන විභාගත් පාස් කරගෙන, ගෙවල් දොරවලුත් හදාගෙන රස්සාත් කරනවා හාමුදුරුවනේ... එතකල් පිරිමි ගෑනු පස්සේ හඹායනවා...“🙄

“ඔබවහන්සේට මේවා රහස් නෙවෙයිනේ... අපේ අම්මත් මේවා කියලා ඇතිනේ... අපේ මිනිහාගේ සේසතම හූරගන්නකම්... මොලේ පෑදුනේ නෑනේ...“😐

ඇගේ මව මා හට පැවසූ පරිදි, තම බෑනාට... අනියම් සබඳතා කීපයක් වත් තියෙන්නට ඇත. ඔහු සුරාවට ලොල්ව ව්‍යාපාරයද බංකොලොත් කරගෙන තිබුණි. පාප මිතුරන් ද තොගයක් ඇසුරු කළේ ලු. එහි වැඩ කළ තරුණියන් කීප දෙනෙක් සමඟ යහන්ගත වූ බව ආරංචි විනැයි පැවසුවාය. එම තරුණියන් මොහුගේ අන්තිම සතේ හිදෙන තුරු ඔහුව හප කෙරූ බව ද පැවසුවාය. අබේසිංහ නෝනා නඩුමග ගොස් මොහුව දික්කසාද කිරීමට ඔන්න මෙන්න තිබියදී, ඔහු පැමිණ දෙපතුල ලඟ වැදවැටුණු බව පැවසුවාය. මවගේ උපදෙස් පරිදි සමාව දී නැවත බාරගත් අතර සියලු ව්‍යාපාර අබේසිංහ නෝනා අතට ගෙන ඇත. 😢

“අපේ අම්මා නැත්තං ඔය මනුස්සයා මම අයින් කරලා ගොඩක් කල් හාමුදුරුවනේ...“

“මම නම් දික්කසාද වෙන්නමයි ලෑස්ති වෙලා හිටියේ... කොහේද මේ අපෙ අම්මා දුන්නෑනේ...
අම්මා කීවේ... ඕක උනත් ඔයා ආපහු බඳින්න නෙවෙයිනේ... ඕක ලෙහලා දැම්මොත් මේ දරුවාට තාත්තෙක් නැතිවෙනවා... ඌට මොකද කරන්න ඕනි කියන එක ඔයා තීරණය කරන්න. එත් මේ දරුවාට තාත්තෙක් නැති කරන්න එපා... ආයෙත් කසාදයක් බඳින්න අදහසක් නැත්තං... කියලා... මොනවා උනත් එයා දුවට ආදරෙන් හිටිය නිසා මම තීරණය අතෑරලා දැම්මා...“

“දැන් මට හිතෙනවා... අපට වඩා අපේ අම්මලාට පුදුම ඥානයක් තියෙනවා කියලා... එයා දුර දකින්න ඇති...“🤔

“ඊට කාලෙකට පස්සෙ, අපේ මහත්තයා... දවස් කීපයක්ම, මං ගාවට ඇවිදින් බල්ලෙක් වාගේ මගෙ දෙපතුළගාව වැදවැටුනා... මිනිහා කැඩිලා බිඳිලා විනාශවෙලා හිටියේ... නමුත් මට ඒක දැකලා සතුටක් හිතුන් නෑ හාමුදුරුවනේ. දුර්ලභව ලැබු පිරිමි ආත්මයක්, බල්ලෙක් වාගේ මගේ කකුල් දෙක ගාව වැටෙන්න ඕනි කියලා හිතන කෙනෙකුත් නෙවෙයිනේ හාමුදුරුවනේ මම. සමහර විට මම ඔබවහන්සේලා ඇසුරින් ලබලා ඉගෙනගත් මෛත්‍රී කරුණාව නිසා වෙන්නැති...“💪

“පස්සේ අපේ අම්මා හම්බෙලා... වැදලා සමාව අරගෙන තිබුණා... අම්මා කීවේ, පිරිමි කියන්නේ මෝඩයො... ඇගේ හයිය තියෙනකම් දුවන... අපි ඊට වඩා බුද්ධිමත් කොටසක්... අන්න අර ගෑනු දරුවට තාත්තෙක් විදිහටවත් ඉන්න දෙන්න... ඔයාට එපා වුනත් ... කියලා...“😐

“අපේ අම්මා... තාත්තට බොහොම ගුරු කරපු කෙනෙක් හාමුදුරුවනේ... තාත්තා වැඩිය කතා බහක් තිබුණ කෙනෙක් නොවෙයි... එත් අම්මට බොහොම ආදරෙන් හිටියා කියලා මම දන්නවා... අම්මට ඕනි දේවල් තමයි ඔක්කම ගෙදර සිද්ධවුනේ... අපි තාත්තට වඩා අම්මට බයයි... තාත්තා විශ්වාස කරා... අම්මාගේ තීරණ හරි කියලා... ඒ දෙන්නා අතර තිබ්බ ලොකුම අවබෝධය එක වෙන්න ඕනි... තාත්තගේ මරණින් පස්සේ... අම්මා ඇඩුවේ මාසයක් විතර ගිහිල්ලා... මට ඒක තේරුම් ගන්නත් අමාරුයි...“ මම හිතන්නේ අපේ අම්මා හරි වාසනාවන්තයි ඒ වාගේ ගැඹුරු අවබෝධයක් සහිත ස්වාමිපුරුෂයෙක් ලබන්න“

“දැන් නම් ඉතිං අපේ හාමුදුරුවනේ අවුරුදු 5කට වඩා ගෙවුනා... එත් මෙයා එදාන් පස්සේ ඉදන් ඉඳිකට්ටයි නූලයි වාගේ තමයි... පස්සෙන්මයි... හැබැයි එයා ගැන හිතේ තියෙන පිළිකුළ මැරෙනකම්ම තියේවි.“😢

“මම හිතන්නේ දැන් තියන්නේ නෝනාට ආදෙරටත් වඩා ගෞරවයක් ... නෝනාට බයයි ද මන්දා...“ මම කීවෙමි.

“එහෙම වෙන්න එපැයි හාමුදුරුවනේ... සාමන්‍ය ගෑනියෙක් කරන පරිත්‍යාගයක් නෙවෙයිනේ මම එයා වෙනුවෙන් කරේ. කොයි ගෑනිද මෙහෙම පිරිමි ආයෙත් භාරගන්නේ? එයා අද ගෞරවනීය ව්‍යාපාරිකයෙක්... නැන්දම්මා මගේ අත අල්ලාගෙන ඉඹිනවා මම එයාගේ ගෙදර ගියාම, එයාගේ පුතාව රැකලා දුන්නා කියලා. පව් ඒ අම්මා මොන තරම් ගින්දරක් ඉහුලුවාද මේ මෝඩ මිනිහා නිසා. 🙁

“මෝඩ පිරිමි හාමුදුරුවනේ මෝඩ පිරිමි... කඳබඩවල් දැක්ක ගමන් තමන්ට උතුම්ව ලැබිච්ච පුරුෂාත්මය අමතකවෙලා, උන්හිටිතැනුත් අමතක වෙන මෝඩ පිරිමි“

එසේ සිනාමුසු මුහුණින් පැවැසූ ඈ... මා හට නැමී නමස්කාර කොට...
“අවසරයි... මම අරපැත්තට යන්නම්“
යැයි කියා සන්සුන් ලීලාවෙන් ධර්මශාලාව දෙසට පියවර මැන්නාය. ඈ වනාහි ඉතා කලාතුරකින් දැකිය හැකි අපූරු ධෛර්යය සම්පන්න ගැහැණියක් යැයි මට සිතුණි. 😊

------------------------------------------------------------‍‍

🔴‍මේ සඳහා ඉත්තෑපවුල 3, ලෙස නම් කළේ, අසීරුවෙන් කටු ඇනගෙන රැකෙන පවුලක් නිසාය.

💎“මම නම් කොහොමවත් හිතන්නෑ හාමුදුරුවෝ feminist කියල. ඔබවහන්සේගේ ලිපි වල නිකම් ගැහැණු පිරිමින්ට යටත් වෙලා ඉන්නෝනේ වගේ තැන් ව්යංගයෙන් කියල තියෙනවනේ. feminism කියන්නේ කදුලු ගැන කතා කිරීමක් නෙමෙයි. Gender equality ගැන කතා කිරීමක් නේ ස්වාමීන් වහන්ස“💎

මේ තියෙන්නේ මා පසුගිය දවසක “හාමුදුරුවො feminist ද“ යනුවෙන් ලියු ලිපියට මගේ මිතුරියක් inbox හරහා කල චෝදනාවයි.

🔴 විෂයානුකූලව එසේ විය හැක. ඈ සදහන් කරන ජාතියේ දෙයක් නම් මා කරන්නේ නැත. ඇය තවම අවිවාහක නැත්තියකි. තරුණියකි. ඇගේ වචනයෙන්ම කියතොත් “දුක් කසාදයට වඩා - දික් කසාදය හොදයි“ යනුවෙන් ඇය දික්කසාදය අගය කරන අයෙකි. විවාහයට පෙරම තරුණියන්ගේ මනස එසේ දුෂණය වීම ගැන මා ඉතා කනගාටු වෙමි. මා එය දකින්නේ සමාජ ඛේදවාචකයක් ලෙසය.

🔴 විවාහයක් අර්ථසම්පන්නව ගෙවන හැටි ඉගැන්වෙන සුත්‍ර දේශනා 20-30 අතර ප්‍රමාණයක් සුත්‍ර පිටකයේ ඇත. මා උත්සහා කරන්නේ නොබිඳුනු ජිවිතයක් සඳහා යමක් කියන්නටය. නැතහොත් කාන්තාව පිරිමි හා සම යැයි කීමට නොවේ.

🔴 එහිදී මා විශ්වාස කරනු ලබන්නේ බිරිඳ යනු, chessboard එකක queen මෙන් ඉතා බලවත් නුවණැති ආභියෝගාත්මක චරිතයක් ලෙසත්, සැමියා... රැකගත යුතු බලයෙන් හීන අත්‍යාවශ්‍ය ඉත්තෙකු ලෙසත්ය. king lost වූ විට chess පරාදවෙයි.

🔴 එහෙයින් මා විශ්වාස කරනු ලබන්නේ පවුල් ජීවිත ගෙවන පිරිමි, ඉතා මෝඩ ශරීර බලයට දුවන නාඹර වස්සන් ලෙසය. ඔහුගේ මෝඩ ක්‍රියා ඉවසාගෙන ඉන්න යැයි බුද්ධිමත් බිරිඳට කී විට එය ෆෙමිනිස් දෘෂ්ටිය අනුව මගෙ යෙහෙළිය ඉහත කී අයුරින් දැකිය හැක. එහිද වරදක් නැත.

✔“නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිරූපං“ (නීවරණ වග්ගය- අංගුත්තර නිකාය)

✔“මහණෙනි මම එකඳු දෙයක්වත් ලෝකයේ දකින්නේ නැත, පුරුෂයින්ගේ සිත දැඩිලෙස ග්‍රහණය කර ගත හැකි. කුමක් ද? ස්ත්‍රී රූපය තරම්“

🔴තථාගතයන් වහන්සේ එසේ පවසා ඇත්නම් මාගේ වචන ගැන කුමන කථා ද? අතිබහුරතයක් පුරුෂයො වනාහි ගැහැනුන්ගේ මළමූත්‍රවලට ඉතා ගිජු වූ ප්‍රේතයො කොටසකි. 😢

කාමරාගය යනු සොවාන් වුවත්, සකාදාගමී වුවත් පරාජය පත් නොවන ක්ලේශයක් බව ඔබලා දනු ඇතැයි සිතමි.

🔴එතෙකුදු වුවත් ගැහැනු අනාචාරයේ නොයා සුරැකී සිටින්නේ ඔවුන්ගේ ඉතා ගුණ යහපත් බව නිසාම නෙවෙයි. ගර්භාෂය නිසාය. දරුවන් නිසාය. පිරිමින්ට අවශ්‍යතා ඉටුකරගන්නට තම ශරීරය දීමට අවශ්‍ය නොවන නිසාය. ලෝකයේ රටවල් පාලනය කළ රැජිනියන් 24 පමණ ඇත. (Wikipedia කියවන්න.) ඈලා සියල්ලොම පුරුෂයින් 4සිට 80 දක්වා පරිහරණය කළ තැනැත්තියො වෙති. එහෙයින් බලය, ධනය ඉහළටම පැමිණි කළ කාන්තාවන් ද ගර්භාෂ බිය ඉක්මවා සිටී. ලංකාවේද එවැනි උදාහරණ ඇත.

🔴එහෙයින් මාගේ යෙහෙළිය කියනා පරිදි මම feminist කෙනෙකු නොවේ. එහෙමන්ම පුරුෂාධිපත්තයට අනුකූලව ලියන්නෙකුද නොවේ. ඔවුන්ගේ සියලු වැරදි ඉවසා සිටින්නට කියාද නොකියමි. පිරිමින්ගෙන් පහර කමින් වහලුන් ලෙස සිටිය යුතු යැයි ද නොකියමි. දාසී භාර්යාවන් වීමට ද ඇවශ්‍ය නැත. කිසිසේත්ම නැත.
එතකුදුවුවත් පවුල් බිඳීයාමට නොදී කාන්තාවන් පිළිබඳ විශ්වාසය තබා ඔවුන්ගේ ඉවසීම ගැන, ගුණවත්කම ගැන කතා කරන අයෙකු පමණි. ඇවිද යනවිට හමුවන මඩවලකින් පැනීමට, පසුපසට අඩියක් තබා වීර්යය ගන්නා, මේ බඳු ගැහැනු දැනටත් දහයකටත් වඩා මම දෑසින්ම දැක ඇත. ඔවුන් මහපුදුමාකාර චිත්ත ධෛර්යයක් ඇති ගැහැණු ලෙස මම දකිමි. ඊතලය පසුපසට අදින තරමට එහි වේගය තිරණය වේ. එබැවින් පසුබෑම හැමවිටම නරක නැත.💪

💎“පිරිමි වනාහි ලිංගිකත්වය වෙනම ද ආදරය වෙනම ද දකී. ගැහැනු, ලිංගිකත්වය ආදරය සමඟින් දකී.“ 💎

මේ උභතෝකෝටිකය තේරුම් ගත් කළ, බොහො පවුල් ගැටුම් තේරුම් ගත හැක.

මෙය කියවන මෝඩ පිරිමි, ස්වකීය සහජ නැඹුරුව පරදා, බුද්ධිමත් පිරිමියෙකු වන්නට ඉටාගන්නේ නම් මැනවි. එක ගැහැනියක්ගෙන් සෑහීමට පත් විය නොහැකි බවක් ඔබට හැඟේනම් කරුණා කොට විවාහ නොවී සිටින්න. කාන්තාවකට ගින්දර දීමෙන් වැලකී සිටින්න.😐
-------------------

(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)

තවත් කෙනෙකුට කියවන්න share කරන්න.

තෙරුවන් සරණයි.🙏
(හෙරලි.)

Friday, September 6, 2019

16. ඉත්තෑපවුල - 2 (අම්මා -නංගි- බිරිඳ)




🔴ඉත්තෑපවුල - 2🔴 (අම්මා -නංගි- බිරිඳ)
   ==============


“ඉතිං කියන්නකො සර් විස්තරය… පැහැදිලි විසඳුමක් නොලැබුනත්... විශ්වාසවන්ත කෙනෙකුට ප්‍රශ්නය කීවාම හිත සැහැල්ලු වෙනවා... හරියට, සැරව පිරිලා තිබුණු තුවාලයක් සැරව ඉවත් වෙලා පිරිසිදු වුනාම වාගේ...“

පසුගිය ලිපියේ මම දැක්වූ "ඉත්තෑ කථාව අසාගෙන සිටි ගුරුමහතා, මා හට ස්වකීය ප්‍රශ්නය එකින් එක පැහැදිලි කළේය.

“හාමුදුරුවනේ, මම බැඳලා ආපු මුල් කාලේ නම් පවුලේ හැමෝම හොඳින් හිටියා...“

“අපේ නෝනා වෙනම ඉන්න ඕනි කියලා කීවත්, මට එහෙම යන්න තරම් වත්කමක් තිබ්බේ නැ...“

“අනික අම්මයි නංගියි විතරක් තනියම දාලා මට යන්න පුළුවන් කමකුත් නෑනේ...“

“ගමේ මිනිස්සු සහ නෑදෑයො වුනත් හිතාවි, බැන්දට පස්සේ අම්මලා තාත්තලා අමතක වෙලා කියලා...
අනික පවුලේ වැඩිමලා විදිහට මට ඒ වගකීම් වලින් මිදෙන්නත් බෑනේ... wife ටත් ඒ දේවල් පැහැදිලි කරාම එයා එකඟ වුනා මහ ගෙදරම එකට ඉන්න...“😊

“අලුත ගෙනාපු මනාලි වහලෙත් ගොම ගානවා වාගේ මෙයත් ඉතිං තියෙන සියලුම වැඩ කරා මුල් දවස්වල...😊
එයත් job එකක් කරන කෙනෙක්නේ... පස්සේ පස්සේ මහන්සි කියලා ඒ වැඩ කිරිල්ල අඩුවෙලා ගියා... උයන්න යන්නැති එකෙන් තමයි අම්මා මෙයා එක්ක නොහොඳ වෙන්න පටන් ගත්තේ...“😐

“මම උනත් කල්පනාකරේ ඉතිං... අම්මලා වෙනදත් මෙයා ඉදලා නෙවෙයිනේ ඉව්වේ... පරණ විදිහටම කරගන්න බැරි ඇයි කියලා...“🤔

“වයිෆ් නම් කීවේ උයන එක, ටික ටික අඩු කරේ, මගේ නංගි කීවාලු
"අක්කා උයන ඒවාගේ ලුණු අඩුයි කියලා, මිරිසුත් අඩුයි කියලා...“ එයා මට කීවේ අපේ පැත්තේ ලුණු - මිරිස් දාන ගානට තමයි දැම්මේ ඔයාලගේ අම්මා උයන විදිහට මට නම් සැර වැඩී කියලා...“😐

“ඔන්න ඔය වාගේ ප්‍රශ්න ටිකක් මුලින් මට මෙයා කීවා...“
මම ඒවාට උත්තර දෙන්න කලින්ම මෙයා කියනවා...
ඔයාට මම කීවේනේ කුලියට තැනක් අරගෙන යමු කියලා මුලින්ම... දැන් පේනවානේ අහන කතා “ ආදී විදිහට නොයෙකුත් පැමිණිලි එන්න එන්නම වැඩිවුනා හාමුදුරුවනේ...“😐

“වෙනදා ඉතිං මමත් අම්මලා එක්ක කියව කියව කුස්සියෙයි T.V බලන ගමන් සාලෙයි ඉන්නවා...“ නංගි එක්කත් ඉතිං කතා බහ කරෙන්නේ ඔය වෙලාවට...“
“නංගියි - අම්මයි එක දවසක මට කීවේ “ දැන් මම වෙනස්වෙලාලු... ගෑනිත් එක්කම විතරලු කතාව කියලා... ඉතිං හාමුදුරුවනේ අපි දෙන්නම බැඳපු අලුතනේ... හම්බෙන්නේ හැන්දෑවට විතරයි...“😐

“ ලොකුම ප්‍රශ්නය වුනේ මම පඩි ගත්තාට පස්සේ... වෙනදා ඉතිං මම පඩි අරගෙන... නංගිගේ අතට ගාණක් දීලා අම්මට තමයි ඉතිරු ටික දුන්නේ... මගේ අතේ පොඩි ගානක් තියාගෙන... ඉතිං මට දැන් ගෑනියෙක් ඉන්න නිසා මම පඩිය දුන්නේ wife අතට... එයා තමයි නංගි අවශ්‍ය ගාන දුන්නේ...“😐

“නංගි කීවාලු සල්ලි එපා කියලා... මට හිතාගන්න බෑ ඇයි ගෑනු එහෙම හැසිරෙන්නේ කියලා... ඉතිං නෑනලා- නෑනලා තේරුම් ගන්නේ නැත්තං මම මොනව කරන්න ද? එයා දැන් පිට ගෑනියෙක් නෙවෙයිනේ...“😐

“අනික ඉතිං අපේ හාමුදුරුවනේ අපේ එක්කෙනාගෙත් උගත් මාන්නේ... එයා උගත් ගෑනි, රස්සාවක් කරනවා හම්බකරනවා කියලා එයා හිතන්නේ නංගි එයාට දෙකට නැමිලා ඉන්න ඕනි කියලා... wifeගේ අම්මාට සලකන විදිහට තමයි මෙයා මෙහෙත් සලකන්නේ...“ ඉතිං මේ මෝඩ ගෑනිට තෙරුම් ගන්න බෑද තමන්ගේ අම්මා වෙනයි අපේ අම්මා වෙනයි කියලා...“ 😐

“හැමෝම තම තමන්ගේ Ego maintain කරනවා හාමුදුරුවනේ ... මම තමයි තැලෙන්නේ...“හාමුදුරුවො දන්නවානේ... මම අරක්කු සිගරට් එකකවත් නොබොන.. කෑකො ගැහිලි ආදියට අකමැති සාමන්‍ය නිවිච්ච මිනිහෙක් කියලා... එත් දැන් මට වෙන්නේ හැම එකටම කෑ ගහගෙන දගලන්න... මම හිතන්නේ මම මුළු ජිවිත කාලෙටම කතා කරපු වචන ප්‍රමාණයත් මේ අවුරුද්දට කතා කරන්න උනා... ප්‍රශ්නම බේරන්න...“

“මේ ඊයේ පෙරේදා පටන් ගත්තේ අපේ ගෑනි අදින ඇදුම් පැළදුම් අපේ අම්මාට අල්ලන්නෑ කියලා...“ අපේ අම්මත් රංණ්ඩු වෙන්නම බලාගෙන ඉන්නවාද කියලා හිතෙනවා හාමුදුරුවනේ... තව ටික දවසක් ගියොත් wife එක්ක අපේ අම්මා කෙහෙවලු පටලවා ගන්න බැරි නැ... ඇගෙ තියෙන හයියට අපේ ගෑනි අම්මට එකකවත් ගැහුවොත්...“😢😢

ගුරුතුමා සුසුමක් හෙළා නිහඩ විය. ඇත්තටම ඔහු කලාතුරකින් දැකිය හැකි සාමකාමී නිශ්ශබ්ද මිනිසෙකි. දරුවන් වෙනුවෙන් කැපවෙන ගුරුවරයකි. ඔහු ඇස්වල කදුළු පුරවාගෙන මෙන්, නැවත කතා කළේය.😢

“දැන් නංගි මාත් එක්ක මාසෙකින් විතර කතා කරලා නෑ... අම්මා නොකියා කියනවා... wife ආවාට පස්සෙලු මේ ගෙදර සාමය නැති වුනේ... ගෑනි කියන්නේ... එයාට තිබ්බ නිදහස් ජිවිතේ නැති වුනාට පස්සෙලු මාත් එක්ක ඇවිල්ලා... මම ගිරේට අහුවුනු පුවක් ගෙඩිය වාගේ... හැම පැත්තෙන්ම තැලෙනවා හාමුදුරුවනේ...“ මගේ ඉවසීමේ සීමාවත් දැන් පනින්න ඔන්න මෙන්න...“😢

“හාමුදුරුවො කියන්න බලන්න මේකට මම මොනවද කරන්න ඕනි...“

“මහත්තයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ...?

“දැනට නම් තියෙන එකම විකල්පය Rent එකට ගෙයක් අරගෙන යන එක... සති අන්තයට මම අපේ ගෙදර යන්නත්... එයා එයාලා ගෙදර යන්නත් කතා කරගත්තා... වෙන නම් විදිහක් නෑ හාමුදුරුවනේ කසාදේ රැකගන්න...“

“ තාත්තත් නැතුව මාව මේ මට්ටමට ගෙනාපු අම්මත් මට ඕනි... මාව විශ්වාස කරලා ආපු නෝනත් මට ඕනි...“😢

මා ගුරුතුමා සමිපයට කිට්ටුව, ඔහුගේ දකුණත අල්ලා ගත්තේ... පිරිමින්ට හැඩීමට අවකාශයක් අවශ්‍ය බැවිනි. ඒ සඳහා විශ්වාසනීය පුද්ගලයෙකු අවශ්‍ය බැවිනි. කදුළු වලින් වේදනාව හදවතින් බැහැර වූ විට, පිරිමි මනසට ද සැනසීමක් ඇතිවෙන බව මා විශ්වාස කරමි. 😢

--------------------------------------------------

මගේ අදහස
------------.
🔴 “අසංවේදීභාවය“ මේ සියලු ප්‍රශ්න වලට හේතුව යැයි මම සිතමි. තම තමන්ගේ මාන්නය නඩත්තු කරන මිනිස්සු අසංවේදී වේ. අනිකාගේ මානසික මට්ටම ගැන නොසිතන ඒ අසංවේදී මිනිසුන් හා ගැහැනුන් අප අවට සිටින තාක්කල් අප හට නිතර මානසික පීඩා විදීමට සිදු වේ.

🔴 පියාගේ අභාවයෙන් පසු දරුවන් දෙදෙනෙකු උස් මහත් කළ මව ඔහුට අවශ්‍යම වේ. තියෙන එකම ලේ ඥාතිකමට ඇයට අවශ්‍ය වේ.
“ඤාතකානඤ්ච සංගහො“ ඥාතීන්ට සංග්‍රහ කිරීම මංගල සූත්‍රයහි දැක්වෙන බුද්ධොපදේශයකි. පුද්ගලයෙකුට හුදකලාව සමාජයේ ජීවත්වීමට නොහැක. එමෙන්ම ඔහු කෙළහිගුණ ද දැක්විය යුතුය.

🔴 ඔහුගේ අනාගතය රැදී තිබෙන්නේ බිරිඳ මතය. බිරිඳ පැමිණ පසු ඔහුට බිරිඳට මුලිකත්වය දිමට සිදුවේ. එයද බුද්ධ අවවාදය වේ. (ගෘහමූලිකාව යනුවෙන් මා ලියූ ලිපිය කියවන්න.) “ඉස්සරිය වොස්සග්ග දානෙන“ යනුවෙන් ඒ බව සිඟාලෝවද සූත්‍රයේදී දැක්වේ.

🔴 මා පෙර කී පරිදි ඉත්තෑ පවුල මෙන් ස්වකීය මාන්නය ඉවත ලා “සංවේදී “ පුද්ගලයන් ලෙස ඔවුනොවුන් දෙස බලා ජීවත් වීමට හැකි නම් ගැටලු අවම වේ. බුදුන් වහන්සේ දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසන්නේ ඔබවහන්සේලා කෙසේ දිවිගෙවන්නේද යනුවෙන් විමසු අයුරු චූළඝෝසිංග සුත්‍රයේ ඇතුළත් වේ. අනුරුද්ධ තෙරුන් වහන්සේ උත්තර දෙනු ලබන්නේ

“සමග්‌ගා සම්‌මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්‌ඤමඤ්‌ඤං පියචක්‌ඛූහි සම්‌පස්‌සන්‌තා විහරාමා’’ති

✔(සමගිව එකට එක්ව, විවාද නොකරමින්, කිරි සහ වතුර මෙන් එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරමු ) යනුවෙනි.

පිරිසක් එකට දිවි ගෙවන්නේ නම්... තම තමන්ගේ මාන්නය ඉවතලා එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරමට තරම් උගත් කමක් නොමැති නම් එය උගත් කමක් නොවේ. බොහෝ උගත් මාන්නාධික රැකියාවක් ඇති කාන්තාවන් ලඟ එම ජීවිතාවබෝධය නොමැති වීම ගැටුම් උග්‍ර කරවයි.

🔴 මෙහි ප්‍රධාන චරිතය වෙන නැන්දම්මා ද එසේ ප්‍රිය මනාපව බලන චරිතයක් නොවීම ද ගැටලුවකි. අලුත් ජීවිතයකට ඇතුළත් වෙන ලේලිය ජිවිතය ගැන එතරම් දන්නේ නැත. ඇයටත් ආදර්ශයක් වෙමින් ස්වකීය පුතුට හොද බිරිඳක් කිරීමේ වගකීම නැන්දම්මාට හිමිය.

🔴 විවාහ වූ පසු තමන්ගේ සුරතල් පුතා නොවන බවත්, ඔහුට හා ඇයට පෞද්ගලික ජිවිතයක් ඇතිබව නැන්දම්මා කල්පනා කළ යුතුය. තමනුත් මෙහෙම යුගයක් පසු කළ හෙයින් ඒ ඇසින් බැලිය යුතුය. දැන් තමන්ගේ පුතාගේ ඇදුම් හේදීමට, බත් කැවීමට, තේ හදා දීමට හෝ හුරතල් කිරීමට සුදුසු නොවන බව අකලට නාකි නොවූ නැන්දම්මලා තේරුම් ගත යුතුය. එහෙත් අම්මලා තමන්ගේ හුරතල් පුතාව අතනොහැර බැඳීම තබාගෙන යාම බොහෝ ප්‍රශ්නවලට මුලය. පවුලේ තනි දරුවා ලෙස සිටින පුතෙක් විවාහ කරගන්න යුවතියන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවේ. ගෙදර සිටියත් මේ තත්ත්වය එළඹෙන අතර වෙනම පදිංචි වුනොත් සියල්ල අතට පයට කරදීමට සිදුවෙන සැමියෙක් බලාපොරොත්තු විය යුතුය. තනි දරුවන් සිටින අම්මලා පුතාගේ පස්සා පැත්ත ද සේදීමට පුරුදුව සිටින බැවින් ඒ කරදර සියල්ලම අනාගත බිරිඳට විඳින්නට සිදුවෙනවා නොඅනුමානය.

🔴 නැන්දම්මා ලේලිය දෙස තමන්ගේ දුව ලෙසම ප්‍රියඇසින් බැලිය යුතුය. තම දුව කුමන වරදක් කරත් ගණන් නොගන්නා අම්මා සේ කටයුතු කළ යුතුය.

🔴 අලුත පැමිණෙන ලේලිය ඉවීමේ පිහීමේ කෙළ පැමිණි අයෙකු නොවේ. ඇය ද තවත් අම්මා කෙනෙකු ලඟ හුරතලයට හැදුනු තැනැත්තියක ලෙස ප්‍රිය ඇසින් බැලිය යුතුය. එමෙන්ම මෙය කියවන ගැහැනු දරුවන් ඇති අම්මලාට වගකීමක් ඇත. ඒ නම් තවත් ගෙදර බැනුන් අහන්නට නොවන පරිදි තමන්ගේ ගැහැනු දැරිවිව උස් මහත් කිරීමයි. ෆෙමිනිසම් ඉගැන්වීමට අමතරව ඇයට ඉවීම් පිහුම් ද ඉගැන්විය යුතුය.

🔴 “නෑනලා යනු සමහර විට ගෙදරට පැමිණ අලුත් චරිතයට නොදැවිණි වීමට දඟලන කොටසකි. එසේ නොවී ඇයව තමන්ගේ සහෝදරියක් ලෙස හෝ යෙහෙළියක් ලෙස බැලීමට තරම් ප්‍රිය ඇසක් තිබුණෙ නම් , සංවේදී මනසක් වූයේ නම් ගැටුම් අවම වේ. එහෙත් නෑනලා - නෑනලා එකතැන තැබීමට බොහෝවිට අපහසුය. ගැහැනුන්ට ස්වභාවයෙන් උරුම වන ඊර්ෂ්‍යයාකාරී චිත්තවේග ඔවුන්ට පාලනය කර ගත නොහැක.

🔴 සියල්ලටම වඩා මා නිර්දේශ කරන දෙය නම්, විවාහවීමෙන් පළවෙනි දවසම වෙනම තැනක කුලියට හෝ ජීවිතයක් ආරම්භකළ යුතු බවය. එහි වාසි කිහිපයකි.

✔1. ලිංගික ජිවිතය තමන්ට රැචි පරිදගත කරන්නට ලැබීම පළමු වාසිය වේ... මක් නිසාද යත් පහු පහු වන විට පිරිමින් වෙනස්වෙන බැවිනි. මුල්කාලීනව ඔවුන්ගේ තිබු රැචිය කෙමෙන් මඟ හැරී යයි

✔2. කාන්තාවට ස්වාධිනව තමන්ගේ ඉවුම් පිහුම් ආදි තීරණ ගත හැක. තමන්ගේ ගෘහ ජීවත අත්දැකීම් වැඩිකරගත හැක. එයට supporting husband චරිතයක් ලැබුනොත් නම් හොදය. තනි දරුවෙකු ලෙස හැදුනු පිරිමි ලමයෙකුගෙන් නම් බොහෝ විට එසේ උදව් බලාපොරොත්තු විය නොහැක.

✔3. ඤාතීන් සමඟ දුරස්ත සම්බන්ධතාව ඤාති හිතවත් කම් ආරක්ෂාවීමට ද හේතුවක් වන හෙයින් නැන්දම්මා ලේලි ගැටලුව ඇති නොවීම, නෑනා - නෑනා ගැටුම් ඇති නොවීම තවත් වාසියකි.

🔴අවාසි.😐
✔1. ආර්ථික වශයෙන් විශාල පාඩුවක් ඇතිවීම වැලැක්විය නොහැක. එය බොහෝ විට බලපාන්නේ පිරිමි පාර්ශවයට බැවින් බිරිඳ සමඟ ගැටුම් හදාගැනීමට ද හේතුවක් විය හැක.
✔2. අලුත් මනාලියට ඉවුම් පිහුම් ආදි දේවල් තනිවම කරගත යුතුවීම සමහර විට ගැටලුවකි. රැකියාවකට යන්නෙ නම් එය තවත් ගැටලුවකි. දරුවන් ලැබුනු කළෙක තවත් අපහසුතාවයට පත්වේ.

✔3. ආරක්ෂාව ඊළග ගැටලුව වේ. රැකියාවක් නොකර මනාලියක් නම් හුදකලා ජීවිතය ගැටලුවකි.

🔴 එතෙකුදු වුවත්, අලුත විවාහ වන දෙපළක් දරුවන් ලැබෙන කාලයක් වනතුරුවත් වෙනම ජීවත් වන එක සුභදායක වේ. ස්වාමියා විසින් තමන්ගේ මව දෙස බලා මේ තීරණය ගත යුතුය. තමන්ගේ මව කුමන ආකාරයේ චරිතයක් දැයි ඔබ හොදින්ම දනී. නිතර තරහා යන බැනවදින ඉතා පැරණි ආකල්ප මත ජිවිත් වන කෙනෙකු සමඟ නව මනාලියට එකට සිටිය නොහැක. මුලින් ලේලිය ගැන ඉතා ආදරයෙන් සිටිය ද ඒවා ඉතා ක්ෂණයෙන් වෙනස්වනබව මෙය කියවන පිරිමි පාර්ශවය තේරුම් ගත යුතුය. ❤❤❤

තෙරුවන් සරණයි.
(හෙරලි.)

Wednesday, September 4, 2019

15. ඉත්තෑ පවුල.


🔴ඉත්තෑ පවුල. 🔴
   ========
“අපේ හාමුදුරුවො ඔහොම කීවාට, මට නම් ගෑනුත් එපා වෙලා, පවුල් ජීවිතයත් එපා වෙලා තියෙන්නේ...“
“ඇයි සර්... මොකද්ද ගැටලුව...“

කලින් ලිපියෙහි මා සමඟ සංවාදයේ යෙදී සිටි මා හිතවත් ගුරුමහතා එසේ පැවසුවේය. “මා feminist දැයි ඔහු මාගෙන් විමසා සිටි අයුරු හා මා පිළිතුරු බැඳි අයුරු ඔබට මතක ඇතැයි සිතමි. ඔහු සුසමක් හෙළා මට දුන් පිළිතුරයි ඉහත ඇත්තේ.

“ සර්... මොකද්ද ඉතිං ගැටලුව?..“

“අපේ ගෙදර ඉන්න ඉන්න ගෑනු තුන්දෙනා තමයි...“

“කවුද ?“

“ අපේ අම්මයි, නංගියි ගෑනියි තමයි ඉතිං“

“සර් බැඳලා වැඩි කාලයක් නෑනේ... මොකද්ද ප්රශ්නය“

“එහෙමයි... මෙ මාස කීපයට මට ගෙදර වාසය කිරිල්ල එපා කරවලා තියෙන්නේ...“

“වුණේ මොකද්ද කියලා කීවේ නෑනේ තවම“

“අම්මයි නංගියි එක පැත්තක, ගෑනි එක පැත්තක, උන් දොගොල්ල අතරට මම ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වාගේ තැලෙනවා අපේ හාමුදුරුවනේ...

“මම ගෙදර ඉන්නේ කනට ඇඹ ගහගෙන...“ හැන්දෑවට වැඩක් නැතත්, මම එක එක යාලුවන්ගේ ගෙවල් වල යන්නේ මට ඒ රණ්ඩු බේරන්න බැරි නිසා...

ඔක්කටම වඩා කට සැර අපේ ගෑනිගේ... ගෑනිව ගෙදර ඇරලලා, ඒ මහ එවුන් එක්ක ඕන කුදයක් ගහගන්න කියලා... අම්මයි නංගියි එක්කම ඉන්නවා කියලාත් හිතිලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ...“

ගුරු මහතා ප්රශ්නය කීමට මැළිවෙන බවක් පෙනෙන්නට විය. සමහර විට පිරිමි එසේ වෙති. අනුන්ට ප්රශ්න කිමට කැමැත්තක් නැත. පිරිමි ප්රශ්න හංගාගෙන තනිවම කල්පනා කොට පිළිතුරු සෙවීමට කැමැති වෙති.

“ම්ම්ම්... මට ටිකක් විතර හිතාගත්තෑකි සර් කියන්න උත්සහ කරන්නේ මොකද්ද කියලා...“ මමපොඩි කථාවක් කියන්න ද සර්ට...“

“එහෙමයි...“ ඇල් මැරුණු ආකාරයෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.

“ඉත්තෑවො පවුලක් ඉදලා තියෙනවා බොහෝම සීත පළාතක...“
“සීත කාලේ වැඩිවෙමින් යද්දී එකිනෙකා මිය යන්න පටන් අරගෙන තියෙනව අධික සීතල නිසා...“

“ඉතිං... අපෙ හාමුදුරුවනේ...“ කථාව ඇසීමට ඔහුගේ උන්නදුවක් දැන් ඇති හැඩයි.

“ඉතිං... ඉත්තෑ පවුලේ හිටපු ප්රධානියා තීරණය කළා තමන්ගේ අත්දැකීම් එක්ක, සීත කාලේ අඩුවෙලා යනකල් හැමෝම එකට ගුලිවෙලා හිටියොත් බේරෙන්න පුළුවන්, වෙන් වෙන්ව හිටියොත් මැරෙන්න තමයි වෙන්නේ කියලා...“

“ඊට පස්සේ ඉත්තෑ පවුලේ ඔක්කටම එකට බදාගෙන ඉන්න කියලා ගුල ඇතුළට වෙලා කියලා“ දැන්නුවා.

“ඒත් එකිනෙකා කිට්ටු වෙද්දි. ඔවුනොවුන්ගේ තිබ්බ ගඳ එකිනෙකාට උහුලන්නට බැරිව ගියා...“

“එත් ගඳට දොස් කියන ගමන්, අධික සීතල නිසා ඔවුන් ලං වුනා...“

“ලංවුනාම තවත් ප්රශ්නය උග්ර වුණා... ඒ තමයි එකිනෙකාගේ උල් එකිනෙකාට ඇනේන්න ගත්තා...“

“තමන් ගාව උල් කටු තියෙනකොට ආඩම්බර වුනාට... අනුන්ගේ උල් කටු ඇනෙනකොට රිදෙනවා කියලා ඉත්තෑවා උනත් දැනගෙන ඉන්ට නැතුව ඇති...“

“අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො කීප දෙනෙක් කොයිතරම් ඇනුනත් එකටම ඉමු කියලා හිතුවත්, තරුණ ඉත්තෑවො අපට බෑ කියලා ඒ ගුලෙන් වෙන්වෙලා ගියා...“

“සිතකාලේ ඉවර වෙලා බලනකොට...“
වැඩිහිටි ඉත්තෑවො විතරක් ඉතුරුවෙලා... හුදකලා වුණු තරුණ ඉත්තෑවො ටික මැරිලා ගිහිල්ලා සීතලටම...“

“තුවාල තිබුණත්... අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො ටික ජීවත් වෙලා ඉන්නවා සර්...“

ගුරුතුමා... තවම නිහඩය. මුහුණට බැරූරුම් පෙනුමක් ආරූඩ වී ඇත.

ඔහු යමක් කියන්නට සැරෙන බවක් මට පෙනුනි.

(සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තෙරුවන් සරණයි.
(හෙරලි.)

1. මෙ‍‍හෙම තෝරන්න පුළුවන් ද ගැහැනු/ පිරිමි?



පොල් ‍‍ගෙඩියක් හොඳ ද නරක ද කියලා, හොලවලා බලලා කියන්න පුළුවන්. 
බණ්ඩක්කා, නැට්ට කඩලා බලලා කියන්න පුළුවන්, හොඳ ද නරක ද කියලා.
මිනිස්සුන්වත් පුළුවන් නම් එහෙම සරල විදිහට මනින්න. ඒ කියන්නේ හොලවලා බලලා ?😁 නැට්ට කඩලා බලලා ?😁
නැහැනේ මිනිස්සුව මනින්න බෑනේ ඒ විදිහට. 

එහෙනම් කොහොම ද මිනිස්සුන්ව මැන ගන්නේ හොදයි ද නරකයි ද කියලා. වෙන කිසිම ක්
රමයක් නැ. ‘ඇසුරු කිරීමෙන් පමණයි‘ 😕මිනිස්සුන්ව මනින්න පුළුවන් වෙන්නේ.
ගොඩක්ම අපට මිනිසුන් හදුනාගැනීම අවශ්ය වන්‍‍නේ කසාද බැදීමට. මොකද එතැන වැරදුනොත් ජිවිතයේ සෑහෙන කාලපරිච්ඡේදයක් දුක්වෙන්න සිද්ධවෙන නිසා. 

ඒ නිසා මම මේ කියන ටික අවිවාහක අයට (කෙල්ලන්ට කොල්ලන්ට) නම් වැදගත් වෙයි. 

ඉස්සර නම් අංගලක්ෂණ ශාස්ත්රය අනුව පුළුවන් කම තිබ්බාලු දුෂ්ට දුර්ජනයෙක් ද, යහපත් මිනිහෙක් ද කියලා මනින්න. එත් දැන් එහෙම දන්නා අය නෑනේ. 
මිනිස්සු හරිම දක්ෂයි රගපාන්න. නරක ගති හංගාගෙන හොද ගති විතරයි මුලින් මුලින් එලියට දාන්නේ. ඒ නිසා ගොඩක් අය කාලයක් ගිහිල්ලා කියන්නේ මම ඒ මිනිහාට රැවටුනා කියලා. 

මට මේ පිනතූරය දැක්කාම, “සත්තජටිල සූත්
රය“ මතකයට ආවා. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ තියෙන සුත්රයක්. එම සුත්රෙය් බුදුන් වහන්සේ දේශනා කරනවා මිනිහෙක් හදුනාගන්න පුළුවන් ක්රම 4ක්. 
හැබැයි ඒ ඔක්කම “දීර්ඝ කාලයක්,“ - (කෙටි කාලයක් නොවේ.)
“සිහිනුවනින්,“ - (අසිහියෙන් නොවේ)
“බුද්ධිමත්ව“ - (මෝඩයෙකු ලෙසින් නොවේ) කරන්න පුළුවන් වැඩ කියලයි කියන්නේ. 

එතකොට ඉතිං තරුණ කෙල්ලන්ට කොල්ලන්ට මේ ලක්ෂණ තියෙනවාද කියන එකයි ගැටලුව. 

කඩේට ගියාම පොල් ගෙඩියක් තොරන්න, ගැහැනු අය කරන දෙයක් තමයි, මුළු පොල් ගෝනියම හොලවලා බලන එක. ඒක ගන්න පුළුවන් උඩ කාරණා 3ටම. සමහරු හොද පොල් ගෙඩියක් අතට අරගෙන, කිහිල්ලේ ගහගෙන, ඉතිරු පොලුත් හොලවලා බලනවා තවත් හොද එකක් තියෙනවාද කියලා මිටත් වඩා. 

ගැහැනු තෝරන්න හරි දක්ෂයො. හිසට දාන ෂැන්පු එකෙ ඉදලා පයට දාන සෙරෙප්පු දෙක වෙනකල් තොරන්න දක්ෂයො. වෙලාව අරගෙන තෝරනවා. කඩ කීපයකට ගිහිල්ලා බලනවා. වෙලාව ගන්නවා. හොදයි කියලා හිතුනු එකක් ගන්නවා. වැදගත්ම දේ තමයි, ගෙදර ඇවිල්ලා හිතුනොත් මේක හරි නැ කියලා, නැවත ගිහිල්ලා දෙනවා. return කරනවා. 

පිරිමි නම් ඔය මොකුත්ම නැ. තෝරා ගෑනිමේ චින්තය අන්තිමයි. 
එත් ගැහැනු ප්රේම සම්බන්ධයක් පටන් ගන්න ගියාමත් එහෙමද? ජිවිතයේ වැදගත්ම තීන්දුව ගන්න ගියාමත් එහෙමද? දක්ෂ ද තෝරන්න. 

අර පොල් ගොනිය හොලවනවා වාගේ හොය හොය යනවාද? නැත. 

කිසිසේත්ම නැත. හොද එකක් ලගට එනතුරු බලාසිටි. එක පොල්ගෙඩිය කිහිල්ලේ ගහගෙන වෙනත් එකක් හොද දැයි තෝරන්නේ ද නැත. නරක බව දැන දැන අල්ලාගෙන සිටි. ‘මට පුළුවන් මෙයාව හදාගන්න.“ (මෝඩ ගෑනු)😕 අවුරුදු 25ක් දෙමාපියන්ට හදන්න බැරිවෙච්චි එකා, අවුරුදු 13ක් ඉස්කොලෙන් හැදෙන්න බැරි වෙච්චි එකා, අවුරුදු 8ක් දහම්පාසලට හදන්න බැරිවෙච්චි එකාව, කෙල්ල හිතනවා. බැන්දට පස්සේට මට හදාගන්න පුළුවන් කියලා. ඒක තමයි ගෑනුන්ගේ තියෙන ලොකුම ගොන් කම. දුර්වල කම, ගැහැනු ගතිය. අර return ගතිය මෙතනදි retain (රඳවාගන්නවා) ගතිය බවට පත්වෙනවා.. කාන්තා ඔබට ඕනි සිගරට් නොබොන පිරිමියෙක් නම්, ඔබ මුල පටන් සිගරට් නොබෙන කෙනෙක් තෝරාගන්න ඕනි. සිගරට් බොමින් ඉන්න මිනිහෙක් නොබොන විදිහට හදන්න බැ. අවශ්යත් නැ.

එතකොට පිරිමි. පිරිමි හරියටම මේ පින්තූරය වාගේ. මොකක් තේරුවේ නැතත් තමන්ට අවශ්ය සහකාරිය තෝරනවා. හොදට තෝරනවා. එක පොල් ගෙඩියක් කිහිල්ලේ ගහගෙන වෙනත් හොද පොල්ගෙඩි ඇතිද කියලත් බලනවා. හම්බුනු ගමන්, කිහිල්ල තිබ්බ එක අතෑරලා අර හොද එක අරගන්නවා. ඒ නිසා පිරිමි දුක් විදිනවා අඩුයි. ගැහැනු නම් එතනදි පරාදයි.
නමුත් කොයිතරම් පොල් තේරුවත්, පිරිිමින්ට දොසක් නැ. එතකොට තමයි ‘ඌ ‘පොරක්‘ වෙන්නේ. වැඩිපුර පොල් තේරුවොත් ගැහැනියට, ‘ඒකී බඩුව“ යන නාමය අහගන්නට වෙයි. ඒක පළමුවෙන්ම කියන්නේ ද ගැහැණියක් වීම විහිළු සහගතය. ඔව්, ගැහැනුන්ට වැඩියෙන්ම අපහස කරන්නේ ද ගැහැණියයි. 

ඉතිං .. ඔය කියන නරක නාම, චෝදනා පැත්තකට දාල, ගැහැනු ඔබට පුළුවන් නම්, හොදම පොල් ගෙඩියක් තෝරන්න. ඔබ වාසනාවන්ත වෙවි. එත් ගැහැනු ලගට ගිහිල්ලා පිරිමි තෝරන්නේ නැ. ලගට එනකල් ඉන්නවා. ඒක හරියට, හොද පෝල් ගෙඩිය තමන්ව හොයාගෙන එනවා වාගේ වැඩක්.
ඊළගට සමහරු අතට අහුවෙච්චි පළවෙනි පොල් ගෙඩිය හොදම එක හැටියට හිතාගෙන අරගෙන එනවා. හම්බුනු පළවෙනි කොල්ලා අතෑරගන්න බැරිව නහයෙන් අඩන, හොටු පෙරන, විරහ ගී ගහන මෝඩ ගෑනු මගේ ලිස්ට් එකෙත් ඕනි තරම් ඉන්නවා. ‍‍‍මේ පින්තූරයේ සිටින පිරිමියා වාගේ වෙන්න පුළුවන් ගැහැනියක් නම් ඔබත්, ඔබටත් සුදුසු පුද්ගලයා තොරාගන්න පුළුවන්. එත් ගැහැනු කවදාවත් නොකර ඒ වැඩෙ නිසා, 90% කසාද ජිවිත වල ගැහැනු දුක්විදිමින් සිටි.
ඒක නිසා, දීර්ඝ කාලයක් ඇසුරු කරන්න, සිහියෙන් ඇසුරු කරන්න, බුද්ධිමත්ව ඇසුරු කරන්න. හොද නැත්තං අතාරින්න😊. වෙනත් එකකට යන්න. තෙරුවන් සරණයි. 


2. ආදරය, අල්ලා ගැනීම සහ අතහැරීම. (උපාදානය)

ආදරය, අල්ලා ගැනීම සහ අතහැරීම. (උපාදානය)
        =======================
පෙර දවසක කැලණිය විශ්වවිද්‍යාලය අභියස දී පෙම්වතියට පිහියෙන් ඇනපු පුවතක් වාර්තා විය. විරහව ඉවසාගත නොහැකි ප්‍රභල වේදනාවක්. එහි සිදුවූයේ කුමක්දැයි අපි සැබැවින් නොදනිමු. (ලංකාවේ ප්‍රවෘත්ති එක ලෙසින්ම විශ්වාස කරන්නේ, මෝඩයෝය) එහෙත් කිසිදු අයුරකින් ප්‍රේමය- වෛරයක් විය නොහැක. කිසි සේත්ම නොහැක. එසේ ප්‍රේමය යම් හෙයකින් වෛරයකට පෙරළුණි නම්, එහි තිබී ඇත්තේ ප්‍රේමයක් නොවේ. වෙනත් මොකක් හරි එකකි. සමහර විට එම තරුණයා ප්‍රේම කර ඇත්තේ ඇයට නොවේ. තමන්ටය. තමන්ට ප්‍රේම කළ විටයි, අනිකා අහිමි වූ විට කෝප වන්නේ. පිහියෙන් අනින්නේ. තරුණයා විසින් ඇයට ප්‍රේම කළේ නම්, ඇයගේ නිදහසට ඉඩ දෙයි, ඇයගේ සැපතට ඉඩ දෙයි, ඇයගේ දියුණුවම බලාපොරොත්තු වෙයි. එහෙත් වත්මනය තුළ එසේ ප්‍රේමයක් නැත. ඇත්තේ ආත්මාර්ථකාමී ගනු දෙනුවකි. එයට ප්‍රේමය යැයි කිව නොහැක. සැබවින්ම නොකිය යුතුය. ඒය ගනුදෙනුවකි. ඔව්. ඔවුන් අතර තියෙන්නේට ඇත්තේ ගනුදෙනුවකි.

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ -
රිසි වු කෙනෙකුට පුජා කරන්නට
ලෝභ සිතින් තොර පිදුව මනාවේ -
#පෙරලාලබන්නටනොසිතාබිදකුත්.“ සරත්චන්ද්රයන් පෙන්වා දෙන සැබෑ වූ ප්රේමය එයයි. (ආපසු ආදරය ලැබුනත් නැතත් කමක් නැත. ආදරය නම් දීම මිස, ගැනීම නොවේ යන්න එහි අදහසයි) 

යසෝදරාවන් පෙන්වන ප්රේමය ද එයයි. “කැලේ තියෙන කොයි දේවත් රස වේවා!“ දරුවෙක් සමග තනිව අතහැර ගිය ස්වකීය පුරුෂයාට මෙසේ සෙත් පතන්නට පුළුවන් වන්නේ තමන්ට නොව, අනිකාට ප්රේම කළ බැවිනි. එසේ ප්රේමය නොහදුනන උගත් ෆෙමිනිස්ට්වාදී ගැහැනුන්, සිද්ධාර්ථ විසින් යසෝදරා අතහැර ගියේ යැයි ඇයි දැයි ප්රශ්න කරයි. ඔවුන් නොදන්නා වු කරුණ වන්නේ, යසෝදරා විවාහ වන්නටත් පෙර සිටම, සිද්ධාර්ථ තමන් අතහැර යාම, දැන සිටි බවය. ඉහත පිහියෙන් ඇන්න තරුණයාට මෙන්ම, උගත් කාන්තාවටද ප්රේමය වැටහෙන්නේ නැත. එනිසාම දික්කසාද වීම, මිනීමැරීම් ඉහළ ගොසින්ය. එය ඔවුන් දෙගොල්ලනටම ගනුදෙනුවකි.

මේ පහත පින්තූර 4, ඉහත සිද්ධියේ විරුද්ධ පැත්ත අගවනු ලැබේ. සියුම් ලෙස අගවනු ලැබේ. අතිශය ගැඹුරු කථාවක් ඉතා කෙටියෙන් පවසනු ලැබේ. ස්ත්රී පුරුෂ ප්රේමයේ වඩා ආදර බර චරිතය කාන්තාව යැයි සිතමි. වඩා බොළද කාන්තාව යැයි සිතමි. වඩා ආදරය සොයනුයේ ද කාන්තාව යැයි සිතමි. එහෙත් 90% කාන්තාවන් නොදන්නාවු සහ කිසිදු දිනක තේරුම් නොගන්නාවු ප්රභල සත්යයක් ඇත. එනම් පිරිමින්ට කාන්තාවන්ගෙන් අවශ්ය ප්රධානම කරුණ නම් “නිදහස“ බවය. ඒ නිසයි විවාහ වුනාම, පිරිමි විතරක් ට්රිප් යන්නේ. ඔවුන්ට කාන්තාව වදයකි. කරදරයකි. උපාදානය හෙවත් කාන්තාවන්ගේ දැඩිව අල්වාගෙන සිටිම, පිරිමින්ට කරදරයකි. උගත් (මෝඩ) කාන්තාවන් එවිට අසන්නේ, “පිරිමින්ට ඕනි මගුලක් නටන්නට දී,නාවා ගෙට ගන්න කියලාද“🤭😂ආදී වශයෙනි. මට එයට පිළිතුරක් නැත. කාන්තාවන්ට අවශ්ය ආදරය, ආරක්ෂාව, සොයා බැලීම, කතා කිරීම, දෙඩවීම, එකට ගමන් යාම, ෆොන් එක චෙක් කිරීම, පාස්වර්ඩ්, ඉන්න තැන්වල ලොකේෂන් පැවසීම 99% පිරිමින්ට එතරම් අවශ්ය නැත. කාන්තාවන්ට මෙන්ම කෙසේවත් අවශ්ය නැත. ඔවුන්ට අවශ්ය නිදහසය. විශ්වාස කොට පිරිනමන්නාවූ නිදහසය. උදාහරණයක් කිවහොත්, සවස වැඩි ඇරී ගෙදර එන සැමියාට අවශ්ය, එකදු වචනයක් හෝ කථා නොකර, ගෙදරට පැමිණි විගසම තේ එක, නා ගැනීමට, ටීවි එක ටිකක් බැලීම, රසවත් ආහාර, සමග විනාඩි 5ක් (හැකිතාක් ඉක්මනට) පමණ සංසර්ගය අවසන්ව පැය 8 පමණ නින්ද යැයි කීවොත් කාන්තා ඔබ එකඟවනවාද? කාන්තාවට විනාඩි 2කවත් කාතාවකින් තොරව එසේ කළ හැකිද? කිසි සෙත්ම නොහැක. ඒක පවුල් ජීවිතයක්ද ඔබ අසාවි.... තර්කය කෙසේ වුවත්, ඇත්ත එයයි. 99% පිරිමින්ට අවශ්ය එයයි. එසේ නොමැති, කාන්තාව කන්කරච්චලයක් වූ විට, මෙම පින්තූරයේ මෙන් පුපුරා යයි. පුපුරා යන්නෙ අභ්යන්තරයෙනි. එසේ වූ විට පිරිමියා විසින් ඇය අත්හැර දමයි. එවිට වටපිටාවේ සිටින අය දකින්නේ “අනේ අච්චර ආදරය කරපු ගැහැනිය මු අතෑරියානේ “කියාය. එහෙම ඉතා උපදානය සහිත කාන්තාවන් කීප දෙනෙකු මම මගේ ලිස්ට් එක තුළද දකිමි. ඔවුන්ට එය නොවැටහීම ද පුදුම සහගතය. එබැවින් ඔවුන් විරහවම විදිනු ලැබේ. උපාදානය බුදුසමයට අනුවද වරදක් වන්නේ එම නිසාය. එය ප්රේම කරන සමයේ එතරම් නොවූ වත්, විවාහයෙන් පසුනම් නියතයෙන්ම පුපුරා යයි. අවසානාවට මීට උත්තරයක්නැත. ඇත්තේ adjust වීමක් පමණි. 







3. පිරිමින්ට විවාහය ගැලපෙන්නේ නැත.


පිරිමින්ට විවාහය ගැලපෙන්නේ නැත. 🤔               


(ලේඛන ව්යවහාරයෙන් මිදී කටවහර භාවිත කරනු ලබන්නේ බොහෝ දෙනෙකුට තේරුම් ගැනීම පිණිසය) මා මේ කියන ලබන කරුණ, පිරුණු මනසින් නොව, හිස් මනසින් බලන ලෙස ඉල්ලමි. පිරුණු භාජනවලට තවත් යමක් පුරවන්නට බැරිය. මා කතා කරනු ලබනනේ ස්වභාව ධර්මයා ගැනය. මාක්ස්වාදී / ෆෙමිනිස්ට්වාදි ගැහැනු මනසින් බැලූ කල මේ සියල්ල වැරදි ලෙස පෙනෙනු ඇත. මා කතාකරනු ලබන්නේ බහුතරයක් පිරිමි ගැනය. 1% පමණ මේ ස්වභාවිකත්වය ඉක්මවූ හොද පිරිමි කොටසක් ඇත. ඒත් කාන්තා ඔබට බහුතරයක් මුණ ගැසේන්නේ වැරදි පිරිමියාය.

අමිලා නිදීශානිගේ (සිරස සුපර්ස්ටා) ස්වාමියා මා දුටු අපුරු මිනිසෙකි. ඔහු තමන්ගේ බිරිද රට වටෙ ලොකේ වටෙ සවාරි ගොස් එනවිට දරුවා බලාගෙන ගෙදර සිටියේය. එය ඉතා අසිරු මානසික සටනක් වන්නට ඇත. එහෙත් එතුමා, තම බිරිඳගේ දියුණුව දැක සතුටු විය. ඇය නාලිකාවකට පැමිණ ප්රකාශ කරේ “මගේ සැමියා නැති නම් අද මම මෙතැන නැ“ කියාය. ඇය සිරස සුපර්ස්ටා වෙන විටවත් ඇය විවාහක යැයි කවුරුත් දැන සිටියේ නැත. විවාහක යැයි දැනුනානම් ඇයට දිනන්නට sms ලැබෙන්නේ ද නැත.😊 ඔහු අපූරු පිරිමියකි. විරල ගනයට අයත්ය.

ලෝක විවාහක රූ රැජින වූ ලමයි 3ක් සහිත කාන්තාවක් සමග කරන සාකච්චාවක් මම දැක්කෙමි. ඇයි කීවේ ඇදුම් මෝස්තරය පවා සැකසූයේ තමන්ගේ සැමියා කියාය. දරුවන්ගේ කටයුතු බලාගෙන තමන්ව මේ තැනට යාමට අවශ්ය කටයුතු සුදානම් කර දුන්නේ සැමියා කියාය. අන්තිම මොහතේ එහි සිටි සෙනග දැක බියට පත්වූ තමාව දිරිමත් කරේ ද සැමියා බව ඇය කීවාය. තමන්ගේ බිරිද බිකිනියකින් ස්ටේජ් එකකට නගිනවා බලාගෙන සිටිමට නම් ඒ ස්වාමියා පුදුම තරම් උපෙක්ෂාවක් තිබිය යුතුය.😊 ඇය ජනප්රිය වෙනවා බලාගෙන සිටීමට ඉතා උතුම් මනසක් පිරිමියෙකුට තිබිය යුතුය. එවන් පිරිමියෙකු ලබන ගැහැනියක් පුදුම වාසනාවන්තියකි. එහෙත් නකුලාමාතා-නකුල පිතාලා ටොං ගනනින් නැත.

මෙහි තිබන පුවත නම් බිරිද ඉගෙනගන්නා නිසා ගෙදර වැඩ පාඩුවීම ගැන කෝප වූ මුස්ලිම් සැමියෙකු බිරිදගේ ඇගිලි කපා දැමීමේ පුවතයි. ලංකාවේ ඇගිලි නොකැපුවත්, රස්සාවෙන් ඉවත් කරගෙන ගෙදර මෙහෙකාරියක් ලෙසින් තබාගන්නා පිරිමින් අපමණය. 😢
තමන්ගේ දියුණුවට කැමති, කුහක නොවන, සහයෝගී , උපකාරී සැමියෙකු, කාන්තාවක් විසින් සොයා ගැනීම දක්ෂ විය යුතුය. (කොල්ලොක් තමන්ගේලගට ඇවිල්ලා කැමැත්ත අහනකල් බලාගෙන ඉන්නා ගැහැනුන්ගේ සෝචනීය ඉරණම ගැන මම කලින් ලිපියක් ලීවෙමි) මෙතැන් පටන් මම පිරිමින්ගේ ස්වභාවිකත්වය ගැන කතාකරන්න බලාපොරොත්තු වෙමි.

මා නිතර කියන කරුණක් නම්, පිරිමින් විවාහයට ගැලපෙන්නේ නැ කියාය. 🤔 ඔවුන් ඊට දක්ෂ නැත. ඔවුන් අදක්ෂයෝය. කෙටියෙන් කීවොත් 99% පිරිමි විවාහය සම්බන්ධයෙන් මෝඩයෝය. එය ඔවුන්ට නොතේරේ. මගේ යහලුවෙක් පැවසු හැටියට නම්, පිරිමි කසාදයක් නොකරගන්නා තරමට හොදය. ඉතිං ඒක එතකොට සමාජ ගැටලුවක්? ඒ නිසා මේ විවාහයට නොසුදුසු මෝඩයන් බැදගන්න ගැහැනු හැමදාම පිරිමින්ට බැන බැන කල්ගත කරයි. අදක්ෂ දේකට තල්ලු කරගන්නා මෝඩයා කවුද ඇත්තටම? එතකොට එයාලා දක්ෂ මොනවටද? ප්රධාන වශයෙන් දේශපාලනයට හා යුද්ධකිරීමටය. ඊට අමතරව රැකියාවක් කිරීමට, මුදල් ඉපයීමට, ආගමික ඉගැන්වීමක් අනුගමනය කරන්නට දක්ෂය. 👍

එත් පිරිමින්ට විවාහ වීමට සිදුවේ. ඇත්තටම පිරිමින්ට ගෑනුන්ගෙන් ඕන කරන්නේ, සෙක්ස් පමණි. ආදරය තිබුනොත් හොදය. නොතිබුනා කියලා අවුලක් නැත. 😏(ගැහැනුන්ට ආදරය + සෙක්ස්) මේ කරුණ ගැහැනුන්ට තේරුම් ගැනීමට නොහැක. ඔවුන් හිතන්නේ පිරිමි බුදිය ගන්නා හැම ගැහැනියටම පෙම්බදින බවය. හෝ බුදිය ගන්නේ නම් පෙම් කරන්නට ඕනෑ කියාය. පිරිමින්ට දරුවන් අවශ්ය කරේ. එහෙත් බහුතරයක් පිරිමින් නියම ලෙසම තාත්තලා ලෙස හැසිරෙන්නේ වයස 40 පමණ ඉක්මවූ විටය. එතකල් ඔවුන් “කොල්ලෝ“ ය.🤭😂 බැන්දා කියා වෙනසක් නැත. ගැහැනු නම් අවුරුදු 28 විවාහ වී 30 දී අම්මා කෙනෙකු වූ විට එතැන් පටන් අම්මා චරිතය අනුගමනය කරේ. පිරිමි එසේ නැත. ගෙදරට ගොඩවැදුනු විට තාත්තා ලෙස සිටියත්, හොදින් ඇදපැලදගෙන එලියට බැස්ස පසු ඔහුගේ අභ්යන්තයේ ඉන්නා “කොලු“ චරිතය එලියට පනී.

පිරිමින්ට ගෑනුන්ගෙන් අවශ්ය වන්නේ ලිංගිකත්වය හා දරුවන්ට අම්මා කෙනෙකි. ඒ ටික ලැබෙනවානම් පිරිමින්ට කසාද බදින්ට කොහොමත් අවශ්ය තාවක් නැත. ගැහැනු එහෙම එකඟ නැති නිසා පිරිමින් කසාද බදින්නට සිදුව ඇත. පහත රූපයේ ඇති ප්රවෘත්තිය ඒක ඔප්පු කරන තැනකි. මුස්ලිම් පිරිමියෙක් විසින් කරන ලද සිදුවීමක් මෙහි දක්නට ඇත. ඇත්තටම මුස්ලිම් පිරිමි යනු ස්වභාවික පිරිමින්ය. එහි ගැහැනුන්ද ස්වභාවිකව ගැහැනුන්ට උරුම චර්යාව අනුගමනය කරනු ලැබේ. ආසියාතික පිරිමින්ද බෝහෝවිට මුස්ලිම් පිරිමින් මෙන් අධිපති ස්වභාවයෙන් යුක්තය. පුරුෂාධිපත්ය යනු එයයි. කතෝලික බයිබලය ලොව තිබෙන තාක්කල් පිරිමින් ගැහැනුන්ට වඩා උසස්ය. එහෙත් උගත් සදාචාරවත් කතෝලිකයන් එතරම් අන්තවාදී නැත. (මෙහිදි පිරිමින්ට වඩාත් හොද ගැහැනුන් ඇත්තේ කතෝලික ආගම අදහන අය අතරේය. එම කාන්තාවන් තමන්ට වඩා පිරිමි උසස් ලෙස දකිනු ලැබේ. පිරිමියාට තැන දෙන තැනකින් කසාදයක්බැන්දාම පිරිමියාට හොදයිනේ. හැබැයි ෆෙමිනිසම් එන්නෙත් ඒ පැත්තෙන්ම තමයි. ) හින්දුන් ටිකක් හොදය. හින්දු ආගමේ දෙවි වරුන්ට අමතරව බලවත් දේවී වරු, දේවතාවියන් ඇත. ඒ නිසා හින්දුන්ට කාන්තාවට තැනක් දෙන්නට එතරම් ගැටලුවක් නැත. රැජිනක් බලයට ඒම ගැන හින්දු සහ බෞද්ධයන්ට ගැටලුවක් නොවෙන්නේ ඒ නිසාය. 

බුදුසමය ගැහැනු පිරිමි එකමට්ටමේ ලා සලකනු ලැබේ. ගැහැනු සහ පිරිමි ලිංගික අවයව එකට පහළ වු කරුණක් හැටියටයි අපට ඉගැන්වෙන්නේ. ධර්ම අවබෝධ කිරීමේ බුද්ධි මට්ටම තුළ ගැහැනු හො පිරිමි භේදයක්නැත. එහෙත් ලිංග වශයෙන් කාන්තාවට ඇති ශරීරික දෝෂ කීපයක් නිසා, බුදුවීම කළ නොහැක. දැන් ඉතිං ඕකට මාත් එකක් රෙදි උස්සාගෙන ඇවිල්ලා පලක් නැත.🤭ගැහැනු - පිරිමි වශයෙන් භේදයක් පවතී. ඒක මාත් එක්ක නොවේ, මැවුම්කාර දෙයියා එක්ක හෝ ස්වභාවධර්මයා එක්ක බේරාගත යුතු දෙයකි.😂 ලෝක ඔලිම්පික් ලකුණු මට්ටම අරගෙන, එහි කාන්තා - පිරිමි තරග ඉස්ව්වල ලකුණු තීරුවල වෙනස බලන්න. එකම තරග ඉස්ව්වක 99%කම, පිරිමි , ගැහැනුන්ට වඩා ඉදිරියෙන් සිටි. ගැහැනු හා පිරිමි දෙකේ වෙනසකුත් නැත්තං, මොකටද දෙකක්, එකම වර්ගයක් මැව්වානම් ඉවරයිනේ කියාලා අහන්නත් පුළුවන්. ඒ නිසා වර්ග දෙක, දෙකක් මිසක්, සම නැත. ගෑනුන්ට වඩා පිරිමි උස්ස ද, පිරිමින්ට වදින්න ඕනි කසාදේ දවසේ වැනි ප්රශ්න වලට නම් මට උත්තරයක් නැත. අපි වැඩිහිටියන්ට වදිනු ලැබේ. ඒනිසා පිරිමියා වැඩිහිටියා බැවින් වැන්දාට කම් නැත. පිරිමි වැඩිහිටි කාන්තාවන්ට වදිනු ලැබේ. අම්මා අක්කලා නැන්දාලා පුංචිලා වැනි. ඉතිං ගැහැනුන්ට ඕනි තමන්ට ගරුකරන වදින පිරිමියෙක් නම්, මල්ලී කෙනෙක් විවාහ කරගත යුතුය. 😏

කාන්තාවන් විවාහ කරගන්නට කැමැති පිරිමියෙක් ය. “මෙහෙම රැවුල තියෙන කොල්ලෙක් නම් හා අම්මේ“ 😀මෙහෙම උස කොල්ලෙක් නම් හා අම්මෙ, ආදී වශයෙන් කාන්තාවන් හොයනු ලබන්නේ පෞර්ෂ්ය වේ. පහුගිය දවස අර කඩවසම් රණවිරුවකු අල්ලාගෙන ගෑනු මැරෙන්න හැදුවේ ඒ නිසාය.😀 ගැහැනු කැමැති පිරිමි පෞර්ෂයට. එත් එතකොට මට තියෙන ප්රශ්නය පිරිමින්ගේ දැඩිකම සමඟ විවාහ වු කාන්තාවට ඊළගට ඕනි, කඩෙ යවා ගැනීමටය. බත් කවා ගැනීමටය. පැයක් පමණ වැඩ ඇරී ආපසු කියවා කියවා සිටීමටය, දරුවන් නලවා ගැනීමටය, පැය ගණන් ෂොපින් යාමටය, කුස්සියට පැමිණ උද්ව් කරනවාටය. අහවල් අහවල්දින යැයි මතක තබාගෙන surprise කරනවාටය. 😂(පිරිමින්ට දින නම් කොහොමවත් මතක හිටින්නේ නැත- මෙක නොදත් ගෑනු, පිරිමින්ව වෙහෙසට පත්කරයි. තමන්ද බලාපොරොත්තු සුන් කරගනී.) විශේෂයෙන් හිත තේරුම් ගැනීමටය. (කවදාවත් පිරිමින්ට ගෑනුන්ගේ හිත් කියවීමට බැරිය. ගැහැනුන් එහෙම බලාපොරොත්තු වීමම පිරිමින්ට ගැහැනු එපා වීමට මුල. අවශ්ය දේ කෙලින් කීමට පුරුදුවන්න. පිරිමින්ට එය වටහාගැනීම පහසුය.) 👍

මට තියෙන ගැටලුව ඉහත කියපු පිරිමි පෞර්ෂය සමග මේ ටික එකට යනවාද කියයා. පිරිමියෙක් විවාහ කරගෙන ගැහැනියක්ගේ ලක්ෂණ බලාපොරොත්තු වීම හාස්යයට කරුණකි. මම එක ගැහැනු දරුවෙකුට විවාහ වූ පසු අවවාදයක් ලෙස දුන්නේ, “පොල් ගසෙන් ඔයාට ඕනි මොනවද ? පොල් හාමුදුරුවනේ. එතකොට ඔයාට පොල් ගහෙන් තැඹිලි, දොඩම්, ඇපල්, නෙල්ලි එපා ද? ඒවා දෙන්න බෑනේ හාමුදුරුවනේ පොල් ගහට. ඒකනේ ලමයො කියන්නේ, එක මිනිහෙක් ගෙන් ගෑනු බලාපොරොත්තු වෙන්නෙත් ඔය වාගේ මහ ගොඩක් දේවල්නේ.“ ඇයට කට උත්තරයක් තිබුනේ නැත. 🤭නැවතත් කියමි බහුතරයක් පිරිමි විවාහ ජිවිතයකට අදක්ෂයොය.😢 කාන්තා ඔබට ඊට adjust වීමට සිදුවේ. නැති වූ විට ඔබ දික්කාසදය දක්වා යනු ලැබේ. කාන්තාව ගැන අවබෝධයක් සහිත පවුල් වගකීම් සහගත පිරිමින් ඉතා අල්පය. කාන්තාව එවැනි පිරිමියෙක් හොයා ගැනීමට දක්ෂ විය යුතුය. (කලින් ලිපියක තෝරා ගැනීම ගැන දීර්ඝ විස්තරයක් කළෙමි) මගේ හැගීම නම්, ගැහැනුන් විවාහයට තෝරාගත යුත්තේ වාචාල පිරිමින්ය, ගැහැනු ගති ඇති පිරිමින්ය, දැවටි දැවටි සිටිමට කැමැති පිරිමින්ය. සමාජය තුළ ඔවුන්ට කියන්නේ භාගෙට ගැහැනු කියාය. ඇත්තටම ඔවුන් විවාහයට මනාව ගැලපේ. එත් ගෑනුන්ට එහෙම පිරිමි කසාද බැදීමට අවශ්ය නැත. බැන්දාට පසු අවශ්ය වේ.

මා දැනට සතුටින් වාසය කරන මහාචාර්යය වරයෙක් දැක ඇත. ඔහු තොර තෝංචියක් නැතුව කියවයි. පිරිමි අපට නම් වදයකි.😀 ඇත්තටම ඇණයකි. එත් මා දවසක් ඔහු හදුනන නිසා ඔහුගේ කාර් රථයේ යාමට ලැබුණි. ගොඩ වූයේ අකමැත්තෙන්ය. ඔහු කෙලින්ම ගියේ උසස් රැකියාවක නියලෙන තමන්ගේ නෝනා වාහනයට ගොඩ කරගැනීමටය. ඒ නැග්ගට පටන් මං ගැන වර්ණාවක් සැපයු මහාචාර්යතුමා, ඇයගේ අද දවසේ තොරතුරු කථා කරන්නට විය. මා පුදුම විය. ඇයගේ කාර්යාලයේසියලු තොරතුරු ඔහු දනී. ඕනෑම කාන්තාවක් කියවන්නට කැමැතිය. ඇය ද සියල්ල වමාරයි. පැයක පමණ ගමනට ඔවුන්ට කියවන්නට අප්රමාණ දේවල් තිබුණි. මා එදා තේරුම් ගත් සත්යය නම්, සතුටින් සිටීම කාන්තාවකට අවශ්ය වාචාල පිරිමියෙක් කියාය.🤔 එත් මෝඩ ගෑනු එහෙම පිරිමින්ට කැමැති නැත. හොයන්නේ ප්රතාපවත් පිරිමින්ය. ප්රතාවත් පිරිමි, කෝප වේ. තමන්ට ඕනි දේ කරයි, පහර දෙයි. ප්රධානම දෙය නම්, ගැහැනු ඔබට ආකර්ශනිය යැයි සිතෙන පිරිමියා, තවත් ගැහැනුන්ටත් ආකර්ෂණීය වීමය. එනිසා විවාහයට සුදුසු කැතම පිරිමියෙකි.😀😂 ඔහුට ලබන්නට පුළුවන් හොදම ගැහැනිය ලැබුනු පසු අනික්වා දෙස බැලීමට අවශ්ය නැත. එහෙත් ගැහැනු එහෙම කැතම පිරිමින් සොයන්නේ ද නැත. මා නැවතත් අසන්නේ, “පිරිමියෙක්“ විවාහ කරගෙන, ගැහැනු ලක්ෂණ බලාපොරොත්තු වීම කාගේ මෝඩ කමක් ද කියාය.
තමන් කාපු පිඟාන සොදන්න, තේ බීපු කෝප්පය සෝදන්න, ඇදගෙන ඉදලා බිමට කඩලා දාපු සරම නිසි තැනක තියන්න, තමන්ගේ ඇදුමක් සෝදාගන්න තරම්වත් වගකීමක් නැති පිරිමින් බිහිකරන්නේ කවුද. අම්මලාය. මගේ ලිස්ට් එකේ ද එකම පිරිමි දරුවා දැලි රැවුල ඇවිල්ලා තිබියදීත් කිහිලේලේ ගහගෙන කවාගෙන පොවාගෙන හදන මෝඩ අම්මලා කීප දෙනෙක් ඇත.😢 ඔවුන්ට වෙන කරන්නට වැඩකුත් නැති නිසා එකම දරුවාගෙ වැඩ ටික කරනු ලැබේ. (විවාහයට බෝහෝ විට පවුලක තනි දරුවා හොද නැත. ඔවුන්ගේ විෂමතා බොහොමයක් පවතී. පවුන්ගේ සංකීර්ණ ගතිගුණ ගැහැනු - පිරිමි දෙගොල්ලන්ටම කරදර කාරී වෙයි. ) එසේ සියල්ල ලගට කර දී හදන පිරිමි දරුවා ඉදිරි විවාහ ජිවිතයේදී එම විවාහක කාන්තාවට මල වදයක් වෙයි. එසේ වගකීම් විරහිත පිරිමියෙක් හැදුවේ කවුද? එතැනද වරද ගැහැනියකගේය.

ඊළගට එම විවාහක කාන්තාව අර පුරුෂයාගේ යම් යම් ගති ලක්ෂණ වෙනස් කොට අම්මාගේ තුරුලෙන් මුදාගන්නා විට, ඊර්ෂ්යාකාර නැන්දාම්මාගේ චරිතය රගදක්වන්නේද කාන්තාවකි. අර වගකීම් විරහිත පිරිමියෙකු හැදුවා මදිවට, ලේලියට ද දසවද දීමට පටන් ගනී. ලේලිවරුන්ට විවාහය එපා කරවන්නේ එක්කො නැන්දම්මාය, නැත්තං ස්වාමියාගේ අක්කලා හෝ නංගිලාය. (නෑනාවරුන්ය) එතැනද ගැටලුව ඇත්තේ කාන්තාවගේය. 😢

මා පවුල නැමැති ඒකකය දකින්නේ චෙස් බෝඩ් එකක් විලසටය. ♟️♟️♟️Chess චෙස් ගැන කාන්තාවන් කී දෙනෙක් දන්නවාද නොදනිමි. (රජු වැදගත් චරිතය වුවාට, රජුට ගමන් කළ හැක්කේ අට දිසාවටම එක කොටුවකි. රජුව චෙක්මෙට් (පරාජය) කිරීමෙන් තරගය පරදී. එහෙත් රජුට කරන්නට පුළුවන් දේ අල්පය. මෙම මුළු ක්රිඩාවම පාලනය කරනු ලබන්නේ රැජින විසින්ය, රැජිනට අට දිසාවට කොටු සියල්ලටම ගමන් කර සතුරන් විනාශ කළ හැකිය. එතැන දක්ෂ චරිතය රැජිනවේ. රජු වැදගත් ය. එහෙත් දක්ෂයා රැජින ය. දිනවනු ලබන්නේ රැජිනය.) ♟️

පවුල් ජිවිතයත් ඒ ලෙසින්ය යැයි කියමි. සාර්ථක පවුල් ජිවිතයක ලකුණු 95% දිය යුත්තේ කාන්තාවටය. ඔවුන් එයට දක්ෂය. පිරිමින් එයට දක්ෂතාවක් නැති තරම්ය. නමුත් වැදගත් සාධකය වේ. ඉවසීම මැනවින් ඇත්තේ කාන්තාවයට. ඉදිරිය දකින්නේ කාන්තාවය. එනිසා “අම්මා“ චරිතය තාත්තාට වඩා ප්රභලය. ඊට කව් ගී වැඩියෙන් ලියවුනේ ඒ නිසාය. මෙය තේරුම් ගත හැක්කේ බුද්ධිමත් කාන්තාවකට පමණි. උගත් ෆෙමිනිස්ට් වාදි (මෝඩ) කාන්තාවට මෙය ඇලජික්ය. ඔවුන්ට මෙය තේරුම් ගැනීම බැරිය. ඔවුන් සිතන්නේ මෙය ඔවුන්ගේ දීණ කම කියාය. මට ඊට පිළිතුරක් ද නැත. සිරිමාවො බණ්ඩාරනාය, චන්ද්රිකා බණ්ඩාරණායක රට පාලනය කරන සමයේ පිරිමින් අවලාද නැගුවේ නැත.ඇයි ගෑනු අපිව පාලනය කරන්නේ කියා. ක්ෂණිකා හිරිඹුරේගම පාලනය කරද්දී ද අපට ගැටලුවක් තිබුනේ නැත😀😂. ඇයි ගෑනියක් අපව පාලනය කරන්නේ කියා. ඒ නිසා #කාන්තාධිප්ය කියා වචනයක් නැත. එහෙත් ෆෙමිනිස්වාදීන්ට නම් පිරිමින්ගේ පාලනය ගැන ගැටලුවක් ඇත. ඔවුන් කාන්තා සම නියෝජනය ගැන කතා කරේ. සැබැවින්ම හීනමානයෙන් පෙළන කාන්තාවක් සමග දීඝයාම පිරිමියාට අපායේ යාමක් වැනිය. එබදු චින්තනය සිතේ වගාකරගත් ගමන්, හොදට තියෙන පවුල නම් දෙකඩ වීම නොවැලක්විය හැක. ඊට හේතුව රැජින - රජු වීමට යාම, චෙක්මේට් වීමට හේතුව නිසාය. එක පාසලට ප්රින්සිපල්ස්ලා දෙදෙනක් සිටිය නොහැක. රටෙ අගමැති හා ජනපති පරස්පරව තීන්දුගැනීම රටට කොච්චර අහිතකරදැයි දැන් වැටහේ. දන්නවා කියා, දෙදෙනාම හොද්දට ලුණු දැම්මොත් කුමක් වේවිද? තමන් නිතරම ආසියාතික රටක ජිවත් වෙන බව කාන්තාව වටහා ගත යුතුය. තමන් පවුල් සංස්ථාවට අදක්ෂ පුද්ගලයෙක් බව පිරිමින් වටහා ගත යුතුය. කාන්තාවන් සුජිව ප්රසන්න ආරච්චිගේ කතාවල සිටින පිරිමින් බලාපොරොත්තු නොවිය යුතුය. පිරිමින් සුජීවගේ කතාවල සිටින පිරිමින් මෙන් හැසීරීමට උගත යුතුය. එහෙත් හරි පුදුම සිද්ධිය නම්, බහුතරයක් බිරින්දෑවරුන්ට අප්සට් හස්බන්ඩලා සිටියාට, බහුතරයන් දියණියන්ට ඉන්නේ පණමෙන් ආදරය කරන තාත්තලාය. 😀 (මෙහි ලියා ඇත්තේ පිරිමින් ගැනය. සමහර උගත් කාන්තාවන් විවාහයට නොසුදුසු වන අයුරු ඉදිරිලිපියකින් ලියනු ලැබේ.)


44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...