Saturday, October 19, 2019

21.හදාගන්න පුළුවන්



🔴හදාගන්න පුළුවන්.🔴
          ============
“හාමුදුරුවන්ට බැරිද, අපේ මහත්තයාට උපදෙසක් විදිහට යමක් ලියන්න“

“මොනවාගේ උපදෙසක් ගැන ද?“ මම ඇසුවෙමි.🤔

නාඳුනන තැනැත්තියක් මාහට inbox හරහා පණිවිඩයක් තබමින්, කළ ඉල්ලීමකි ඒ.

ඇයට අවශ්‍ය වූයේ තමන්ගේ සැමියට, උපදෙසක් විදිහට භික්ෂුවක් හරහා යමක් පැහැදිලි කරමින් සැමියාව යහමඟට ගැනීමටය.

“එයා හරීයට සිගරැට් අරක්කු බොනවා...“ දිනපතාම වාගේ බීලා තමයි ගෙදර එන්නේ...“
අපේ ආර්ථිකයටත් දැන් ඒක හරියට බලපාලා තියෙනවා හාමුදුරුවනේ..“ මාසේ අන්තිම වෙනකොට මට සිද්ධවෙනවා අපේ ගෙදරිනුත් කීයක් හරි ඉල්ලාගන්න.“ ඇය කීවාය.😢

“ඔව් ඉතිං, දිනපතාම බොන මිනිහෙක්ගේ අතේ සල්ලි තියෙන්න විදිහක් නෑනේ...“
එහෙනම් ඉතිං ලක්ෂයක් දෙකක්වත් පඩි ගන්න ඕනි මාසෙකට..“
එත් සමාන්‍යයෙන් ලක්ෂයක් දෙකක් පඩි ගන්නා මිනිහෙක් එහෙම බොන තත්ත්වයකට එන්නෑ.“ 🙄
“මොකද නිතර නිතර අසිහියෙන් ඉන්න මිනිහෙක්ට ඒ වාගේ රස්සාවක් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිත්නන බෑනේ.“

“ඒක තමයි හාමුදුරුවනේ මටත් එයාව හදාගන්න ඕනි...“ ඇය කීවාය.

“ම්ම්ම් මම ඉතිං පුනරුත්ථාපන වැඩ නම් කරන්න නෑ.“ මද සිනහවකින් යුක්තව මම කීවෙමි.😀

“වෙන මොනවද ඉතිං බොන නිසා තියෙන ගැටලු“

“මට ඉන්නේ ගෑනු දරුවෙක්... වෙලාවකට ඒ ගැන උනත් බය හිතෙනවා. එයා උනත් එන්න එන්න ලොකු දරුවෙන් වෙනවානේ දැන්...“

“ම්ම්ම්... වෙන“

“කුණුහරුප කියනවා, කුණුහරුප කියලා මට බනිනවා අහගෙන ඉන්න බැරි මට්ටමේ... බීලා ආපු සමහර දවස්වලට මට අල්ලගෙන ගහනවා... ඒවා නම් ඉතිං ඉවසං ඉන්න පුළුවන් කියමුකො... එත් මේ දරුවාටත් බනින එක තමයි ඉවසන්න බැරි“ 😢

“කවුද ඔයාට කීවේ, කුණුහරුප කියලා බනින එක සහ පහරදෙන එක ඉවසං ඉන්න ඕනි කියලා, ඒකත් හැමදාම?“😲

“නෑ ඉතිං හාමුදුරුවනේ මිනිහා ඉතිං බනින එක සාමන්‍ය දෙයක්නේ...“

“මිනිහා විතරක් නෙවෙයි, ගෑනි උනත් බණින එක සාමන්‍ය දෙයක් නෙවෙයි...“ මිනිහා ගෑනිට ගහන එක විතරක් නෙවෙයි,
ගෑනු විසින් මිනිස්සුන්ට නිතරම... ඇනුම් පද කියන එකත් දෙකම වැරදි... ඒක කොයිම වෙලාවකවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි...“ 🙁

“ඒක නිසා, මිනිස්සුන්ගෙන් ගුටිකකා පවුල් රැකගෙන ඉන්න ඕනි කියලා නියමයක් නෑ...“ අනික එහෙම ගහන්න අයිතියක් නැ. නීතිය අනුව බැලුවොත් නඩු දාන්න පුළුවන්, හිරේ යවන්න පුළුවන්... ඒ සුළු දෙයක් විදහට හිතන්න එපා...“😢

“අසරණ ගෑනු මම මොනවා කරන්න ද හාමුදුරුවනේ...“ ඇය දුක්මුසුව කීවාය...

“එකනේ ගෑනුන්ට ගහන නපුංසකයෙක් බැන්දේ මොකද? බදින්න කලින් තේරුණෙ නැද්ද මිනිහාගේ චර්යාව...“

“මෙයාට ටිකක් කෙන්ති යන පුරුද්දක් ඒ දවස්වල ඉඳලාම තිබ්බා...“

“ඉතිං“🤔

“එත් මම හිතුවේ පස්සේ හරි යාවි කියලා...“

“මොනවද හරියාවි කියලා හිතුවේ...“

“කේනති යන එක මට හදාගන්න පුළුවන් කියලා මම හිතුවේ, මොකද එයා මට ගොඩක් ආදරෙන් හිටියේ...“

“මොකද්ද ඉතිං ගොඩක් ආදරේ කියලා කිවේ...“

“ඉස්සර මට නිතරම call කරා... හොයලා බැලුවා... කොහේවත් යනවටවත් කැමති වුනේ නැ. ඒයා එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් ගමනක් යනවටවත් කැමැති වුනේ නැ.“

“එතකොට නිතර call කරමින් මොනවද ඇහුවේ...?🤔

“කොහේද ඉන්නේ, කාත් එක්ක ද ඉන්නේ මොනවද කරන්නේ වාගේ දේවල් තමයි“

“දැන් එතකොට ඔයා හිතන්නේ, නිතර නිතර call කර කර යන එන තැන් විමසීම ආදරය කියලා ද? සැකය නෙවෙයි ද? වෙන කාත් එක්කවත් ගමන් බිමන් යන්න නොදෙන්නේ, ආදරය කියලා ද? සැකය නෙවෙයි ද?“

ඇය මඳ සිනාවෙන් නිහඩ විය.

ගැහැනු බොහොමයක් මේ හැසිරීම, ආදරය ලෙස ගෙන මෝඩ අයුරින් තීන්දු ගන්නා හැටි මම දැක ඇත්තෙමි.

“ඔයා දන්නවාද, අපේ campus එකට, අනුරාධපුර, ගාල්ල මාතර වාගේ ඉදලා ගෑනු ලමයි ඇවිල්ලා ඉගෙන ගන්නවා. campus එකේ trip එකක් යන්න සූදානම් කරාම ගෙවල් වලින් යන්න අවසර දෙනවා, හැබැයි යාලුවෙලා ඉන්න කොල්ලා එපා කියනවා“

“ආදරේටනේ හාමුදුරුවනේ“😀

“ඇයි දෙමාපියන්ට දෙන්න බැරි ආදරයක් මාස කිපයකට කලින් හම්බෙච්ච එකාට දෙන්න පුළුවන් ද?
ඕකට කියන්නේ සැකය. ලිංගික වශයෙන් තියෙන ඊර්ෂ්‍යාව. “ දෙමාපියන්ට ඕක නැ. එතැන තමයි ආදරය. තියෙන්නේ..“ ආදරය කියන්නේ අනේකාට ආදරය කරලා, ඔහුට හෝ ඇයට අවශය දේ දීම මිසක්, තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නැටවීමට කවුද ආදරය කියලා කීවේ.“🙄

ඇයට උත්තර නැත.

“ඉතිං බොනව කියලා එහෙම දැනගෙ හිටියේ නැද්ද?“🤔

“අපො දන්නවා මම, සිගරට් ගඳ මට ආවට පස්සේ මම ඇහුවා. අරක්කුත් බොනව කියලා මම පස්සේ දැන ගත්තා. මම පොරොන්දු කරගත්තා සිගරට් අරක්කු දෙකම නොබොන්න.“

“ඉතිං“... මම ඇසුවෙමි.

“ඒවා ඉතිං බැඳලා අවුරුද්දක් වත් යනකල් තිබ්බේ නැ“

“ඔයා සිගරට් අරක්කු බොන අයට කැමැති නැද්ද?“

“නැ හාමුදුරුවනේ...“

“එහෙනම් බැන්දේ...“

“මට පුළුවන් වුනා එයාව හදාගන්න“

මට සිහින් සිනාවක් මුවඟට නැගුණි. ‘අවුරුදු 25ක් ගෙදරට හදන්න බැරි එකා, අවුරුදු 13ක් පාසලට හදන්න බැරි එකා, අවුරුදු 11 දහම්පාසලට හදන්න බැරි එකා.‘ අවුරුද්දෙන් හදන්න පුළුවන් ලු මේ කජු කිරි කෙල්ලන්ට‘😀😀

“ඉතිං දැන් හැදිලා නෑනේ...“

“ඒක තමයි හාමුදුරුවනේ මම මේ කොච්චරවත් උත්සහා කරන්නේ ඒක“

“සිගරට් පැකට් එකේ “දුම්බීම පිළිකා ඇතිකරයි කියලා ගහලා තියෙනවා නේද? පිංතූරත් එක්කම. “

“එහෙමයි හාමුදුරුවනේ..“

“ඉතිං රජයේ අවවාදයි කියලා තියෙන එකවත් පිළිගන්නැති එකා, අපේ කීම අහයි ද?
“ ඔයා හිතනවාද ඕවාගේ විපාක නොදැන, හොඳ නැති බව නොදැන බොනවා කියලා. නැ.
මේ ලොකේ කිසිම වැඩිහිටි මිනිහෙක්, කරන වැරද්දක් කරන්නේ නොදැන නෙවෙයි. දැන දැනම.
මිනිස්සු ඒක කරන්නේ ඒකෙන් යම්කිසි ආශ්වාදයක් තියෙන නිසා, නැත්තං වෙන කරන්න දෙයක් නැති නිසා, නැත්තං පුරුද්දට ගිහිල්ලා, ඔය වාගේ හේතුවක් මිස, නරකයි කියලා නොදැන නෙවෙයි...“

“ඒ නිසා අපට අමුතුවෙන් උපදෙස් දීලා හදන්න බෑ. අනික පිරිමි කියන්නේ උපදෙස් අහන්න කැමැති අයත් නෙවෙයි...“🤐

“එතකොට හාමුදුරුවො බණ කියන්නේ?“ ඇය මගෙන් ඇසුවාය.🤐

“අපි බණ කියන්නේ... තමන් හැදෙන්න ඕනි කියන සිතුවිල්ලක් තියෙන අයට. බෙහෙත් බොන්න කැමැති කෙනෙකුට තමයි බෙහෙත් දෙන්න පුළුවන්. බෙහෙත බොන්න කැමැති නැති අයට බලෙන් බෙහෙත් පොවන්න බෑනේ. හැබැයි ඉතිං පුනරුත්ථාපනය නම් බලෙන් බෙහෙත් පොවනවා වාගේ වැඩක්. එත් එලියට ආවාම නැවත පරණ තැනටම වැටෙන්න පුළුවන්. ඒකයි හැදෙන්න ඕනි කියලා ඇතුළාන්තයෙන් හිතන අයට විතරයි බණ හරියන්නේ.“

“එකනේ කොහොමත් මේ රට හැදිලා නැත්තේ. බණ කීමෙන් ලොකු පලක් නැ. හැදෙන්න උවමානාවක් නැති අයට“

“එතකොට හාමුදුරුවනේ මට මෙයාව හදාගන්න බැරි ද?“

“බුදුහාමුදුරුවන්ට, චුන්ද සූකරව හදන්න බැරි වුනා, දේවදත්ත හිමින්ව, ඒ තියා තමන් එක්ක එකට යන්න ආපු ඡන්න භික්ෂුව (ඇමතියා) වත්“
උන් වහන්සේ වැනි අයටත් හදන්න බැරි අය ඉන්නවා නම් ඔයාලා - අපි ගැන කුමන කථා ද‍?“

“බොහොමයක් ගෑනු ලමයි ඉන්න මිත්‍යාවක් තමයි ඕක, බැන්දාම හැදෙයි. නැත්තං හදාගන්න පුළුවන් කියලා“ එහෙනම් ඉතිං පුනරුත්ථාපන ආයතන ඕනි නැනේ. කසාදයක් බන්දනවානේ..“😀

“ඔය ඔක්කම දේවල්වලට එකඟ වෙන්නේ ඔයාලට තියෙන ආකර්ෂණය නිසා. ආකර්ෂණය නැති වෙච්චි දාට පොරොන්දුත් ඉවරයි“ ඉතාමත් කළාතුරකින් හැදුනු මිනිහෙක් ඇති. ඒත් ඉතාම අඩු ප්‍රතිශතයක්.“

“එතකොට මොකද හාමුදුරුවනේ කරන්න ඕනි“

“ඔයාට ඕනි නොබොන මිනිහෙක් නම්, ඔයා කරන්න ඕනි, ස්වභාවයෙන් අරක්කු සිගරට් නොබොන කෙනෙක් හොයාගන්න එක.
නැතුව බොන එකෙක් අරගෙන හදාගන්න පුළුවන් කියන එක ලොකේ තියෙන ලොකුම විහිිළුවක්.“

“එතකොට දැන්?“ ඇය ඇසුවාය.

“අතෑරලා දාන එක තමයි. දැන් නම් පරක්කු වැඩියි. ඉතිං මොකද අතාරින්න හිතුවෙ නැත්තේ...“

“ඒ කාලේ නම් හිතුනෙ නැතුව නෙවෙයි, එත් මෙයා ගැන ගෙවල් වලිනුයි නෑදෑයොයි යාලුවො හැමොමයි එහෙමත් දැනගෙන හිටියේ... ගමේ සමහරු වුනත් මෙයා එක්ක මම එහෙ මෙහෙ යන එක දැකලා තියෙනවා. ඉතිං අතාරින්න බෑනේ...“

“ආහ්... එතකොට දැන් ගමේ අය යාලුවො එන්නේ නැද්ද බේරන්න...“😀

ඇය සිනාසුනාය.

“මෝඩ කථානේ ලමයො... ගමේ අය සහ යාලුවො ද දැන් කන්න අඳින්න දෙන්නේ...“ අපි worry වෙන්න ඵලක් ඇති දේවල් වලට. දෙමාපියො හිතන එක ගැන නම් තව හිතුවත් කමක් නෑ“

“අනික ඒ වෙනකොට මට වයස 25ත් පැනලා හාමුදුරුවෙනේ... මට තව හිත හිත ඉන්න කාලයක් තිබ්බේ නැ...“

“ළමයො ... ඉස්සරහට තවත් 50ක් ජිවත් වෙන්න එකෙක් හොයන්නේ. නැතුව අවුරුද්දකට දෙකකට නෙවෙයි. කොහොම හරි එකෙක් බැඳගන්නවා කියන එක නෙවෙයි එතකොට අංක එක වෙන්න ඕනි...“

“ඒ විතරක් නෙවෙයි හාමුදුරුවෙනේ... අපේ ගෙවල් වලින් උනත් මට කරදර කරා ඉක්මනින් බඳින්න කියලා, මොකද මම ඒ වෙනකොට affairs 3ක්ම කාලයක් ඇසුරු කරලා අතඇරපු නිසා...“

“ඕක ගෑනු ලමයි කරන තවත් ගොං වැඩක්... මොකෙක් හරි එකෙක් එල්ලා ගත්තු ගමන් ඒක ගෙදරට කියනවා... අන්තිමට කීපයක් ඇසුරු කරලා අතහැරපුවා, දෙමාපියො හිතනවා ‘මෙයාට හරි තීරණයක් ගන්න බැ‘ අපිවත් ඉක්මන් කරන්න ඕනි කියලා...“

“හොඳයි දැන් ඇයි අපි කාලයක් කෙනෙක් ඇසුරු කරන්න ඕනි...?“ මම ඇසුවෙමි.

“බඳින්නනේ...“ එකවරම ඇය කීවාය.😀

“සමස්ථ ගෑනු වර්ගයාම ඔච්චර ගොං ද“ මා ඇගෙන් සිනා සෙමින් ඇසුවෙමි.🤐

“ඇයි?“ ඇය ඇසුවාය.

“ළමයො... අපි කෙනෙක් ඇසුරු කරන්න ඕනි... හොඳ ද නරක ද කියලා දැනගන්නනේ... ඊට පස්සෙනේ තීරණය කරන්නේ කසාද බඳිනවාද නැද්ද කියලා“

“එහෙම කරන්න බෑනේ හාමුදුරුවනේ ගෑනු ලමයින්ට...“😢

“ආ... ඒක තමයි. අමාරුවේ වැටෙන්න හේතුව. කාලයක් ඇසුරු කරලා, හොදයි නම් ගැඹුරු සම්බන්ධයකට යන්න ඕනි. ගෙවල් වලට කියන්න ඕනි, එහෙම යද්දි පවා, හොද නැ මේ මිනිහා කියලා තේරෙනවා නම්, ඒ සම්බන්ධය අතාරින්න ඕනි“

“නැත්තං ඉතිං proposal එකකින් බැන්ද නම් ඉවරයිනේ... කොහොමත් ඇසුරුකරලා බදින්න නම් ඉන්නේ... මොකද්ද දෙකේ වෙනස...“

“ම්ම්ම් ඒක ඇත්ත. ඒක දන්නේ දැන්නේ. එත් මම කීපයක්ම ඇසුරු කරපු නිසා, මට මෙයත් අතෑරලා ආයෙත් එකකට යන්න තරම් කාලයක් තිබ්බේ නැ...“

“ළමයො... නිතර මතක තියාගන්න අවුරුදු 50කට හරියන්න බඳින්නේ කියලා... දැන් එතකොට ඔයා කඩවලට යනවා ඇතිනේ ඇඳුම් තෝරන්න.“

“එහෙමයි“

“ඉතිං පළවෙනියට යන කඩෙන්ම ද ඇඳුමක් ගන්නේ...“

“හොඳ එකක් තිබ්බොත් ගන්නවා... නැත්තං තව එකකට යනවා...“

“එතකොට ඒකටත් ගිහිල්ලා තිබ්බේ නැත්තං...“

“ඉතිං 4-5කට වුනත් යනවා...“

“ඉතිං ලැජ්ජා නැද්ද, කඩවල් මඟ ඇර ඇර , ඇඳුම් අවුස්සා යන්න... 4 වෙනි කඩෙන් ගන්න එපැයි අනිවාර්යෙන්ම...“😀

“එහෙම කියලා බෑනේ හාමුදුරුවෙනේ අපට හරියන ඇඳුම එපැයි අපි ගන්න...“

“ආ... ඇත්ත ද? එහෙනම් love කිරීමත් එහෙමම තමයි. දැන් ඔය කරගෙන තියෙන්නේ... හරියන්නැති ඇඳුමක් ගෙනල්ලා... ඇගට හරියන්න කපන කොටන එක...“

“එක නම් ඇත්ත තමයි හාමුදුරුවෙනේ...“

“ඔව්... ලස්සනයි මිල අධිකයි කියලා ඔයාගේ size එකට මඳිවෙන සෙරෙප්පු එහෙම ගන්නේ නැද්ද?“

“වැඩක් නෑනේ හාමුදුරුවෙනේ අරගෙන..“😀

“ඇයි ගන්න එපැයි... අරගෙන සෙරෙප්පුවට හරියන්න කකුල කපලා දාගන්න ඒකට...“

“හි... හි.. එහෙම බෑනේ හාමුදුරුවෙනේ...“

“කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ගාන උලන දේවල් හරියටම තෝරන, ගෑනු උදවිය, පිරිමියෙක් තොරන්නේ ආන්න ඒ විදිහට තමයි...“

“ඒක නම් හරියටම හරි හාමුදුරුවෙනේ...“

“ඉතිං හොදට හොයලා බලලා ගෙනාපු ඇඳුමක් හරියන්නැත්තං ඔයා මොකද කරන්නේ...?

“return කරනවා හාමුදුරුවනේ...“

“ජිවිතේට නම් රිටන් බටන් එකක් නැ... ඒ නිසා නෑදෑයො යාලුවො ගමේ මිනිස්සු කියන දේවල් අහගෙන තීන්දු තීරණ ගන්න පුළුවන් එකක් නෙවෙයි කසාදය.. ඒක මතක තියාගන්න“

-----------------------------------------------
🔴 ගැහැනු සහ පිරිමි එකට වැසීමට ගැලපෙන සත්ත්ව කොට්ඨාශ දෙකක් නොවේ. ඔවුන්ට එක වැසීමට අවශ්‍ය වන්නේ ලිංගික කර්තවයන් සඳහා පමණි. එබැවින් ආකර්ශනය වේ. එම ආකර්ශනය ආදරයට පෙරලාගන්නේ මානවයා පමණි. එසේ ලිංගිකත්වය සඳහා විශේෂයෙන් හොයනු ලබන්නේ පිරිමි සතාය.

🔴 මේ සඳහා පිරිමිහු නොයෙක් අන්දමේ දැල් එළති. නොයෙක් පොරොන්දු දෙති. ඒවාට අසුනොවී තමන්ට සුදුසුම සහකරුවෙක් ගැහැනුන් සොයාගත යුතුය.
හොඳ පිරිමින් අපමණ ඇත. එහෙත් ගැහැනු හොයන්නේ නැත. ලඟට ඇවිත් “ඔයා මට කැමැති ද“ අසන කෙනාට කැමැත්ත පල කරේ. තමන් හොඳ කෙනෙක් සොයා යන්නේ නැත. තේරීමේ උපන් හපන් ඇති ගැහැනු හොඳ පිරිමිත් තෝරා තෝරා ගියා නම් අද විවාහයෙන් පසු දුක් විඳින අය නැති තරම්ම විය හැක.

🔴 බුද්ධ දේශනාව අනුව, (සංයුත්ත නිකාය, මාතුගාම වග්ගය, ආවේණිකදුක්ඛසූත්‍රය) විවාහය වනාහි කාන්තාවට ආවේණික දුක්ඛ 5න් එකකි.

‘‘ඉධ, භික්‌ඛවෙ, මාතුගාමො දහරොව සමානො පතිකුලං ගච්‌ඡති, ඤාතකෙහි විනා හොති. ඉදං, භික්‌ඛවෙ, මාතුගාමස්‌ස පඨමං ආවෙණිකං දුක්‌ඛං,

🔴 (එහෙත් මංගල උත්සව වලට කරන නාස්තිකාර වියදම් දෙස බැලීමේ දී නම් එසේ පෙනේනට නැත.) එහෙයින් ඔවුන් තමන්ට සුදුසු නැතැයි සිතෙන අයෙකු, දෙමාපියන්, නෑදෑයන් යාලුවො නිසා හො මෙතරම් කාලයක් ඇසුරු කළා කියා හෝ දැන් ඉතිං කරන්න දෙයක් නැ කියා හෝ විවාහකර ගත යුතු නැත. හදිස්සියේ විවාහ වන්නන්, නිවී සැනසිල්ලේ දුක්වන්නො බවට පත්වන්නේ ඒ නිසාය.

🔴 පුද්ගලයන් හදාගන්නවා යැයි කියා මාතෘකාවක් නැත. එසේ හදන්නට ‘බිරින්දෑවරු යනු පුනුරුත්ථාපන මධ්‍යස්ථාන නොවේ.“ ඉතාමත්ම කළාතුරකින් බිරිඳ නිසා යහමඟට ආ ස්වාමීන් සිටියත් අතිබහුතරය දුක්විඳමින් සිටි. බොහෝ දුරට ඔවුන් depression සඳහා ප්‍රතිකාර ගන්නා මට්ටමට පැමිණේ.

🔴 ඔබට අවශ්‍ය පුද්ගලයා ප්‍රකෘතියෙන්ම සොයාගන්නවා විනා, පසුව ඔවුන්ගේ ගතිගුණ හුරුපුරුදු වෙනස් කරන්නට ගොස්ම ඔබ වයසට යනු ඇත. පුදගලයන් වෙනස් කරන්නට බැරිය. ඔවුන් ස්වයංව වෙනස් වූවොත් හැර. මෝරපු අතු නමන්ට ගිය විට කැඩීයාම වලක්වා ලිය නොහැක.

(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)

තවත් කෙනෙකුට කියවන්න share කරන්න.

අදහස් දක්වන්න.

තෙරුවන් සරණයි.🙏
Rathanathissa Thero
(හෙරලි.)

20. පිරිසිදුකම

🔴පිරිසිදුකම🔴
=======
“අහ්.. විකුම් මලයා... අප්පේ... දැක්ක කාලයක්...”😲
“අපෙ හාමුදුරුවො...” කමක් නැද්ද මාත් මෙතැන ඉදගත්තාට...”🤔
බොරැල්ලෙන් බසයට නැග්ග මට, ඔහු හමුවූයේ වසර 3ට පමණ පසුව විය යුතුය.
“කමක් නැ කමක් නැ... මල්ලි, ස්ත්රීලිංග නෙවෙයිනේ...” 😀
යැයි මම ඔහුට විහිළුවක් කරමින්, පූජ්ය පක්ෂයට තිබෙන ආසනයේ හිඳගැනීමෙන් වැලකී, ඊට වම්පසින්, ඉදිරිපස දොරට මුහුණලා ඇති ආසනයේ විකුම් මල්ලී සමඟ වාඩිවූයේ පූජ්ය පක්ෂය ආසනයේ මේ වෙලාවට දැඩි අව්රශ්මියක් වැටෙන බව දන්නා හෙයිනි.
“ඉතිං Aquinas යන කාලේ දැක්කට පස්සේ නේද මේ...”🙄
“එහෙමයි අපේ හාමුදුරුවො... අපෙ හාමුදුරුවො නම් දැන් lecturer කෙනෙක් කියලා ආරංචි...”☺️
“එකනේ... මලයා දැන් මොකො කරන්නේ...”🤔
“Japanese course එකක් කරනවා හාමුදුරුවො, මෙහෙ ඉදලා වැඩක් නැ අප්පා...”🙁
ඔහු, ඒතරම් කෙට්ටු කෙනෙක් නොවේ. ඒහෙත් ඔහුත් මාත් ඉදගත් බස් ආසනය, දෙදෙනකුට පමණක් ඉදගත හැකි වුවත්, මැද තවත් කෙනෙකුට ඉදගත හැකිවන සේ ඔහු ඉඩ තබාගෙන අපහසුවෙන් අසුන්ගෙන සිටින බවක් පැහැදිලිව පෙනේ. 🙄
“මොකද මලයා... ඇගෙ ගෑවුනොත් ලෙඩක් බෝ වෙයි කියලාද ඈතින් ඉන්නේ. ?... 🙄
“අනේ නෑ... අපේ හාමුදුරුවො...
අපේ හාමුදුරුවොයි මායි ඉතිං අවුරුදු කීයක් Aquinas canteen එකේ තේ බීපු අයනෙ“👏
මා ඔහුව කලක් දන්නා පරිද, ඔහුගේ මුහුණෙ මීට වඩා එළියක්, සිනහවක් නිතර ඇදී තිබුණි. අද එය අතුරුදන්ව ඇති සෙයක් දක්නට ලැබේ.
“අපේ හාමුදුරුවො... මං ගාව දාඩිය ගඳ ද?”
ඔහු එකවර ඇසු ප්රශ්නයෙන් මට මුවට සිනාවක් නැගුණි. 😀
“පිස්සු ද කොල්ලො... ඔය එන්නේ හොඳ scent සුවඳක්...”
“එහෙනම්... කට ගඳක් ?”😲
“මොකද මලයො... මේ... කවදාවත් නැතුව... නෑ... එහෙම එකක් නැ...”🙁
ඉන්පසු හරිබරි ගැසී ඉදගත් ඔහුගෙන් මම නැවතත් මෙසේ ඇසීමී.
“මලයා... මොකද වුනේ කියන්න... මූණත් ඇදවෙලා වාගේ...”🙄
ඔහුගේ මුහුණ ඇඩුම් එමට තරම් කළු වී ඇත. නිහඩව විනාඩි කීපයක් සිටි ඔහු,
“අද මගෙ love එකට, bye කීවා හාමුදුරුවො...” යැයි කියා ඔහු ජනේලයෙන් ඉවත බලාගත්තේය.😢
ඔහු විසින් මනසේ, දැඩි වේදනාවක් හිරකරගෙන ඇති බව මුහුණින් දක්නට ලැබිණි. ‘පියෙහි විප්පයොගො’-‘ප්රියයන්ගෙන් වෙන්වීම’ ලොව ඇති ප්රබලම දුකකි. වේදනාවකි. 😢
මෙය ප්රශ්නයක් කතා කිරීමට හැකි තැනක් නොවේ. හැකී සෑම විටකම තවත් මනුෂ්යයෙකු වෙනුවෙන් කාලය කැපකිරීම උතුම්ම කියාවකි. ‘පරත්ථං පටිපජ්ජථ’ 😊
“මල්ලි... කාලෙකින්නේ හම්බුනේ... අර ඉස්සරහා juice bar එකෙන් මොනවාහරි බොමු ද” යනුවෙන් කියා මා ඉස්සරවුයේ... ඔහුප්රතික්ෂේප කරන්නටත් පෙරය.
දැඩි අවුරස්නය සහිත මේ වේලෙහි A.C කරන ලද juice bar එක, කථාවට අපූරු තැනකි. එක් යුවලක් ඇරුනුකොට වෙනත් කවුරුත් නොමැති වීම කතාවට තවත් සහනයකි. ඕනෑම ගැටලුවක් කතා බහ කිරීමට, සුදුසු පරිසරයක්, වෙලාවක්, තැනක් නිදහසක් තිබීම, මූලික කාරණයකි. බොහෝ ගැටලු දුරදිග යන්නේ, සුදුසු නැති තැන කතා කරන්නට යාමෙනි.🙁
“ඉතිං... මල්ලි...”
“අවුරුද්දට වැඩිය ආශ්රය කරා හාමුදුරුවො... අද නැවැත්තුවා... එපා වෙනවා... එයාගේ ඕනිවට වඩා තියෙන පිරිසිදුකම...”🙁
වාන් දොරටුව හැරියාක් මෙන් ඔහු තමන්ගේ වේදනාව එළියට දාන්නට විය. ගැහැණු-පිරිමි බේදයකින් තොරව, තමන්ට විශ්වාසී කෙනෙක් මුණගැසුණු විට අභ්යන්තර ප්රශ්න එලියට දැමීමට, ඉන් සහනයක් ලැබීමට සැමදෙනාම කැමතිය.
චීවරය යනු ඒ විශ්වාසය පමණටත් අධිකව ගෙන එන දෙයකි. යාළුකම ඊට තවත් රුකුළකි. 😊
“මට තේරෙන්නෑ මල්ලි, මුල ඉදලා කියමු ද?”
“මම Japanese course එක කරද්දි තමයි ඒයාව හම්බුනේ... එයා, සකුරාමලක් වාගේ ලස්සනට පිළිවෙලට හිටියා හැමදාම...”මම එයාගේ ගොඩක් කැමැති වුනේ.එයාගෙ තියෙන පිළිවෙල පිරිසිදුකම නිසා”☺️
“එයා නිතරම අත් හෝදන කෙනෙක්... කොයි වෙලෙත් අතේ ලෙන්සුවක් තියාගෙන අත පිහදානවා... අතට දාඩිය දානවා කියලා...“
“යාලුවෙච්චි අලුත එයා කැමැති වුනේ නැ මම එයාගේ අතින් අල්ලනවාට...“ 🙄
“මම ඉතිං හිතුවේ ඒක එයාගේ හැටි වෙන්නැති කියලා... එයා එයාගේ අම්මා එක්ක ඔක්කම කියන නිසා, මට එන්න කියලා තිබ්බා එයාගේ ගෙදර...“
“එයාගේ අම්මා මට විස්තරය කීවා, එයා අධිකව පිරිසිදුකම ගැන හිතන කෙනෙක්... කාමරය උනත් හරිම පිරිසිදුයි...“ ගෙදර හරියට රණ්ඩුකරනවා කිවා... පිළිවෙල නැතිවුනොත්...😲
“හූණු බෙට්ටක් එයාගේ කාමරේ තිබුණොත්...
මුළු කාමරයම mop කරන ජාතියේ කෙනෙක් කියලා... අම්මා කිවේ... “ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න... කරදරයක් කියලා හිතලා දාලා යන්න එපා කියලා...“🙁
“ඊට පස්සේ තමයි මම දැනගත්තේ... මට කලින්, දෙන්නෙක්ම... එයාගේ මේ අනවශ්ය පිරිසිදුකම නිසා එයා එක්ක ඉන්න බැරිව දාලා ගිහිල්ලා කියලා...“
“මම එයාගේ කාමරයට ගිහිල්ලා ඉදගෙන හිටියේ එයාගේ ඇඳ උඩ. මම නැගිටලා එලියට එනකොට... එයා මුළු ඇඳම, එක රැල්ලවක් නැතිවෙන්න ආයේ හැදුවා...“ ඒක පිරිසිදුකම පිළිවළද ලෙඩක් ද කියලා හිතන්න බැ...
🙁
“හරිම කරුණාවන්ත කෙනෙක්... අනවශ්ය කිසිම දේකින් හිත රිද්දන්නෑ... සැක කරන පුරුදු... තරහා වෙන දේවල් මා එක්ක තිබිලා නැ...
“මට එපා වෙන්න ගත්තේ... අපි කට්ටිය trip එකක් ගියපු දාක...
මෙයා යන්න බෑම කීවා.
හේතුව විදිහට කිවේ ඒවාගේ ගිහිල්ලා ඒ තියෙන toilet වලට යන්න බැ කියලා..“
ඇත්තටම මෙයා හරියට වතුරවත් බීවේ නැ... උදේ ගියපු ගමන රෑවෙලා ගෙදර, එයාගේ toilet එකට යනකල්ම හිටියා...“ 🙄
“එදා නම් මට මෙයා එක්ක ජිවිතයක් නැ... කියලා මම අයින් වෙලා හිටියත්... පහුගිය දවසක නැවත යාලුවෙලා...අද මේ film hall එකකට ගිහිල්ලා එනගමන්...“🙁
“එත් හාමුදුරුවො විශ්වාස කරනවාද අවුරුද්දක් ගිහිල්ල... තවම එක kiss එකක් දීලා නැ...“ 🤐
“අද මම ඒක කීවාම... බොහෝම කැතට අප්රසන්න විදිහට තමයි හැසිරුණෙ...“ එයා කියනවා ඒවා නොකර ඇසුරු කරන්න බැරි ද කියලා...“
“අපි ගැන ගෙවල් වලිනුත් දන්නවා...“ අපි එකටමයි ජපන් යන්නත් ඉන්නේ... ඒ තියෙද්දි තවත් මොනවද තියෙන අවිශ්වාසය කියලා...
“මම අද එයාව cab එකකට දාලා... ආයේ මට කතා කරන්න එපා. මේක ඉවරයි කියලා පිටත් වෙලා ආවේ...“🤐
“එහෙම ඉද්දි තමයි හාමුදුරුවො bus එකේදි හම්බුනේ...“
ඔහු එක හුස්මට කියාගෙන ගියේ වාං දොරටු හැරියා සේය. හිතේ විශාල බරක් හෑල්ලු කරාක් මෙන් ලොකු සුසුමක්ද පිට කළ ඔහු මගේ මූණ දිහා බැලුවේ... මගේ අදහස විමසන්නටය.
“මල්ලි... මේක පිටින් ඉඳන් බලනකොට... අධික පිරිසිදුකම විදිහට පෙනුනට... මෙක උපදේශනයට යොමුවිය යුතු කාරණයක්... ඕකට කියන්නේ O.C.D කියලා... සිංහලෙන් ග්රස්තිය කියලත් කියනවා...🤔
“මම කියන නිසා... සම්බන්ධය නවත්තන්න හදිස්සි නොවී... මම phone number එකක් දෙන්නම්... ඒ ආයතනයට ගිහිල්ලා කතා කරලා ඉන්න...“ 😊
එයා හිතන්න කැමැති නැතුව ඇති ඒක රෝගයක් කියලා... නමුත් ඔයා කීවොත් ඒවි... ඔයාට තියෙන ආදරයට...
“හරි මම යනගමන් දෙන්නම් number එකයි විස්තරෙයි. “ අන්න තව 154ක් එනවා...“ අපි යමු එහෙනම්...“🚌
===================
🔴 O.C.D (Obsessive-Compulsive Disorder) හෙවත් ග්රස්තිය යනු ප්රතිකාර සහිත රෝගී තත්ත්වයකි.
🔴 කරදරකාරී සිතුවිලි වලින් යුක්තවීම එක් රෝග ලක්ෂණයක් ලෙස දැක්විය හැක. එනම්, චිත්තරූප මැවීම, විෂබීජවලට ඇති බිය වැනි දෑය.
🔴 ඒ හේතුවෙන් දිගින් දිගටම පවතින අත්නොහැරිය හැකි චර්යා ඇතිවීම ඊළඟ තත්වය වේ. ඉහත වැනි කරදර කාරී සිතුවිලි වලින් මිදීම සඳහා තාවකාලික පිළියම් යොදනු ලැබේ. උදා- විෂබීජවලින් මිදීමට යැයි සිතා නිතර නිතර අත සේදීම, කාමර අතුපතු ගෑම mop කිරීම දැක්විය හැක.
🔴 එමෙන්ම, එම කරදරකාරී සිතුවිලි වලින් මිදීම සදහා නොයෙක් උපක්රම ද භාවිත කරේ. විෂබීජ පවතනි හෙයින්, පොදු වැසිකලි හො හොටෙල්වල වැසිකිලි ආදි කිසිවක් භාවිත නොකර ගෙදරම වැසිකිලිය භාවිත කරන හෙයින්, දිනකට වැඩි ගමන් බිමින් වලින් ද වැලකීසිටිම දැක්විය හැක.
🔴 එතෙකුදුවුවත්, මෙම ක්රමවේදය සාමන්ය දෛනික චර්යාවට අතිශයින්ම බාධාපමුණුවන හෙයින්, නිතර මානසික පීඩනයෙන් යුක්තව ගත කරේ.
🔴 බුද්ධභාෂිතය අනුව, වැඩියෙන්ම ලෙඩ වන්නේ ගත නොවේ මනසය. බුදුදහම යනු මානසික ලෙඩට ඔසු සපයන දහමකි. එබැවින් පළමුකොටම, කය මෙන්ම මනස ද ලෙඩ වන බවත්, කය බෙහෙත් ගැනීමෙන් සුව වන්නා සේම, මනස ද බෙහෙත් ගැනීමෙන් වෘත්තීය මය උපදෙශකයන් හා මනො වෛද්ය වරු මුණගැසීමෙන් සුව වන බවද විශ්වාස කළ යුතුය.
🔴 එනම් බෙහෙත් මඟින් කය සේම මනස ද සුවපත් කළ හැකි බවය.
(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏
Rathanathissa Thero
(හෙරලි.)

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...