Saturday, June 20, 2020

28. 🔴සමතුළිතතාව🔴
=========
“ආචාරියනි, ඔබතුමා උණ ගහ වැටෙන්න නොදී හරියට සමතුළිතව අල්ලාගන්න.“🙁
අඩි 100 පමණ උසැති, එකට තබා බඳින ලද උණගස මුදුනට නගින්නට සූදානම් වූ ගෝලයා එසේ කීවේය.
රජගහ නුවර සැනකෙළියක් තුළ, උණගස මුදුනේ සිට සෙල්ලම් දක්වන සංදර්ශනයක සිදුවන කතාබහකි මේ.
“ඇයි ඔබ එසේ කියන්නේ?“ ආචාර්යා ඇසුවේය.🤔
“ඔබතුමා ගැන විශ්වාසය තබලා මම මේ උණගස මුදුනේ සෙල්ලම් දක්වන්නේ, මමයි අමාරු වැඩේ කරන්නේ.“ ගෝලයා කීවේය. 🤨
“එතකොට මම මේ උණ ගස ඔසවාගෙන, ඔබේ බරත් දරාගෙන සමතුළිතව තබාගෙන සිටින කාරණය පහසුවක් ද?“ ආචාර්යා ඇසුවේය.
ගෝලයා කිසිවක් කීවේ නැත.🙄
“දරුව, ඔබ විසින් ඔබ ගැන විශ්වාසය තබා ‘ඔබේ වැඩෙ‘ කරන්න.
මම, මා ගැන විශ්වාසය තබා ‘මාගේ කාර්යය‘ කරන්නම්.
‘අනෙකාගේ වැඩේ‘ ගැන නොසොයන්න. එවිට සංදර්ශනය අපූරුවට කෙරෙවි... “ යැයි ආචාර්යා කිවේය. 💪
----------------------
🔴අඹු-සැමි යුතුකම් හා වගකීම් ද මේසේම යැයි වටහා ගතුයුතු.🔴
----------------------
(හෙරලි.)

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...