Saturday, June 20, 2020

31🔴ගිල්ලුම් පිරිවැය 2.🔴
==========
“කොයි කතාව කියෙව්වා කියලා ද මේ ළමයා msg කරලා තිබ්බෙ?”🤔
“අර ගිල්ලුම් පිරිවැය කියලා ඒකක් ලියලා තිබ්බේ හාමුදුරුවනේ boy කෙනෙක් ගැන” ඇය කීවාය.
(ඒම කථාව පහල link ඒකේ පළකොට ඇත.) 👇
“අහ්... ඉතිං...”😮
“ඉතිං, හාමුදුරුවනේ... ඒක කියෙව්වාම මටත් තීරණයක් ගන්න පුළුවන් කියලා හිතුනා. බොහොම පිං ඒ විදිහට හිතන්න සැලැස්සුවාට...” ඇය ස්තූති පුර්වකව කීවාය. ☺️
“අහ්... ඒහෙම වැදගත් වුනානම් හොදයි...,
ඉතිං කැමැති නැද්ද ඒ් ගැන මාත් ඒක්ක බෙදාගන්න.”🙂
“මගේ කතාවත් කියලා උපදෙසක් ගන්නත් ඒක්කම තමයි හාමුදුරුවනේ මම කතා කලේ”. ඇයි කීවාය.
“හොදයි කථාව පටන් ගන්නකො... මුලම ඉදන්... ඒ් වාගේම ඔයාගේ විස්තරත් පොඩ්ඩක් කියලා”🙂
(ඇයගේ සැබෑ විස්තර මම මෙහෙදි විකෘති කරන බව කිව යුතුය. මේ ඇත්ත විස්තර නොවේ)☺️
“මම හාමුදුරුවනේ කොළඹට ටිකක් දුර සීතල පළාතක. මේ ස්ථානයට ආවේ උපාධිය ගන්න, මොකද අපේ පවුලේ හැම දෙනාම, මේ field සම්බන්ධ නිසා. මට campus යන්නත් ලකුණු තිබ්බා උනත් අපේ පවුලේ අයට ඕන වුනේ...
මාව මේකටම සම්බන්ධ කරගන්න.
මොකද එතකොට පහුසුවෙන්ම අපේ තාත්තට පුළුවන් මට job එක දෙන්න එයාගෙන් පස්සේ.“😮
“ඒ කියන්නේ අකමැත්තෙන් ද මේ field තොරා ගත්තේ ?“ මම ඇසුවෙමි.🤔
“නෑ. නෑ. එහෙම අකමැත්තක් නැ. පොඩිකාලේ ඉදලා හැදුනේ පරිසරයේම නිසා අකමැත්තක් නැ...“ ඇය කීවාය.🙂
“අපේ පවුලේ ටිකක් නීති තදයි හාමුදුරුවනේ...
ඒක නිසා A/L පංතියට එනකල්ම මම කිසිම පිරිමි ලමයෙක් එක්ක යාලුවෙලා තිබ්බේ නැ. අඩුම ගානේ පිරිමි යාලුවෙක්වත් හිටියේ නැ. “🙄
“පාඩම් වැඩ ලේසි වෙන්නත් එක්ක, අන්තිම කාලේ මම යාලුවෙක්ගේ ගෙදර නතර වෙන්න බොහොම අමාරුවෙන් කැමැත්ත ගත්තා, ඒ යාලුවාගේ ඉල්ලීමට. අපේ ගෙවල් වලින් එයාව හොදට දන්නා නිසා, මට අවස්ථාව ලැබුනා.“🙄
“එහෙ පාඩම් කරන්න ගියාට පස්සේ, එයාලා ගෙදරට අල්ලපු ගෙදර හිටපු boy කෙනෙක්, balcony පාඩම් කරන අපට නිතර පෙන්න ආවා. මගේ යාලුවාගේ යාලුවෙක් එයා. මට වඩා අවුරුදු 2ක් වැඩිමල් එයා. එයාගේ නම තාරක. විභාගෙ ඉවර වෙලා ඉවරවෙනකොට එයා මාත් එක්ක ගොඩක් හිතවත්. මම පිට පිරිමියෙක්ට කියලා සමීප වුනේ එයාට මුලින්ම.“🥰
“විභාගෙන් පස්සේත් මම එහෙ නිතර ගියා, අපේ ගෙදරින් හිතුවට මම යන්නේ යාලුවා බලන්න කියලා, මම ඇත්තටම ගියේ එයාව බලන්න, කොහොම හරි අපි අතර සම්බන්ධයක් පටන් ගත්තා.“ 🥰
“ඒ වෙනකොට ගෙදරින් මට සාමන්ය අංක ඔබන phone එකක් දිලා තිබ්බේ. smart phone එකක් හම්බුනේ results ආවට පස්සේ. results ගොඩක් හොද නිසා. results එන කාලේ වෙනකොට අපි ආදරය කරන්න පටන් අරගෙන තිබ්බා. මට එයාවත් එයාට මාවත් නැතුව බැරි තරමට. එත් අපි අතකින් අල්ලාගෙන කතා බහ කරනවා ඇරෙන්න වෙනත් කිසිදු දෙයක් වුනේ නැ.“☺️
“මගේ results අනුව තමයි මට කොළඹ ආසන්නයට එන්න වුනේ... ඒකට තාරක සෑහෙන්න විරුද්ධ වුනා මම ගමෙන් පිට යනවාට. එත් ඒ දේවල් ගෙදර කියන්න මට හැකියාවක් නෑනේ. තාරක A/L වත් හරියට pass කෙනෙක් නෙවෙයි. ඒ වෙනකොටත් එයා, එයාගේ තාත්තගේ තියෙන තේ Business වලට සම්බන්ධ වෙලා හිටියේ.“🙂
“ඉතිං තාරක කීවේම, ඔයාට රස්සාවල් ඕන නැ, මම ඔයාට කන්න බොන්න දෙනවානේ මොකටද කොළඹ යන්නේ කියලා.“😔
“එහෙත් අපේ තාත්තට උවමනාව තිබ්බා එයාගෙන් පස්සේ මට මේ රස්සාව ලැබෙනවාට. අනික මමත් මගේ වියදම හොයන කෙනෙක් මිස, husbandගෙන් හිඟා කන කෙනෙක් වෙන්නෑ කියලා හිතාගෙන හිටියේ. මොකද අපේ අම්මා job එකක් කරත්, අම්මාගේ නංගි විදින දුක මම දැකපු නිසා. අපේ අම්මා මම දන්නා කාලෙක ඉදලා කිවේ, ජොබ් එකට යන්න නොදෙන පිරිමියෙක් බඳින්නවත් එපා කියලා...“😔
“මම එයාට, job එකට නොයා ඉන්න පොරොන්දු වුනා. එත් ඉගෙන ගන්න එක කොයි කාලේක උනත් වැදගත් නේද කියලා, බොහොම අමාරුවෙන් අවසර ගත්තේ අඩලා අඩලා. හැබැයි එයා අවසර දුන්නේ එක කොන්දේසියක් එක්ක“😔
“මොකද්ද කොන්දේසිය?“ මම ඇසීමි.🤔
“එයා නිතරම කිවේ, ගමෙන් ගියාට මම වෙනස් වෙයි, එහෙන් උගත් කොල්ලෙක් හොයාගනියි.තාරකව අමතක කරයි කියලම නිතර. ඒක නිසා ගමෙන් යනවා නම් එයාගේ වෙලා යන්න කීවා.“
“අහ්... ඒ කියන්නේ එකට ඉඳලා ද, බැදලා ද“😮
“එහෙමයි, එකට ඉඳලා යන්න කියලා. කසාද බැදිල්ලක් ගැන නෙවෙයි...“ ඇය කීවාය.
“ඉතිං...“😮
“ඉතිං හාමුදුරුවනේ... මම එයාට තිබ්බ ආදරයත් එක්ක එයා කියන දේට බෑ කියන්න පුළුවන් කමක් තිබ්බේ නැ. මොකද මෙතැන, එයාව දාළා ගමෙන් යන්නේ මමනේ. මමත් හිතුවේ ඇත්තටම එහෙම කළාම එයාට මාව sureනේ කියලා“🙄
“ගෙදරට හොරෙන් දවසක, එයාගේ යාලුවෙක්ගේ තැනකදි, මම එයා අතින් ගැහැනියක් උනා හාමුදුරුවනේ...“ 🤐
ඒක නිකම් ගනුදෙනුවක් වාගේ සිද්ධ වෙච්චි නිසා, මටවත් එයාටවත් ඒකෙන් සතුටක් තිබ්බා කියලා කියන්න අමාරුයි.“ 🤐
මම හිතාගෙන හිටපු තරම්, අපි ස්කොලවල කතා කරපු තරම් සතුටක් එතැන තිබ්බේ නැ. මම ගෙදරට වරදක් කරනවා කියන හැඟීම මං ගාව තිබ්බ නිසා වෙන්නැති. නමුත් එයා සතුටු වුනෙත් නැ. phone එකෙන්වත් ඒ ගැන කතා කරේ නැ“🙂
“කොහොම හරි මම කොළඹ ආවා. මාස තුනක් වත් යන්න කලින් එයා වෙනස් වෙන්න ගත්තා. “
“මොකද්ද වෙනස කියලා කිවේ?“ මම ඇසුවෙමි.😮
“රස්සා කරන ගෑනු කරන නරක වැඩ. අනාචාරයේ යෑම් ගැන නිතර කියන්න ගත්තා, රස්සා කරන අය නිසා ගෙවල් වල අතපසු වෙන වැඩ ගැනත් කියන්න ගත්තා. උගත් කම පහලට දාලා කතා කරන්න ගත්තා.“🙄
“මම එයාගේ හිතේ අමාරුව තේරුම් ගත්තු නිසා නිහඩව හිටියත්, දවසක් අපේ අම්මටත් අනංමනං කීවා එයා රස්සාවක් කරන එක ගැන...“ එතකොට තමයි මම එයා එක්ක රණ්ඩු වෙන්න ගත්තේ...“
“කොහොම හරි අපි කතා නොකර දවස් වැඩිවුනා...“ මම අවස්ථා කිපයක ගමේ ගියා උනත්, එයාට මාත් එක්ක එකට ඉන්න උවමනාවක් තිබ්බේ නැ. අඩුම ගානේ හම්බෙලා කතා කරන්නවත්“🙄
“අවුරුද්දක් යන්නත් කලින් මට ආරංචිය ආවා මගේ යාලුවාගෙන්, එයා වෙන girl කෙනෙක් එක්ක එහෙ මෙහෙ යන්න අරං කියලා“🤨
“මගේ ඔලුව ගිනි ගත්තා වාගේ උනා හාමුදුරුවනේ ඒ කාලේ, මම විභාග කීපයකුත් කල් දාගත්තා...
කරගත්තු මෝඩකම ගැන නිතර කල්පනා වුනා. අම්මලාගේ එහෙම මූණු මැවිලා පෙනුනා...“ 😔
“මම අඬ අඬා එයාගෙන් පස්සේ ගියා, මොකද එයා නිසා තමයි මම එහෙම කැපකිරීමක් කරේ... අන්තිමට එයා මාව හැම contact එකකින් block කරා...“😓
“දැන් ඒක වෙලා මාස 2කට වැඩි, මගේ යාලුවාට තමයි ඕක්කම දුක කීවේ. එයා තමයි මගේ හිත හැදුවේ... මගේ යාලුවා සිද්ධිය දැනගත්තේ මේ ලඟදී, එයා මට තේරුම් කරා, එයාගේ ආත්මාර්ථකාමී කමේ තරම...“
එයා කිවා, එයාගේ තාත්ත වුනත් ඒ වාගේ. අම්මා නිකම් ගෙදර වැඩකාරකමට ඉන්නවා විතරයි කියලා...“ 😓
“ඉතිං ඒක ඇත්තනේ දරුවො... කෙනෙක් තව කෙනෙකුට ආදරෙයි, නම් එයාගෙ සතුට සන්තෝෂය වෙනුවෙන් කැපවෙනවා මිසක්, තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් එයාට දේවල් අතහරින්න කියන්නෑනේ. සතුටින් යම් යම් දේවල් කැප කිරීම වෙනයි. බලෙන් ඒ දේවල් කරගැනීම වෙනයි.“🙂
“එහෙමයි හාමුදුරුවෙනේ... ඉතිං මම මට නැතිවෙච්චි වටිනාම දේ ගැන හිතමින් ලත වුනේ... එත් හාමුදුරුවන්ගේ ලිපිය කියෙව්වාම හිතුනා, මගේ ගිල්ලුම් පිරිවැය තමයි ඒක කියලා...“🙂
“දරුවො, ගැහැනු ලමයෙක්ට , ඉගෙනීමත්, රැකියාවත් කියන්නේ, කුරුල්ලෙකුට අත්තටු දෙක්ක වාගේ. කුරුල්ලා වහන අත්ත හයිය වුනොත් හොදයි. කඩාගෙන වැටුනොත්. අත්ත ඕනෑම වෙලාවක කඩන් වැටෙන්න පුළුවන්නේ...“
“එහෙමයි“
“අපි හිතමු පිරිමි හදිස්සියේ අතහැර දාලා ගියෙ නැති වුනත්, මැරිලා යන්න පුළුවන්නේ. මරණය කියන්නේ කාට කොයි වෙලාවේ එන්න පුළුවන් ද කියලා කවුද දන්නේ. වේලිච්ච පොල් ගහේ තියෙද්දි, ඇට්ටි බිමට වැටෙනවානේ... 
“ජීවිතං අනියතං මරණං නියතං“
හදිස්සියේ පිරිමියා මැරුණොත්, අත්ත කඩාගෙන වැටනු කුරුල්ලට වාගේ වෙනවා. අධ්යාපනය හා රැකියාව නැමැති අත්තටු තිබුනොත් නේද, ලමයි ටික හදාගෙන ජිවන ගමන ඉස්සරාහාට ගෙනියන්න පුළුවන්“
“එහෙමයි“
“දැන් ඉතිං කරන්න දෙයක් නෑනේ. එවැනි පිරිමියෙක් ගෙන් ගැලවුනු එක මම හිතන්නේ ඔයාගේ වාසනාව. නැත්තං ගේ මුල්ලට වෙලා බත් තම්බ තම්බ තමයි ඉන්න වෙන්නේ. එක තේරුම් ගන්න කරපු කැපකිරීම අපතේ ගියා කියලා හිතන්න එපා. දැන් කරන්න දෙයක් නැ. ඉදිරිය ගැන හිතන්න. අතීතය වලලා දාන්න...“ 
“අතීතය සමඟ ගමන් කරන එකත්, අනාගතය ගැන සුසුම් හෙළන එකත් උණබටයක් වාගේ වේලිලා යන්න හේතුවක් කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ...
“අතීතං නානුසොචන්‌ති, නප්‌පජප්‌පන්‌ති නාගතං“
කියලා.
ඒක නිසා දැනට වර්තමානයේ ජිවත් වෙන්න. තව අවුරුදු කීපයක් තියෙනවානේ ඉගෙන ගන්න. ඒක කරගෙන යන්න. ඒක ඉවර වේචිච දාට හිතමු මොකද කරන්නේ කියලා... හොදද?
“එහෙමයි...“
“ඔව් මොකද අනාගතය අවිනිශ්චිතයි. ගොඩක් දේවල් හිතන්න ඕන නැ. ගොඩක් ප්ලෑන් ගැහුවට වැඩකුත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා දැනට උපාධිය අවසන් කරගෙන රස්සාවට යන්න. එතකොට ඔයා තවත් පරිණත නිසා, ඉදිරියට කරන්න ඕනි දේවල් දැනට වඩා හොදට ඒදාට තේරේවි...“
“අනික සමහර පිරිමි කැමැති නැ, තමන්ට වඩා උගත් ගැහැනු කසාද බඳින්න. ඉතිං එහෙම negative thoughts තියෙන කෙනෙක් අතෑරුනු එක ඔයාගේ වාසනාව කියලා හිතන්න“
“එහෙමයි... බොහොම පිං ඔබවහන්සේට මෙහෙම හිත හැදුවට“
🌹🌹🌹
(හෙරලි.)
(නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...