Saturday, June 20, 2020



24. 🔴හංගපු සතුට?🔴
========
“අපි ගාවට මිනිස්සු ගෙන්නා ගන්නා තැනට, අපි ගාව යදින තැනට, අපිට පිං දිදි යමක් හොයන තැනට අපි මේ මැවීම කරන්න ඕනි“🤔
මැවුම්කාර බ්රහ්මයා විසින් විශ්මකර්ම දෙවියාට කිවේය.
මේ දෙවියන් විසින් මිනිසා මවා ඔවුන්ට සිතුවිලි ඇතුළත් කරන (software ගහන වේලාව) වේලාවේදි සිද්ධවෙන දේවකතාබහකි.🙂
“සල්ලි හොයන තැනට අපි ඉතිං මිනිස්සු පත් කරමු“ ලක්ෂ්මී දේවිය කිවාය.😋
“හා ඒකත් ඇතුළත් කරමු. ඒත් සල්ලි ඇති තරමට හොයාගත්තු මිනිස්සු අපි ගාවට යදින්න එනඑකක් නෑනේ“😏
බ්රහ්මයා කීවේය.
“එහෙනම් ලොකු ගෙවල් හොයන තැනට අපි මිනිස්සුන්ව පත් කරමු ද?“🤐
තවත් තවත් දෙවියෙකු කීවේය.
“ඒකත් ඉතිං ලොකු ගෙවල් හදාගත්තු මිනිස්සුන්ට අපිව ඕනි වෙන එකක් නෑනේ. හදනකල් විතරනේ ඕනි වෙන්නේ“🏘
ඒකත් ඇතුළත් කළ බ්රහ්මයා කීවේය.

“එහෙනම් ලොකු ලොකු වාහන හොයන නැතනට?“
🚘
තවත් එක් දෙවියෙකු කීවේය.

“ඒකත් අර විදිහම තමයි ඉතිං. වෙනසක් නැ. බල්ලො මරලා හරි සල්ලි හොයලා මිනිස්සු ලොකු ලොකු වාහන අරගත්තාම අපිව උවමනා වෙන එකක් නැ.“
“අපි ‘සතුට‘ කියන දේ හොයන තැනට මිනිස්සුන්ව පත් කරමු ද?“ ඝණදෙවියන් කිවේය.😮
සෑම දෙවියෙක්ම පුදුමයට පත්විය, බ්රහ්මයාගේ ද මුව විවරය විය.
“දැන් එතකොට කොහේ ද සතුට හංගන්නේ, හොයන්න වෙන තැනට“😮
“අපි මිනිසාගේ ඇතුළේම හංගමු, සතුට.“ ගණදෙවියා නැවත කීවේය.😎
“ඒක අපූරුයි, හරිම අපූරුයි. විශිෂ්ටයි ගණ දෙවියනි ඔබ, මිනිස්සු ජිවිතේට සතුට, තමන්ගේ ඇතුළේ හොයන එකක් නෑ“ ඒක හොයාමින්, අපිට මැරෙනකල්ම පුද පුජා පවත්වමින් සල්ලි, ලොකු ගෙවල් , යාන වාහන තුළින් සතුටම හොයනු ඇත“ තවත් දෙවියෙකු කීවේය.😂
“හරි එහෙනම් එහෙම මවනවා මිනිසාව... සතුට ඇතුළේම හංගලා “ බ්රහ්මයා කීවේය.😂
දේවසභාවේ සියල්ලොම ඊට එකඟවිය.
----------------------------------
🔴දැන් මිනිසා සතුට හොයන්නේ ඒ ආකරයට ද නොවේ. තවත් කෙනෙකු මතය. ඒ තැනැත්තාට තැනැත්තියට ආදරවන්තයා, ආදරවන්තිය යන නාමය ලබා දේ.
🔴ඉන් පසු ඔහුට හෝ ඇයට ඕන විදිහ වෙනස් වෙමින් සතුට සොයනු ලැබේ.
🔴නැතිනම්, ඔහුව හෝ ඇයව වෙනස් කරමින් සතුට හොයනු ලැබේ.
🔴එහෙත් ‘සතුට‘ එහි නැතිබව තේරුම් ගැනීමට වසර ගණනාවක් ගත වේ. සමහරුන් මරණය වන තෙක් එය තේරුම් ගන්නේ නැත.
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏
(හෙරලි.)

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...