Monday, February 8, 2021

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

 


44. 🔴කළුකුමාර දිෂ්ටිය. 🔴

=========
මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ.😐
මේ මම එකතුකරගත් දැනුම. තවත් මනෝ විද්යාත්මක කාරණා මේ ගැන ඔබ දන්නවානම් සඳහන් කරන්න. (inbox, හෝ comments වශයෙන්)🙏
🔴1. කළුකුමාර දිෂ්ටිය යනු කුමක්ද?
කාන්තාවන්ට පමණක් වැළදෙන තාවකාලික මානසික ව්යාධියක් විදිහට තමයි මම දකින්නේ. පිරිමින්ට මේක වැළදුනාට ව්යාධියක් තරමට උත්සන්න වෙන්නේ නැ. එය වෙනත් ආකාරයකටයි එළියට එන්නේ.😐
ඔපපාතික හැරුණුකොට සියලුම සත්ත්ව වර්ගයා බිහිව ඇත්තේ ලිංගික කාර්යයකට පස්සේ. මම ඔබත් අපි සැවොම ලිංගික කාර්යයක ප්රතිඵල. ඒ වාගේම ස්වභාව ධර්මයා විසින් අපෙනුත් එය බලාපොරොත්තු වෙනවා. වර්ගයා බෝ කරාවි කියලා. ගස්වැල් සහ සත්තුත් එම වර්ගයා බෝ කරනවා. මේ කාර්ය කොච්චර ප්රබල ද කියවානම්, සෝවාන් සකදාගාමි වූනත් කාම රාග හෙවත් ලිංගිකත්වය පවතිනවා. ලිංගිකත්වයට ඇති කැමැත්ත නැති වෙන්නේ ආනාගමී වූවට පසුවය.😊
මෙම වර්ගයා බෝ කිරීම මොළයෙන් නිසි කලට හෝමෝන (hormone) සහ සංඥා නිකුත් කරනු ලබනවා. එලෙස වර්ගයා බෝ කිරීමට කාන්තාවන්ට නිකුත් කරන estrogen hormone ය. පිරිමින්ට නම් Testosterone කියන හෝමෝනය. මේ කියන ඊස්ටජන් හෝමෝනය අධිකව ශ්රාවය වීම තමයි මම දකින්නේ කළුකුමාර දිෂ්ටිය විදිහට.😊
ඒ මෙහෙමයි. මෙය නව යොවුන්වියේ පසුවෙන දියණියන්ට වැළෙදෙන තත්ත්වය විදිහට තමයි සාමන්ය සමාජය සලකන්නේ.
ඉහත කියූ පරිදි වර්ගයා බෝකිරීම තරුණියන්ව සූදානම් කරන්නේ වයස අවුරුදු 10-14 කාල වලදි. එය කියන්නේ මල්වර වීම කියලානේ. මෙන්න මේ කාලය තුළ තරුණියන් මල්වර වීමෙන් පසුව සමහර ගැහැනු ලමුන්ට අධිකව ඊස්ටන් හෝමොන ශ්රාවය වීමක් වෙනවා.😊
🔴2.හේතු ?
මේසේ වීමට හේතු වශයෙන් මා දකින්නේ ඊස්ටජන් බහුල ආහාර ගැනිම. 🔻උදාහරණයක්විදිහට අද කාලේ නම් කුකුල්මස්. ඒවාගේ ස්වභාවික ආහාරත් ගොඩක් තියෙනවා.
🔻ඉතාමත් නිරෝගි ශරීරයක් පැවැතීම සමඟ මව්පියන්ගේ ආරෙනුත් (ජාන) අධික ශ්රාවය වීමක් සහිත වීම.
🔻ඉතා උෂ්ණාධික ශරීරයක් ඇත්තියක් වීම.
🔻මා කළින් ලිපියක සඳහන් කලා රාග චරිත ගැන. එතකොට උපතින්ම රාග චරිතයෙක් නම් එත් මේ හෝමෝනය ශ්රාවය වීම වැඩියි.
(මේ ලිපියේ අග තියෙනවා ඒක, චරිත 14 ගැනම. එය කියවන්න.)
මීට අමතරව තව හේතු තියෙන්න පුළුවන්.
මේ කියන හේතු සහිත නව යොවුන් දැරියක් ඉතාම ආගමික සද්ධාවකින් යුක්ත වීම, නිවස ඉතාමත් සංස්කෘතික වශයෙන් දැඩි ස්ථාවරයක පැවැතීම. ☸️
සරලව කීවොත් ඉතා ධර්මානුකූල පැවැත්මක් සහිත විනය ගරුක ලැජ්ජා ශීලි ලිංගික දැනුමෙන් නූගත් දැරියක් තමයි කළුකුමාර දිෂ්ටියට ගොදුරු වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම හොඳ ලමයෙක්. ඇය එවැනි දේවල් වලට බියක් දක්වනවා.☸️
🔴3. ඇයි එහෙම වෙන්නේ?
ඉහත කියපු මල්වර ක්රියාවලියෙන් පසුව ඇයගේ ශරීරය සහ මොළය දරුවෙකු බිහිකිරීමට අවශ්ය පසුබිම සපයනවා. ඒ අනුව ඇය අධික්රියාකාරී. නමුත් අය ඉතා ධර්මානුකූල දැඩි රැකවල් සහිත සංස්කෘතිකමය නිවස හැදෙන නිසා ඇයගේ හිතේ එවැනි කිසිම හැඟීමක් නැ. ☸️
ඇත්ත වශයෙන්ම කීවොත් උඩු හිත කිසිම පිරිමියෙකු පිළිබඳ විශේෂතාවයක් නැහැ. ඉතාමත් විනීත දැරියක්.☸️
එහෙත් නිදාගැනීමත් සමඟ 10% වාගේ වෙච්චි උඩිහිත ආවරණය ඉහත් වෙලා හෝමෝන සහ යටිසිතේ බලපෑමට අහුවෙනවා. ඒ අනුව ඇයට සිහිනෙන් පෙන්න ගන්නවා තමන්ගේ ශරීරයට කව්රුන් හෝ ගොඩ වෙනවා. සහ ලිංගික ක්රියාකාරකම් වැනි දේවල්. එවිට ඇය අවධිවන්නේ ඉතාමත් බියට පත්වීමෙන්. තමන් එවැනි තත්ත්වයට පත්වීම ගැන ඇය ඉතාමත් ලැජ්ජාවට පත්වෙනවා. ඒ අනුව දවස් කීපයක් මෙයින් වඩ වඩාත් බියට පත්වෙනවා.😲
එසේ බියට පත් වී ඇය ඒ ගැන දෙමාපියන්ට පවසන්නේ තමන්ට යකෙක්, මළපෙරේතයෙක් ඇගට ගොඩවෙන ස්වභාවයක් ඇතිවෙන බවයි. මෙන්න මේ කියන ස්වභාවය පැරැන්නන් හදුන්වා ගත් ආකරය තමයි, කළුකුමාර දිෂ්ටිය කියන්නේ.😱🥶
🔴4. ප්රතිකාර.
පැරැණි අය මීට ප්රතිකාර වශයෙන් තෝවිල් ආදිය නැටීමට අමතරව සුවිශේසි කටයුතු දෙකකක් කරා.
🔻ඕකිට කසාඳයක් බන්ඳලා දීපන්...✅
🔻සරමක් නිදියන කොට්ටය යට තියාගන්න කියපං වැනි... ප්රතිකාර භාවිත කරා.✅
ඒ මඟින් සිද්ධවුනේ අර හෝමෝන ක්රියාකිරීත්වය මදකට සමනය කිරීම.
🔴5. වැඩිහිටි කළුකුමාර දිෂ්ටිය.
විවාහ වීමෙන් පසු ස්වාමියා මිය ගිය අයටත්, ස්වාමියා දුරු රටක සිටින අයටත් මේ තත්ත්වය ඇතිව මනසින් පීඩා විඳිනවා. නමුත් ඔවුන් අර නව යොවුන් යුවතිය මෙන් එලියට දමන්නේ නෑ මේ කාරණාව. නමුත් ඔවුන් නින්දෙන් බය වී අවදිවීම වැනි තත්තවයන්ට මුහුණ දෙනවා.😲
තරුණ සහ වැඩිහිටි කාන්තාවන්ට පහසුවෙන් මෙම තත්ත්වය තමන්ටම අඳුනාගැනීමට පුළුවන්.
ඒ තමයි රෑට හීනෙන් නිතරම සර්පයන්, නාගයන් වෙළාගැනීම්, සහ රමණය කිරීම් ආදි හීන නිතර දැකීම. උරගයන් නිතර දැකීමෙන් සමහරුන් ඉතාමත් බිය වී රෑ මැද අවදි වීමෙන් ඉතා අපහසුතාවයට පත්වෙනවා. ඒ නිතර නින්ද කැඩියාම නිසා ඇතිවෙන ආතතිමය තත්වයක්.😐😐
🔴6. හේතු
වයස 35-45 වැනි කාන්තාවන්ට දරුවෙකු ප්රසූත කිරීමෙහි අවසාන අදියරෙහි ඔවුන් සිටින බැවින්, ඉහත කියන ධාර්මික සහ හැඳියාවෙන් යුතු කාන්තාවන්ට දැනෙන හෝමෝන බලපෑම මේ ලෙසින් උඩට මතුවෙනවා කිව හැකිය. මාංශශුද්ධිය සදහට අවසන් වීමට නියමිත බැවින්, මොළයෙන් දෙන පණිවිඩය වන්නේ දැන් තවත් වර්ගයා බෝ කිරීමක් සිදු කළ යුතු බවය.😐
මේ කියන තත්ත්වයන් වටහා නොගෙන මෙම පුවත්පත් දැන්වීමෙහි ඇති තක්කඩියන්ට අසුවීමක් බහුලව දැකිය හැකිය. මෙහි සිදුවන සිදුවීම වක්රාකාරයෙන් ඉහත මම කී වංචනිකයා දැනගෙන සිටින බව ඔබට පැහැදිලි ඇති.☹️😤
🔴7. ප්රතිකාර.
බලිබිලි තොයිල් දේවාල පිටුපස යාම මා අනුමත කරන්නේ නැත.🤐
🔻යුවතියක් නම්, විශ්වාසවන්ත පෙම්වතෙකු හෝ ඉතා ඉක්මනින් විවාහ වීම ඉතා සුදුසු වන්නේය.✅
🔻වැඩිහිටි කාන්තාවක් නම් තම ස්වාමියා ගෙන්වා ගැනීම සුදුසු වන්නේ.✅
🔻දෙපිරිසම පිරිමි ඇදුම් පැළදුම් ලඟ තබා ගැනීම තවත් එක ක්රමයකි.✅
🔻🔻වඩාත් සුදුසුම ක්රමය වන්නේ පිළිකුල් භාවනාව වේ.✅✅
මා මේ ලිපිය ලිවීමට තීරණය කළේ එබැවිනි. මාගේ පෙර ලිපි පරිදි රාග චරිතයාට බුදුසමය විසින් නිර්දේශ කරනු ලබන්නේ පිළිකුල් භාවනාව වේ.
රාගය යනු මානසික කාරණාවක් පමණක් නොවේ. එය කොතරම් බුදුසමය දැන සිටියා ද කියතොත් අකුසල සිත් 14ට රාගය ඇතුළත් කරන්නේ නැත. ඊට හේතුව රාගයට මානසික කාරණාවට වඩා බලපාන්නේ ශරීරික හෝමෝන ක්රියාකාරීත්වයයි.☸️
උදා.... බඩ හිස්වීම නිසා ඇතිවෙන බඩ ගින්න.
කෑමට පෙරේත නිසා ඇතිවෙන බඩගින්න යනු දෙකක්ය.
කාමරාග යනු අනාගමී තත්ත්වයෙදී පමණක් නැතිකළ හැකි දරුණු තත්ත්වයකි. එබැවින් සියල්ලන් කාමයට බරය.☸️
කාමය සන්තර්පණය කිරීම එක ස්වාමියෙන්ගෙන් /එක භාර්යාවකගෙන් පමණක් විය යුත්තේ.. ❤️☸️
එය අතිශයින් සන්තර්පණය නොකළ හැකි සසර බැඳ තබන භයානක තත්ත්වයක් නිසාය. ☸️
ගෘහජීවිතය අවුල් යාමට ප්රධානම හේතුවකි අනාචාරය.😐
ඔබ දිගින් දිගට කාමය සන්තර්පණය කළහොත් ඔබට මතු ආත්මභාවයන් ද ඇති වන්නේ දැඩි රාග සිතකි. එය ඔබට හානියකි. චරිතයට ද හානියකි. කෙළවරක් හෝ තෘප්තියක් ද නැත.☸️
රාගාදිකයාගේ හොඳ කීපයක් ද ඇත. එයත් සඳහන් කළ යුතුය.🔴
🔻1. දීර්ඝායුෂ ඇත්තේය.
🔻2. පිළිවෙලින් ලස්සනට වැඩකිරීමට කැමැතිය
🔻3. අනෙකාගේ සැපතට ඊර්ෂ්යා නොකර සුළුය.
🔻4. ප්රිය මනාපය.
එසේ වුවත් රාග සිතින් මිදිය යුතුය.☸️
ඉහත කී අයට නිතර මළමීනී දැකීම, කුණු වූ ශරීර අවයව, ඉදිමුණු පනුවන් ගැසු තුවාල සහිත අය. ☸️
ඔජස් සැරව සහිත ශරීර දැකීම මඟින් පිළිකුල් භාවනාවට අවශ්ය මඟපාදා ගතයුතුය. ☸️
ඇත්ත වශයෙන්ම පිළිකුල් සංඤාව උපදවා ගත යුතුය. ☸️
ශරීරය පිළිබඳ පිළිකුල් සඤ්ඤාව නිතර උපදාවා ගැනීමෙන් අවිඥ්ඥානය පරදවා ඔබට ජය ගත හැක. කළුකුමාර දිෂ්ටියෙන් මිදීමේ එකම මඟ එයයි.
ඊටත් අමතරව පළපුරුදු මනෝ වෛද්යවරයෙකු මුණගැසීම කළ යුතුය.
මෙය ඔබ අවට තරුණියකගේ ජිවිතය විනාශ නොවීමට පෙර දැනවුත් කරන්න.
2020. 11. 11.
අදහස් දක්වන්න.
------------------------
තෙරුවන් සරණයි.

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...