Saturday, June 20, 2020

27. 🔴පිරිමිකම🔴
=====
“ලොකු සාදු, මට නූල් 6ක් ඕනේ...“😮
සුපුරුදු කටකාර දැරියකගේ හඬක් ඇසී, මම මගේ කුටියේ සිට, ජනේලයෙන් එඹී බැලුවෙමි. 7 වසරේ ඉගෙන ගන්නා ඒ දැරියගේ හුරුබුහුටි වටකුරු මුහුන මට හුරුය. දන්නා කාලයක පටන් ඇය කෙළි ලොල්ය. කටකාරය. 😊
පොහොය දින සවස 2ට පමණ දහම්පාසලේ පොඩි ඈයොන්ගේ සිල් මුදවනු ලැබේ. ඉන් පසු පිරිත් නූල් බැඳ ගැනීමට පොඩි එවුන් පොර කන සුපුරුදු චර්යාව ආරම්භ වේ.🙂
“පෝලීමේ ඉන්න... නැති අයට දෙන්නේ නෑ“ ලොකු හිමියො දෙසනු ඇසේ. ඇය ඉන්නේ පෝලිමේ තෙවැනියට ය. එහෙත් ඇයට ඉදිරියෙන් සිටින දෙදෙනාට වඩා හදිස්සියක් ඇති බව පෙනේ.
මහ අයට බැරිවුනත්, විනයක් ඇතිව හදන්නට තමන්ගේ වාරය එනතුරු ඉවසා ඉන්නට ලොකු හිමියන් විසින් පොඩි අයව හුරු කරනු පෙනේ. 🤔
“මොකටද දෝණිට එච්චර පිරිත් නූල්?“ 🤔පිරිත් නූල් කඩන ගමන් ලොකු හිමි ඇසීය. පෙහෝය දින චූටි ඈයන්ට පිරිත් නූල බඳින වැඩේ සුපුරු පරිදි කරන්නේ ලොකු හිමියන්ගේ සුරතිනි. ඒ, මහ ඈයොන්ට වඩා, පොඩි අය සමඟ ගත කිරීම හිතට අස්වැසිල්ලක් වෙන නිසා විය යුතුය.
“පහළ ඉන්න පුංචිලාගේ ගෙදරටත් දෙන්න ඕනේ ලොකු සාදු“ ඇය හුරතල් වෙමින් පවසයි. 😀
“අනේ මෙයාගේ බොරු ලොකු සාදු ඔය, ඔක්කම එකට තියලා බැඳගන්නේ මෙයාම තමයි“ 😂තමන්ගේ වාරය එනතුරු ඉදිරියෙන් දෙවැනියට සිටින ඇයගේම පංතියේ පිරිමි ළමයා ඊට විරුද්ධ කේළම කීවේය. ලොකු හිමියන්ගේ මුවට මද සිනහවක් නැගුණි.
“දොස්...“ යන හඩක් එකවර නැගුණි.😱😱😱
ඉදිරියේ සිටි පිරිමි ළමයාගේ පිට මැදට දැඩි වේගයකින් පසුපස සිටි ඇයගෙන් පහරක් එල්ලවිය. එහි දැඩිබව කොතරම් ද කීවහොත් එම පිරිමි ළමයා ඉදිරියට තල්ලුවී ගියේය. පිටට වැදුනු අත්පහරේ ශබ්දය මගේ කුටියට හොඳින් ඇසුණි.
“හූස්...“ පිටු පස සිටි ගැහැනු ලමුන් ඉහලට හුස්ම අදින ශබ්දය පිට විය. ඔවුන්ට ද එය දැනුනා විය යුතුය. 😰😱😱
තත්පර 5-10 නිහඩතාවකි. 🤐
කොලුවා පිටුපස හැරී බලා මුහුණ රතුකරගෙන නිහඩ විය. 🙁
“ඒයි... පිරිමින්ට අත උස්සන්න පුරුදු වුනේ කොහෙන්ද? යනවා යන්න මෙතනින්...“ ලොකු හිමියො සැර හඩින් කීවෝය. ☹️
දැරිය තුඹුසට ඇදෙන සර්පයෙකු සේ හෙමීට, බිම් බලාගෙන එතැනින් ඉවත් වූවේ තවත් හිටියොත් හොදටම බැනුම් ඇසීමට සිද්ධවන බව දන්නා හෙයිනි. සැවොම මීයට පිම්බාක් මෙන් නිහඩය. ඉදිරියේ ඇති ඔරලෝසුවේ ඇති ටික් ටික් ශබ්දය පාවා ඇසෙන තරම් නිහඩය. 🙁
ලොකු හිමියන් හා පංතියේ අනික් අයත් ඉදිරිපිට ඒ වැදුනු පහරට ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් බර වී ඇත. ඇස්ගෙඩි දෙක ලොකු වී ඇත.
ඔහුට ඉදිරියෙන් සිටි ලමයා පිරිත් නූල් බැදගෙන ඉවත් විය. අනතුරුව ඔහුගෙ වාරයයි. ලොකු හිමියන් ඔහුගේ මුහුණ බැලුවේය. ඒ වෙනවිටත් ඔහුගේ මූණ ඇඩෙන්නට ඔන්න මෙන්න විය. 😰
“මොකද ඔය පුතා, ඒ ළමයාට ආපහු හැරිලා ගැහුවෙ නැත්තේ“🙂
ලමයා ඇස් බිමට යොමු කරගෙන බිම බලා සිටී. ඇස්වල කදුළු පිරී ඇත. කොලුවා ලැජ්ජාව ඉවසාගත නොහැකි මට්ටමක යැයි මට සිතේ. 😰
“පුතා දන්නවා ද, නියම පිරිමි කවදාවත් තමාට වඩා දුර්වල අයට අත උස්සන්නෙ නැහැ. විශේෂයෙන් ගැහැනුන්ට.
ගැහැනු අය අපට වඩා ශරීර ශක්තියෙන් දුර්වලයි. ඒ වාගේම සිංහල පිරිමි, තමන්ට වඩා දුර්වල පිරිමින්ටත් දරුවන්ටත් පහර දුන්නු අය නෙවෙයි. ඔය පුතාගේ ඉවසීම ඉතාම හොදයි.“ යැයි කියූ ලොකුහිමියො උස් හඩින්...💪
“නරි හූ කියනකොට සිංහයා එතැනින් ඉවත් වෙන්නේ නිවට කමට නෙවෙයි. තමන්ට තරම් නොවෙන අයත් එක්ක පෑහෙන්න හොද නැති නිසා.
ඌරන් මඩ නාන්න කැමැති වුනාට සිංහයා මඩ නාන්න කැමැති නැ. ඒ වාගේ තමන්ට තරම් නොවන අය එක්ක ගැටලු හදාගත්තාම, ඉවසීමෙන් ඉවත් වෙන එක තමයි නියමම ‘පිරිමි කම‘. නියම පිරිමියා කියන්නේ “දරාගැනීමට හිත හයිය කෙනාට“ 💪තේරුණා ද? යනුවෙන් අනික් පිරිසගෙන් ඇසුවේය.
“එහෙමයි... යැයි පිරිස මිමිණීය.🙏
“ඔහොම ඉන්නකො...“ කියා ආවාස ගෙට ඇතුළ් වූ ලොකු හිමියෝ, ඇපල් ගෙඩියක් ගෙනැවිත් ඔහු අත තැඹුවේය.
එය දණනමා නමස්කාර කොට පිලිගත් ඒ පිරිමි දරුවාගේ හිස අත ගා “හොද පුතා“ යනුවෙන් ලොකු හිමි ආශිර්වාද කළේය. 💪
පිරිත් නූල බැඳගත් ඔහු ඉතා අභිමානවත් ලීලාවෙන් එතැනින් ඉවත් විය. ඈතට යන ඔහු දෙස සැවොම ගෞරවයෙන් බලාසිටිනු දක්නට ලැබුණි. ඔහු එනතුරු කෙළවරට වී බලාසිටි ඔහුගේ මිතුරෙකු, අත මිටි මොලවා මහපොට ඇඟිල්ල ඔසවා හඟවන “ෆිට්“ 👍 සංඥාව පෙන්වනු මට දර්ශනය විය. අහම්බෙන් ඔහු ජිවිතයේ වැදගත්ම පාඩම ඉගෙන ගත්තා විය යුතුය.
🌷🌷🌷
(ගැහැනුන්ට පහර දීම පිරිමි කමක් නොවේ. නපුංසක කමකි. ප්රේම කරන අවධියේ හා බිරිඳක් වූ පසුවද පහර දීමට විරුද්ධවීම කාන්තා - පිරිමි සැමගේ වගකීමකි. )
------------------
තවත් කෙනෙකුට කියවන්න share කරන්න.
අදහස් දක්වන්න.
තෙරුවන් සරණයි.🙏
(හෙරලි.)

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...