Wednesday, September 4, 2019

15. ඉත්තෑ පවුල.


🔴ඉත්තෑ පවුල. 🔴
   ========
“අපේ හාමුදුරුවො ඔහොම කීවාට, මට නම් ගෑනුත් එපා වෙලා, පවුල් ජීවිතයත් එපා වෙලා තියෙන්නේ...“
“ඇයි සර්... මොකද්ද ගැටලුව...“

කලින් ලිපියෙහි මා සමඟ සංවාදයේ යෙදී සිටි මා හිතවත් ගුරුමහතා එසේ පැවසුවේය. “මා feminist දැයි ඔහු මාගෙන් විමසා සිටි අයුරු හා මා පිළිතුරු බැඳි අයුරු ඔබට මතක ඇතැයි සිතමි. ඔහු සුසමක් හෙළා මට දුන් පිළිතුරයි ඉහත ඇත්තේ.

“ සර්... මොකද්ද ඉතිං ගැටලුව?..“

“අපේ ගෙදර ඉන්න ඉන්න ගෑනු තුන්දෙනා තමයි...“

“කවුද ?“

“ අපේ අම්මයි, නංගියි ගෑනියි තමයි ඉතිං“

“සර් බැඳලා වැඩි කාලයක් නෑනේ... මොකද්ද ප්රශ්නය“

“එහෙමයි... මෙ මාස කීපයට මට ගෙදර වාසය කිරිල්ල එපා කරවලා තියෙන්නේ...“

“වුණේ මොකද්ද කියලා කීවේ නෑනේ තවම“

“අම්මයි නංගියි එක පැත්තක, ගෑනි එක පැත්තක, උන් දොගොල්ල අතරට මම ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වාගේ තැලෙනවා අපේ හාමුදුරුවනේ...

“මම ගෙදර ඉන්නේ කනට ඇඹ ගහගෙන...“ හැන්දෑවට වැඩක් නැතත්, මම එක එක යාලුවන්ගේ ගෙවල් වල යන්නේ මට ඒ රණ්ඩු බේරන්න බැරි නිසා...

ඔක්කටම වඩා කට සැර අපේ ගෑනිගේ... ගෑනිව ගෙදර ඇරලලා, ඒ මහ එවුන් එක්ක ඕන කුදයක් ගහගන්න කියලා... අම්මයි නංගියි එක්කම ඉන්නවා කියලාත් හිතිලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ...“

ගුරු මහතා ප්රශ්නය කීමට මැළිවෙන බවක් පෙනෙන්නට විය. සමහර විට පිරිමි එසේ වෙති. අනුන්ට ප්රශ්න කිමට කැමැත්තක් නැත. පිරිමි ප්රශ්න හංගාගෙන තනිවම කල්පනා කොට පිළිතුරු සෙවීමට කැමැති වෙති.

“ම්ම්ම්... මට ටිකක් විතර හිතාගත්තෑකි සර් කියන්න උත්සහ කරන්නේ මොකද්ද කියලා...“ මමපොඩි කථාවක් කියන්න ද සර්ට...“

“එහෙමයි...“ ඇල් මැරුණු ආකාරයෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.

“ඉත්තෑවො පවුලක් ඉදලා තියෙනවා බොහෝම සීත පළාතක...“
“සීත කාලේ වැඩිවෙමින් යද්දී එකිනෙකා මිය යන්න පටන් අරගෙන තියෙනව අධික සීතල නිසා...“

“ඉතිං... අපෙ හාමුදුරුවනේ...“ කථාව ඇසීමට ඔහුගේ උන්නදුවක් දැන් ඇති හැඩයි.

“ඉතිං... ඉත්තෑ පවුලේ හිටපු ප්රධානියා තීරණය කළා තමන්ගේ අත්දැකීම් එක්ක, සීත කාලේ අඩුවෙලා යනකල් හැමෝම එකට ගුලිවෙලා හිටියොත් බේරෙන්න පුළුවන්, වෙන් වෙන්ව හිටියොත් මැරෙන්න තමයි වෙන්නේ කියලා...“

“ඊට පස්සේ ඉත්තෑ පවුලේ ඔක්කටම එකට බදාගෙන ඉන්න කියලා ගුල ඇතුළට වෙලා කියලා“ දැන්නුවා.

“ඒත් එකිනෙකා කිට්ටු වෙද්දි. ඔවුනොවුන්ගේ තිබ්බ ගඳ එකිනෙකාට උහුලන්නට බැරිව ගියා...“

“එත් ගඳට දොස් කියන ගමන්, අධික සීතල නිසා ඔවුන් ලං වුනා...“

“ලංවුනාම තවත් ප්රශ්නය උග්ර වුණා... ඒ තමයි එකිනෙකාගේ උල් එකිනෙකාට ඇනේන්න ගත්තා...“

“තමන් ගාව උල් කටු තියෙනකොට ආඩම්බර වුනාට... අනුන්ගේ උල් කටු ඇනෙනකොට රිදෙනවා කියලා ඉත්තෑවා උනත් දැනගෙන ඉන්ට නැතුව ඇති...“

“අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො කීප දෙනෙක් කොයිතරම් ඇනුනත් එකටම ඉමු කියලා හිතුවත්, තරුණ ඉත්තෑවො අපට බෑ කියලා ඒ ගුලෙන් වෙන්වෙලා ගියා...“

“සිතකාලේ ඉවර වෙලා බලනකොට...“
වැඩිහිටි ඉත්තෑවො විතරක් ඉතුරුවෙලා... හුදකලා වුණු තරුණ ඉත්තෑවො ටික මැරිලා ගිහිල්ලා සීතලටම...“

“තුවාල තිබුණත්... අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො ටික ජීවත් වෙලා ඉන්නවා සර්...“

ගුරුතුමා... තවම නිහඩය. මුහුණට බැරූරුම් පෙනුමක් ආරූඩ වී ඇත.

ඔහු යමක් කියන්නට සැරෙන බවක් මට පෙනුනි.

(සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තෙරුවන් සරණයි.
(හෙරලි.)

1. මෙ‍‍හෙම තෝරන්න පුළුවන් ද ගැහැනු/ පිරිමි?



පොල් ‍‍ගෙඩියක් හොඳ ද නරක ද කියලා, හොලවලා බලලා කියන්න පුළුවන්. 
බණ්ඩක්කා, නැට්ට කඩලා බලලා කියන්න පුළුවන්, හොඳ ද නරක ද කියලා.
මිනිස්සුන්වත් පුළුවන් නම් එහෙම සරල විදිහට මනින්න. ඒ කියන්නේ හොලවලා බලලා ?😁 නැට්ට කඩලා බලලා ?😁
නැහැනේ මිනිස්සුව මනින්න බෑනේ ඒ විදිහට. 

එහෙනම් කොහොම ද මිනිස්සුන්ව මැන ගන්නේ හොදයි ද නරකයි ද කියලා. වෙන කිසිම ක්
රමයක් නැ. ‘ඇසුරු කිරීමෙන් පමණයි‘ 😕මිනිස්සුන්ව මනින්න පුළුවන් වෙන්නේ.
ගොඩක්ම අපට මිනිසුන් හදුනාගැනීම අවශ්ය වන්‍‍නේ කසාද බැදීමට. මොකද එතැන වැරදුනොත් ජිවිතයේ සෑහෙන කාලපරිච්ඡේදයක් දුක්වෙන්න සිද්ධවෙන නිසා. 

ඒ නිසා මම මේ කියන ටික අවිවාහක අයට (කෙල්ලන්ට කොල්ලන්ට) නම් වැදගත් වෙයි. 

ඉස්සර නම් අංගලක්ෂණ ශාස්ත්රය අනුව පුළුවන් කම තිබ්බාලු දුෂ්ට දුර්ජනයෙක් ද, යහපත් මිනිහෙක් ද කියලා මනින්න. එත් දැන් එහෙම දන්නා අය නෑනේ. 
මිනිස්සු හරිම දක්ෂයි රගපාන්න. නරක ගති හංගාගෙන හොද ගති විතරයි මුලින් මුලින් එලියට දාන්නේ. ඒ නිසා ගොඩක් අය කාලයක් ගිහිල්ලා කියන්නේ මම ඒ මිනිහාට රැවටුනා කියලා. 

මට මේ පිනතූරය දැක්කාම, “සත්තජටිල සූත්
රය“ මතකයට ආවා. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ තියෙන සුත්රයක්. එම සුත්රෙය් බුදුන් වහන්සේ දේශනා කරනවා මිනිහෙක් හදුනාගන්න පුළුවන් ක්රම 4ක්. 
හැබැයි ඒ ඔක්කම “දීර්ඝ කාලයක්,“ - (කෙටි කාලයක් නොවේ.)
“සිහිනුවනින්,“ - (අසිහියෙන් නොවේ)
“බුද්ධිමත්ව“ - (මෝඩයෙකු ලෙසින් නොවේ) කරන්න පුළුවන් වැඩ කියලයි කියන්නේ. 

එතකොට ඉතිං තරුණ කෙල්ලන්ට කොල්ලන්ට මේ ලක්ෂණ තියෙනවාද කියන එකයි ගැටලුව. 

කඩේට ගියාම පොල් ගෙඩියක් තොරන්න, ගැහැනු අය කරන දෙයක් තමයි, මුළු පොල් ගෝනියම හොලවලා බලන එක. ඒක ගන්න පුළුවන් උඩ කාරණා 3ටම. සමහරු හොද පොල් ගෙඩියක් අතට අරගෙන, කිහිල්ලේ ගහගෙන, ඉතිරු පොලුත් හොලවලා බලනවා තවත් හොද එකක් තියෙනවාද කියලා මිටත් වඩා. 

ගැහැනු තෝරන්න හරි දක්ෂයො. හිසට දාන ෂැන්පු එකෙ ඉදලා පයට දාන සෙරෙප්පු දෙක වෙනකල් තොරන්න දක්ෂයො. වෙලාව අරගෙන තෝරනවා. කඩ කීපයකට ගිහිල්ලා බලනවා. වෙලාව ගන්නවා. හොදයි කියලා හිතුනු එකක් ගන්නවා. වැදගත්ම දේ තමයි, ගෙදර ඇවිල්ලා හිතුනොත් මේක හරි නැ කියලා, නැවත ගිහිල්ලා දෙනවා. return කරනවා. 

පිරිමි නම් ඔය මොකුත්ම නැ. තෝරා ගෑනිමේ චින්තය අන්තිමයි. 
එත් ගැහැනු ප්රේම සම්බන්ධයක් පටන් ගන්න ගියාමත් එහෙමද? ජිවිතයේ වැදගත්ම තීන්දුව ගන්න ගියාමත් එහෙමද? දක්ෂ ද තෝරන්න. 

අර පොල් ගොනිය හොලවනවා වාගේ හොය හොය යනවාද? නැත. 

කිසිසේත්ම නැත. හොද එකක් ලගට එනතුරු බලාසිටි. එක පොල්ගෙඩිය කිහිල්ලේ ගහගෙන වෙනත් එකක් හොද දැයි තෝරන්නේ ද නැත. නරක බව දැන දැන අල්ලාගෙන සිටි. ‘මට පුළුවන් මෙයාව හදාගන්න.“ (මෝඩ ගෑනු)😕 අවුරුදු 25ක් දෙමාපියන්ට හදන්න බැරිවෙච්චි එකා, අවුරුදු 13ක් ඉස්කොලෙන් හැදෙන්න බැරි වෙච්චි එකා, අවුරුදු 8ක් දහම්පාසලට හදන්න බැරිවෙච්චි එකාව, කෙල්ල හිතනවා. බැන්දට පස්සේට මට හදාගන්න පුළුවන් කියලා. ඒක තමයි ගෑනුන්ගේ තියෙන ලොකුම ගොන් කම. දුර්වල කම, ගැහැනු ගතිය. අර return ගතිය මෙතනදි retain (රඳවාගන්නවා) ගතිය බවට පත්වෙනවා.. කාන්තා ඔබට ඕනි සිගරට් නොබොන පිරිමියෙක් නම්, ඔබ මුල පටන් සිගරට් නොබෙන කෙනෙක් තෝරාගන්න ඕනි. සිගරට් බොමින් ඉන්න මිනිහෙක් නොබොන විදිහට හදන්න බැ. අවශ්යත් නැ.

එතකොට පිරිමි. පිරිමි හරියටම මේ පින්තූරය වාගේ. මොකක් තේරුවේ නැතත් තමන්ට අවශ්ය සහකාරිය තෝරනවා. හොදට තෝරනවා. එක පොල් ගෙඩියක් කිහිල්ලේ ගහගෙන වෙනත් හොද පොල්ගෙඩි ඇතිද කියලත් බලනවා. හම්බුනු ගමන්, කිහිල්ල තිබ්බ එක අතෑරලා අර හොද එක අරගන්නවා. ඒ නිසා පිරිමි දුක් විදිනවා අඩුයි. ගැහැනු නම් එතනදි පරාදයි.
නමුත් කොයිතරම් පොල් තේරුවත්, පිරිිමින්ට දොසක් නැ. එතකොට තමයි ‘ඌ ‘පොරක්‘ වෙන්නේ. වැඩිපුර පොල් තේරුවොත් ගැහැනියට, ‘ඒකී බඩුව“ යන නාමය අහගන්නට වෙයි. ඒක පළමුවෙන්ම කියන්නේ ද ගැහැණියක් වීම විහිළු සහගතය. ඔව්, ගැහැනුන්ට වැඩියෙන්ම අපහස කරන්නේ ද ගැහැණියයි. 

ඉතිං .. ඔය කියන නරක නාම, චෝදනා පැත්තකට දාල, ගැහැනු ඔබට පුළුවන් නම්, හොදම පොල් ගෙඩියක් තෝරන්න. ඔබ වාසනාවන්ත වෙවි. එත් ගැහැනු ලගට ගිහිල්ලා පිරිමි තෝරන්නේ නැ. ලගට එනකල් ඉන්නවා. ඒක හරියට, හොද පෝල් ගෙඩිය තමන්ව හොයාගෙන එනවා වාගේ වැඩක්.
ඊළගට සමහරු අතට අහුවෙච්චි පළවෙනි පොල් ගෙඩිය හොදම එක හැටියට හිතාගෙන අරගෙන එනවා. හම්බුනු පළවෙනි කොල්ලා අතෑරගන්න බැරිව නහයෙන් අඩන, හොටු පෙරන, විරහ ගී ගහන මෝඩ ගෑනු මගේ ලිස්ට් එකෙත් ඕනි තරම් ඉන්නවා. ‍‍‍මේ පින්තූරයේ සිටින පිරිමියා වාගේ වෙන්න පුළුවන් ගැහැනියක් නම් ඔබත්, ඔබටත් සුදුසු පුද්ගලයා තොරාගන්න පුළුවන්. එත් ගැහැනු කවදාවත් නොකර ඒ වැඩෙ නිසා, 90% කසාද ජිවිත වල ගැහැනු දුක්විදිමින් සිටි.
ඒක නිසා, දීර්ඝ කාලයක් ඇසුරු කරන්න, සිහියෙන් ඇසුරු කරන්න, බුද්ධිමත්ව ඇසුරු කරන්න. හොද නැත්තං අතාරින්න😊. වෙනත් එකකට යන්න. තෙරුවන් සරණයි. 


2. ආදරය, අල්ලා ගැනීම සහ අතහැරීම. (උපාදානය)

ආදරය, අල්ලා ගැනීම සහ අතහැරීම. (උපාදානය)
        =======================
පෙර දවසක කැලණිය විශ්වවිද්‍යාලය අභියස දී පෙම්වතියට පිහියෙන් ඇනපු පුවතක් වාර්තා විය. විරහව ඉවසාගත නොහැකි ප්‍රභල වේදනාවක්. එහි සිදුවූයේ කුමක්දැයි අපි සැබැවින් නොදනිමු. (ලංකාවේ ප්‍රවෘත්ති එක ලෙසින්ම විශ්වාස කරන්නේ, මෝඩයෝය) එහෙත් කිසිදු අයුරකින් ප්‍රේමය- වෛරයක් විය නොහැක. කිසි සේත්ම නොහැක. එසේ ප්‍රේමය යම් හෙයකින් වෛරයකට පෙරළුණි නම්, එහි තිබී ඇත්තේ ප්‍රේමයක් නොවේ. වෙනත් මොකක් හරි එකකි. සමහර විට එම තරුණයා ප්‍රේම කර ඇත්තේ ඇයට නොවේ. තමන්ටය. තමන්ට ප්‍රේම කළ විටයි, අනිකා අහිමි වූ විට කෝප වන්නේ. පිහියෙන් අනින්නේ. තරුණයා විසින් ඇයට ප්‍රේම කළේ නම්, ඇයගේ නිදහසට ඉඩ දෙයි, ඇයගේ සැපතට ඉඩ දෙයි, ඇයගේ දියුණුවම බලාපොරොත්තු වෙයි. එහෙත් වත්මනය තුළ එසේ ප්‍රේමයක් නැත. ඇත්තේ ආත්මාර්ථකාමී ගනු දෙනුවකි. එයට ප්‍රේමය යැයි කිව නොහැක. සැබවින්ම නොකිය යුතුය. ඒය ගනුදෙනුවකි. ඔව්. ඔවුන් අතර තියෙන්නේට ඇත්තේ ගනුදෙනුවකි.

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ -
රිසි වු කෙනෙකුට පුජා කරන්නට
ලෝභ සිතින් තොර පිදුව මනාවේ -
#පෙරලාලබන්නටනොසිතාබිදකුත්.“ සරත්චන්ද්රයන් පෙන්වා දෙන සැබෑ වූ ප්රේමය එයයි. (ආපසු ආදරය ලැබුනත් නැතත් කමක් නැත. ආදරය නම් දීම මිස, ගැනීම නොවේ යන්න එහි අදහසයි) 

යසෝදරාවන් පෙන්වන ප්රේමය ද එයයි. “කැලේ තියෙන කොයි දේවත් රස වේවා!“ දරුවෙක් සමග තනිව අතහැර ගිය ස්වකීය පුරුෂයාට මෙසේ සෙත් පතන්නට පුළුවන් වන්නේ තමන්ට නොව, අනිකාට ප්රේම කළ බැවිනි. එසේ ප්රේමය නොහදුනන උගත් ෆෙමිනිස්ට්වාදී ගැහැනුන්, සිද්ධාර්ථ විසින් යසෝදරා අතහැර ගියේ යැයි ඇයි දැයි ප්රශ්න කරයි. ඔවුන් නොදන්නා වු කරුණ වන්නේ, යසෝදරා විවාහ වන්නටත් පෙර සිටම, සිද්ධාර්ථ තමන් අතහැර යාම, දැන සිටි බවය. ඉහත පිහියෙන් ඇන්න තරුණයාට මෙන්ම, උගත් කාන්තාවටද ප්රේමය වැටහෙන්නේ නැත. එනිසාම දික්කසාද වීම, මිනීමැරීම් ඉහළ ගොසින්ය. එය ඔවුන් දෙගොල්ලනටම ගනුදෙනුවකි.

මේ පහත පින්තූර 4, ඉහත සිද්ධියේ විරුද්ධ පැත්ත අගවනු ලැබේ. සියුම් ලෙස අගවනු ලැබේ. අතිශය ගැඹුරු කථාවක් ඉතා කෙටියෙන් පවසනු ලැබේ. ස්ත්රී පුරුෂ ප්රේමයේ වඩා ආදර බර චරිතය කාන්තාව යැයි සිතමි. වඩා බොළද කාන්තාව යැයි සිතමි. වඩා ආදරය සොයනුයේ ද කාන්තාව යැයි සිතමි. එහෙත් 90% කාන්තාවන් නොදන්නාවු සහ කිසිදු දිනක තේරුම් නොගන්නාවු ප්රභල සත්යයක් ඇත. එනම් පිරිමින්ට කාන්තාවන්ගෙන් අවශ්ය ප්රධානම කරුණ නම් “නිදහස“ බවය. ඒ නිසයි විවාහ වුනාම, පිරිමි විතරක් ට්රිප් යන්නේ. ඔවුන්ට කාන්තාව වදයකි. කරදරයකි. උපාදානය හෙවත් කාන්තාවන්ගේ දැඩිව අල්වාගෙන සිටිම, පිරිමින්ට කරදරයකි. උගත් (මෝඩ) කාන්තාවන් එවිට අසන්නේ, “පිරිමින්ට ඕනි මගුලක් නටන්නට දී,නාවා ගෙට ගන්න කියලාද“🤭😂ආදී වශයෙනි. මට එයට පිළිතුරක් නැත. කාන්තාවන්ට අවශ්ය ආදරය, ආරක්ෂාව, සොයා බැලීම, කතා කිරීම, දෙඩවීම, එකට ගමන් යාම, ෆොන් එක චෙක් කිරීම, පාස්වර්ඩ්, ඉන්න තැන්වල ලොකේෂන් පැවසීම 99% පිරිමින්ට එතරම් අවශ්ය නැත. කාන්තාවන්ට මෙන්ම කෙසේවත් අවශ්ය නැත. ඔවුන්ට අවශ්ය නිදහසය. විශ්වාස කොට පිරිනමන්නාවූ නිදහසය. උදාහරණයක් කිවහොත්, සවස වැඩි ඇරී ගෙදර එන සැමියාට අවශ්ය, එකදු වචනයක් හෝ කථා නොකර, ගෙදරට පැමිණි විගසම තේ එක, නා ගැනීමට, ටීවි එක ටිකක් බැලීම, රසවත් ආහාර, සමග විනාඩි 5ක් (හැකිතාක් ඉක්මනට) පමණ සංසර්ගය අවසන්ව පැය 8 පමණ නින්ද යැයි කීවොත් කාන්තා ඔබ එකඟවනවාද? කාන්තාවට විනාඩි 2කවත් කාතාවකින් තොරව එසේ කළ හැකිද? කිසි සෙත්ම නොහැක. ඒක පවුල් ජීවිතයක්ද ඔබ අසාවි.... තර්කය කෙසේ වුවත්, ඇත්ත එයයි. 99% පිරිමින්ට අවශ්ය එයයි. එසේ නොමැති, කාන්තාව කන්කරච්චලයක් වූ විට, මෙම පින්තූරයේ මෙන් පුපුරා යයි. පුපුරා යන්නෙ අභ්යන්තරයෙනි. එසේ වූ විට පිරිමියා විසින් ඇය අත්හැර දමයි. එවිට වටපිටාවේ සිටින අය දකින්නේ “අනේ අච්චර ආදරය කරපු ගැහැනිය මු අතෑරියානේ “කියාය. එහෙම ඉතා උපදානය සහිත කාන්තාවන් කීප දෙනෙකු මම මගේ ලිස්ට් එක තුළද දකිමි. ඔවුන්ට එය නොවැටහීම ද පුදුම සහගතය. එබැවින් ඔවුන් විරහවම විදිනු ලැබේ. උපාදානය බුදුසමයට අනුවද වරදක් වන්නේ එම නිසාය. එය ප්රේම කරන සමයේ එතරම් නොවූ වත්, විවාහයෙන් පසුනම් නියතයෙන්ම පුපුරා යයි. අවසානාවට මීට උත්තරයක්නැත. ඇත්තේ adjust වීමක් පමණි. 







3. පිරිමින්ට විවාහය ගැලපෙන්නේ නැත.


පිරිමින්ට විවාහය ගැලපෙන්නේ නැත. 🤔               


(ලේඛන ව්යවහාරයෙන් මිදී කටවහර භාවිත කරනු ලබන්නේ බොහෝ දෙනෙකුට තේරුම් ගැනීම පිණිසය) මා මේ කියන ලබන කරුණ, පිරුණු මනසින් නොව, හිස් මනසින් බලන ලෙස ඉල්ලමි. පිරුණු භාජනවලට තවත් යමක් පුරවන්නට බැරිය. මා කතා කරනු ලබනනේ ස්වභාව ධර්මයා ගැනය. මාක්ස්වාදී / ෆෙමිනිස්ට්වාදි ගැහැනු මනසින් බැලූ කල මේ සියල්ල වැරදි ලෙස පෙනෙනු ඇත. මා කතාකරනු ලබන්නේ බහුතරයක් පිරිමි ගැනය. 1% පමණ මේ ස්වභාවිකත්වය ඉක්මවූ හොද පිරිමි කොටසක් ඇත. ඒත් කාන්තා ඔබට බහුතරයක් මුණ ගැසේන්නේ වැරදි පිරිමියාය.

අමිලා නිදීශානිගේ (සිරස සුපර්ස්ටා) ස්වාමියා මා දුටු අපුරු මිනිසෙකි. ඔහු තමන්ගේ බිරිද රට වටෙ ලොකේ වටෙ සවාරි ගොස් එනවිට දරුවා බලාගෙන ගෙදර සිටියේය. එය ඉතා අසිරු මානසික සටනක් වන්නට ඇත. එහෙත් එතුමා, තම බිරිඳගේ දියුණුව දැක සතුටු විය. ඇය නාලිකාවකට පැමිණ ප්රකාශ කරේ “මගේ සැමියා නැති නම් අද මම මෙතැන නැ“ කියාය. ඇය සිරස සුපර්ස්ටා වෙන විටවත් ඇය විවාහක යැයි කවුරුත් දැන සිටියේ නැත. විවාහක යැයි දැනුනානම් ඇයට දිනන්නට sms ලැබෙන්නේ ද නැත.😊 ඔහු අපූරු පිරිමියකි. විරල ගනයට අයත්ය.

ලෝක විවාහක රූ රැජින වූ ලමයි 3ක් සහිත කාන්තාවක් සමග කරන සාකච්චාවක් මම දැක්කෙමි. ඇයි කීවේ ඇදුම් මෝස්තරය පවා සැකසූයේ තමන්ගේ සැමියා කියාය. දරුවන්ගේ කටයුතු බලාගෙන තමන්ව මේ තැනට යාමට අවශ්ය කටයුතු සුදානම් කර දුන්නේ සැමියා කියාය. අන්තිම මොහතේ එහි සිටි සෙනග දැක බියට පත්වූ තමාව දිරිමත් කරේ ද සැමියා බව ඇය කීවාය. තමන්ගේ බිරිද බිකිනියකින් ස්ටේජ් එකකට නගිනවා බලාගෙන සිටිමට නම් ඒ ස්වාමියා පුදුම තරම් උපෙක්ෂාවක් තිබිය යුතුය.😊 ඇය ජනප්රිය වෙනවා බලාගෙන සිටීමට ඉතා උතුම් මනසක් පිරිමියෙකුට තිබිය යුතුය. එවන් පිරිමියෙකු ලබන ගැහැනියක් පුදුම වාසනාවන්තියකි. එහෙත් නකුලාමාතා-නකුල පිතාලා ටොං ගනනින් නැත.

මෙහි තිබන පුවත නම් බිරිද ඉගෙනගන්නා නිසා ගෙදර වැඩ පාඩුවීම ගැන කෝප වූ මුස්ලිම් සැමියෙකු බිරිදගේ ඇගිලි කපා දැමීමේ පුවතයි. ලංකාවේ ඇගිලි නොකැපුවත්, රස්සාවෙන් ඉවත් කරගෙන ගෙදර මෙහෙකාරියක් ලෙසින් තබාගන්නා පිරිමින් අපමණය. 😢
තමන්ගේ දියුණුවට කැමති, කුහක නොවන, සහයෝගී , උපකාරී සැමියෙකු, කාන්තාවක් විසින් සොයා ගැනීම දක්ෂ විය යුතුය. (කොල්ලොක් තමන්ගේලගට ඇවිල්ලා කැමැත්ත අහනකල් බලාගෙන ඉන්නා ගැහැනුන්ගේ සෝචනීය ඉරණම ගැන මම කලින් ලිපියක් ලීවෙමි) මෙතැන් පටන් මම පිරිමින්ගේ ස්වභාවිකත්වය ගැන කතාකරන්න බලාපොරොත්තු වෙමි.

මා නිතර කියන කරුණක් නම්, පිරිමින් විවාහයට ගැලපෙන්නේ නැ කියාය. 🤔 ඔවුන් ඊට දක්ෂ නැත. ඔවුන් අදක්ෂයෝය. කෙටියෙන් කීවොත් 99% පිරිමි විවාහය සම්බන්ධයෙන් මෝඩයෝය. එය ඔවුන්ට නොතේරේ. මගේ යහලුවෙක් පැවසු හැටියට නම්, පිරිමි කසාදයක් නොකරගන්නා තරමට හොදය. ඉතිං ඒක එතකොට සමාජ ගැටලුවක්? ඒ නිසා මේ විවාහයට නොසුදුසු මෝඩයන් බැදගන්න ගැහැනු හැමදාම පිරිමින්ට බැන බැන කල්ගත කරයි. අදක්ෂ දේකට තල්ලු කරගන්නා මෝඩයා කවුද ඇත්තටම? එතකොට එයාලා දක්ෂ මොනවටද? ප්රධාන වශයෙන් දේශපාලනයට හා යුද්ධකිරීමටය. ඊට අමතරව රැකියාවක් කිරීමට, මුදල් ඉපයීමට, ආගමික ඉගැන්වීමක් අනුගමනය කරන්නට දක්ෂය. 👍

එත් පිරිමින්ට විවාහ වීමට සිදුවේ. ඇත්තටම පිරිමින්ට ගෑනුන්ගෙන් ඕන කරන්නේ, සෙක්ස් පමණි. ආදරය තිබුනොත් හොදය. නොතිබුනා කියලා අවුලක් නැත. 😏(ගැහැනුන්ට ආදරය + සෙක්ස්) මේ කරුණ ගැහැනුන්ට තේරුම් ගැනීමට නොහැක. ඔවුන් හිතන්නේ පිරිමි බුදිය ගන්නා හැම ගැහැනියටම පෙම්බදින බවය. හෝ බුදිය ගන්නේ නම් පෙම් කරන්නට ඕනෑ කියාය. පිරිමින්ට දරුවන් අවශ්ය කරේ. එහෙත් බහුතරයක් පිරිමින් නියම ලෙසම තාත්තලා ලෙස හැසිරෙන්නේ වයස 40 පමණ ඉක්මවූ විටය. එතකල් ඔවුන් “කොල්ලෝ“ ය.🤭😂 බැන්දා කියා වෙනසක් නැත. ගැහැනු නම් අවුරුදු 28 විවාහ වී 30 දී අම්මා කෙනෙකු වූ විට එතැන් පටන් අම්මා චරිතය අනුගමනය කරේ. පිරිමි එසේ නැත. ගෙදරට ගොඩවැදුනු විට තාත්තා ලෙස සිටියත්, හොදින් ඇදපැලදගෙන එලියට බැස්ස පසු ඔහුගේ අභ්යන්තයේ ඉන්නා “කොලු“ චරිතය එලියට පනී.

පිරිමින්ට ගෑනුන්ගෙන් අවශ්ය වන්නේ ලිංගිකත්වය හා දරුවන්ට අම්මා කෙනෙකි. ඒ ටික ලැබෙනවානම් පිරිමින්ට කසාද බදින්ට කොහොමත් අවශ්ය තාවක් නැත. ගැහැනු එහෙම එකඟ නැති නිසා පිරිමින් කසාද බදින්නට සිදුව ඇත. පහත රූපයේ ඇති ප්රවෘත්තිය ඒක ඔප්පු කරන තැනකි. මුස්ලිම් පිරිමියෙක් විසින් කරන ලද සිදුවීමක් මෙහි දක්නට ඇත. ඇත්තටම මුස්ලිම් පිරිමි යනු ස්වභාවික පිරිමින්ය. එහි ගැහැනුන්ද ස්වභාවිකව ගැහැනුන්ට උරුම චර්යාව අනුගමනය කරනු ලැබේ. ආසියාතික පිරිමින්ද බෝහෝවිට මුස්ලිම් පිරිමින් මෙන් අධිපති ස්වභාවයෙන් යුක්තය. පුරුෂාධිපත්ය යනු එයයි. කතෝලික බයිබලය ලොව තිබෙන තාක්කල් පිරිමින් ගැහැනුන්ට වඩා උසස්ය. එහෙත් උගත් සදාචාරවත් කතෝලිකයන් එතරම් අන්තවාදී නැත. (මෙහිදි පිරිමින්ට වඩාත් හොද ගැහැනුන් ඇත්තේ කතෝලික ආගම අදහන අය අතරේය. එම කාන්තාවන් තමන්ට වඩා පිරිමි උසස් ලෙස දකිනු ලැබේ. පිරිමියාට තැන දෙන තැනකින් කසාදයක්බැන්දාම පිරිමියාට හොදයිනේ. හැබැයි ෆෙමිනිසම් එන්නෙත් ඒ පැත්තෙන්ම තමයි. ) හින්දුන් ටිකක් හොදය. හින්දු ආගමේ දෙවි වරුන්ට අමතරව බලවත් දේවී වරු, දේවතාවියන් ඇත. ඒ නිසා හින්දුන්ට කාන්තාවට තැනක් දෙන්නට එතරම් ගැටලුවක් නැත. රැජිනක් බලයට ඒම ගැන හින්දු සහ බෞද්ධයන්ට ගැටලුවක් නොවෙන්නේ ඒ නිසාය. 

බුදුසමය ගැහැනු පිරිමි එකමට්ටමේ ලා සලකනු ලැබේ. ගැහැනු සහ පිරිමි ලිංගික අවයව එකට පහළ වු කරුණක් හැටියටයි අපට ඉගැන්වෙන්නේ. ධර්ම අවබෝධ කිරීමේ බුද්ධි මට්ටම තුළ ගැහැනු හො පිරිමි භේදයක්නැත. එහෙත් ලිංග වශයෙන් කාන්තාවට ඇති ශරීරික දෝෂ කීපයක් නිසා, බුදුවීම කළ නොහැක. දැන් ඉතිං ඕකට මාත් එකක් රෙදි උස්සාගෙන ඇවිල්ලා පලක් නැත.🤭ගැහැනු - පිරිමි වශයෙන් භේදයක් පවතී. ඒක මාත් එක්ක නොවේ, මැවුම්කාර දෙයියා එක්ක හෝ ස්වභාවධර්මයා එක්ක බේරාගත යුතු දෙයකි.😂 ලෝක ඔලිම්පික් ලකුණු මට්ටම අරගෙන, එහි කාන්තා - පිරිමි තරග ඉස්ව්වල ලකුණු තීරුවල වෙනස බලන්න. එකම තරග ඉස්ව්වක 99%කම, පිරිමි , ගැහැනුන්ට වඩා ඉදිරියෙන් සිටි. ගැහැනු හා පිරිමි දෙකේ වෙනසකුත් නැත්තං, මොකටද දෙකක්, එකම වර්ගයක් මැව්වානම් ඉවරයිනේ කියාලා අහන්නත් පුළුවන්. ඒ නිසා වර්ග දෙක, දෙකක් මිසක්, සම නැත. ගෑනුන්ට වඩා පිරිමි උස්ස ද, පිරිමින්ට වදින්න ඕනි කසාදේ දවසේ වැනි ප්රශ්න වලට නම් මට උත්තරයක් නැත. අපි වැඩිහිටියන්ට වදිනු ලැබේ. ඒනිසා පිරිමියා වැඩිහිටියා බැවින් වැන්දාට කම් නැත. පිරිමි වැඩිහිටි කාන්තාවන්ට වදිනු ලැබේ. අම්මා අක්කලා නැන්දාලා පුංචිලා වැනි. ඉතිං ගැහැනුන්ට ඕනි තමන්ට ගරුකරන වදින පිරිමියෙක් නම්, මල්ලී කෙනෙක් විවාහ කරගත යුතුය. 😏

කාන්තාවන් විවාහ කරගන්නට කැමැති පිරිමියෙක් ය. “මෙහෙම රැවුල තියෙන කොල්ලෙක් නම් හා අම්මේ“ 😀මෙහෙම උස කොල්ලෙක් නම් හා අම්මෙ, ආදී වශයෙන් කාන්තාවන් හොයනු ලබන්නේ පෞර්ෂ්ය වේ. පහුගිය දවස අර කඩවසම් රණවිරුවකු අල්ලාගෙන ගෑනු මැරෙන්න හැදුවේ ඒ නිසාය.😀 ගැහැනු කැමැති පිරිමි පෞර්ෂයට. එත් එතකොට මට තියෙන ප්රශ්නය පිරිමින්ගේ දැඩිකම සමඟ විවාහ වු කාන්තාවට ඊළගට ඕනි, කඩෙ යවා ගැනීමටය. බත් කවා ගැනීමටය. පැයක් පමණ වැඩ ඇරී ආපසු කියවා කියවා සිටීමටය, දරුවන් නලවා ගැනීමටය, පැය ගණන් ෂොපින් යාමටය, කුස්සියට පැමිණ උද්ව් කරනවාටය. අහවල් අහවල්දින යැයි මතක තබාගෙන surprise කරනවාටය. 😂(පිරිමින්ට දින නම් කොහොමවත් මතක හිටින්නේ නැත- මෙක නොදත් ගෑනු, පිරිමින්ව වෙහෙසට පත්කරයි. තමන්ද බලාපොරොත්තු සුන් කරගනී.) විශේෂයෙන් හිත තේරුම් ගැනීමටය. (කවදාවත් පිරිමින්ට ගෑනුන්ගේ හිත් කියවීමට බැරිය. ගැහැනුන් එහෙම බලාපොරොත්තු වීමම පිරිමින්ට ගැහැනු එපා වීමට මුල. අවශ්ය දේ කෙලින් කීමට පුරුදුවන්න. පිරිමින්ට එය වටහාගැනීම පහසුය.) 👍

මට තියෙන ගැටලුව ඉහත කියපු පිරිමි පෞර්ෂය සමග මේ ටික එකට යනවාද කියයා. පිරිමියෙක් විවාහ කරගෙන ගැහැනියක්ගේ ලක්ෂණ බලාපොරොත්තු වීම හාස්යයට කරුණකි. මම එක ගැහැනු දරුවෙකුට විවාහ වූ පසු අවවාදයක් ලෙස දුන්නේ, “පොල් ගසෙන් ඔයාට ඕනි මොනවද ? පොල් හාමුදුරුවනේ. එතකොට ඔයාට පොල් ගහෙන් තැඹිලි, දොඩම්, ඇපල්, නෙල්ලි එපා ද? ඒවා දෙන්න බෑනේ හාමුදුරුවනේ පොල් ගහට. ඒකනේ ලමයො කියන්නේ, එක මිනිහෙක් ගෙන් ගෑනු බලාපොරොත්තු වෙන්නෙත් ඔය වාගේ මහ ගොඩක් දේවල්නේ.“ ඇයට කට උත්තරයක් තිබුනේ නැත. 🤭නැවතත් කියමි බහුතරයක් පිරිමි විවාහ ජිවිතයකට අදක්ෂයොය.😢 කාන්තා ඔබට ඊට adjust වීමට සිදුවේ. නැති වූ විට ඔබ දික්කාසදය දක්වා යනු ලැබේ. කාන්තාව ගැන අවබෝධයක් සහිත පවුල් වගකීම් සහගත පිරිමින් ඉතා අල්පය. කාන්තාව එවැනි පිරිමියෙක් හොයා ගැනීමට දක්ෂ විය යුතුය. (කලින් ලිපියක තෝරා ගැනීම ගැන දීර්ඝ විස්තරයක් කළෙමි) මගේ හැගීම නම්, ගැහැනුන් විවාහයට තෝරාගත යුත්තේ වාචාල පිරිමින්ය, ගැහැනු ගති ඇති පිරිමින්ය, දැවටි දැවටි සිටිමට කැමැති පිරිමින්ය. සමාජය තුළ ඔවුන්ට කියන්නේ භාගෙට ගැහැනු කියාය. ඇත්තටම ඔවුන් විවාහයට මනාව ගැලපේ. එත් ගෑනුන්ට එහෙම පිරිමි කසාද බැදීමට අවශ්ය නැත. බැන්දාට පසු අවශ්ය වේ.

මා දැනට සතුටින් වාසය කරන මහාචාර්යය වරයෙක් දැක ඇත. ඔහු තොර තෝංචියක් නැතුව කියවයි. පිරිමි අපට නම් වදයකි.😀 ඇත්තටම ඇණයකි. එත් මා දවසක් ඔහු හදුනන නිසා ඔහුගේ කාර් රථයේ යාමට ලැබුණි. ගොඩ වූයේ අකමැත්තෙන්ය. ඔහු කෙලින්ම ගියේ උසස් රැකියාවක නියලෙන තමන්ගේ නෝනා වාහනයට ගොඩ කරගැනීමටය. ඒ නැග්ගට පටන් මං ගැන වර්ණාවක් සැපයු මහාචාර්යතුමා, ඇයගේ අද දවසේ තොරතුරු කථා කරන්නට විය. මා පුදුම විය. ඇයගේ කාර්යාලයේසියලු තොරතුරු ඔහු දනී. ඕනෑම කාන්තාවක් කියවන්නට කැමැතිය. ඇය ද සියල්ල වමාරයි. පැයක පමණ ගමනට ඔවුන්ට කියවන්නට අප්රමාණ දේවල් තිබුණි. මා එදා තේරුම් ගත් සත්යය නම්, සතුටින් සිටීම කාන්තාවකට අවශ්ය වාචාල පිරිමියෙක් කියාය.🤔 එත් මෝඩ ගෑනු එහෙම පිරිමින්ට කැමැති නැත. හොයන්නේ ප්රතාපවත් පිරිමින්ය. ප්රතාවත් පිරිමි, කෝප වේ. තමන්ට ඕනි දේ කරයි, පහර දෙයි. ප්රධානම දෙය නම්, ගැහැනු ඔබට ආකර්ශනිය යැයි සිතෙන පිරිමියා, තවත් ගැහැනුන්ටත් ආකර්ෂණීය වීමය. එනිසා විවාහයට සුදුසු කැතම පිරිමියෙකි.😀😂 ඔහුට ලබන්නට පුළුවන් හොදම ගැහැනිය ලැබුනු පසු අනික්වා දෙස බැලීමට අවශ්ය නැත. එහෙත් ගැහැනු එහෙම කැතම පිරිමින් සොයන්නේ ද නැත. මා නැවතත් අසන්නේ, “පිරිමියෙක්“ විවාහ කරගෙන, ගැහැනු ලක්ෂණ බලාපොරොත්තු වීම කාගේ මෝඩ කමක් ද කියාය.
තමන් කාපු පිඟාන සොදන්න, තේ බීපු කෝප්පය සෝදන්න, ඇදගෙන ඉදලා බිමට කඩලා දාපු සරම නිසි තැනක තියන්න, තමන්ගේ ඇදුමක් සෝදාගන්න තරම්වත් වගකීමක් නැති පිරිමින් බිහිකරන්නේ කවුද. අම්මලාය. මගේ ලිස්ට් එකේ ද එකම පිරිමි දරුවා දැලි රැවුල ඇවිල්ලා තිබියදීත් කිහිලේලේ ගහගෙන කවාගෙන පොවාගෙන හදන මෝඩ අම්මලා කීප දෙනෙක් ඇත.😢 ඔවුන්ට වෙන කරන්නට වැඩකුත් නැති නිසා එකම දරුවාගෙ වැඩ ටික කරනු ලැබේ. (විවාහයට බෝහෝ විට පවුලක තනි දරුවා හොද නැත. ඔවුන්ගේ විෂමතා බොහොමයක් පවතී. පවුන්ගේ සංකීර්ණ ගතිගුණ ගැහැනු - පිරිමි දෙගොල්ලන්ටම කරදර කාරී වෙයි. ) එසේ සියල්ල ලගට කර දී හදන පිරිමි දරුවා ඉදිරි විවාහ ජිවිතයේදී එම විවාහක කාන්තාවට මල වදයක් වෙයි. එසේ වගකීම් විරහිත පිරිමියෙක් හැදුවේ කවුද? එතැනද වරද ගැහැනියකගේය.

ඊළගට එම විවාහක කාන්තාව අර පුරුෂයාගේ යම් යම් ගති ලක්ෂණ වෙනස් කොට අම්මාගේ තුරුලෙන් මුදාගන්නා විට, ඊර්ෂ්යාකාර නැන්දාම්මාගේ චරිතය රගදක්වන්නේද කාන්තාවකි. අර වගකීම් විරහිත පිරිමියෙකු හැදුවා මදිවට, ලේලියට ද දසවද දීමට පටන් ගනී. ලේලිවරුන්ට විවාහය එපා කරවන්නේ එක්කො නැන්දම්මාය, නැත්තං ස්වාමියාගේ අක්කලා හෝ නංගිලාය. (නෑනාවරුන්ය) එතැනද ගැටලුව ඇත්තේ කාන්තාවගේය. 😢

මා පවුල නැමැති ඒකකය දකින්නේ චෙස් බෝඩ් එකක් විලසටය. ♟️♟️♟️Chess චෙස් ගැන කාන්තාවන් කී දෙනෙක් දන්නවාද නොදනිමි. (රජු වැදගත් චරිතය වුවාට, රජුට ගමන් කළ හැක්කේ අට දිසාවටම එක කොටුවකි. රජුව චෙක්මෙට් (පරාජය) කිරීමෙන් තරගය පරදී. එහෙත් රජුට කරන්නට පුළුවන් දේ අල්පය. මෙම මුළු ක්රිඩාවම පාලනය කරනු ලබන්නේ රැජින විසින්ය, රැජිනට අට දිසාවට කොටු සියල්ලටම ගමන් කර සතුරන් විනාශ කළ හැකිය. එතැන දක්ෂ චරිතය රැජිනවේ. රජු වැදගත් ය. එහෙත් දක්ෂයා රැජින ය. දිනවනු ලබන්නේ රැජිනය.) ♟️

පවුල් ජිවිතයත් ඒ ලෙසින්ය යැයි කියමි. සාර්ථක පවුල් ජිවිතයක ලකුණු 95% දිය යුත්තේ කාන්තාවටය. ඔවුන් එයට දක්ෂය. පිරිමින් එයට දක්ෂතාවක් නැති තරම්ය. නමුත් වැදගත් සාධකය වේ. ඉවසීම මැනවින් ඇත්තේ කාන්තාවයට. ඉදිරිය දකින්නේ කාන්තාවය. එනිසා “අම්මා“ චරිතය තාත්තාට වඩා ප්රභලය. ඊට කව් ගී වැඩියෙන් ලියවුනේ ඒ නිසාය. මෙය තේරුම් ගත හැක්කේ බුද්ධිමත් කාන්තාවකට පමණි. උගත් ෆෙමිනිස්ට් වාදි (මෝඩ) කාන්තාවට මෙය ඇලජික්ය. ඔවුන්ට මෙය තේරුම් ගැනීම බැරිය. ඔවුන් සිතන්නේ මෙය ඔවුන්ගේ දීණ කම කියාය. මට ඊට පිළිතුරක් ද නැත. සිරිමාවො බණ්ඩාරනාය, චන්ද්රිකා බණ්ඩාරණායක රට පාලනය කරන සමයේ පිරිමින් අවලාද නැගුවේ නැත.ඇයි ගෑනු අපිව පාලනය කරන්නේ කියා. ක්ෂණිකා හිරිඹුරේගම පාලනය කරද්දී ද අපට ගැටලුවක් තිබුනේ නැත😀😂. ඇයි ගෑනියක් අපව පාලනය කරන්නේ කියා. ඒ නිසා #කාන්තාධිප්ය කියා වචනයක් නැත. එහෙත් ෆෙමිනිස්වාදීන්ට නම් පිරිමින්ගේ පාලනය ගැන ගැටලුවක් ඇත. ඔවුන් කාන්තා සම නියෝජනය ගැන කතා කරේ. සැබැවින්ම හීනමානයෙන් පෙළන කාන්තාවක් සමග දීඝයාම පිරිමියාට අපායේ යාමක් වැනිය. එබදු චින්තනය සිතේ වගාකරගත් ගමන්, හොදට තියෙන පවුල නම් දෙකඩ වීම නොවැලක්විය හැක. ඊට හේතුව රැජින - රජු වීමට යාම, චෙක්මේට් වීමට හේතුව නිසාය. එක පාසලට ප්රින්සිපල්ස්ලා දෙදෙනක් සිටිය නොහැක. රටෙ අගමැති හා ජනපති පරස්පරව තීන්දුගැනීම රටට කොච්චර අහිතකරදැයි දැන් වැටහේ. දන්නවා කියා, දෙදෙනාම හොද්දට ලුණු දැම්මොත් කුමක් වේවිද? තමන් නිතරම ආසියාතික රටක ජිවත් වෙන බව කාන්තාව වටහා ගත යුතුය. තමන් පවුල් සංස්ථාවට අදක්ෂ පුද්ගලයෙක් බව පිරිමින් වටහා ගත යුතුය. කාන්තාවන් සුජිව ප්රසන්න ආරච්චිගේ කතාවල සිටින පිරිමින් බලාපොරොත්තු නොවිය යුතුය. පිරිමින් සුජීවගේ කතාවල සිටින පිරිමින් මෙන් හැසීරීමට උගත යුතුය. එහෙත් හරි පුදුම සිද්ධිය නම්, බහුතරයක් බිරින්දෑවරුන්ට අප්සට් හස්බන්ඩලා සිටියාට, බහුතරයන් දියණියන්ට ඉන්නේ පණමෙන් ආදරය කරන තාත්තලාය. 😀 (මෙහි ලියා ඇත්තේ පිරිමින් ගැනය. සමහර උගත් කාන්තාවන් විවාහයට නොසුදුසු වන අයුරු ඉදිරිලිපියකින් ලියනු ලැබේ.)


4. නැන්දම්මා - mother in LAW (low?)

 නැන්දම්මා
mother in LAW (low?)
===============
🔴 මා නිතර ‘නකුල මාතා- පිතා පුවත ඇතුළත් “පඨම සංවාස“ සුත්රයෙන් බණ කියනා බව මා හඳුනන බොහො දෙනෙක් දන්නා කරුණකි. මේ සිදුවීම සිදු වී දැනට වසර එකහමාරකට වඩා වැඩිය. පොහොය දිනක ධර්මදේශනාවක් අවසානයේ එක්තරා පාට ඇදුම් ඇදගත් (සිල්සමාදන් නොවූ) මහත්මියක් මා පිටත් වීමට සුදානම් වූ විට කතා කිරීමට අවශ්ය බව දැන්වීය. ඇය මා දන්නා එක් විහාරස්ථානය ප්රමුඛ පෙළේ දායිකාවකගේ ලේලියක් බව මා දැන සිටියෙමි. නමුත් කතා බහ කර තිබුනේ නැත. තවත් ධර්ම දේශනාවකට යාමට ඇති හෙයින් මා ඇයට දුරකථන අංකය දී සමුගත්තෙමි. ඊට දින දෙකකට පසු ඇය කාර්යාලීය වේලාවේ මට මානසික සහනය අපේක්ෂාවෙන් පැවසු පුවතයි මේ. 😢

🔴 ඇය විවාහ වී වසර 3ක් පමණක් ගෙවී ඇත. නමුත් තවමත් දරුවන් නැත. ඇය ස්වාමීපුරුෂයා සමග ඇය වාසය කරනුයේ ඔවුන්ගේ මහගෙදරය. එනම් නැන්දම්මා හා මාමණ්ඩී සමගය. ඉතාම සද්ධාවන්ත පොහොය දවස නිතර පෙනෙන ඇයගේ නැන්දම්මා මම හොදින් හදුනමි. මහදෙපළට සිටියේ මේ පුතා පමණි. ඒ නිසා, නැන්දම්මා විසින් ඇය සහ සැමියා වෙනත් ගෙයට පදිංචියට යාමට අකමැති වී ඇත. මුලින් ඉතා සමීපව ලෙන්ගතුව කටයුතු කළ නිසා ඇය ද සිතා ඇත්තේ තවත් මවක් ලැබුණා කියාය.

“අනේ මට දුවලා නෑනේ දරුවො... ඔයා මට දුවෙක් වාගේ“ යැයි මුලින් නිතර නිතර නැන්දම්මා පැවසුවාලු. එහෙයින් ඇයත් සැමියාගේ නිවසේ නතර වීමට අකමැති වී නැත. වයස 60 අධික ඒ මහ දෙපළ නිවසේ යට තට්ටුවේ සිටි අතර නව යුවළට උඩ තට්ටුව සුදානම් කොට දී ඇත. නව යුවළ යෝජිත විවාහකින් මුණ ගැසී ඇත.

🔻 ඇය ඔෆිස් යන කෙනෙකු හෙයින් නැන්දම්මා ඇයටත් සමග බත්මාළු උයන නිසාවෙන්, ඇයත් ඊට උදව් උපකාර කරන්නට විය. ටික දවසකින් ලේලියකගේ ඉවුම් පිහුම් ගැන අඩුපාඩු කියවීම ඇයට වදයක් වූ හෙයින් ඇය උයන් උදව් කිරීම නතරකොට ඇත. පළමු ගැටුම එයයි.

🔻 එක් දිනක් නැන්දම්මා හොදටම නිදා සිටි අතර ඒ බව දැනගත්තේ දෙපළ වැඩට යාමට සුදානම් වී පැමිණ පසුවය. පුතුට නැන්දම්මා පවසා ඇත්තේ “මට අද ටිකක් සනීප නෑ පුතේ“ කියාය. ලේලිය ගෙදර නතර වීමට සුදානම් වූවත් ඇය ඊට විරුද්ධව පවසා ඇත්තේ “ටිකකින් ඇරිලා යයි ඔයාලා යන්න“ කියාය. දෙවැනි දින උදෑසනද එසේම වී ඇති අතර, “ඇයි අර ලේකම් නෝනාට බැරිද උඹට උයලා කන්න දෙන්න“ යනුවෙන් පුතුට පවසනවා ලේලියට ඇසී ඇත. දෙවන ගැටුම එයයි.

🔴 එදින සවස සැමියා සමග ටවුමට ගිය ඇය, වෙනම ඉවීම පිහීමට අවශ්ය කළමනා සහ බඩුමුට්ටු රැගෙන පැමිණෙන්නේ නැවත නැන්දම්මාගෙ කෑම එපා යන චේතනාවෙනි. එතැන්පටන් නැන්දම්මලා වෙනමද නවයුවළ වෙනම උයාපිහා කන්නට පුරුදු විය. එහෙත් ඊළගට ගැටලුව වූයේ කාර්යලය නිම වී ඇවිදින් උයන පිහන අතුගාන අස්කරන සියලු කාර්යයන් අයට තනිවම කරන්නට සුදුවීමය. ස්වාමීයා තේ කෝප්පය වත් නොසෝදන අතර, ඒ ගැන මතක් කළහොත් බාගෙට හොදා දමා යාම සිදුව ඇත. ඔහු හවසට රෑ 12 පමණ වනතුරු කරන එකම කටයුත්ත නම්, පරිඝණක ක්රීඩා (PC game) කීරීම පමණය.

🔻 ඇයට නිසිලෙස ඉවුම් පිහුම් පුරුදු නැති හෙයින් එකම වට්ටොරුවක් කෑමට සිදුවීම, ඇයගේ සැමියා හවසට මූණ ඒල්ලාගෙන සිටීම හේතුවක් විය. එක් දවසක් ඔහු කෑම නොකෑ අතර, මම අම්මාගෙන් කාලා ආවේ යැයි පැවසුවේය. ඒ තෙවන ගැටුමයි.

🔴 පසු දින නැන්දාම්මාට ඇය පවසා ඇත්තේ “මගේ මිනිහාට කෑම දෙන්න මට පුළුවන් අම්මලා, අම්මලාගේ වැඩක්“ බලාගන්න කියාය. ඉන් දින කිහිපයකට පසුව උදේ දවල් දෙකටම සැමියා අම්මාගෙන් කෑම කන්නට පටන් ගෙන ඇති අතර, නිදාගන්නා වෙලාවට පමණක් ඉහළමාලයට යාමට පුරුදු විය. 

මේ අතර තුර ඇය සති අන්තයේ කුමක් හො කියා ඇයගේ මහගෙදර යාමටද පෙළඹී ඇත. මෙලෙස වචන හුවමාරු වෙමින් වසර 3ක්ම ගෙවී ගොස් ඇති අතර, මෙම සිද්ධිය පැවසීමට සතිකීපයකට පෙර ඇතිවූ වචන හුවමාරුවකදි “තො වඳ ගෑනී“ යනුවෙන් බැන වැදී ඇත. ඇය මහත් ඉවසීමෙන් කල්ගත කරන අතර, තවත් ටික කාලයක් බලා දික්කසාද වීමට ඇයට සිදුවන බවයි පැවසූයේ. මේ එම සිද්ධිය ඉතා සංක්ෂිප්තවය.
==============
🔴 (මෙතැන් පටන් කථන බසින් ලියනු ලැබේ.)

අපි මේ ගැටලු කිහිපය මනෝවිද්යත්මකව විමසා බලමු. මේ ඇයගෙන් හරා අවුස්සා දැනගත් කරුණුය.
🔻1. විවරණය. - නැන්දම්මලා මහාමයා දේවී තරම් හොද වුනත්, වෙනමම පදිංචි නොවීම මේ කාන්තාව වරද්දාගත් පළමු තැනය. බබෙක් ලැබුන පසු මහගෙවල්වල පදිංචි වූවත් මුල් අවුරුදු කිපය කුලියට හෝ වෙනත් තැනක නතර වීම සිදුකළ යුතුමය.

🔻 2. විවරණය - ඇය පවුලක තනි දරුවෙකු කසාද බැදීම කළ ඊළග වරදය. පවුලක තනිදරුවා යනු බොහෝ විට හුරතලයට හැදුනු කෙනෙකි. ජය මිසක් පරාජය ඔවුන් හදුනන්නේ නැත. රණ්ඩු වීමට දැන සිටියත් සහොදර සහොදරියන් නොසිටි හෙයන් මාන්නය බිම තබා නැවත යාලුවිමට නොදනී. විශේෂයෙන් බෙදාහදාගෙන කෑම, අනිකා ගැන වදවීම යන්න ඔවුන්ට එතරම් සමීප නැති අත්දැකීම්ය.
තනිදරුවන් ගැන කියපු එක දවසක මට එක මහත්මියක් පැවසූයේ, ඔවුන් වැසිකිළි දෙකක් භාවිතා කරන බවය. ඒ ඇයගේ මහත්තයාට, ඇය පාවිච්චි කළ වැසිකිලියට යාමට අප්පිරියයි යැයි කීම නිසාය. 😏 ඒ මහතාද පවුලක තනිව හැදුනු වෙනම කාමර - ටොයිලට් භාවිත කළ අයෙකි. ඒනිසා තනි දරුවන්ගේ පෞර්ෂයේ විශාල දුර්වලතා පවතී. ඔවුන් සමග කටයුතු කිරිම ලේසි නැත.

🔻 3. විවරණය - තනිදරුවා වීම නිසා ඔහුගේ අම්මා, සියලු වැඩ අතට පය කර දී ඇති අතර කසාද බන්දන තුරුම හවසට බත් කෑවීම ද සිදු කොට ඇත. අම්මලා සහ පුතාලා අතර පුදුමාකාර බැදීමක් පවතී. එය දුවලා ගැන තියෙනවාට වඩා වැඩි සෙනෙහසකි. තේ බීපු කෝපයවත් නොසෝදන ඔහු එක්තරා ආකාරයක අබ්බාගතයෙකි. දරුවන්ට දිය හැකි ලොකුම සම්පත යනු, අධ්යාපන මිළ මුදල් ගෙ දොර නොව, ලේ ඥාතිකම් බව සමහර මෝඩ අම්මලා නොදනී. දරුවා ලොකුවුනාම ඔහුට අවශ්ය නම් ගෙවල් දොරවල් උපයනු ඇත. එහෙත් ඔහුට මහදෙපළ මියගිය පසු තනියට කවුරුත් නැත. ඔහුගේ දරුවන්ට නැන්දලා බාප්පලා පුංචිලා මාමලා ද නැත. දක්ෂ අම්මා කෙනෙකු යනු සියලුම දේ අතට පයට කර දීම නොවේ, ස්වාධීනව තමන්ටම සියල්ල කරගතහැකි දරුවෙක් හැදීමය. හදිස්සියට පරිප්පුවක් බතක් හො හැදීමටවත් පිරිමි දරුවන් හුරුකළ යුතුය. නැතිනම් හැමදාම කසාද ගෑනිගෙන් බැනුම් ඇසීමට සිදුවේ. 
😃
🔻 4. විවරණය - ලේලිගේ ඉවීම පිහීම හොද නැති වීමට කාරණා දෙකක් බලපා ඇත. පළවෙනි කරණ, හවසට තේ බිබි, අම්මාගේ තුරුලේ හුරතල් වෙන පුතාගේ ආදරය දැන් හවසට නොලැබී යාමය. නව යුවල හැන්දෑවට වෙනම තේ බිබි කුටු කුටු ගාමින් සිටීම අම්මාට වේදනාවක් වී ඇත. කාන්තාවන්ට පොදු ඊර්ෂ්යාව නිසා අම්මාගේ හිතට එන්නේ “මේකී මගේ ආදරය උදුරාගත්තා “ හැගීමකි. තනි දරුවෙක් හැදු ඇයට දැන් කරන්නට වැඩක් නැතිවීම ද ගැටලුවකි.

🔻දෙවැනි කරණ නම්, ලේලිය උයන විට, ඈ ඇයගේ නියපොතු ගැන සැලකිලිමත් විය. ඇය නිතරම අලුත් පැෂන් වලට අනුව ඇදුම් අදියි. කොණ්ඩය කොට කර පාට කර ඇත. අඳින ගවුම් කොටට අඳී. මේ අලුත් ලෝකය නැන්දම්මාට ඔරොත්තු දුන්නේ නැත. ඇය පරණ ගැහැනියකි. ඇයට අනුව සැමිය එක්ක සාලයේ හුරතල් වීම හොද නැත. ලැජ්ජානැති වැඩකි. කොටට අඳින්නට හොද නැත. ලැජ්ජා නැති වැඩකි. නියපොතු වලට කරන විකාර, මූණට කරන විකාර ඇයට අනුව නිශ්ඵලය. සියල්ල අනිත්යය😀 . - කළුසුදු ටීවි එකෙන් කෝපිකඩය බැලූ අය සහ colors flat Tv වලින් දෙවැනි ඉනිම බලන අයගේ ලෝක දෙකකි. පැහැදිලිවම ලෝක දෙකකි. නවීන දේට වැඩිහිටියො ඔරොත්තු දෙනවා අඩුය. “දිරච්ච අතු නවන්නට බැරිය“. නවන්නට හොද නැත. කැඩිබීඳී යයි. ☑️
🔴 
5. විවරණය - උදේට කෑම ඉවිම නවතා ඇත්තේ, නැන්දම්මාගේ සමවයසේ කෙනෙකු දුන් උපදෙසක් නිසාය. මේ ප්රශ්න නැන්දම්මා සමවයසේ වෙන කෙනකුට පවසා ඇත. ඇයගේ උපදෙස් අනුව ඇය ඉවුම් පිහුම් නතරකොට ඇත. මේ සිද්ධිය පවසනා කාලය වන විට ඇයගෙන් ස්වාමියා වෙන් කිරීමට දේවාල ගානේ යනබවද දැන ගතිමි. - සෑම දෙනෙක්ම තමන්ගේ යහළුවන්ගේ කිම් නිතර අසයි. ඒවා අනුව කටයුතු කරයි. ගෙදර කුනු නැතත් පිටතින් ඔවුන් කුණු දමයි. ගැටුම් නිර්මාණය කරයි. සමහරවිට මහත්තුරු යහළුවන් කියන දේ, තම බිරිද කියන දේට වඩා ඉස්මුදුනින් පිළිගනී.

🔴 6. විවරණය.- කාන්තාව වශයෙන් විවාහ වන විට යහමින් ඉවුම් පිහුම් නොදැන සිටීම ගැටලුවකි. බැන්දට පස්සේ පුරුදු වෙනවා යැයි සිතුවත් කටට රහට කන්නට හුරුවූ සැමියෙක් ලැබුනොත්, බිරිඳ ගැන අප්රසාදයක් ඇතිවේ. දරුවන්ට (පිරිමින්ට) කොහොමත් අම්මලාගේ කෑම රසය. එබැවින් අම්මා අතින් උයන බත් හොයාගෙන යාම අරුමයක් ද නැත. සහයෝගී ස්වාමියෙක් නොලැබුනොත් ගිහි ගෙදර ගිනිගෙදරක් වන්නට පටන් ගන්නේ කුස්සියෙනි. ඇතාගේ නිල අල්ලා ඇතා දණ ගස්සන්නාක් මෙන්, රසවත් කෑම බීම දී සමහර ඇතුන් දණ ගැස්සිය හැක. කාන්තාව ඊට දක්ෂවිය යුතුය. මහත්තරු පිටින් කෑමට හුරු වුවහොත් මුදල් නාස්තිය ද සිදුවේ. වෙනත් රසවත් කෑමට අසුවීමට ද ඉඩ ඇත.
අවසන් විවරණ- සත්යවශයෙන්ම ස්වාමියාට ඕනෑ වුවත් ඇයට දරුවෙක් හදන්නට දැන්මම අවශ්යතාවක් නොමැති බව ඇය විසින් පැවසීය. එය දෙමාපියන්ට ඈ පවසා නැත. ඈට රැකියාවෙන් ඉදිරියට යාමට අවශ්යතාවක් ඇත. එහෙත් අන්තිමට ඇයට පවුල නොමැතිව රැකියාව ඉතිරිවෙන තත්ත්වයකුයි උදාවී ඇත්තේ. දෙකම සමබරව කරගන්නට උත්සහ කළ යුතුබවයි මගේ මතය. හැකියාවක් ඇතිනම් කාන්තාවක් රැකියාවක් කිරීම වරදක් නොවේ.
🔴
නැන්දම්මා ගැන මගේ සමකාලීන යුවතියකගේ අදහස් මෙසේය. එය වැරදිද නිවැරදිද ඔබම තීරණය කරන්න.
“මොකට ද හාමුදුරුවනේ පිට ගෑනියකට ‘අම්මා‘ කියන්න යන්නේ. එයා නැන්දම්මාම කියලා හිතාගෙන හිටියානම් ඉවරයිනේ. අතේ දුරින් තියාගෙන ඉන්න ඕනි. නැත්තං හැම එකටම හොට දාන්න එනවා, පුතා එයාගේ කියලා. මම නම් මාසෙකට ගානක් අතමිට මොළවලා එයා ශේප් එකේ තියාගෙන ඉන්නේ.“ 😀🤭
--------
🔴🔻 කාන්තාවකගේ හැඟීම් කාන්තාවක් තේරුම් ගත යුතුය. බොහෝමයක් පවුල් නැන්දම්මලා නිසා විනාශ වන බව නොරහසකි. මෙය වැඩිහිටි ගැහැනු අය ද කියවනු ඇතැයි සිතමි. “කුරුල්ලන්ට නිසි කල දී පියාඹන්නට ඉඩ දෙන්න“. ධර්මයේ ඉගැන්වෙන අත්හැරීම පුරුදු කරන්න. ඔවුන්ගේ ලෝකයට අතදැමීම නතර කරන්න. බණක් භාවනාවකට හිත යොමු කරන්න. ඉල්ලීමක් කළොත් දරුමුණුපුරන්ගේ වැඩවලට සම්බන්ධවීම හා ලේලියකගේ ජිවිතය පාලනය කිරීම දෙකකි. එකක් නොවේ. සහකම්පනයෙන් යුක්ත වෙමු. තමන් තරණ වියේදී තමන්ට මෙවැනි නැන්දම්මා කෙනෙක් ලැබුනොත් කෙසේදැයි සිතමු. ලේලියට අම්මා කෙනෙක් වෙන්නට හැකි නම්, ඇයගේ දොස් මැදිහත් සිතින් ඉවසන්නට හැකිනම් ඔබ බුදුන්වහන්සගේ සරණ ගිය මෛත්රී කරුණාව ප්රගුණ කළ වැදගත් කාන්තාවකි. තෙරුවන් සරණයි.☸️‍


5. ගෘහ මූලිකාව. (බිරිඳගේ අනුකම්පාව)

ගෘහ මූලිකාව. (බිරිඳගේ අනුකම්පාව)
         🔴========================== 🔴

“දාස භාර්යාව දිව්යලෝකේ යනවලු‘ ෆක්. දෙන්නේ පයින් - වම් පයින්. මට දාස භාර්යාවක් වෙන්න කියාගෙන ආවොතින්“ – 😏
🔻 සත්තභාර්යවන් ගැන තිබෙන post එකක, දාස භාර්යාව ඇති කොටස පමණක් අල්ලාගෙන එක් සමාජවාදී උගත් feminist කාන්තාවක් දාලා තිබ්බ කමෙන්ටුව ගැන තමයි මම උඩ කියලා තියෙන්නේ.

🔻 ෆෙමිනිස්ට් ගෑනුන් විසින් පවුලට කරන හානිය හා දික්කසාදය ඇති ලැදියාව ගැන මට ලිපියක් ලිවීමට අවශ්යතාවක් ඇති මුත් නොලියන්නේ එමඟින් මා පුරුෂවාදියෙකු හා පුරුෂාධිපත්යය පිළිගන්නෙකු යැයි හංවඩුගැහෙන බැවිනි.

ගැහැනුන්ට ගැහැනු ගැන ලියන්න කියන්නට පුළුවන් අතර, පිරිමියෙක් විසින් පිරිමි ගැන ලීවොත් එය ගැටලුවකි. 😏
මහපාරක වුනත්, කාන්තාවක් විසින් පිරිමියෙකුට පහර දීම ගැටලුවක් නොවන අතර බොහො දෙනෙකු හිනා වෙමින් බලා සිටි. නමුත් පිරිමියෙක් කාන්තාවකට පහර දුන්නොත්, හේතුවක් නොඅසාම කාන්තාවගේ පැත්තට හැමොම සිටගනී. එය කාන්තහිංසනය පමණයි. 🤔
පුරුෂ හිංසනය කියා වචනයක් ද නැත. උඩ ප්රකාශය කරපු මෝඩ ෆෙමිනිස්ට් කාන්තාව වැනි අයටත් සහ සියලු බෞද්ධ පිරිමින්ටයි මේ පිළිතුර.

🔴 උඩ තියෙන ‘ගෘහමූලිකාව‘ වචනය එච්චර අහලා නැතුව ඇති කවුරුත්. මොකද ඒ වචනය එන්නේ ගෙදර සැමියා මැරුනට පස්සේ පමණයි. 

🔻 මම නිතරම ප්රකාශ කරන දෙයක් නම්, පවුල යනු චෙස් බොර්ඩ් එකකි. ♟️Chess චෙස් ගැන කාන්තාවන් කී දෙනෙක් දන්නවාද නොදනිමි. (රජු වැදගත් චරිතය වුවාට, රජුට ගමන් කළ හැක්කේ අට දිසාවටම එක කොටුවකි. රජුව චෙක්මෙට් (පරාජය) කිරීමෙන් තරගය පරදී. එහෙත් රජුට කරන්නට පුළුවන් දේ අල්පය. මෙම මුළු ක්රිඩාවම පාලනය කරනු ලබන්නේ රැජින විසින්ය, රැජිනට අට දිසාවට කොටු සියල්ලටම ගමන් කර සතුරන් විනාශ කළ හැකිය. එතැන දක්ෂ චරිතය රැජිනවේ. රජු වැදගත් ය. එහෙත් දක්ෂයා රැජින ය. දිනවනු ලබන්නේ රැජිනය.) ♟️

🔻 පවුල් ජිවිතයත් ඒ ලෙසින්ය යැයි කියමි. සාර්ථක පවුල් ජිවිතයක ලකුණු 95% දිය යුත්තේ කාන්තාවටය. 🙂 ඔවුන් එයට දක්ෂය. පිරිමින් එයට දක්ෂතාවක් නැති තරම්ය. නමුත් වැදගත් සාධකය වේ

🔻 බුද්ධ දේශනාව අනුව නම් ‘ගෘහ මුලිකයෙක්‘ සිටීමට නොහැක. පිරිමියෙකුට නිවස පාලනය කරන්න කියලා නැහැ බුද්ධ දේශනාවේ. සිඟාලෝවාද සුත්රය ගැන සැවොම හැමෝම දන්නවානේ. එහි තියෙන ස්වාමිපුරුෂයන් විසින් භාර්යාවන්ට ඉටුකළ යුතු යුතුකම් ගැන සරල අවබෝධයක් ඇති. ඒවාගේම භාර්යාවන් විසින් ස්වාමි පුරුෂයන්ට කළයුතු යුතුකම් ගැනත්.
හැබැයි මෙතැන කතා කරන්නේ රැකියාවක් කරන සැමියෙක් හා නිවසේ කටයුතු කරන බිරිඳක් ගැන. එසේ තිබියදීත් බිරිඳ ගෘහමූලිකයා නම්, රැකියාවක් කරන බිරින්දෑවරු ගැන කුමන කථා ද?

🔷 ‘‘පඤ්‌චහි ඛො, ගහපතිපුත්‌ත, ඨානෙහි සාමිකෙන පච්‌ඡිමා දිසා භරියා #පච්‌චුපට්‌ඨාතබ්‌බා‘‘ -
ගෘහපුත්රයාණෙනි පස් ආකරායකින් සැමියා විසින් බිරිඳට උපස්ථාන කළ යුතුය.

🔷 “පඤ්‌චහි ඨානෙහි සාමිකෙන පච්‌ඡිමා දිසා භරියා පච්‌චුපට්‌ඨිතා පඤ්‌චහි ඨානෙහි සාමිකං #අනුකම්‌පති“ - එසෙ පස් ආකරයකින් උපස්ථාන කරන ඔබට බිරිඳ විසින් 5 ආකාරයකින් අනුකම්පා කරේ.

මේ වචන දෙක හොදට බලන්න. 

🔷 උපස්ථාන කිරීම හා අනුකම්පා කිරීම. 🔷

පාලි වචන දෙකේ තේරුම එසේය. ඒ අනුව සැමියා විසින් බිරිඳට උපස්ථාන කළ යුතුය. බිරිඳ විසින් අනුකම්පා කළ යුතුය. නියමිත විදිහට නම් මේ වචන දෙක මාරු විය යුතුය. නමුත් එසේ නැත. සැමියකු විසන් බිරිඳට කළ යුත්තේ උපස්ථානයකි. ඊට බිරිදගෙන් ලැබෙන්නේ අනුකම්පාවකි.

🔴 අවුරුදු 2500කට එහා ඉන්දීය සමාජය තුළ බුදුදහම මොන තරම් පෙරටුගාමී ද? මාගේ එක් ලිපියකට කාන්තාවක් කමෙන්ටුවක් දමා තිබුනේ සාම්ප්රදායික අදහස් දැන් ලෝකයට නොගැලපෙන බවය. මේ අදහස් තවත් වසර 500ට ඉදිරියටත් නොගැලපේද? ගැහැනුන්ට අකුරු ඉගැනීමටවත් නොදුන් බ්රාහ්මණ සමාජයක මේ මොන තරම් ප්රබල අදහසක් ද? සියලු බ්රාහ්මණ පිරිමින් බුදුන් වහන්සේට විරුද්ධව සිටගනු ඇත.😃

🔴 එසේ නම් පවුලේ ප්රධානියා කවුදැයි තවත් අටුවා ටීකා අවශ්ය නැත. තවදුරටත් කියතොත්, මෙයම ඉහත කියන ස්වාමියාඉටු කළ යුතු යුතුකම් 5ට ද ඇතුළත් කොට ඇත. “ඉස්‌සරියවොස්‌සග්‌ගෙන“ -
🔷 නිවසේ #අධිපතිභාවය ලබාදීමෙන් ද- යනු මෙහි තේරුමයි. නිවසේ අධිපති ලබා දුන්නාට පස්සේ සැමියාට ආයෙත් කළ හැකි ගෘහමූලික කමක් නැත.

🔴 නිවස ඇත්තේ රැජිනක් පමණි. රජෙක් නැත. ඒ අනුව බෞද්ධ පවුල චෙස් බෝර්ඩ් එකටත් එහා ගිය තැනකි.

🔻 ඉස්සර කාලේ තාත්තලා, හම්බකරන මුළු පඩියම, අම්මාගේ අතට ගෙනවිත් දුන්නා. අම්මා තමයි තීරණය කළේ මොනවාට වියදම් කරන්නේ කියලා. “ ආදි වශයෙන් අපි කතා අසා ඇත. අද නම් සිද්ධ වෙන්නේ ඒකේ අනික්පැත්තය. අරකට මෙච්චරක් ඕනි, මේකට මෙච්චරක් ඕනි කියා, බිරිඳට දිනපතාම සැමියාගෙන් සිඟමන් යැදීමට සිදුවේ.😐

🔴 චන්ද්රිකා හා සිරිමාවො බණ්ඩාරනායකවරු රට පාලනය කරන සමයේ පිරිමි විසින්, ඇයි කාන්තාවක් විසින් අපව පාලනය කරන්නේ යැයි කන්කෙදිරි ගෑවේ නැත. එහෙත් හීනමාන කාන්තාවන් පිරිමියෙක් ඇයි ‘කාන්තා හා ළමා කටුයුතු ඇමැති වන්නේ‘ යනුවෙන් මැසිවිලි නගනු ලැබේ. (එහෙනම් පිරිමි VOG ඉන්නට විදිහක් ද නැත) ෆෙමිනිස්ට්වාදි සමහර ඉගැන්වීම් පිරිමින් ගැන තරහක් ඇතිකිරීමට හේතුවකි. (ක්ෂණිකා හිරිඹුරේගම අපව පාලනය කරන්නේ ඇයි දැයි භික්ෂූන් වන අපවත් විමසා නැත.) 😃😃🤭

ඉතිං මේ ටික නොදන්නා, ෆෙමිනිස්වාදී උගත් මෝඩ ගැහැනුන් කාන්තාවට සමතැනඉල්ලයි. බුද්ධිමත් ගැහැනුන් නිසි තැන ඉල්ලයි. එහෙත් බුදුසමය අනුව නම්, කුටුම්භය තුළ පිරිමියා යනු බලතල රහිත කෙනෙකි. සමතැන නිසිතැන නොවේ, සියලු බලතල ඇත්තේ බිරිඳට පමණි. ස්වාමියා යටත් වැසියෙක් පමණි. බුද්ධ නියමය පරිදි බෞද්ධ පිරිමින් විසින් බිරිඳගේ නියෝගයන්ට අනුව කටයුතු කිරීම ගැටලුවක් නැත. එහෙත් ප්රාෙයා්ගික සමාජයේ නම් මෙසේ නැත. මුස්ලිම් සමාජයක නම් ඉතිං මේක සම්පූර්ණ අනික් පැත්ත. පිරිමියා තමයි සියල්ලටම මූලික. තෙරුවන් සරණයි.☸️
( පින්තූරය හරියටම ගැලපෙන එක යැයි සිතමි)


44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...