Wednesday, September 4, 2019

8. දෙවියෙක්_දිව්‍යාංගාවක්



🔴 පළමුව මේ පින්තූර 2 දිහා බලන්න. පසුව ඉතිරිටික කියවන්න.
🔻 පවුල් වර්ග 4ක් පිළිබඳව බුදුසමයේ ඉගැන්වේ. (පඨම සංවාස සූත්රය. චතුක්ක නිපාත, අංගුත්තර නිකාය) එනම්
1. දෙවියෙක් හා දිව්යාංගනාවක් වැනි පවුල් ජිවිත
2. දෙවියෙක් හා මළකාන්තාවක් වැනි (මළමිණියක්)
3. දිව්යාංගනවාක් හා මළ පුරුෂයෙක් වැනි
4. මළ කාන්තාවක් හා මළ පුරුෂයෙක් වැනි
පහත පින්තූර දෙකෙහි දෙවියෙකුගේ හා දිව්යාංගනාවකගේ ලක්ෂණ අපුරුවට සිතුම් කර ඇතැයි සිතමි. එනම් කිසියම් පිරිමියෙක්, ගැහැනියකගේ ජිවිතයට ලංවු විට එම ගැහැනියකගේ ජිවිතය ආලෝකවත් සැපවත් සුවබර එකක් විය යුතුය. යම් ගැහැනියක් පිරිමියෙකුගේ ජිවිතයට ලංවු විට ද එම පිරිමියාගේ ජිවිතය සැපවත් අලෝකවත් සුවබර එකක් විය යුතුය. සරලව අදහස එයයි.
🔻 මෙහිදි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ සුදුසු දෙවියෙක් හො දිව්යාංගනාවක් තෝරාගන්නේ කෙසේද ඔවුන්ගේ ලක්ෂණ මොනවදැයි කියාය.
🔴 දෙවියා. (ස්වාමිපුරුෂයෙක්)🔴
                =======
ගැහැනියක් වන ඔබ මොනවද බලාපොරොත්තු වන්නේ පිරිමියෙක්ගෙන්. “මෙහෙම රැවුල තියෙන කොල්ලොක් නම් හා අම්මෙ.. මෙහෙම උස කොල්ලෙක් නම් හා අම්මේ... “ වැනි අදහස් බුකියේ ඕනිතරම් ශෙයා වෙනවා දැක ඇත. ඒවා ශෙයාර් කරන්නේ විවාහක ගැහැනු නොවීම විශේෂිතය. මොකද, බැඳපු අය දන්නවා, ඔය කියන ඒව්වා එක්ක පවුලක් ගෙනියන්න බැ කියලා. මේ මගේ මතය.
1. ඔබ දෙදෙනාගේ විනෝදාංශ එකට ගැලපෙන ඒවාද? (දෙදනාගේ දීර්ඝ කාලින කතා බහ රැදි තියෙන් පසුකාලීනව මේ මතය.)
2. පක්ෂය / ආගම් ආදී මතවාද සමාන ඒවාද? (දෙදනාගේ කතාබහ බිඳ දමන්නේ මේවාය.)
3. ඔබ දෙදෙනාගේ ජිවිතයට ඔහුගේ පවුලේ ඇති දායකත්වය හා ගැටලු මොනවාද?
4. රස්සාව මොකද්ද? වියදමට සරිලන ආදායමක් තියෙනවාද?
5. දියුණුවීමට උත්සහයක් ඇත්තෙක්ද? කම්මැලියෙක් ද?
6. කොයිතරම් උගත් ද? බුද්ධිමත් ද?
7. ජිවිතාවබෝධය තියෙනවාද? (ගැටලුවක් දිහා විවෘතව බැලීමට)
8. යමක් තර්කානුකූලව තෝරා දුන් පසු වැටහෙන කෙනෙක්ද?
9. හොද නරක තේරෙන කෙනෙක් ද?
10. අරක්කු සිගරට් බොනවාද? ගංජා ගහනවාද?
11. කොයිතරම් ඉතිරි කරන චරිතයක්? නාස්තිකාරයෙක් ද? ලෝභයෙක්ද?
12. ගැහැනුන්ට ගරුකරන කෙනෙක් ද? ගැහැණියක් බඩුවක් විදිහට දකින කෙනෙක්ද?
13. කොච්චර බොරු කියනවාද? කොච්චර ඇත්ත කියනවාද?
14. අධික ලෙස තරහා යනවාද?
15. අධික කාමුකයෙක් ද? ලිංගික බෙලහීනයෙක් ද?
16. වෙනම ජිවත් වෙන්න කැමැති පිරිමියෙක් ද? අම්මාගේ තුරුලෙම ඉන්න කැමැතිද?
17. තමන්ට රස්සාවක් කරන්න ඉඩ දේවි ද? වැඩි දුරටත් ඉගෙන ගන්න ඉඩ දේවි ද?
18. උයන්න පුළුවන් කෙනෙක්ද? තේ එකක්වත් හදාගන්න.
19. තමන්ගේ වැඩ තමන් කරගන්නා කෙනෙක් ද? (අතුගාන රෙදි හෝදන) ගෙදර වැඩපල කරන කෙනෙක්ද?
20. පිරිසිදුවට සිටින කෙනෙක්ද? සෞඛ්ය ගැන සැලකිල්ලක් නැති කෙනෙක්ද?
21. සුරතල් සතුන්ට කැමැති කෙනෙක් ද?
22. කුඩා ලමුන්ට ආදරය ඇති කෙනෙක් ද?
23. ගෙදර තනි දරුවාද? සහෝදරියන් ඉන්නවාද?
24. මිශ්ර පාසලක හැදුනු කෙනෙක්ද? තනි පාසලක ගිය කෙනෙක්ද? විශ්වවිද්යාලක හෝ.
25. ගැහැනු යහළුවො සිටීද?
26. දෙදෙනාගේ තීරණ දෙන්නාම සාකච්ඡා කොට ගන්නා කෙනෙක් ද?
27. ගෙදර කටයුතු ගැහැනු ඔබ අතට දුන් විට සාර්ථක වනවා යැයි විශ්වාස කරන කෙනෙක්ද?
28. ආගම දහමට ලැදි ද? පව් පිං හොද නරක විශ්වාස කරන කෙනෙක් ද?
29. තිබෙන ලෙඩරෝග මොනවාද? ඔහුට සහ පවුලේ අයට.
දෙවියෙක් වීමට නම් රැවුල කොන්ඩේ උස හා පළල් උරහිස් නොව මේවැනි අංගයන්ගේ හොද පැත්ත සම්පූර්ණ කළ යුතුය. ඒ ආකාර යහපත් ලක්ෂණ සහිත අයෙක් ලැබුනොත්, ආදරය ලැබුනොත් එම කාන්තාවකට යහපත් පවුල් ජීවිතයක් ගත කළ හැක.
🔴 දිව්යාංගනාව.🔴
=================
1. ඔබ දෙදෙනාගේ විනෝදාංශ එකට ගැලපෙන ඒවාද?
2. පක්ෂය / ආගම් ආදී මතවාද සමාන ඒවාද?
3. හොදට උයන්න දන්නා කෙනෙක් ද?
4. විවිධාකාර අතිරේක කෑම බීම හදමින් අත්හදා බැලීම් කරන කෙනෙක් ද?
5. ගෙදර වැඩ කැමැත්තෙන් කරන පිළිවෙල ඇති කෙනක් ද?
6. මෘදු කතා බහ ඇති කෙනෙක් ද? අධික තරහා යන කෙනෙක් ද?
7. හුරතල් අයෙක් ද? සීරිසයස් අයෙක් ද? මධ්යස්ථ ද?
8. ශරීර බර හා ශරීර ලස්සන ගැන සැලකිලිමත් කෙනෙක්ද?
9. උගත් කෙනෙක් ද? ජිවිතාබෝධයක් ඇති කෙනෙක් ද?
10. ෆෙමිනිස්ට්වාදි අදහස් තිබේ ද නැද්ද? දැඩිමතධාරී ද?
11. ඔබ දෙදෙනාගේ ජිවිතය ඇයගේ පවුලේ ඇති දායකත්වය හා ගැටලු මොනවාද?
12. අධික වැඩ සහිත, අධික පීඩනය සහිත රස්සාවක් කරන කෙනෙක් ද?
13. තනිව හැදුනු කෙනෙක් ද? සහෝදරයන් සිටීද?
14. ස්වාධින කෙනෙක්ද? සෑම දෙයටම පිහිටක් සොයන කෙනෙක්ද?
15. අරක්කු සිගරට් බොනවාද? ගංජා ගහනවාද? බියර් බොනවාද?
16. අධික කාමු ද? ලිංගික හැගීම් නැති ද?
17. සුරතල් සතුන්ට කැමැති කෙනෙක් ද?
18. කුඩා ලමුන්ට ආදරය ඇති කෙනෙක් ද?
19. මිශ්ර පාසලක හැදුනු කෙනෙක්ද? තනි පාසලක ගිය කෙනෙක්ද? විශ්වවිද්යාලක හෝ.
20. පිරිමි යහළුවො සිටීද?
21. යමක් කාරණා සහිතව පැහැදිලි කළ විට තේරුම් ගන්නා අයෙක් ද?
22. දෙදෙනාම දියුණු විය යුතුය යන ආකල්ප සහිත සහයෝගී අයෙක්ද?
23. දෙදෙනාගේ තීරණ දෙන්නාම සාකච්ඡා කොට ගන්නා කෙනෙක් ද?
24. පිරිමියෙකු ආසියානු සමාජය තුළ විශේෂ ගරුත්වයක් හා මුලිකත්වය ඇති බව විශ්වාස කරන කෙනෙක්ද?
25. ආගම දහමට ලැදි ද? පව් පිං හොද නරක විශ්වාස කරන කෙනෙක් ද?
26. පවුලේ අයට හා ඇයට ඇති ලෙඩ රෝග මොනවාද?
🔻 පිරිමි ඔබට මේ බදු ආකරය ගැහැනියක් මිස, කඳ බඩ පස්ස හා මූහුණෙ ලස්සන හා දේපොල පමණක් බැලීමෙන් දිව්යාංගනාවක් නොලැබෙන බව වටහා ගන්න. ඉහත කාරණා සියල්ලටම තමන්ට කැමැති මට්ටම මිම්මකින් කෙනෙක් සකසා ගත හැක. ඔබ බියර් බොන කාන්තාවකට කැමැති නම් (ධර්මානුකූලව එකඟ නොවේ) ඒක ඔබේ රැචිය බැවින් ගැටලුවක් නැත.
අනිකා ගෙන් දිව්යාංගනාවක් හො දෙවියෙක් බලාපොරොත්තු වීමට පෙර, ඔබ දෙවියෙක් හා දිව්යාංගනාවක් වන්න. තෙරුවන් සරණයි.




No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...