Wednesday, September 4, 2019

5. ගෘහ මූලිකාව. (බිරිඳගේ අනුකම්පාව)

ගෘහ මූලිකාව. (බිරිඳගේ අනුකම්පාව)
         🔴========================== 🔴

“දාස භාර්යාව දිව්යලෝකේ යනවලු‘ ෆක්. දෙන්නේ පයින් - වම් පයින්. මට දාස භාර්යාවක් වෙන්න කියාගෙන ආවොතින්“ – 😏
🔻 සත්තභාර්යවන් ගැන තිබෙන post එකක, දාස භාර්යාව ඇති කොටස පමණක් අල්ලාගෙන එක් සමාජවාදී උගත් feminist කාන්තාවක් දාලා තිබ්බ කමෙන්ටුව ගැන තමයි මම උඩ කියලා තියෙන්නේ.

🔻 ෆෙමිනිස්ට් ගෑනුන් විසින් පවුලට කරන හානිය හා දික්කසාදය ඇති ලැදියාව ගැන මට ලිපියක් ලිවීමට අවශ්යතාවක් ඇති මුත් නොලියන්නේ එමඟින් මා පුරුෂවාදියෙකු හා පුරුෂාධිපත්යය පිළිගන්නෙකු යැයි හංවඩුගැහෙන බැවිනි.

ගැහැනුන්ට ගැහැනු ගැන ලියන්න කියන්නට පුළුවන් අතර, පිරිමියෙක් විසින් පිරිමි ගැන ලීවොත් එය ගැටලුවකි. 😏
මහපාරක වුනත්, කාන්තාවක් විසින් පිරිමියෙකුට පහර දීම ගැටලුවක් නොවන අතර බොහො දෙනෙකු හිනා වෙමින් බලා සිටි. නමුත් පිරිමියෙක් කාන්තාවකට පහර දුන්නොත්, හේතුවක් නොඅසාම කාන්තාවගේ පැත්තට හැමොම සිටගනී. එය කාන්තහිංසනය පමණයි. 🤔
පුරුෂ හිංසනය කියා වචනයක් ද නැත. උඩ ප්රකාශය කරපු මෝඩ ෆෙමිනිස්ට් කාන්තාව වැනි අයටත් සහ සියලු බෞද්ධ පිරිමින්ටයි මේ පිළිතුර.

🔴 උඩ තියෙන ‘ගෘහමූලිකාව‘ වචනය එච්චර අහලා නැතුව ඇති කවුරුත්. මොකද ඒ වචනය එන්නේ ගෙදර සැමියා මැරුනට පස්සේ පමණයි. 

🔻 මම නිතරම ප්රකාශ කරන දෙයක් නම්, පවුල යනු චෙස් බොර්ඩ් එකකි. ♟️Chess චෙස් ගැන කාන්තාවන් කී දෙනෙක් දන්නවාද නොදනිමි. (රජු වැදගත් චරිතය වුවාට, රජුට ගමන් කළ හැක්කේ අට දිසාවටම එක කොටුවකි. රජුව චෙක්මෙට් (පරාජය) කිරීමෙන් තරගය පරදී. එහෙත් රජුට කරන්නට පුළුවන් දේ අල්පය. මෙම මුළු ක්රිඩාවම පාලනය කරනු ලබන්නේ රැජින විසින්ය, රැජිනට අට දිසාවට කොටු සියල්ලටම ගමන් කර සතුරන් විනාශ කළ හැකිය. එතැන දක්ෂ චරිතය රැජිනවේ. රජු වැදගත් ය. එහෙත් දක්ෂයා රැජින ය. දිනවනු ලබන්නේ රැජිනය.) ♟️

🔻 පවුල් ජිවිතයත් ඒ ලෙසින්ය යැයි කියමි. සාර්ථක පවුල් ජිවිතයක ලකුණු 95% දිය යුත්තේ කාන්තාවටය. 🙂 ඔවුන් එයට දක්ෂය. පිරිමින් එයට දක්ෂතාවක් නැති තරම්ය. නමුත් වැදගත් සාධකය වේ

🔻 බුද්ධ දේශනාව අනුව නම් ‘ගෘහ මුලිකයෙක්‘ සිටීමට නොහැක. පිරිමියෙකුට නිවස පාලනය කරන්න කියලා නැහැ බුද්ධ දේශනාවේ. සිඟාලෝවාද සුත්රය ගැන සැවොම හැමෝම දන්නවානේ. එහි තියෙන ස්වාමිපුරුෂයන් විසින් භාර්යාවන්ට ඉටුකළ යුතු යුතුකම් ගැන සරල අවබෝධයක් ඇති. ඒවාගේම භාර්යාවන් විසින් ස්වාමි පුරුෂයන්ට කළයුතු යුතුකම් ගැනත්.
හැබැයි මෙතැන කතා කරන්නේ රැකියාවක් කරන සැමියෙක් හා නිවසේ කටයුතු කරන බිරිඳක් ගැන. එසේ තිබියදීත් බිරිඳ ගෘහමූලිකයා නම්, රැකියාවක් කරන බිරින්දෑවරු ගැන කුමන කථා ද?

🔷 ‘‘පඤ්‌චහි ඛො, ගහපතිපුත්‌ත, ඨානෙහි සාමිකෙන පච්‌ඡිමා දිසා භරියා #පච්‌චුපට්‌ඨාතබ්‌බා‘‘ -
ගෘහපුත්රයාණෙනි පස් ආකරායකින් සැමියා විසින් බිරිඳට උපස්ථාන කළ යුතුය.

🔷 “පඤ්‌චහි ඨානෙහි සාමිකෙන පච්‌ඡිමා දිසා භරියා පච්‌චුපට්‌ඨිතා පඤ්‌චහි ඨානෙහි සාමිකං #අනුකම්‌පති“ - එසෙ පස් ආකරයකින් උපස්ථාන කරන ඔබට බිරිඳ විසින් 5 ආකාරයකින් අනුකම්පා කරේ.

මේ වචන දෙක හොදට බලන්න. 

🔷 උපස්ථාන කිරීම හා අනුකම්පා කිරීම. 🔷

පාලි වචන දෙකේ තේරුම එසේය. ඒ අනුව සැමියා විසින් බිරිඳට උපස්ථාන කළ යුතුය. බිරිඳ විසින් අනුකම්පා කළ යුතුය. නියමිත විදිහට නම් මේ වචන දෙක මාරු විය යුතුය. නමුත් එසේ නැත. සැමියකු විසන් බිරිඳට කළ යුත්තේ උපස්ථානයකි. ඊට බිරිදගෙන් ලැබෙන්නේ අනුකම්පාවකි.

🔴 අවුරුදු 2500කට එහා ඉන්දීය සමාජය තුළ බුදුදහම මොන තරම් පෙරටුගාමී ද? මාගේ එක් ලිපියකට කාන්තාවක් කමෙන්ටුවක් දමා තිබුනේ සාම්ප්රදායික අදහස් දැන් ලෝකයට නොගැලපෙන බවය. මේ අදහස් තවත් වසර 500ට ඉදිරියටත් නොගැලපේද? ගැහැනුන්ට අකුරු ඉගැනීමටවත් නොදුන් බ්රාහ්මණ සමාජයක මේ මොන තරම් ප්රබල අදහසක් ද? සියලු බ්රාහ්මණ පිරිමින් බුදුන් වහන්සේට විරුද්ධව සිටගනු ඇත.😃

🔴 එසේ නම් පවුලේ ප්රධානියා කවුදැයි තවත් අටුවා ටීකා අවශ්ය නැත. තවදුරටත් කියතොත්, මෙයම ඉහත කියන ස්වාමියාඉටු කළ යුතු යුතුකම් 5ට ද ඇතුළත් කොට ඇත. “ඉස්‌සරියවොස්‌සග්‌ගෙන“ -
🔷 නිවසේ #අධිපතිභාවය ලබාදීමෙන් ද- යනු මෙහි තේරුමයි. නිවසේ අධිපති ලබා දුන්නාට පස්සේ සැමියාට ආයෙත් කළ හැකි ගෘහමූලික කමක් නැත.

🔴 නිවස ඇත්තේ රැජිනක් පමණි. රජෙක් නැත. ඒ අනුව බෞද්ධ පවුල චෙස් බෝර්ඩ් එකටත් එහා ගිය තැනකි.

🔻 ඉස්සර කාලේ තාත්තලා, හම්බකරන මුළු පඩියම, අම්මාගේ අතට ගෙනවිත් දුන්නා. අම්මා තමයි තීරණය කළේ මොනවාට වියදම් කරන්නේ කියලා. “ ආදි වශයෙන් අපි කතා අසා ඇත. අද නම් සිද්ධ වෙන්නේ ඒකේ අනික්පැත්තය. අරකට මෙච්චරක් ඕනි, මේකට මෙච්චරක් ඕනි කියා, බිරිඳට දිනපතාම සැමියාගෙන් සිඟමන් යැදීමට සිදුවේ.😐

🔴 චන්ද්රිකා හා සිරිමාවො බණ්ඩාරනායකවරු රට පාලනය කරන සමයේ පිරිමි විසින්, ඇයි කාන්තාවක් විසින් අපව පාලනය කරන්නේ යැයි කන්කෙදිරි ගෑවේ නැත. එහෙත් හීනමාන කාන්තාවන් පිරිමියෙක් ඇයි ‘කාන්තා හා ළමා කටුයුතු ඇමැති වන්නේ‘ යනුවෙන් මැසිවිලි නගනු ලැබේ. (එහෙනම් පිරිමි VOG ඉන්නට විදිහක් ද නැත) ෆෙමිනිස්ට්වාදි සමහර ඉගැන්වීම් පිරිමින් ගැන තරහක් ඇතිකිරීමට හේතුවකි. (ක්ෂණිකා හිරිඹුරේගම අපව පාලනය කරන්නේ ඇයි දැයි භික්ෂූන් වන අපවත් විමසා නැත.) 😃😃🤭

ඉතිං මේ ටික නොදන්නා, ෆෙමිනිස්වාදී උගත් මෝඩ ගැහැනුන් කාන්තාවට සමතැනඉල්ලයි. බුද්ධිමත් ගැහැනුන් නිසි තැන ඉල්ලයි. එහෙත් බුදුසමය අනුව නම්, කුටුම්භය තුළ පිරිමියා යනු බලතල රහිත කෙනෙකි. සමතැන නිසිතැන නොවේ, සියලු බලතල ඇත්තේ බිරිඳට පමණි. ස්වාමියා යටත් වැසියෙක් පමණි. බුද්ධ නියමය පරිදි බෞද්ධ පිරිමින් විසින් බිරිඳගේ නියෝගයන්ට අනුව කටයුතු කිරීම ගැටලුවක් නැත. එහෙත් ප්රාෙයා්ගික සමාජයේ නම් මෙසේ නැත. මුස්ලිම් සමාජයක නම් ඉතිං මේක සම්පූර්ණ අනික් පැත්ත. පිරිමියා තමයි සියල්ලටම මූලික. තෙරුවන් සරණයි.☸️
( පින්තූරය හරියටම ගැලපෙන එක යැයි සිතමි)


No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...