Wednesday, September 4, 2019

11. In-relationship



“අවසරයි අපෙ හාමුදුරුවනේ...“
“තෙරුවන් සරණයි ලමයො... කොහොමද? බොහෝම කාලෙකින්...“
“එහෙමයි... මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?“
“දැන් නම් බෑ ලමයො... හැන්දෑවෙලා ගන්න...“
“එහෙමයි..., මම හවස්වෙලා ගන්නම්... අවසරයි“
ඇය වනාහි, මා එක් විශ්වවිද්යාලයක උගන්වන සමයේ හඳුනාගත් එක්තරා දක්ෂ සිසුවියකි. මේ ඇගේ සිද්ධියයි.
------------------------------------------
“අපේ හාමුදුරුවන්ව මට ඊයේ පෙරේදා දවස්වල හරියට මතක් වුනා...“
“අහ්... ඒ මොකද අප්පේ...?
“ ඒක ගැන කියන්නයි මේ කතා කළේ“
“ ම්ම්ම්... කොහොමද ඉතිං අලුත් රස්සාව... අමාත්යංශයක නේද? Congratulations
“ ස්තූතියි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ කොහොමද දන්නේ?...
“ ඔයාලා ඉතිං... හයියෙන් හචිමක් ගියත් FB දානවානේ... එහෙම තමයි දැක්කේ...“😀
“අනේ ඔව් හාමුදුරුවනේ... ඒකම තමයි දැන් පාරාවළල්ලක් වෙලා තියෙන්නෙ...“
“ අහ්... ඒ මොකද? කියමුකො බලන්න සිද්ධිය කෙටියෙන්“🙁
“හාමුදුරුවො ඒ දවස්වල අපට, 1st year උගන්වන කාලේ කීවා,
‘ඔයාලා ඉගෙන ගන්න ආපු ලමයි විදිහට, හදිස්සි වෙලා සම්බන්ධකම් හදාගන්න එපා, හදාගත්තත් ටික කාලයක් යනකල් ඒව්වා ගෙවල් වලට කියන්න යන්නත් එපා, ගෙවල්වලට කීවත් කසාදයක් බදිනකල් in relationship එහෙම දාගෙන public love කරන්නත් එපා‘ කියලා...“
“ඔව්... මම එහෙම කීවේ...
2nd year එකේ special එකක් කරන්න බලාපොරොත්තු වෙනවානම්, 1st year එකේ මහන්සි වෙන්න ඕනි නිසානේ...
එතකොට ලව් කරන්න ගියොත් අලුතෙන් එන ඔයාලට ලැබෙන අප්රමාණ නිදහස වැරදියට බුක්ති විදින්න ගියොත්,
ඔව්වා කැඩුනොත්,
ඒ එන මානසික පීඩනය එක්ක semester exams දෙක ඇනගත්තොත්,
තමන්ගේ ආනාගතයත් ඉවරයි, දෙමාපියන්ගේ බලාපෙරොත්තුත් ඉවර නිසානේ...
“ඊළඟට... ගෙවල් වලට කියන්න එපා කියන්නේ...
ඔය, හදිස්සියේ හදාගන්න සම්බන්ධකම්...
ඉක්මනින්ම බිදිලා යන්නත් පුළුවන්,
එතකොට ඒ වාගේ සම්බන්ධකම් දෙක තුනක් උනත් university life එකේ තියෙන්න පුළුවන්...
එව්වත් කැඩිලා යන්න පුළුවන්...
ගෙදරට කියන එකත් හොදයි...
නමුත්...
ස්ථීර සාරව එකඟතාවකට අදාල පිරිමියා එක්ක එන්න කලින්, ඔව්වා ඔක්කම ගෙදරට කීවොත්...
“ගෙදර අයගේ ඔලුවට යන අදහසක් තමයි
“ඔයාට හරි හමං තේරීමක් කරගන්න තරම් දක්ෂතාවක් නෑ...
ඔයා හැමවෙලාවෙම අනාගන්නා චරිතයක්...
අපි මෙයාගේ පස්සෙන්ම ඉන්නවෙයි වාගේ අදහසක් යන්න පුළුවන්...
එතකොට ගෙදර අයට ඔයා විශ්වාස චරිතයක් නෙවෙයි... සමහරවිට ඔයා ගෙනියන හොද අදහසක් දිහා වුනත් එයාලා බලන්නේ, අවිශ්වාසී ඇහෙන්...“
“in relationship දාගෙන ලව් කරන එක ගැන කියන්න දෙයක් නෑනේ... ඒක හරියට ලැට් එකේ දොර ඇරගෙන, ලැට් යනවා වාගේ වැඩක්නේ..“
“එහෙමයි... ඒකම තමයි මටත් දැන් වෙලා තියෙන්නේ...“
“ ඇයි මොකද වුනේ... කියන්න බලන්න මුල ඉඳලා...“
“කැම්පස් කාලේ මට ගොඩක් ලව් තිබ්බේ නැ හාමුදුරුවනේ... 3ed year ඉන්න කාලේ තිබ්බා. එකක්... ඒකම තමයි අවසාන එක.
“මම එයාව ගොඩක් විශ්වාස කරා... හාමුදුරුවො ඔය කියපු විදිහට public තමයි ආදරය කරේ. යන යන හැම ගමනකම එයා එක්ක photos දැම්මා...
“ එත් අයියා... අවුට් උනාට පස්සේ, එයාගේ ගෙදරින් මට අකමැති වෙච්චි නිසා, මාව හැලුවා...
මම හිතුවේ නැ, ගෙදරින් අකමැති වුනාට, එයාට මාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා...“
“ කොහොම හරි අවුරුදු 2ට පස්සේ අපේ ගෙදරින් ගෙනාපු proposal එකකට දැන් මම කැමැති වෙලා මාස 6ක් විතර එයාව ඇසුරු කරගෙන යනවා...“
“එයාගේ නම අසංක, (මන:කල්පිත නමකි.)
අසංක හොද කෙනෙක් කියලා තමයි දෙමාපියො එහෙමත් කීවේ...
දුරින් නෑදෑයොත් වෙන නිසා එයා ගැන අපේ කවුරුත් දන්නවා...
මමත් මේ ඇසුරු කරපු ටික කාලෙට...
අයියටත් වඩා... එයා හොදයි කියලා තමයි හිතන්නේ... හොද ගුණධර්ම තියෙන්නේ...“
“ ගමන් ගියාම උනත්... මට ඕනි ඕනි දෙවල් හිත කියවලා වාගේ අරන් දෙනවා...
මාව හරියට හුරතල් කරනවා...
පරිස්සං කරනවා...
නරක විදිහට ලං වෙන්නත් උත්සහ කරලා නැ මේ වෙනකල්...
ආගම දහමටත් ලැදි කෙනෙක්...
එයාට දැන් වෙනම ගෙයක් තියෙනවා...
කසාදෙට අනවශ්ය විදිහට වියදම් නොකර...
ඒ සල්ලිත් දාලා මගේ රස්සාවෙන් ලොන් එකකුත් අරගෙන... කාර් එකක් ගන්නත් අසංකයි මායි දැන් ඔක්කම plan කරගෙන ඉන්නේ...
“ඉතිං...“
“ඉතිං... දැන් දවස් දෙකකට කලින්... එයාලගේ අම්මලා... අපේ අම්මලාට කතා කරලා කියලා තියෙනව... මේ කසාදය කරන්න බෑ කියලා...“
“ අප්පච්චියේ.....! ඒ මොකද? මොකද්ද හේතුව කියලා හෙව්වාද?
“ අසංක මට කතා කරලා විස්තරය කීවා...
“එයාගේ නෑනා කෙනෙක් එයාගේ අම්මාලාට... මගේ හැම විස්තරයක්ම කියලා... කලින් සම්බන්ධය ගැන...“
“ ඇයි එතකොට...
ඔයා එයාලට කියලා තිබ්බේ නැද්ද එහෙම එකක් තිබ්බා කියලා අතීතර විස්තර...“
“ කීවා කීවා... අයියටත් මම කීවා... නරක දෙයක් වුනේ නැ කියලත් මම කියලා තිබ්බේ...“
“එහෙනම්...“
“එත් මගේ එකවුන්ට් එකේ තිබ්බ ෆොටොස් එහෙම පෙන්නලා...
ගියපු තැන් ගැන විස්තර කියලා...
අනික් යාලුවො එහෙම ඔක්කම ඒව්වා ගැන දන්නවා... එහෙමත් කියලා...
මම රූම් යන්නත් ඇති, දැන් ගන්ඩ දේකුත් නැතුව ඇති එහෙමත් කියලා...
“ඕකිව කර ගැහුවොත්- මුළු ගමම දැනගන්නවා... අසංක මල්ලි කන්නේ වෙන එකෙක් කාපු කෑමක් තමයි කියලා“
“අපොයි දෙයියෙනේ... සමාජය තවම බ්රාහ්මණ යුගයේ ඉන්නේ...“
“එහෙමයි... දැන් මට මැරෙන්න හිතිලා තියෙන්නේ හාමුදුරුවනේ... අසංක නම් කියනවා... එයා කොහොමත් මාව අතාරින්නෑ කියලා... එත් කසාදය කියන්නේ අපි දෙන්නා විතරක් නෙවෙයිනේ හාමුදුරුවනෙ...
මම ඒ ගෙදර මිනිස්සුන්ට මූණ දෙන්න එපැයි.“
“ඔව් දැන්ම නැන්දම්මා - ලේලි හටන පටන් ගත්තා වෙනවා එතකොට“
“මම මේකට මොකද්ද කරන්න ඕනි හාමුදුරුවනේ...
“මම එක ආයතනය address එකකයි telephone අංකෙකුයි දෙන්නම්... එතනට යන්න. එහෙ ගියාම විසඳුමක් හොයාගන්න පුළුවන්...
------------------------------------------------------
🔴 මා විසින් ඇයට උපදේශන ආයතනයකට මඟ පෙන්වන ලද්දේ, දෙවතාවක් අපේකෂාභංගත්වයට පත්ව ඇති ඇයගේ depressions මට්ටම ඉහළ අගයක තිබුනු හෙයිනි. ගැටලුවෙන් මිදීමට පෙර, යහපත් මානසික සෞඛ්යක් පවත්වාගත යුතු හෙයින් එම මඟ පෙන්වීම මුලින් කළ යුතුය.
🔴 තවමත් බ්රාහ්මණ මතධාරී සමාජයක් අප අවට ඇති බැවින්, ගැහැණු ළමො ස්වකීය ගෞරවය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ඇතැම් විටක, කාන්තාවකට ප්රබල ලෙස වල කපනු ලබන්නේ, කාන්තාවක් විසින්ම වීම ද ඊට හේතුවයි.
මෙය කියවනු ලබන, නැන්දම්මලාට සහ නෑනලාට කරනු ලබන ඉල්ලීමක් නම්... ඔබ වැනිම කාන්තාකුලයක පුරුකක් වන ලේලියට, කාන්තාවන්ටම ආවේණික වු දෝෂාරෝපණ වලින් අපහාස නොකරන ලෙසය. කාන්තා ඔබත් එසේ හැසිරේ නම්, පිරිමින් ගැන කවර කතා ද?
🔴 ගැහැනු ලමුන් හා පිරිමි ලමුන් හාද වීම සාමන්ය කරුණකි. එතෙකුදුවුවත්, ගැහැනු ලමුන්ට වන හානිය සාපෙක්ෂව වැඩි බැවින් අතිශයින්ම පරිස්සං විය යුතුය. in relationship දමාගෙන ප්රසිද්ධියෙ ආදර සම්බන්ධතා, විවාහයට පෙර පවත්වාගෙන යාම කොයිතරම් හොද විය හැකි ද? නරකක් විය හැකි ද යන්න ඔබම තීරණය කරන්න.
🔴 මොහිදින් බෙග්... මහත්මයා ගායනා කරන
“සිනාවෙන් හො කතාවෙන් බෑ මනින්නට මිනිසා... යන්න සුත්ර දේශනාවකද එලෙසම සඳහන්ය.
“න වණ්ණ රූපෙන නරො සුජානො.. (සත්තජටිල සූත්රය - කෝසල සංයුත්තය)
එනම්... හොදින් සිනහා වි කතා බහ කළ පමණින් හෝ මහත්මයෙකුට සුදුසු ඇදුම් පැලදුම් වලින් සැරසී සිටි පමණින් හෝ ඔවුන්ව විශ්වාස නොකළ යුතු බවයි. සුදු සාරි - කළු කෝට් සූට් ඇතුළත නයි පොළඟුන් ද සැගවී සිටින බවය.
එම සූත්රයේ වැඩි දුරටත් සඳහන් වන්නේ... පුද්ගලයෙක් හඳුනා ගන්න නම්,
1. දීර්ඝකාලයක් ඇසුරු කිරීම (දීඝෙන අද්‌ධුනා)
2. සිහිනුවණින් යුක්තව බැලීම (මනසිකරොතා)
3. බුද්ධිමත් පුද්ගලයන්ට පමණක් හැකි. (පඤ්‌ඤවතා)
දීර්ඝකාලයක්, සිහියෙන්, බුද්ධිමතකු ලෙස පරීක්ෂා කළ යුතු බවය. ආවාට ගියාට මාස කීපයක් ඇසුරු කිරීමෙන් පුද්ගලයෙකුගේ අභ්යන්තය දැකිය නොහැක. එබැවින් ගැහැනු ලමො වසරක් දෙකක් ඇසුරුකරන තුරු, in relationship දැමීමට තරම් හදිස්සි වීම සුදුසු නැත.
එසේ දීර්ඝකාලයක්, සිහිනුවණින් යුක්තව, බුද්ධිමතක් අයෙකු ලෙස ඔබ ඔහුව ඇසුරු කරද්දී,
1. එකට වාසය කිරීම මඟින් ඔහුගේ සීලය (සංවාසෙන- සීලං)
2. කථාව්යවහාරයෙන් යෙදීමෙන් පිරිසිදු බව (සංවොහාරෙන- සොචෙය්යං)
3. කරදරකාරී අවස්ථාවන් හි වීර්යය (ආපදාසු- ථාමො)
4. එකට කතාබහ කිරීමෙන් නුවණැතිබව (සාකච්‌ඡායං -පඤ්‌ඤා)
🔴 1. එනම්, පුද්ගලයෙකු දීර්ඝ කාලයක් ඇසුරු කරද්දි පමණක් ඔහුවේ හැදියාව පෙනේ. කාමුයෙකුද, තවත් ගැහනුන් පසුපස යන්නෙකු ද, නෙඑසේ නම් ලිංගික බෙලහීනයෙකු ද කියා ද පෙනේ. බේබද්දෙකු ද, ගංජා සිගරට් ආදිය උරන්නකෙු දැයි, සූදු කෙලින්නෙකු ද හොරකම් කරන්නෙකුද ආදි ද පෙනේ.
🔴 2. තවත් යනවිට ඔහුගේ අභ්යන්තරය පිරිසිදු ද, නැතහොත්, දුෂ්ට දුර්ජන කුහක වෛරී අදහස් ඇති අයෙකුදැයි ද පෙනේ.
🔴 3. තවත් කථා කරන විට බුද්ධිමත් අයෙකු ලෙස සංවාද කරේ ද? යමක් කරුණු කාරණා සහිතව ඔප්පු කළ විට පිළිගැනීමට තරම් බුද්ධිමත් දැයි පෙනේ. අමු ගොනෙකුදැයි පෙනේ.
🔴 4. තවත් දීර්ඝා කාලයක් යාමේදී ඔහුට - ඔබට කරදයක් ගැටලුවක් ආවිට ඔහුගේ හැසිරීමෙන් ඔහුගේ විර්යය ද ස්ථානෝචි ප්රඥාව ද දුර්වලකම් ද පෙනේ.
එබැවින් ගැහැණු ළමො කිසිම සම්බන්ධතාවක්, කසාදයකින් කෙළවර වෙනවායැයි පටන් ගැනීම නොකළ යුතුය. “හොද කෙනෙක් ලෙස අදුනාගතහොත් කසාදය දක්වා යනවා. නැතහොත් අතහැර දමනවා“ යැයි අදිටන් කළ යුතුය.
🔴🔴🔴නැවතත් කියමි, “සම්බන්ධකම් පටන් ගත යුත්තේ කසාදයකින් කෙළවර කිරීමට නොවේ, ඔහු හො ඇය හොද ද නරක ද යන්න දැනගැනීමටය. ඉන්පසු අනික් තීරණ ගත හැක.
(සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)


2 comments:

  1. මාත් 2019 වගේ ඔයවගේම Love එකක් කරලා ඉල්ලන් ගම කාගත්තා ගෙවල් වලටත් කියලා දැනට ඒ හේතුව නිසාම නැවත Relationship එකක් පටන් ගත්තත් ඒකත් කලින් වගේම වෙයි කියලා හිතෙනව ඒත් දැං තනිකඩ ජීවිතේ රසය තේරිලා ඒකටම ඇබ්බැහි වෙලා වගේ සීන් එකක් තියෙන්නෙ අවුරුදු දෙකකින් කිසිම සම්බන්ධකමක් පටන් අරං නෑ ඉස්සරහට මං තෝරන විදියේ කෙනාවගේ කෙනෙක් හම්බු උණොත් සබඳතාවක් පටන් ගන්නව එතකං financial Freedom වෙන්න බලනව

    ReplyDelete

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...