Wednesday, September 4, 2019

7. පෙර පැවති පුරුෂ ‍‍පෞර්ෂය.


පෙර පැවති පුරුෂ ‍‍පෞර්ෂය. ❤️
--------------------------------
‘‘සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තවකුමකටද දුක් ගී කල්පනාවන්..😢
(එක් පෙති මලක්)
‘‘තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඩා වැටෙද්දි
ඔබේ දිවි අරණෙ පැතුම් විජිතයේ
මැණික් පහන්වැට දැල්වේවා!😢
(විකසිත පෙම්)
‘‘නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ....
මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ...
මගෙ මේ සුසුම් වැල් ඔබ හට ඉතිං...
මතු දා ගෙනේවා සැනසුම් පවන්....😢
(මල් මල් විලේ)
‘‘අද මගේ ලෝකය කඳුලින් වැසීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිදා බිදලනු එපා
මා වෙනුවෙන් ඔබ ලතවෙනු එපා. 😢
(මා කඳුලින් බව සිතනු එපා)
‘‘මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වුයේ
තනිවෙන්නම් මා...😢
ඉහත පරිදි තම බිරිඳට සුභ අනාගතයක් පැතීමට ඉතා අනර්ග වූ පෞර්ෂයක් සහිත පුරුෂ මනසක් සහිත පිරිමියෙක් විය යුතුය. සැබෑ පිරිමිකම යනු බෙල්ල මිරීකීම නොවේ. දරාගැනීමට දැඩි පිරිමියෙක් විය යුතුය. /💪
‘‘දුක හාදු දේවි වැලපෙන සිතට
ඔබ ඈත යාවි පවනක් ලෙසට
මට වේදනාව දුන්නු පලියට
බැහැ සාප දෙන්න පෙම් කළ හිතට.‘‘
එතරම්ම දැඩි පිරිමි මනසක් නැති නම් ඉහත මෙන් සුභ පැතුවේ නැතුවට කම් නැත. එහෙත් සාප නොකළ සිටීමට තරම් අභිමානවත් පුරුෂ පෞරුෂයක් තිබිය යුතුය. සැබෑ පිරිමිකම යනු බෙල්ල මිරීකීම නොවේ. දරාගැනීමට දැඩි පිරිමියෙක් විය යුතුය. //💪💪
‘‘එකවරක් ඔබට මා එපා නම්
සියදහස් වාරයක් එපා මට ඔබ එපා.‘‘
 කිසිත් කළ නොහැකි නම්, උඹට එපා නම් මටත් එපා යැයි වෙනත් කෙල්ලක වෙත යොමු විය යුතුය. ඊට ද ගම්භීර වූ අහංකාර වූ පුරුෂ පෞර්ෂයක් තිබිය යුතුය. සැබෑ පිරිමිකම යනු බෙල්ල මිරීකීම නොවේ. දරාගැනීමට දැඩි පිරිමියෙක් විය යුතුය./// 💪💪💪
පිරිමියා යනු පිරිමියෙක් බව සියලු පිරිමින්ට වැටහේවා.
දුර්ලභව ලැබූ මනුෂ්ය ජීවිතයක වටිනාකම වැටහේවා.
😔

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...