Wednesday, September 4, 2019

2. ආදරය, අල්ලා ගැනීම සහ අතහැරීම. (උපාදානය)

ආදරය, අල්ලා ගැනීම සහ අතහැරීම. (උපාදානය)
        =======================
පෙර දවසක කැලණිය විශ්වවිද්‍යාලය අභියස දී පෙම්වතියට පිහියෙන් ඇනපු පුවතක් වාර්තා විය. විරහව ඉවසාගත නොහැකි ප්‍රභල වේදනාවක්. එහි සිදුවූයේ කුමක්දැයි අපි සැබැවින් නොදනිමු. (ලංකාවේ ප්‍රවෘත්ති එක ලෙසින්ම විශ්වාස කරන්නේ, මෝඩයෝය) එහෙත් කිසිදු අයුරකින් ප්‍රේමය- වෛරයක් විය නොහැක. කිසි සේත්ම නොහැක. එසේ ප්‍රේමය යම් හෙයකින් වෛරයකට පෙරළුණි නම්, එහි තිබී ඇත්තේ ප්‍රේමයක් නොවේ. වෙනත් මොකක් හරි එකකි. සමහර විට එම තරුණයා ප්‍රේම කර ඇත්තේ ඇයට නොවේ. තමන්ටය. තමන්ට ප්‍රේම කළ විටයි, අනිකා අහිමි වූ විට කෝප වන්නේ. පිහියෙන් අනින්නේ. තරුණයා විසින් ඇයට ප්‍රේම කළේ නම්, ඇයගේ නිදහසට ඉඩ දෙයි, ඇයගේ සැපතට ඉඩ දෙයි, ඇයගේ දියුණුවම බලාපොරොත්තු වෙයි. එහෙත් වත්මනය තුළ එසේ ප්‍රේමයක් නැත. ඇත්තේ ආත්මාර්ථකාමී ගනු දෙනුවකි. එයට ප්‍රේමය යැයි කිව නොහැක. සැබවින්ම නොකිය යුතුය. ඒය ගනුදෙනුවකි. ඔව්. ඔවුන් අතර තියෙන්නේට ඇත්තේ ගනුදෙනුවකි.

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ -
රිසි වු කෙනෙකුට පුජා කරන්නට
ලෝභ සිතින් තොර පිදුව මනාවේ -
#පෙරලාලබන්නටනොසිතාබිදකුත්.“ සරත්චන්ද්රයන් පෙන්වා දෙන සැබෑ වූ ප්රේමය එයයි. (ආපසු ආදරය ලැබුනත් නැතත් කමක් නැත. ආදරය නම් දීම මිස, ගැනීම නොවේ යන්න එහි අදහසයි) 

යසෝදරාවන් පෙන්වන ප්රේමය ද එයයි. “කැලේ තියෙන කොයි දේවත් රස වේවා!“ දරුවෙක් සමග තනිව අතහැර ගිය ස්වකීය පුරුෂයාට මෙසේ සෙත් පතන්නට පුළුවන් වන්නේ තමන්ට නොව, අනිකාට ප්රේම කළ බැවිනි. එසේ ප්රේමය නොහදුනන උගත් ෆෙමිනිස්ට්වාදී ගැහැනුන්, සිද්ධාර්ථ විසින් යසෝදරා අතහැර ගියේ යැයි ඇයි දැයි ප්රශ්න කරයි. ඔවුන් නොදන්නා වු කරුණ වන්නේ, යසෝදරා විවාහ වන්නටත් පෙර සිටම, සිද්ධාර්ථ තමන් අතහැර යාම, දැන සිටි බවය. ඉහත පිහියෙන් ඇන්න තරුණයාට මෙන්ම, උගත් කාන්තාවටද ප්රේමය වැටහෙන්නේ නැත. එනිසාම දික්කසාද වීම, මිනීමැරීම් ඉහළ ගොසින්ය. එය ඔවුන් දෙගොල්ලනටම ගනුදෙනුවකි.

මේ පහත පින්තූර 4, ඉහත සිද්ධියේ විරුද්ධ පැත්ත අගවනු ලැබේ. සියුම් ලෙස අගවනු ලැබේ. අතිශය ගැඹුරු කථාවක් ඉතා කෙටියෙන් පවසනු ලැබේ. ස්ත්රී පුරුෂ ප්රේමයේ වඩා ආදර බර චරිතය කාන්තාව යැයි සිතමි. වඩා බොළද කාන්තාව යැයි සිතමි. වඩා ආදරය සොයනුයේ ද කාන්තාව යැයි සිතමි. එහෙත් 90% කාන්තාවන් නොදන්නාවු සහ කිසිදු දිනක තේරුම් නොගන්නාවු ප්රභල සත්යයක් ඇත. එනම් පිරිමින්ට කාන්තාවන්ගෙන් අවශ්ය ප්රධානම කරුණ නම් “නිදහස“ බවය. ඒ නිසයි විවාහ වුනාම, පිරිමි විතරක් ට්රිප් යන්නේ. ඔවුන්ට කාන්තාව වදයකි. කරදරයකි. උපාදානය හෙවත් කාන්තාවන්ගේ දැඩිව අල්වාගෙන සිටිම, පිරිමින්ට කරදරයකි. උගත් (මෝඩ) කාන්තාවන් එවිට අසන්නේ, “පිරිමින්ට ඕනි මගුලක් නටන්නට දී,නාවා ගෙට ගන්න කියලාද“🤭😂ආදී වශයෙනි. මට එයට පිළිතුරක් නැත. කාන්තාවන්ට අවශ්ය ආදරය, ආරක්ෂාව, සොයා බැලීම, කතා කිරීම, දෙඩවීම, එකට ගමන් යාම, ෆොන් එක චෙක් කිරීම, පාස්වර්ඩ්, ඉන්න තැන්වල ලොකේෂන් පැවසීම 99% පිරිමින්ට එතරම් අවශ්ය නැත. කාන්තාවන්ට මෙන්ම කෙසේවත් අවශ්ය නැත. ඔවුන්ට අවශ්ය නිදහසය. විශ්වාස කොට පිරිනමන්නාවූ නිදහසය. උදාහරණයක් කිවහොත්, සවස වැඩි ඇරී ගෙදර එන සැමියාට අවශ්ය, එකදු වචනයක් හෝ කථා නොකර, ගෙදරට පැමිණි විගසම තේ එක, නා ගැනීමට, ටීවි එක ටිකක් බැලීම, රසවත් ආහාර, සමග විනාඩි 5ක් (හැකිතාක් ඉක්මනට) පමණ සංසර්ගය අවසන්ව පැය 8 පමණ නින්ද යැයි කීවොත් කාන්තා ඔබ එකඟවනවාද? කාන්තාවට විනාඩි 2කවත් කාතාවකින් තොරව එසේ කළ හැකිද? කිසි සෙත්ම නොහැක. ඒක පවුල් ජීවිතයක්ද ඔබ අසාවි.... තර්කය කෙසේ වුවත්, ඇත්ත එයයි. 99% පිරිමින්ට අවශ්ය එයයි. එසේ නොමැති, කාන්තාව කන්කරච්චලයක් වූ විට, මෙම පින්තූරයේ මෙන් පුපුරා යයි. පුපුරා යන්නෙ අභ්යන්තරයෙනි. එසේ වූ විට පිරිමියා විසින් ඇය අත්හැර දමයි. එවිට වටපිටාවේ සිටින අය දකින්නේ “අනේ අච්චර ආදරය කරපු ගැහැනිය මු අතෑරියානේ “කියාය. එහෙම ඉතා උපදානය සහිත කාන්තාවන් කීප දෙනෙකු මම මගේ ලිස්ට් එක තුළද දකිමි. ඔවුන්ට එය නොවැටහීම ද පුදුම සහගතය. එබැවින් ඔවුන් විරහවම විදිනු ලැබේ. උපාදානය බුදුසමයට අනුවද වරදක් වන්නේ එම නිසාය. එය ප්රේම කරන සමයේ එතරම් නොවූ වත්, විවාහයෙන් පසුනම් නියතයෙන්ම පුපුරා යයි. අවසානාවට මීට උත්තරයක්නැත. ඇත්තේ adjust වීමක් පමණි. 







No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...