🔴ඉත්තෑ පවුල. 🔴
========
“අපේ හාමුදුරුවො ඔහොම කීවාට, මට නම් ගෑනුත් එපා වෙලා, පවුල් ජීවිතයත් එපා වෙලා තියෙන්නේ...“
“අපේ හාමුදුරුවො ඔහොම කීවාට, මට නම් ගෑනුත් එපා වෙලා, පවුල් ජීවිතයත් එපා වෙලා තියෙන්නේ...“
“ඇයි සර්... මොකද්ද ගැටලුව...“
කලින් ලිපියෙහි මා සමඟ සංවාදයේ යෙදී සිටි මා හිතවත් ගුරුමහතා එසේ පැවසුවේය. “මා feminist දැයි ඔහු මාගෙන් විමසා සිටි අයුරු හා මා පිළිතුරු බැඳි අයුරු ඔබට මතක ඇතැයි සිතමි. ඔහු සුසමක් හෙළා මට දුන් පිළිතුරයි ඉහත ඇත්තේ.
“ සර්... මොකද්ද ඉතිං ගැටලුව?..“
“අපේ ගෙදර ඉන්න ඉන්න ගෑනු තුන්දෙනා තමයි...“
“කවුද ?“
“ අපේ අම්මයි, නංගියි ගෑනියි තමයි ඉතිං“
“සර් බැඳලා වැඩි කාලයක් නෑනේ... මොකද්ද ප්රශ්නය“
“එහෙමයි... මෙ මාස කීපයට මට ගෙදර වාසය කිරිල්ල එපා කරවලා තියෙන්නේ...“
“වුණේ මොකද්ද කියලා කීවේ නෑනේ තවම“
“අම්මයි නංගියි එක පැත්තක, ගෑනි එක පැත්තක, උන් දොගොල්ල අතරට මම ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වාගේ තැලෙනවා අපේ හාමුදුරුවනේ...
“මම ගෙදර ඉන්නේ කනට ඇඹ ගහගෙන...“ හැන්දෑවට වැඩක් නැතත්, මම එක එක යාලුවන්ගේ ගෙවල් වල යන්නේ මට ඒ රණ්ඩු බේරන්න බැරි නිසා...
ඔක්කටම වඩා කට සැර අපේ ගෑනිගේ... ගෑනිව ගෙදර ඇරලලා, ඒ මහ එවුන් එක්ක ඕන කුදයක් ගහගන්න කියලා... අම්මයි නංගියි එක්කම ඉන්නවා කියලාත් හිතිලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ...“
ගුරු මහතා ප්රශ්නය කීමට මැළිවෙන බවක් පෙනෙන්නට විය. සමහර විට පිරිමි එසේ වෙති. අනුන්ට ප්රශ්න කිමට කැමැත්තක් නැත. පිරිමි ප්රශ්න හංගාගෙන තනිවම කල්පනා කොට පිළිතුරු සෙවීමට කැමැති වෙති.
“ම්ම්ම්... මට ටිකක් විතර හිතාගත්තෑකි සර් කියන්න උත්සහ කරන්නේ මොකද්ද කියලා...“ මමපොඩි කථාවක් කියන්න ද සර්ට...“
“එහෙමයි...“ ඇල් මැරුණු ආකාරයෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.
“ඉත්තෑවො පවුලක් ඉදලා තියෙනවා බොහෝම සීත පළාතක...“
“සීත කාලේ වැඩිවෙමින් යද්දී එකිනෙකා මිය යන්න පටන් අරගෙන තියෙනව අධික සීතල නිසා...“
“සීත කාලේ වැඩිවෙමින් යද්දී එකිනෙකා මිය යන්න පටන් අරගෙන තියෙනව අධික සීතල නිසා...“
“ඉතිං... අපෙ හාමුදුරුවනේ...“ කථාව ඇසීමට ඔහුගේ උන්නදුවක් දැන් ඇති හැඩයි.
“ඉතිං... ඉත්තෑ පවුලේ හිටපු ප්රධානියා තීරණය කළා තමන්ගේ අත්දැකීම් එක්ක, සීත කාලේ අඩුවෙලා යනකල් හැමෝම එකට ගුලිවෙලා හිටියොත් බේරෙන්න පුළුවන්, වෙන් වෙන්ව හිටියොත් මැරෙන්න තමයි වෙන්නේ කියලා...“
“ඊට පස්සේ ඉත්තෑ පවුලේ ඔක්කටම එකට බදාගෙන ඉන්න කියලා ගුල ඇතුළට වෙලා කියලා“ දැන්නුවා.
“ඒත් එකිනෙකා කිට්ටු වෙද්දි. ඔවුනොවුන්ගේ තිබ්බ ගඳ එකිනෙකාට උහුලන්නට බැරිව ගියා...“
“එත් ගඳට දොස් කියන ගමන්, අධික සීතල නිසා ඔවුන් ලං වුනා...“
“ලංවුනාම තවත් ප්රශ්නය උග්ර වුණා... ඒ තමයි එකිනෙකාගේ උල් එකිනෙකාට ඇනේන්න ගත්තා...“
“තමන් ගාව උල් කටු තියෙනකොට ආඩම්බර වුනාට... අනුන්ගේ උල් කටු ඇනෙනකොට රිදෙනවා කියලා ඉත්තෑවා උනත් දැනගෙන ඉන්ට නැතුව ඇති...“
“අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො කීප දෙනෙක් කොයිතරම් ඇනුනත් එකටම ඉමු කියලා හිතුවත්, තරුණ ඉත්තෑවො අපට බෑ කියලා ඒ ගුලෙන් වෙන්වෙලා ගියා...“
“සිතකාලේ ඉවර වෙලා බලනකොට...“
වැඩිහිටි ඉත්තෑවො විතරක් ඉතුරුවෙලා... හුදකලා වුණු තරුණ ඉත්තෑවො ටික මැරිලා ගිහිල්ලා සීතලටම...“
වැඩිහිටි ඉත්තෑවො විතරක් ඉතුරුවෙලා... හුදකලා වුණු තරුණ ඉත්තෑවො ටික මැරිලා ගිහිල්ලා සීතලටම...“
“තුවාල තිබුණත්... අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො ටික ජීවත් වෙලා ඉන්නවා සර්...“
ගුරුතුමා... තවම නිහඩය. මුහුණට බැරූරුම් පෙනුමක් ආරූඩ වී ඇත.
ඔහු යමක් කියන්නට සැරෙන බවක් මට පෙනුනි.
(සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තෙරුවන් සරණයි.
No comments:
Post a Comment