Wednesday, September 4, 2019

12. එයා, බෝධිසත්ත්වයෙක්



“ආ.... නෝනමහත්තයා... අපිව අඳුරගන්න පුළුවන් ද දන්නෑ“🤭
මා විසින් විහිළුවට මෙන් අසන ලද්දේ, බස් රථයක් එනතුරු, බස් නැවැතුම්පළට වී සිටි තලතුණා ගැහැණියකගෙන්ය. ඈ ජංගම දුරකතනයේ ගිලී සිටි හෙයින් මා බස් නැවතුමට ඇවිද එනවා දුටුවේ නැත.
“දෙයි හාමුදුරුවනේ...!!! කවද්ද වැඩියේ...?“ “එනවා අපි දන්නෙත් නැැැ ... ආපහු යනවා අපි දන්නෙත් නැැැ...“ 😀
“අනේ... අක්කේ ඉතිං ඕක අණ බෙර ගහන්න දෙයක්යැ... ඇවිල්ල නම් සතියක් විතර ඇති... ඉතිං කොහොමද සැප සනීප...“
“අනේ අපේ හාමුදුරුවනේ... අන්න බස් එක එනවා... මම මේ දුව ගන්න nursery එකට යනවා..., හැන්දෑවේ මායි - අයියයි එක්කම එන්නම්කො... ඔබවහන්සේ බැහැදකින්න පංසලටම...“
“ ආා... හොදයි හොදයි... තෙරුවන් සරණයි...“
“එනකොට ගේනාපු toffee chocolate එහෙම, ලෑස්තිකරලා තියන්න එහෙනම්... අවසරයි...“
😀😀🤭🤭
මා පිළිතුරු දීමටත් මත්තෙන්, සිනාමුසු මුහුණින්, මා හට නැමී නමස්කාර කළ ඇය බස්රථයට ගොඩ වූවාය.
මේ, ඇය විසින් බොහෝ කළෙකට පෙර, මා හට පැවසු කථාවයි.
-------------------------------------------------------------
“එයාගේ නම රුවන්, එයා බෝධිසත්ත්වයෙක් කියලා තමයි හාමුදුරුවනේ මම හැමදාම හිතුවේ...
“මම රුවන් ඒක්ක යාලුවෙලා හිටි කාලේ... අතින් ඇල්ලුවා ඇරෙන්න... වෙන කිසිම අයුතු යෝජනාවක් කරලා නැ...
මම එයා එක්ක අවුරුදු 4ක් යාලුවෙලා හිටියා... කිසිම දවසක අනවශ්ය තැනකට යන්න කතා කරලා නැ...“
“ගුරුවරයෙක් විදිහට එයා නිතරම ආදර්ශමත්ව ඉන්න ඕනි කියලයි නිතරම කීවේ.“
අපි හම්බුනෙත් කතා කරෙත් පොදු තැන්වල විතරමයි...එයාට මට වඩා අවුරුදු 8ක් විතර වැඩිමල්...“
“මම මගේ සීයා එක්ක තමයි ජිවිතේ වැඩිම කාලයක් හැදුනේ... අවුරුදු 21ක්ම මගේ හැමදේකටම හිටියේ සීයා... දැන් නම් සීයා නෑ මගේ ගාව, එයා නැතිවුනා...“
“ ඒ නිසාම ද මම දන්නෑ... මට මගේ වයසේ අයට වඩා, මගේ හිත යන්නේ ටිකක් වැඩිමල් අයට...
මම හිතන්නේ මගේ සීයා වාගේම මාව ආදරයෙන් බලාගනී හුරතල් කරාවි කියලා... ටිකක් වැඩිමල් කෙනෙක් බැන්දොත්...“
“සීයා ඉන්න කාලේ ඉදලාම, මගේ පස්සෙන් ආපු මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා... එයා ගැන සීයා දන්නවා... සීයා කීවේ...
මස්සිනා හොදයි... කැමැති වෙන්න කියලා...“ එත් මට එයා ගැන නෑදෑයෙක් විදිහට ගෞරවයක් ආදරයක් මිස, ආදර වන්තයෙක් කියලා බලන්න බැරි වුනා...“
“මම වැඩිහිටි අයට තිබුණු Spoken English එකකට ගියාම තමයි රුවන්ව, මුලින්ම මුණ ගැහුනේ...“ උසට උසේ... ලොකු රැවුලක් ... සුදුවෙච්චි කොණ්ඩ ගස් දෙක තුනත් එක්ක එයාගේ තිබුනා අමුතු තැන්පත් බවක්...“
“ඒ වෙනකොටත් එයාට අවුරුදු 30ක් විතර. Class එකේ group දාලා කතා කරන කොට, මම එයා එක්ක වැඩියෙන් කතා කරා... class එකෙන් පස්සේත් අපි නිතර නිතර phone එකෙන් කතා කරා... ඇත්තටම එයා ගෑනුන්ට වැඩිය කැමැත්තක් තිබ්බේ නැ... ඉතිං සල්ලාලයො බහුල මේ කාලේ, එයා ගැන මට තිබ්බේ ගෞරවයක්“
“කාලයක් යද්දි අපි දෙන්නා නිතර කතා කරන තැනට ඇවිල්ලා... අපි ආදර වන්තයො බවට පත් වුනා...“ ඒ වෙනකොට මගේ සීයා නැති වීම නිසා තිබුණු අඩුව, රුවන් ලැබුනට පස්සේ නැති වුනා.
මම ඇත්තටම එයා එක්ක හිටියෙත් සීයා එක්ක ඉන්නවා කියන හැඟීමෙන් තමයි. අපි හාදුවක් වත් හුවමාරු කරගත්තේ film එකක් බලන්න ගිය කාලේක... එතැනින් එහාට එයා කිසිදෙයක් බලාපොරොත්තු වුනේ නැ.
“ එයා ගුරුවරයෙක් විදිහට, මාව හොදට පරිස්සං කරපු වැදගත්, බෝධිසත්ත්ව චරිතයක් කියලා මම කීවේ ඒකයි.
“එයාට එක් සම්බන්ධයක්, මං හම්බෙන්න පෙර තිබිලා... වෙන්වෙලා තියෙනවා... එයා කීවේ, අදහස් ගැලපෙන්නැති කම නිසා වෙන් වුණු බවයි...
මම හිතුවේ ඒක මගේ වාසනාව නිසා වෙච්චි දෙයක් විදිහට...“
“මගේ අම්මා රට, තාත්තා නැති වුනාට පස්සෙ එයා සල්ලි හොයන්න රට ගියා... සීයා නැති වුනාට පස්සේ මම නෑදෑ ගෙදරක හිටියේ... මට ඒ ජිවිතය එපා වෙලා තිබ්බේ... ඒ නිසා මම නිතර රුවන්ට කීවා මාව බාරගන්න කියලා... එයා කීවේම කසාදයට එයාගේ කැමැත්තක් නැ... එයාට දැන් වයසයි කියලා...
“ එත් අන්තිමට එයා බදින්න කැමති කරවාගත්තේ මමමයි...,
ඒ.. එයාගේ අම්මාලාගේ ගෙදර ගිහිල්ලා ඔක්කම විස්තර කියලා...“
“ මුළින් බඳින්න ඇකමැති වුනත් වෙඩින් එකේ ඔක්කම වැඩ ඔක්කම කරට අරගෙන කරේ එයා. මම සුපුරුදු හුරතලේටම හිටියා...“
“ මගේ ජිවිතේ උඩු යටිකුරු වෙන්න ගත්තේ honeymoon එක දවසේ රෑ...
“ පස්සේ කාලෙක මම දැනගත්ත විදිහට එයාට තියෙන්නේ ලිංගික බෙලහීනතාව... ඒදා රෑ කිසිම දෙයක් කරගන්න බැරි වුනා... මමත් දන්නා විදිහට උත්සහයක් දරාලා නිකම් හිටිය... එයා කීවේ මහන්සියට වෙන්නැති කියලා...“
“ එත් හරි පුදුම වැඩේ කියන්නේ...
පහුවදා අපි නැවතිලා හිටපු හෝටලයාට එයාගේ අම්මයි නැන්දයි ආවා ...
ඒ සම්ප්රදායික පිරිසිදු කම පරීක්ෂා කරන්න... එත් එයා කීවා
"අම්මාලා මොකටද මෙහෙ ආවේ... ඔව්වා දැන් කාලේ බලන්න ඕනි දේවල් නෙවෙයි... පිස්සු නැතුව යන්න කියලා...
“ එයා ඇත්ත කීවේ නැ... අපි දවස් කීපයක් හොටෙල් එකේ හිටියත් එක දවසක්වත් එකට ඉන්නට බැරිවුනා...“
“එයා කීවේ ‘මං වාගේ වයසක මිනිහෙක් බැන්දාම ඔහොම තමයි ඔයාට කියලා...
“ එත් ඊට වඩා නාකි මිනිස්සු ඕක කරනවානේ කියලා මම කීවාම එයා හිනා වුනා...
“ගෙදර ගියාම තමයි මට තේරුණේ... මේක නොකෙරුනු එක කොච්චර නරක ද කියලා... නැන්දම්මා ගෙට ගොවෙච්චි ගමන් ඇහුවේ...
මේ උඩැක්කිය උඹ කරගහගත්තේ ඔව්වා ඔක්කම දැනගෙන නේද කියාල. ඇහුවේ රුවන්ගෙන්.
“එයත් මමත් උඩබිම් බලනවා මොකද්ද මේ කියන්නේ කියලා...“
රුවන්ගේ මුණේ තිබ්බේ අසරණ බැල්මක්... ඒ නිසා මම මොකුත් කියන්නැතුවම කාමරයට ගියා... කසාදයට කලින් හිටි නැන්දම්මා නෙවෙයි දැන් ඉන්නේ..
“එයා හිතාගෙන ඉන්නේ... මම වටෙ ගිහිල්ලා ඉවර වෙලා... රුවන්ව රවට්ටාගෙන එයාගේ කරේ එල්ලුනා කියලා...
ඒ බව දන්නා රුවන්, මාව බේරුවා එදා හොටෙල් එකේ කියලා...“
ඒ විදිහටයි, නැන්දම්මා හිතාගෙන හිටියේ...
“ මාස කීපයක් යද්දි නැන්දම්මයි මායි නයි පොළොන්ගු වෙන ගාණට ආවා. ඒ මාස කීපයටම රුවන්ට බැරිවුනා එකට ඉන්න. හේතුව එයාගේ ලෙඩෙ... එයා දොස්තර කෙනෙක් ගාවට යන්න කැමැති වුනේ නැ...
“අන්තිමට එයා කිවා මම කලින් දොස්තර කෙනෙක්ගාවට ගියා... එතනින් කිවා මට තියන්නේ “ලිංගික අප්රාණිකත්වය කියලා... මට දියවැඩියාව තියෙන නිසා... ඒ තත්ත්වය බරතළ අවධියක තියෙන්නේ ප්රතිකාර කරන්න අමාරුයි කියලා““ තමයි එයා කීවේ.
“ එයාට දියවැඩියාව තියෙන බව මම දැනගත්තේ බැදලා ගෙදරටත් ආවට පස්සේ... එයා මාව ගොඩක් රවට්ටලා හාමුදුරුවනේ... පවුලෙන් ආරෙටම දියවැඩියාව එනවලු... මෙයාගේ කලින් girl friendට එයා දියවැඩියාවට බෙහෙත් ගන්නවා කීවාට පස්සේ තමයි මෙයාව අතෑරලා තියෙන්නෙ... ඒ නිසා මෙයා දියවැඩියාව තියෙන බවක් මට කීවේ නැ... මෙ ලෙඩේ ගැනත් මට කීවේ නැ...
“ ඉතිං මෙයා ගෞරවය ගැන ගොඩක් හිතන නිසා... ලෙඩෙ තියෙන බව දැනගතත්තක් බෙහෙත් ගන්න ගිහිල්ලා නැ... තනිකඩව ඉන්නවා කියලා ඉද්දි තමයි මම එයාට හම්බෙලා තියෙන්නෙ...
මේ මොකුත් නොදන්නා අම්මලා මට තමයි දොස් කියන්නේ...
“ හොදටම නැන්දම්මා එක්ක රණ්ඩු වෙච්චි දාක මම කීවා “ඔහේගේ පුතා... පොන්#%$ කියලා. මම තවම පිරිසිදු කෙල්ලෙක් “ කියලා...
“එදයින් පස්සේ නැන්දම්මාගේ කට වැහුනා... රුවන් වෙනම කාමරයක නිදන්න ගත්තා... මට ඒ ගෙදර සොහොන් පිට්ටනියක් වාගේ වෙන්න ගත්තා...
“ ඊට පස්සේ තමයි අහම්බෙන් දවසක ටවුන් එකේදී මගේ මස්සිනා මට හම්බුනේ... මම එයාට මේ විස්තරේ පස්සේ දවසක කීවා...
“ඉතිං හාමුදුරුවනේ එයා කියනවා මට ඩිවොස් එක අරගෙන එන්න, එයා බඳින්නම් කියලා..“
------------------------------------------------------------------------------------------
🔴 ඈ, මට හමුවූයේ මේ උභතො කෝටික තත්ත්වය තුළ සිටිය දී ය. ඒ වන විට දෙදෙනා අතර ආදරය, ගැටලුවක් නැතුව සුරැකී තිබුණත් මේ යුවතියට අනාගතයක් නොමැති බව පැහැදිලි බැවින් දෙදෙනාම ගෙන්වා සාකච්ඡා කිරීමට මට හැකිවුණි.
🔴 රුවන් මහතා, ඉතා ආගමට ලැදි පුද්ගලයෙකු වූ හෙයින් ඔහු මට සාවධානව සවන් දුන්නේ ය. මා විසින් පැහැදිලි කරන්නට යෙදුණේ මෙසේය.
🔴 “ මේ ලෝක පැවත්මට ජීවීන් බිහිවීම අත්යවශ්ය දෙයක්, එංගලන්ත රැජිනගෙන් ලැබුනු කසාද ක්රමය තුළ ගැහැනියක් හා පිරිමියෙකු එක්වන්නේ ද සුජාත දරුවන් ලැබීමටය,
දරුවන් ලැබීමට කැමැත්තක් ඇති, හැකියාවත් ඇති තැනැත්තියක් ඔබ එසේ නොවනේ සේ රදවා තබා ගැනීම ඇයට කරන අසාධාරණයක් නොවේ දැයි“ මම කාරණාකාරණ පැහැදිලි කරමින් තෝරා දුනිමි.
ඔහු එය පිළිගත්තේය,
දරුවෙකු අරන් හදාගැනීමට ඇය තුළ වු අකමැත්ත ප්රභලව තිබුණි.
🔴 එමෙන්ම දැන දැනම ඇයව රැවැට්ටු බවත් ඇයගේ හද තුළ විය. ඇය එබැවින් ඔහු සමග සිටියේ පෙර තිබූ විශ්වාසයෙන් ද නොවේ. එබැවින් දික්කසාදය දීමට ඔහු එකඟ විය.
දික්කසාද නීතිය අනුව ලිංගිකබෙලහීනත්වය, දික්කසාදය ලැබීමට පහසු මඟය.
🔴 මා වැඩි දුරටත් ප්රකාශ කරන්නේ, කේන්දර ආදීය උස්සාගෙන දිවීමට පෙර, ස්මාට් ලෝකයක ජීවත් වන ඔබ වෛද්ය පරීක්ෂණයක් කරගත යුතුය. දෙදනාට දරුවන් ලැබිය හැකි ද, දරුවන්ට ලෙඩ දුක් ඇති වේද? අංග විකල දරුවන් බිහි වේද? දෙදනාට තිබෙන ලෙඩ රෝග ආදිය ද පරීක්ෂා කරගත යුතුය.
🔴“කිංසු වත්‌ථු මනුස්‌සානං -‘‘පුත්‌තා වත්‌ථු මනුස්‌සානං
“මිනිසුන්ට වස්තුව නම් කිමෙක් ද?
මිනිසුන්ට දරුවන් වස්තුව වේ. (වත්ථු සුත්රය- සංයුත්ත නිකාය)
🔴 සියලු ලෝක සත්ත්වයන් ලිංගිකව එක්වනු ලබන්නේ ප්රජාව සෑදීමටය. නමුත් මිනිසා එසේ නොවේ. එහෙත් නීත්යානුකූල විවාහක් කරගනු ලබන්නේ නම්, සුජාත දරුවන් හැදීමටය. නො එසේ නම් විවාහ වීම අත්යාවශ්යම නැත. එහෙයින් වෛද්ය පරීක්ෂණයක් විවාහයට පෙර කර ගතු යුතුම වේ.
(සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)
තෙරුවන් සරණයි. 


No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...