Monday, February 8, 2021

39. 🔴#වැඩිහිටි_රැවටීම.🔴

 


39.

=========
“මම දැක්කා හාමුදුරුවන්ගේ ලිපි වල තියෙනවා...
ගොඩක් වෙලාවට...
මුලාවට පත්වෙලා අමාරුවේ වැටෙන්නේ...experiences නැති පොඩි වයස්වල ගෑනු ලමයි කියලා...“
ඇය කීවාය.😐
“ඔව්...“ මම කීවෙමි.🙄
“නෑ, හාමුදුරුවනේ... අපි වාගේ අවුරුදු 35-40 පැනපු ගෑනුත් මුලාවට පත්වෙනවා...“
කණගාටුවට පත්වෙමින් ඇය කීවාය. 😲
මා ඇයව හඳුනාගත් පරිදි,
ඈ වනාහි, එක්තරා ප්රසිද්ධ බැංකුවක ඉහළ නිළතලයක් දරණා තැන්තියකි. ☺️
“මම හාමුදුරුවන්ට විස්තරේ කියන්නම්...
ඒක කියන්නේ... තවත් කෙනෙක් අමාරුවේ වැටෙන එක නවතියි කියලා හිතලා...“
“සහ... මටත් මේක කාටහරි කියලා හිත නිදහස් කරගන්න ඕනි කමක් තියෙනවා...“ ඇය කීවාය.😥
“ඔව්... සැරව ටික එලියට, ගියාම තුවාලයට නිදහසක් දැනෙනවා... වාගේ.“ මම කීවෙමි.❤️
“දැනට අවුරුදු දෙකකට විතර කලින් මම,
ටිකක් ප්රසිද්ධ group calss කරන සර් කෙනෙක් ගාවට ගියා හාමුදුරුවනේ.
ගියේ, මගේ රස්සාවේ ඉහළට යන්න අවශ්ය qualification එකක් complete කරගන්න,
මම ලියන exam එකට extra class එකක් හැටියට කරගන්න.“😎
“එයාගේ class fees හරිම ගණන්.
නමුත් calss එකට ගන්නේ 25ක් විතරයි. ඒ 25 classes කීපයක් තියෙනවා...“😎
“ඇත්තටම හාමුදුරුවනේ එයා, අපේ field එකේ ඉහළ නමක් තියෙන කෙනෙක්...
හරිම luxury life එකක් එයාට තියෙන්නේ...“
“ඉහළ ගණන් වලට විකිණෙන වාහන දෙකතුනක්ම එයාට තියෙනවා...
මම එයාගේ ගෙදරත් ගිය නිසා... කියන්නේ... ඒකත් හරිම comfortable. 😲
“ ඒවාගේම එයාගේ පෙනුම හරිම කඩවසම්, සුදුයි.
gym ඇඟක් තියෙන්නේ.
හොඳට ලස්සනට full kit, decent විදිහට තමයි class එකටත් එන්නේ...
වයස අවුරුදු 48 විතර... එත් බෑලූ බැල්මට එහෙම කියන්න බෑ...“😲❤️
“මම මේ background එක හාමුදුරුවන්ට කියන්නේ...
ඒක තමයි අපි රැවටෙන weak point එක හන්දා....“😅
“අනික් වැදගත් දේ තමයි හාමුදුරුවනේ...
මෙතැනට එන ඉගෙන ගන්න එන සියලුම දෙනා...
ඉතාමත් වැදගත් රස්සාවල ඉන්න, HiFi අය.
එක calss එකක boys ඉන්නේ 5ක් 6ක් වාගේ...
“අපේ field එකේ හාමුදුරුවනේ... පිරිමි හිටියට... exams එකක් කරගෙන ඉස්සරාහට යන අය අඩුයි. ගෑනු තමයි ඉස්සරහාට යන්නේ...“😐
“ඒ ඇයි...“ මම ඇසුවෙමි.😐
“පිරිමින්ට වෙන වෙන business වලින් හම්බකරන්න පුළුවන් හාමුදුරුවනේ...
එයාලා පාඩම් කරනවා වාගේ එව්වට කැමැති නෑනේ...
අනික... පිරිමි හරි කම්මැලි,
අපි තමයි ලමයිනුත් හදාගෙන exams කරගෙන ඉස්සරහාට යන්නේ...‘
ඇය පැවසූ දෙයහි ඇත්තකුත් නැතුවා නොවේ.🤔
“ඉතිං හාමුදුරුවෙනේ... මට කියන්න ඕනි උනේ...
ඉගෙන ගන්න අපිත්, උගන්වන කෙනත්, වැදගත් පන්නයේ රස්සා තියෙන සල්ලි තියෙන මිනිස්සු...
අන්න ඒකම තමයි මම හිතන්නේ මේ වාගේ වංචාකාරයන්ගේ ඉනිමඟ“😐🤐
“මට තේරුණේ නෑ හරියට...“ මම කීවෙමි.🤐
“මම කියන්නම්කො සිද්ධිය...“🙄
“මේ class එකට එන අය ඇත්තටම හොද ඇහැට කණට පේන ගෑනු හාමුදුරුවනේ...“
ඒයාලට එව්වට වියදම් කරන්න සල්ලි තියෙනවානේ...“
මේ කියන ගුරුවරයත් ඒ වාගේම අපූරු ආකර්ශණයක් තියෙන කෙනෙක්...“❤️
ඒ වාගේම එයාගේ ඉගැන්වීමේ ශෛලියත් හරිම අපූරුයි. හොදට මතක හිටින්න උගන්වනවා...“
වැදගත්ම කොටස තමයි හාමුදුරුවනේ...
එයා class එකේ හැමදවසකම “හොද බණ කතාවක්, බණ පදයක් විස්තර කරලා දෙන්න අමතක කරන්නෑ...“❤️
“ඉතිං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම... මෙයා හොඳ මහත්මයෙක්...“ 😍
“මෙයා ගාව අපේ phone contacts ඔක්කම තියෙනවානේ...
ඉතිං... දවසක් මගේ homework වල තියෙන දුර්වල තාවයක් ගැන කියන්න call කරා...‘😐
“එව්වා හරිම කෙටි ඇමතුම්...“ 🙄
“මාසයක් දෙකක් යනකොට ටිකක් අමතක කරන්න බැරි... උදේට කතා කරලා good morning කියන ජාතියේ සම්බන්ධයකට අපි ආවා හාමුදුරුවෙනේ...“
“මම මේක හාමුදුරුවන්ට කියන්න ඕනි...
එයාට තියෙනවා හරිම පුදුම ඉවසීමක්...
අපෙන් හරියට වචනයක් එනකල්,
අනවශ්ය කිසි දෙයක් නොකියා...
හරිම අපූරු විදියට කථාව කරගෙන යනවා...“🤐
“ඇත්තටම කීවොත්... එයාව නැතිව බැරිවෙන යාලුවෙක් ගාණට එනකල් ඉවසාගෙන ඉන්න එයා දන්නවා...“😲
“ඊට පස්සේ ඒක ආදර සම්බන්ධයකට පෙරලෙනවානේ හාමුදුරුවනේ...“ 😲
“ඒ කොහොමද? “ මම ඇසුවෙමි.🤔
“ගැහැණියකට ගොඩක්ම අවශ්ය කරන දෙයක් තමයි, හොද කතා කරන්න පුළුවන් පිරිමියෙක්...
කුණුහරුප කථා නොකරන, හොඳ දේවල් කතා කරන...
ආදරය කරුණාව තියෙන...
ඒ වාගේම දිනපතා හොයලා බලන පිරිමියෙක්ට ඕනිම ගැහැණියක් කැමැති හාමුදුරුවෙනේ...“
අනික මෙයා වාගේ කෙනෙක් අපේ field එකේ හැටියට අපි වාගේ කෙනෙකුට ලැබෙන එක වාසනාවක් හැටියට තමයි ගැහැණියක් හිතන්නේ...“ ඇය කීවාය❤️
“ම්ම්ම්ම්...“
“ඉතිං... හාමුදුරුවනේ... දවසක් එයා මට එයාගේ ගෙදරට කතා කරා. එයාගේ හැසිරීම හැටියට
එයාව සැක කරන්න කිසිම හේතුවක් නෑ.
“අහ්. තව එකක්, ඒයා බැඳලා නැති කෙනෙක් විදිහට තමයි අඟවන්නේ... 😋
“නිතර කියන වචනයක් තියෙනවා...
“තව ටික කාලයක් මේ ජීවිතයේ ඉදලා... “ආරණ්යකට ගිහින් මහණ වෙනවා“ කියලත් කියනවා...“😅
“අහ්.... මට සිනහවක් පහළ විය...“😂😂
“ඉතිං...“
“ඉතිං හාමුදුරුවනේ... එයාට හොඳට උයන්නත් පුළුවන්... ඉතිං එයත් එක්ක උයලා කාලා...
accidentally විදිහට... plan කරපු නැති දෙයක් විදිහට...
එයා මාත් ශරීර සම්බන්ධයකුත් එදා හදාගත්තා...“🤐🙄
“මම හොඳ family life එකක් ගත කරනවා හාමුදුරුවෙන්...
කවදාවත් එහෙම දෙයක් කරන්න තුන් හිතකවත් තිබ්බේ නැ... 💔
“ඉතිං දැන් වෙච්ච දෙවල් වෙච්චාවේ කියලා...
ඒදා සමුගත්තා...“💔
“කොහොම හරි මම vehicle එකත් අරගෙන එලියට බැහැලා විනාඩි 5 ක් යද්දි...
එයා කතා කරලා කීවා...
වාහනය පොඩ්ඩක් නවත්තගන්න එයා එනවා... කියලා...🤔
“ඊට පස්සේ එයා ආවා හාමුදුරුවෙනේ මාව හම්බෙන්න... 😐
ඇවිල්ල... ගොඩාක් පසුතැවිලි වුනා මේ වෙච්චි දේ ගැන. අඩන්න ඔන්න මෙන්න වාගේ.
බණ වලිනුත් දේවල් කියලා...
මේව්වා පව් වැඩ කියලා... ආයේ කතා කරන්න එපා... ඔයාගේ life එකටත් job එකටත් හොද නැ මේව්වා... 💔
“වාගේ ගොඩාක් දේවල් කියලා... මම ඔයාව block කරනවා... හැම එකෙන්ම... අපි දැන්ම නවතිමු,
මගෙන් වචනයක්වත් අහන්නැතුව එයා ගියා හාමුදුරුවනේ...“💔
“ගෙදර දි වෙච්ච දේට වඩා... මට පුදුම දැන් මේ වෙච්චි දේ....“😥
“ඇත්තටම හාමුදුරුවෙනේ...
ඊට පස්සේ එයාගේ එකම cantacts එකකවත් මම නැ. මාව block කරලා.“💔
“මට නිකම් පිස්සු වාගේ හාමුදුරුවනේ...
ගෙදර අයත් අහනවා මොකද මේ ... ඇයි බය වෙලා වාගේ, ඇයි සුදුමැලි වෙලා, ඇයි අඩලා වාගේ කියලා...“
“ඉතිං හාමුදුරුවනේ... බෝධිසත්ත්වයෙක් වාගේ මිනිහෙක් මාස 4-5ක් විතර ජීවිතේට ලංවෙලා ඉඳලා, එක පාරට නවත්තලා කුඩුපට්ටම් කරලා දැම්මා...
හරියට, හිත ඇතුලේ ගිනිකන්දක් පිපිරුවා වාගේ...“
“ඇත්තටම හාමුදුරුවනේ... මම පස්සෙත් පංතියට ගියාම... කිසිම දෙයක් වෙච්ච නැති ගානට එයා උගන්වනවා... හිනාවෙනවා...“🙄
“මම හිතුවේ ඇත්තටම මට සියදිවි හානිකරගන්න වෙයි කියලා...“ 😥
“පස්සේ හදිස්සියේම දවසක... මම එයාගේ vehicle එක town එකේ දැකලා... මට හිතුනා ගිහින් කතා කරන්න...“🙄
“ඒයාගේ car එකේ තව ගෑනු ලමයෙක් හිටියා හාමුදුරුවනේ...“😡
“මම පුදුම උනා...“ එයා බැඳලත් නැති කෙනෙක්නේ...😡
“මගේ ඉන්නවා හාමුදුරුවනේ university කලේ පස්සෙන් ආපු boy කෙනෙක් පොලිසියේ, යාලුවෙක් විදිහට හොදටම fits එකේ ආශ්රය කරන.
මම එයාට කීවා මගේ යාලුවෙක්ගේ affair එකෙක් තියෙන නිසා..
මෙන්න මෙයා ගැන විස්තර ටිකක් හොයලා දෙන්න කියලා...
“මොකද හාමුදුරුවෙන් මට හරිම තරහක් ආවේ ඒ සිද්ධියෙන් පස්සේ.😡😡
“ එයා, මාසයක් විතර අරගෙන එයාගේ cantacts පාවිච්චි කරලා මෙයාව follow up කරන්න කීප දෙනෙක් දාලා... විස්තර හොයාගෙන තිබ්බා..😋
“හාමුදුරුවො විශ්වාස කරන එකක් නැ... එයා කාලය තුළත් ගෑනු 3ක්ම ගෙදර ගෙනල්ලා තියෙනවා..
“ඒ අයත් මම වාගේම class වලින්ම හම්බෙච්ච අය. මම හිතන්නේ එයාට 50ට වඩා මේ වෙනකොට girls ඉන්න ඇති කියලා , මගේ යාලුවා කීවා..😡
“එතකොට එයාගේ සෙල්ලම, එක වරක් එක ගෑනියක් ඇසුරු කිරීම. ආයේ පාවිච්චි කරන්න බාලාපොරොත්තුවක් නෑ. හරියට tissue paper එකක් වාගේ. නේද“ මම කීවෙමි.
“එහෙමයි... හරියට පරණ ඉන්දියන් රජෙක් වාගේ“
ඉතිං... මොකද්ද ගත්තු විසඳුම...“ මම ඇසුවෙමි.
“මොනවා කරන්නද හාමුදුරුවනේ...
කාවවත් බලෙන් උස්සාගෙන ගිහින් නෙවෙයිනේ...
අනික අපි ඔක්කම වැදගත් රස්සාවල ඉන්න මිනිස්සු. සහ පවුල් වෙච්චි.
ඒව්වා තියොගෙන, කවුරුත් ඒ මිනිහාගේ පස්සෙන් ආයේ යන්නේ නෑනේ...“
“ඔන්න ඕකයි හාමුදුරුවනේ විස්තරේ...
එයා හොදට කාලය අරගෙන... තමන්ගේ රඟපෑම කරනවා... ඒකට එයාට ඉවසීම තියෙනවා...
අපි වාගේ වැදගත් පවුල් පරිසරයක් තියෙන වැදගත් ගෑනු එයාට අහුවෙනවා...
ඒකයි මම හාමුදුරුවන්ට කීවේ...
වැඩිහිටි ගෑනුත් රැවටෙනවා කියලා. 💔💔
“ඒ විතරක් නෙවෙයි...
අන්තිමට සෑහෙන කාලයක් හිතෙන් දුක් විඳිනවා. සහ විඳවමින් පිච්චෙනවා. වරදක් කරාටත්, වඩා රැවටුණ එක ගැන හිතලා...💔💔💔
-------------------
🔻🔻🔻🔻🔻🔻
බුදුන් වහන්සේ මේ ගැන මෙසේ වඳාළ සේක.
✅අංගුත්තර නිකායෙහි, ඒකක නිපාත පාළියෙහි රූපාදි වග්ගයෙහි මෙසේ ඇතුළත්ය.
✅‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසරූපං.“
✅මහණනෙනි, මම මේ ලෝකයෙහි කාන්තාවන්ගේ සිත, යටකරගෙන සිටින්නාවු එකඳු වෙනත් රූපයක් නොදකිමි.
ඒ පුරුස රූපය හැර. 🔴
🔻1. බුද්ධ දේශනාව පරිදි කාන්තාවන් පුරුෂ ‘‘රූපයට‘‘ යටවී සිටී.
‘මෙහෙම රැවුල තියෙන කෙනෙක් නම් හා අම්මේ‘, ආදී වශයෙන් කියන අය ඔබ දැක ඇත.
🔻2. එමෙන්ම... පුරුෂ ‘‘ශබ්දයට‘‘ ද යට වී සිටී. ගායකයන්ට තරුණියන්ගේ ආකර්ෂණය ඔබ දැක ඇත.
🔻3. එමෙන්ම පුරුෂයන්ගේ ‘‘සුවඳට‘‘ ද ඇලුම් කරන අය සිටී.
🔻4. පුරුෂයන්ගේ ඇසුරු කිරීමෙන් ලැබෙන ‘‘රසයට‘‘ ද යට වී සිටී.
🔻5. පුරුෂයන්ගේ ‘‘ස්පර්ශයට‘‘ යට වී සිටී. ‘සිප වැළදගැනීම්‘ ආදිය වේ.
මෙම කරුණු 5 නිසා කාන්තාවන් නිතර දුක් විඳින බවත්, ඒ හා සමාන වෙනත් රසයක් නැති බවත් බුද්ධ දේශනාවේ ඇතුළත් වේ. 🤐
එබැවින් සිහියෙන් කටයුතු කරන්න.
තෙරුවන් සරණයි.🙏
--------------
2020.06.28
🌹🌹🌹
(හෙරලි.)
හෙරලියාවල රතනතිස්ස හිමි.

No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...