Monday, February 8, 2021

38. #හැමදේම_සාකච්ඡා_කරන්න_ඕනි ද?🔴

 



““හාමුදුරුවො අර ලිපිය දැක්කද... ?“🤔
මගේ ලිපි නිතර කියවන්නියක් විසින් ඇසුවාය.
“ඔව්... මම ඒක දැක්කා...“🙄
“මොකද්ද ඒ ගැන හාමුදුරුවන්ගේ අදහස.? ඇය ඇසුවාය.😐
“ටිකක් ඇත්ත... එත් කතා කරන්න ඕන් නැති වර්ගයේ එකක්...“🙂
“ඒ කීවේ හාමුදුරුවනේ...“😲
“ ඒ කියන්නේ... ඒකේ ටිකක් ඇත්ත තියෙනවා... නමුත් ඒ මාතෘකාව කතා කරන්න එච්චර අවශ්ය නැ. තේරුමක් නෑ ඒක මතු කිරීමෙන්. සහ මතුකිරීම තුළ තියෙන්නේ ගැටීමක්.“😎
“තේරුණේ නෑ හාමුදුරුවනේ...“😐
“ මම උදාහරණයක් කියන්නම්කෝ සූත්ර පිටකයෙන්ම...“👍
“මේක සඳහන් වෙන්නේ සාළායතවග්ගයේ - සංයුත්ත නිකායේ.
දවසක් නළුවෙක් එනවා බුදුන් වහ්නසේ බැහැදකින්න. එයාගේ නම ගාමිණී. නළුවෙක් නිසා එයාට ‘නටගාමිණී‘ කියලා කියන්නේ... නළු ගාමිණී කියන අර්ථයෙන්.“☺️
“මෙයා බුදුන් වහන්සේගෙන් ප්රශ්නයක් අහනවා දවසක් මෙහෙම.
“ස්වාමීනි... මම අහලා තියෙනවා මගේ ගුරුවරු සහ අත්තලා මුත්තලාගෙන්... අපි මරණෙන් පස්සේ “පහාස“ නම් වූ දිව්යලෝකේ උපදින බව. හේතුව, අපි නටලා ගයලා ඇත්තෙනුත් බොරුවෙනුත් මිනිස්සුන්ව සතුටු කරන එකනේ කරන්නේ... “
කියලා බුදුන්වහ්නසේට කියලා...
“එහෙම නේද ස්වාමීනි... අපි දිව්යලෝකේ උපදිනවා නේද? කියලා... අහනවා.“ 😁
ඉතිං ඇත්තනේ හාමුදුරුවනේ... නටලා ගයලා මිනිස්සුන්ව සතුටු කරන එක කොච්චර හොඳ වැඩක් ද? ඉතිං බුදු හාමුදුරුවො මොකද්ද දේශනා කරේ.?“ ඇය කීවාය.😎
“කමක් නැ... ගාමිණී, ඕක පැත්තක තිබ්බාවේ... මගෙන් අහන්න දෙයක් නෙවෙයි ඕක... අපි වෙන දෙයක් කතා කරමු. “ කියලා බුදුන් වහන්සේ උත්තර දෙනවා.🙄
“ඇැැ ඒ මොකද? ඇය ඇසුවාය..🤔🤔
“ඊට පස්සේ දෙවන දවසකත් එහෙමම අහනවා... ස්වාමීනි අපි නටලා ගයලා මිනිස්සුන්ව සතුටු කරන නිසා දිව්ය ලෝකේ උපදිනවා නේද කියලා...‘🤐
“ දෙවන අවස්ථාවෙත් දෙන්නේ අර පිළිතුරමයි. “🤐
“ඒ මොකද බුදුන් වහන්සේ උත්තර දෙන එකෙන් මඟ අරින්නේ...“ ඇය ඇසුවාය..🤔
“ඉතිං... තුන්වෙනි වතාවෙත්, එ් විදිහටම අහනවා..
“ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනාව...
‘හොදයි ගාමිණී, ඔච්චරම අහන නිසා කියන්නම්...
ඒ කියන විදිහට ඔබ දිව්යලෝකයේ නම් උපදින්නෑ... නිරය හෝ තිරිසන් යෝනියේ තමයි උපදින්නේ...
හේතුව... ඔබලා කරන්නේ, තමනුත් රාග දේවේෂ මෝහ ඇති කරගෙන, තවත් පිරිසකටත් රාග දේවේෂ මෝහ ඇති කරන එක..“ 😐
ඉතිං... ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සිනහා ගන්වා, රාගයෙන් මත් කරන ඔබලා දිව්ය ලෝකයෙ උපදිනවා යැයි කියලා හිතාගෙන ඉන්නවානම් ඒක මිත්යාදෘෂ්ටියක් “
කියලා බුදුන් වහන්සේ දේශන කළා..❤️
“හපොයි.. එහෙමත් එකක් ද? ඇය කීවාය..🙄
“ඕක කීවා විතරයි, ගාමිණී එතැන හඩන්න පටන් ගත්තා...“
මට මෙතැන මතුකරන්න ඕනි වැදගත්ම දේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ.. ඊට පස්සේ...
“ඒකනේ ගාමිණී මම කිවේ... ඕක මගෙන් අහන්න එපා කියලා... තථාගතයන් වහන්සේ දේශනා කරනවා...❤️
“ඇත්තටම ඒ ඇයි හාමුදුරුවනේ...“ ඇය ඇසීය.
“තුන් අවස්ථාවක් අහලනේ බුදුන් වහන්සේ ඕක කියන්නේ... ඒ කියන්නෙ ඇත්ත උනත්, සමහර දේවල් කියන්න ඕන නෑ... ඒ මොකද ඒවාගෙන් මිනිස්සුන්ගේ හිත් රිදෙනවා... 💔
අනික ඊට පසු ඔහුගේ ප්රතිචාරත් තවත් නරක වෙන්නත් පුළුවන්.💔
ඇයි ඕක බුදුන් වහන්සේට අහන ගමන්ම කියන්න තිබ්බානේ... 🔻
බුදුන් වහන්සේ වැනි කෙනෙකුත් ඇත්ත කියන්න උනත්... කෙනෙකුගේ හිත රිදෙන එක, කාලයක් තිස්සේ පවතින සංකල්ප වෙනස් කරන එක ගැන හිතනවා නම් අපි වාගේ අය කවුද එව්වා ගැන කතා කරන්න.🔻
ඔය සමහරු කෙනෙක්ගේ හිත රිදවමින්, “මම නම් ඕනෑම දෙයක් මූණට කියනවා කියලා කියනවා නේද?... 🤐
ඒක හොඳ නෑ. කෙනෙකුගේ හිතක් රිද්ද එක හොද දෙයක් නෙවෙයි ඇත්ත කියන්න උනත් කියලානේ දැන් මෙතැන පාඩම. 🔴
“එහෙමයි...“ ඇය කීවාය.
“මෘදු ගුණය කියලා එකක් තියෙනවනේ... ඒ කියන්නේ සෘජු විතරක් නෙවෙයි අපි අනිකා ගැන මෘදුව බලන්නත් ඕනි. ❤️
“එහෙමයි...“
අනික අපි යමක් කියද්දි, අපි කියන දේ බාරගන්න කැමැති ප්රජාවක් ඉන්න තැනක කියන්න ඕනි. සෑම දෙනාම ඒක විදිහට අපි කියන දේ බාර ගන්නෑ....
මටම ඒක තේරුණා... අර මම ලීවේ “ශරීරයේ බර“ ගැන ලිපියක්... අන්න ඒකට මට කොච්චර ගෑනු අය බැන්නද? තේරුම් ගත්තේ ඉතාම අත ලොස්සයි. 5ක් වත් නැ මයේ හිතේ.😁
“එහෙමයි මට මතකයි, ඔබ වහන්සේ බැනුම් ඇහුවා...“ ඇය සිනාසෙමින් කීවාය.😁😁
‘තව එක සිද්ධියක් කියන්නම්, අර සද්ධාසීල හිමියන් “දරුවන් හදන්න විතරයි ලිංගිකව හැසුරුනේ, ඇගවත් දැකලා නෑ පෙර කාලේ උදවිය කියලා කීයපු කතාවටත් ගොඩක් අය විරුද්ධ වුනානේ...“😁
“එහෙමයි ...“😁😁
“ඒකත් අර ලිපිය වාගේ ටිකක් ඇත්තනේ... රාගය කොහොමත් නිවනට බාධාවක්...
ලිංගිකව හැසිරෙන එක කොහොමත් නිවට හානියක්. ඒ හිමියන් ඒක මතු කරන්නේ... එතැන ඉන්න ප්රජාවකට. ඒක ඒ අයට ගැටලුවක් නැ. නමුත් ඒක මහ සමාජයට දාපුවාම ‘හිනාවට කාරණාවක්“
“නට ගාමිණී නම් ඇඩුවා... නමුත් අපි නම් අඩන්නෑ.. අපි කරන්නේ බනින සහ හිනාවෙන එක...“ 🔻
“කෙනෙක් අහන්න පුළුවන් ඇගත් නොදැක කොහොමද දරුවො හදන්නේ කියලා?...
ඒකත් හරි... මොකද සෝවාන් අයත් ලිංගිකව එකතු වෙනවා, දරුවො හදනවා, සකාදාගාමී අයත් එහෙමයි. ඉතිං සාමන්ය මිනිසුන්ට ඔව්වා කියන්න අවශ්ය නැ... හරියට බුදුන් වහන්සේ නට ගාමීණීට නොකියා හිටියා වාගේ...☺️
“එතකොට ඔබවහන්සේ කියන්නේ , ඒ සද්ධාසීල හාමුදුරුවො කියපු දේ ඇත්ත... එත් ඒක කියන්න ඕනි දෙයක් නෙවෙයි කියලා ද“... ඇය කීවාය...🙄
“අන්න හරි... ඇත්ත හැම තිස්සෙම ප්රකාශ කරන්න ඕනිත් නැ කියලා සංකල්පයකුත් තිබෙන බව තමයි, මේකෙන් අපට ගන්න තියෙන ආදර්ශය.
මොකද ඒකෙන් කෙනෙකුගේ හෝ සමාජයක හිත අප්රමාණව රිදෙනවානම් ඒ ඇත්ත ඵලක් නැ.“ මම කීවෙමි.
“එතකොට හාමුදුරුවනේ අර නටගාමීණී ඇයි ඇඩුවේ...““🙄
“එයා ඇඩුවේ... මෙච්චර කාලයක් මාව මගේ මුතුන් මිත්තො රවට්ටලා... කියලා... පසුව ඔහු නළුකම අතහැර පැවිදවෙනවා...“ හැබැයි ඒ නැවත නැවත බණ අහලා.🙏
“ඉතිං... දැන් මම ඔය සුත්රය, නළු නිලි දායකින් ඉන්න තැනක කීවොත් කොහොමද?
නළුවො නිසා ගෑනුන්ටත්, නිළියො නිසා පිරිමින්ටත් රාගය උපදින බව ඕනෑම කෙනෙකුට තේරෙනවානේ.
එතකොට එහෙම රාගය උපද්දවන නිසාම, ඔය අපි ඉතාමත් ආදරය කරන ගාමිණි ෆොන්සේකා, වාගේ අය ඔක්කම අපායේ කියලා ද කියන්න ඕනි?“ 😁
“නෑනේ... ඒ මිනිස්සු කරන වෙනත් පිං දහම් ආදියත් ඔව්වාට බලපානවානේ...“ කර්මය කියන්නේ සංකීර්ණ දෙයක්නේ... ඔබටවත් මටවත් තීරණය කරන්න බැරි.“ 🙄
“එහෙමයි...“🤐
“හොදම දේ තමයි එවැනි මාතෘකා අර බුදුන් වහන්සේ තෙවරක් ප්රතික්ෂේප කරා වාගේ කතා නොකර ඉන්න එක.“ ☺️
බොහො දෙනෙකුට හිත සුව පිණිස වෙන මාතෘකා කථා කරන එක. ☺️
“බුදුන්වහන්සේත් සමහර මාතෘකා කතා නොකර හිටියානම්. අපි වාගේ අය කවුද තවත් කෙනෙකුගේ හිත රිදවලා සමහර “ඇත්ත“ කතා කරන්න. කතා නොකර කට වහගෙන ඉන්න එකත් හපංකමක්.“🤐
“එහෙම නැත්තං... ඒ ඇත්ත කතා කරන්න සුදුසු ඉතා අතලොස්සක් විතරක් තෝරාගන්න ඕනි,
ඒකට බුද්ධිය මුහුකුරා ගියපු.
නැත්තං ඒක තේරුම් ගත හැකි ප්රජාවක් වීම අනිවාර්යයි.
“ ඇත්ත උනත් හැමෝටම කියන්න අවශ්ය නෑ කියලයි පොදු අදහස.
“එහෙමයි... තෙරුවන් සරණයි.“ ඇය සමුගත්තාය.
(මේ ලිපියත් කී දෙනෙක් වැරදියට තේරුම් ගනී ද මන්දා?)😁
2020. 06.22
------------------------
🌹🌹🌹
(හෙරලි.)


No comments:

Post a Comment

44. 🔴 කළුකුමාර දිෂ්ටිය.

  44.  කළුකුමාර දිෂ්ටිය.  ========= මේ වාගේ සිද්ධි කිහිපයක් පසුගිය කාලේ මට දකින්නට ලැබුනු නිසයි, මම මේ ගැන ලියන්න හිතුවේ. මේ මම එකතුකරගත් දැ...